ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අරක්කු නොබොන බේබද්දෝ [ යාම් : 47 ] | විකේන්ද්‍රික / Eccentric /ɪkˈsɛntrɪk,ɛkˈsɛntrɪk/ | 2018-02-12 13:56:44
"අඩෝ, මං බොන්නෙ නම් නෑ. බයිට් ටික ලෑස්ති කරල තියහන් ඈ"යාලුවෝ එක්ක ෂොට් එකක් දාන්න සෙට් වෙද්දි එතනට හේත්තු වෙන නොබොන උන් කියන කතාවක් තමා ඔය. විහිලුවක් විදියට කිව්වට ගොඩක් වෙලාවට ඔය කතාව ඇත්තක්.නොබොන උන් ඇත්තටම කරන්නේ ඇවිත් බයිට් ටිකට කෙළවන එක තමා. දැන් නම් ඕක එච්චර නොදැනුනාට ඉස්කෝලෙන් අවුට් වෙච්චි මුල් කාලේ, ඒ කියන්නෙ ලාච්චු වල තියෙන මාරු කාසි පවා එකතු කරගෙන ගල් බෝතලේ ගහලා බස් එකේ එන්නැතුව පාරෙ යන වාහන වලට අත දාලා ගෙදර ගිය කාලයේ නම් දරුණුවට දැනුන දෙයක්. ඇයි යකො මුන් බයිට් ටික ඉවර කලාම අන්තිම ටික බොන්නේ අහල පහල කඩේකින් මැගී සුප් කැට දෙක තුනක් ගෙනල්ලා ඒවත් එක්ක. ඉස්කෝලෙ යන කාලෙ හොරෙන් සෙට් වෙද්දි නම් මේ එකෙක්වත් ආවෙ නෑ පැත්ත පලාතෙ. ඇයි වයස අඩු නිසා මාටුටු වුනොත් බඩු බනිස්නෙ. ඒත් වයස පැන්නයින් පස්සෙ සෙට් වෙන්නෙ කොතනද නැට්ට වගේ එනව පස්සෙන්. එදා ඉඳලම නොබොන උන් එක්ක සෙට් වෙන්න මගේ තිබ්බ අකමැත්ත නිසා අපේ සෙට් එකේ උන් එක්ක ගැහැව්වා ගිවිසුමක්, කිසිම දවසක මම ඉන්නවා නම් නොබොනෙ එකෙක්වවත් සෙට් කර නොගන්න. පස්සෙ අපේ උන්ටත් තේරුනා මම කියන කතාවේ ඇත්තක් තියෙන බව. එතන ඉඳල මම හිටියා නැතා, අපේ උන් ඔක්කොම අනුගමනය කලේ මගේ ප්‍රතිපත්තියම තමා.මගේ ඔය අකමැත්තට ඒ කාලයේ නම් මුල් වුන පළවෙනි හේතුව තමා බයිට් වලට කෙළවන සීන් එක. ඒකට හේතුව තමා කලින් කිව්වා වගේ සල්ලි නැති කම, මොකෝ ඒ කාලෙ ජොබ් හම්බෙලා තිබ්බෙ නෑ කියල නොබී හිටියයැ.අනිත් හේතුව තමා අපි බීලා කෙළින පිස්සු, කියවන විකාර දිහා නොබොන එකා පියවි සිහියෙන් ඉඳගෙන ගන්න ආතල් එක මට සෙට් නොවෙන එක. මොකද මම ඇතුලු අපේ සෙට් එක බොද්දි ගහනවා ආයෙ කරටි කැඩෙන්නම. අපි කොච්චර බිව්වත් අනිත් අයට කරදර විදියට කවදාවත් හැසිරෙන්නේ නැති වුනාට, කවමදාකවත් වලි නොදාගත්තට, බිව්වයින් පස්සෙ ආයෙ කෙළින්නෙ පිස්සුම තමා (ඕන එකෙක් එහෙමනේ). ඔය වෙලාවට කට්ටිය එකම ලෙවල් එකෙන් ෆන් එක ගද්දි එතන කවුරුන් හරි ඒක දිහා හොඳ සිහියෙන් බලාගෙන ඉඳල අපි දිහා විනිශ්චය කරන ඇහැකින් බලන් ඉන්න එක මට සෙට් නොවෙනම දෙයක් (කොච්චර නෑ කිව්වත් හැම වෙලාවකම අපි අනිත් උන් ගැන ඉවැලුවේට් කරන ගමන් තමා ඉන්නෙ). බීලා කරන කියන දේවල් හොඳ සිහියෙන් බලාගෙන ඉඳලා තැන් තැන් වල කියව කියව යන අබිලිංලා ගැන දන්නව ඇතිනෙ?අනිත් එක තමා හැම වෙලේම අපි එක්ක සෙට් වුන නොබොන උන් කියන්නෙ -අපේ එකෙක්- නොවීම. එදා ඉඳලම -අපේ උන්- කියල අපිට දැනුන හැම එකාම අරක්කු බොන, සිගරට් ගහන, ජොයින්ට් එක දාන උන් නිසා. අපි එහෙම උන්ව තෝරගෙන ෆිට් උනා නෙමේ, අපි එක්ක බොක්කටම ෆිට් උන හැමෝම උන් මොකක් හරි හේතුවකට ඔය ඔක්කොම දේවල් කරපු උන්. ඉතින් ඩ්‍රින්ක් එකක් නොදාන උපාසක මහත්තුරුන්ව හැම වෙලේම අපිට දැනුනේ ආගන්තුකයො වගේ. ඔය වගේ හේතු නිසා බොද්දි එතන නොබොන එකෙක් ඉන්නව නම් නිදහසේ ලෝස් නැතුව ගසන්න මට හිත දෙන්නෙම නෑ. ඒක ලොජික් වලින් පැහැදිලි කරන්න පුලුවන් දෙයක් නෙමේ වෙන්න ඇති. ඒක මගෙ හිතේ නිරායාසයෙන් මට එන හැඟීමක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා, මේ කතාව අදාල වෙන්නෙ යාලුවෝ සෙට් එක බොන්නම සෙට් වෙලා සින්දුවක් කියලා අව්‍යාජ ෆන් එකක් ගන්න සෙට් වෙන අවස්ථා වලට විතරයි. නැතුව ලොකු ලොකු තැන් වල සෙට් වෙලා, හැන්දෙන් ගෑරප්පුවෙන් බයිට් කකා වැදගත් විදියට බීලා ගියා වගේම ගෙදර එන සුහද හමුවීම් වලට නෙමේ. ඒ වගේ හමුවීම් නම් මට අනුව කොහොමත් ව්‍යාජයි. ඒවයෙ කෙරෙන්නෙ කොහොමත් රඟපෑම් නෙ. එක එක හේතු නිසා අපි නොයා බැරි කමට යන තැන් ඒවා. ඔය වගේ හේතු නිසයි මම නොබොන උන් ඉන්න තැනක බොන්න අකමැති.. කරටි කැඩෙන්න ගහන උන්ට මේ කියන්නෙ.. බොනව නම් බොන උන්ම විතරක් සෙට් වෙන්න බලහන්.. බොන්නෙ නැති එල කොල්ලෙ එකෙක් දෙන්නෙක් හිටියට ගොඩක් නොබොන උන් ඔය සීන් එකට ගාව නොගන්න එකමයි ඇඟට ගුණ. එනිසා බයිට් එකටත් කෙළෝලා වෙච්චි දේවල් හතර අතේ කියන හාල්කෑලි පුලුවන් තරම් මඟ ඇරහල්ලා.පලි - තව එක දෙයක් කියන්නම්. මේ කතාව කිව්වම බොන්නෙ නැති උන් කියන කතාව තමා "අනේ අපි නැත්තන් උඹලව ගෙවල් වලට ගිහින් දාන්නෙ කවුද? උඹලගෙ වමනෙ අස් කරන්නෙ කවුද?"" කියල.අපි නම් සෙට් වෙච්ච හැමෝම හැමදාම වගේ කරටි කැඩෙන්න ගැහැව්වා, එකෙක්ට දෙන්නෙක්ට වමනෙ ගිය දාට වමනෙ දාපු උන්ගේ වමනෙත් අස් කලා, කෙළින් හිට ගන්න බැරි උන්ව ගෙවල් වලටත් ගිහින් දැම්මා.. ඔය එකකටවත් අපිට කවදාවත් -හොඳ සිහියෙන් ඉන්න නොබොන උපාසකයො- ඕන වුනේ නෑ. ඒ නිසා නොබොන උන් ඉන්න තැනක පොඩ්ඩක් කල්පනාවෙන් හැසිරියල්ලා. ෆන් එකක් ගන්න සල්ලි වියදම් කරගෙන සෙට් වෙලා අන්තිමට ස්ප්‍රයිට් බිබී බයිට් කකා ඉන්න උන්ගෙන් පොර ටෝක් අහගන්නෙ ....   වැඩිදුර >>  
Next || Previous