ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
යහපාලනය ඉවරද? [ යාම් : 57 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-02-11 20:30:55
පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මේ වන විට බොහෝ දෙනෙකුට රහසක් නොවේ. අලුත් දේශපාලන පක්ෂයක් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් එක්සත් ජාතික පක්ෂය අභිබවමින් දිවයිනේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින ප්‍රදේශ විශාල ප්‍රමාණයක මුල් තැනට පැමිණ තිබේ.මේ මැතිවරණය ආණ්ඩු වෙනස් කරන මැතිවරණයක් නොවේ. එමෙන්ම, කිසියම් පළාත් පාලන බල ප්‍රදේශයක මුල් තැනට පැමිණීම අදාළ පළාත් පාලන ආයතනයෙහි බලය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් සාධකයක්ද නොවේ. එහෙත්, මේ මැතිවරණ ප්‍රතිඵලය ලංකාවේ ඉදිරි දේශපාලනය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකි එකකි.මැතිවරණ ප්‍රතිඵලය විසින් මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම මෙන්ම එජාප, ජවිපෙ වැනි පක්ෂ වල ඡන්ද පදනම් පිළිබඳවද වඩා යාවත්කාලීන තොරතුරු ප්‍රදර්ශනය කර තිබේ. මේ මැතිවරණයේදී සිදුවී තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ ඡන්ද පදනම වැඩිවීමකට වඩා ඔහු සතුව කොහොමටත් තිබුණු ඡන්ද පදනම හරියටම දැකගන්නට ලැබීමකි. අනෙක් අතට එජාපය ඔවුන්ගේම වූ සැබෑ ඡන්ද පදනම දක්වා තල්ලු වී තිබේ.මෙහිදී මා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්දයැයි නොකියා මහින්ද රාජපක්ෂගේ ඡන්දයැයි කියන්නේ මේ ඡන්ද පක්ෂයක ඡන්ද වලට වඩා පුද්ගලයෙකු ලෙස මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වන ඡන්ද බව පෙනෙන බැවිනි. දැන් පෙනෙන්නට තිබෙන පරිදි, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයකට ඉදිරිපත් වුවද, ලක්ෂ පණහක් ඉක්මවන මේ ඡන්ද මහින්ද රාජපක්ෂ විසින් ලබා ගනු ඇතැයි සිතිය හැකිය.මහින්ද රාජපක්ෂ විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 58ක් ලබාගත්තේය. ඊටත් පෙර ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 60ක් ලබාගත්තේය. එහෙත්, ඒ දෙවරම මේ ඡන්ද ලබාගත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නියෝජිතයා වශයෙන්ද වූ නිසා, ඒ ඡන්ද වලින් පෞද්ගලිකව ඔහු වෙත ආකර්ෂණය වූ ඡන්ද ප්‍රමාණය පැහැදිලිව දැනගන්නට හැකියාවක් නොතිබුණේය. සාමාන්‍යයෙන් එජාප හෝ ජවිපෙ වැනි පක්ෂයක නියෝජිතයෙකුට ලැබෙන ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් නියෝජිතයා කවුරු වුවත් ලැබෙන පාක්ෂික ඡන්දයි. එජනිසයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනිපයටද එවැනි ඡන්ද පදනමක් තිබේ.මීට පෙර දේශපාලන පක්ෂ වල නායකයින් මුල් පක්ෂ වලින් වෙන්වී අලුත් පක්ෂ පිහිටුවා ගත් අවස්ථා බොහොමයකදී ඔවුන්ට මුල් පක්ෂය අභිබවන්නට ලැබී නැත. මීට පෙර එසේ සිදුවූ ප්‍රධාන අවස්ථාව 1956දී සිදුවූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ ජයග්‍රහණයයි. මෙයද කිසියම් අයුරකින් ඒ ජයග්‍රහණයට සමාන කළ හැකි වුවත් වෙනස්කම්ද රැසක් තිබේ.මේ වන විට එජනිසයේ හා ශ්‍රීලනිපයේ නායකයාව සිටින්නේ එජනිස ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිවාදියා ලෙස තරඟ කර එජනිස අපේක්ෂකයාව පරාජය කළ, එජනිස පාක්ෂිකයින්ගේ ඡන්ද නොලබමින් ජයග්‍රහණය කළ අයෙකි. එහෙත්, ඔහු එජනිසය මැතිවරණය කරා මෙහෙයවූයේ දිගුකාලීන ඉතිහාසයක් ඇති පක්ෂයක නිල අයිතිය මෙන්ම රාජ්‍ය බලයද අතැතිවය. අනෙක් අතට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව රාජ්‍ය බලය හෝ දිගුකාලීන ඉතිහාසයක් නොතිබුණේය.දැන් පෙනෙන්නට ඇති පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබා ගෙන ඇති ඡන්ද ප්‍රමාණය 2015 මැතිවරණයෙදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයද ඉක්මවයි.ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව සිටින්නේනම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණය ඔවුන්ට විශාල තර්ජනයක් නොවේ. මේ ප්‍රමාණය පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයටද වඩා අඩුය. එමෙන්ම, එම පක්ෂ දෙකට එක්ව පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණ ඇති පළාත් පාලන ආයතන ගණනාවක බලය පිහිටුවන්නට වුවද පුළුවන.ආණ්ඩුවේ පැත්තෙන් ගත් විට ප්‍රශ්නය එය නොවේ. මේ මැතිවරණ ප්‍රතිපලය නිසා එජාපයේ අපේක්ෂිත සැලසුම් උඩුයටිකුරු වී තිබේ.නිල ශ්‍රීලනිපය තිබුණේ මෛත්‍රීපාල සිරිසේන සතුව නිසා එජාපය අපේක්ෂා කරන්නට ඇත්තේ එජනිසයේ 2015 ඡන්ද පොදුජන පෙරමුණ හා එජනිසය අතර බෙදීයාමෙන් එජාපයට වැඩි පළාත් පාලන ආයතන ගණනක මුල් තැනට එන්නට ලැබෙනු ඇති බවයි (මැතිවරණයට පෙර මා සිතුවේද එසේ වනු ඇති බවයි). එසේ වූවානම්, ඊළඟ අදියරේදී සිදුවන්නේ මෛත්‍රීපාල සිරිසේනද අවලංගු කාසියක් වීමයි. මෛත්‍රීපාල සිරිසේන විසින් අවසන් සති දෙක තුනේදී සීමාවෙන් ඉදිරියට පැමිණ පහර දෙන්නට පටන් ගත්තේ මේ ගැන ඉවෙන් මෙන් දැනුනු නිසා වන්නට පුළුවන.දැන් පෙනෙන්නට ඇති පරිදි, සිදු වී තිබෙන්නේ පොදුජන පෙරමුණ විසින් එජනිසයේ ඡන්ද පදනම මුළුමනින්ම වාගේ ආකර්ෂණය කරගෙන තහවුරු කර ගනිද්දී එජාප ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් එජනිසය වෙත විතැන් වීමයි. මෙය එක් අතකින් මෛත්‍රී විසින් රැගෙන ආ දේ ඔහු විසින්ම ආපසු ගෙනයාමක් ලෙසද හැඳින්විය හැකිය.එජාපය මුල් තැනට පැමිණි තැන් ගණනාවක්ම පොදුජන පෙරමුණේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනයි. ඉතිරි ඒවායින්ද බොහොමයක එජාපයට තනිව බලය පිහිටුවීමේ හැකියාවක් නැත. අනෙක් අතට, පොදුජන පෙරමුණ මුල් තැනට පැමිණි ආයතන ගණනකද ඔවුන්ට තනිව බලය පිහිටුවිය නොහැකිය. ඒ නිසා, මතුපිටින් එකවර නොපෙනෙතත්, එජනිසයට මේ මැතිවරණ ප්‍රතිඵලය හරහා විශාල හෙට්ටු කිරීමේ හැකියාවක් ලැබී තිබේ. ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම තීරණය වන්නේ ජනාධිපතිවරයා විසින් ඒ හෙට්ටු කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය ....   වැඩිදුර >>  
Next || Previous