ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කාටද චන්දෙ දුන්නේ? [ යාම් : 51 ] | කට්ටකාඩුව | 2018-02-09 22:39:59
අද ලියන්ඩ හිටියේ වෙනිං කාරණයක් ගැන. ඒත් හදිස්සියේම මතක් උනා අද නේද බොලව් චන්දෙ කියලා. අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපේ සිරිත් විරිත් වලට ගරු කරන්ඩ ඕන. සංස්කෘතිය රැක ගන්ඩ ඕන. එහෙම නැති උනොත් මඩු වල්ග පාරක් කන්ඩ ලැස්ති වෙන්ඩ ඕන. ඉතිං පුරාණේ ඉඳන් පැවතගෙන ආපු චන්ද දවසට අදාළ අපේ සිරිත් විරිත් කීපයක්  උනේ කොහොමද කියල කියන්ඩ තමයි අද ලැහැත්තිය. කොහෙද මේ ටෙලිවිසොන් බඩුකඩුත්තුවේ වත් පෙන්නන්නේ නෑනේ පරණ කාලේ චන්ද වලට අදාළ සිරිත් විරිත්. මේ අපිම ලියල කියල අනාගත පරම්පරාවට මේ කරුණු කාරනා පැහැදිලි කලොත් මිසක්ක.  ඉතින් මං හිතුවා අපේ අම්මලා අප්පච්චිලාගේ කාලේ අපේ ගෙදර චන්ද කෙරුවාව ගැන කතා දෙක තුනක් තමුන්නැහෙලා එක්ක බෙදා හදා ගන්ඩ.ඔය ඔක්කොටොම කලින් කියන්ඩ ඕන අපේ ගෙදර තිබ්බ දේශපාලන මෙව්වා එක ගැන. අපි ඉපදෙන කොට රටේ තිබ්බ සෞභාග්‍යමත් වටපිටාව හිංදා අපේ අප්පච්චිට අපිට දෙන්ඩ කිරි පිටි ගේන්ඩ අනුරාධපුරේ යන්ඩ වෙලා. අප්පච්චිගෙ දෙමළ යාලුවෙක් ඉඳලා තියනවා යාපනේ. ඔය යාලුවා කිරිපිටි ටින් දෙකක් හොරෙන් ගෙනැල්ලා දෙනවලු අනුරාජපුරේ ඉස්ටේසමට. එතැන ඉඳන් අපේ අප්පච්චි ඇඳුම් බෑග් එකක හංගගෙන කිරි පිටි ටින් දෙක ගෙදර ගේනවලු. ඉතිං අපේ අප්පච්චි ජම්මාන්තර වෛරයක් ඇති කර ගත්තා ඔය නිල් පාට පක්සෙත් එක්ක. ඉතිං දන්න කියන කාලේ ඉඳලා අපේ ලේ කොළ පාටයි. ඊට පස්සේ අසූ ගණන් වල අගදී අප්පච්චිගේ ලේ ආපහු රතු පාටට හැරුනා. අම්මනං කිව්වේ ඒ කාලේ අම්මගේ නං ලේ වතුර වෙලයි තිබ්බේ කියලා. මොකද ඒ කාලේ රටේ හිටපු ප්‍රධාන පුරවැසියාගේ නුගුණ අපේ අප්පච්චි ප්‍රසිද්ධියේම කියා පාපු හිංදා. ඒ කාලේ සීනුවේ ප්‍රධාන අනුගාමිකයෙක් වෙච්ච අප්පච්චි ඊට අවුරුදු දෙක තුනකට පස්සේ රාජාලි පියාපත් සෙවණට ගියා. ඇතුලත්මුදලි මහත්තයාගේ මරණෙත් එක්ක අලි පක්ෂෙට අම්ම මෝ නැතුව බැනපු අප්පච්චිගේ ලේ ආයෙත් කොළ පාටට හැරුනේ තුන්වැනි ජනාධිපති වරයාගේ පැමිණීමත් එක්ක. ඔය අතරේ රුක්මන් මහත්තයා හදා ගත්තු පක්සෙකටත් (ඒකෙ නම මට මතක නෑ) ස්වාධීන කණ්ඩායම් තුන හතරකටත් අප්පච්චි -බොක්කෙන්ම- සපෝට් කළා. ඊට පස්සේ 2005 වෙනකල්ම අපි හිතුවේ අප්පච්චි කොළ පක්සේ කියලයි. අද කතා වලට පසුබිම් වෙන කාලේ අපේ ගෙදර පරිසරේ ඔහොමයි.දැන් පලවෙනි කතාව.අසූ ගණන් වල අග ජනාධිපතිවරණෙ දවස. අපේ රතු සහෝදර වරුන්ට පිං සිද්ද වෙන්ඩ අපේ පැත්තට මාස ගානකින් ලයිට් තිබ්බේ නෑ. එහෙම කියලා කොහොමද යකුනේ චන්දෙ අහන්නේ නැතුව. අනික ඉතිං නිළ නොවන ඇඳිරි නීතිය හිංදා සති ගානක් යනකල් වෙන කරන්ඩ වැඩකුත් නැති එකේ. පෙර සිරිතට අනුවම එදා රෑත් අපේ ගෙදර චන්දෙ අහන්ඩ ගමේ හය හත් දෙනෙකුත් ආවේ හවස පහට විතර. ඉස්සරෝම චන්ද ප්‍රතිපල එන්නේ කොහෙන්ද දන්නවද? හපුතලෙන්? මොන පිස්සුද එහෙං නෙවෙයි අපේ ගෙදර දුම් මැස්සෙන්! පල්ල පිපිරෙච්චි නැති ලොකු වලං ටික සීරු මාරුවට බා ගන්ඩ පුළුවන් උනොත් අප්පච්චි කැමති පක්සේ දිනුං. නැත්තං අම්මට බැනුං අහන්ඩ වෙනවා...”කොහෙද මේ ගෙදර කට්ටියට වළඳක් වත් හරියට තියා ගන්ඩ බෑනේ…” කියල. දෙවැනි ප්‍රතිපලේ එදා ආවේ වත්ත උඩහා තිබ්බ නාට්ටාල වැලකින්. ඒ වැලෙන් අල කිලෝ හය හතක් ගලවාගෙන සුද්ද කරලා ලිපේ තියනකොට රෑ අට විතර වෙලා. දැන් ඔක්කොම රේඩියෝ එක ලඟට වෙලා චන්ද ප්‍රතිපල අහන්ඩයි සූජානම.පළවෙනියට කියවුනේ කොයි ආසනේ ප්‍රතිපලයක්ද කියලා මට මතක නෑ. හැබැයි ඒ ආසනේ දිනුවේ -මැතිණිය-. ඔන්න අපේ අප්පච්චිට ටිකක් ජොලි. මොකද ‘ප්‍රතිගාමී කොළ කඳවුරට විරුද්ධ රතු බලයක් ගොඩ නගන මහා විප්ලවයේ ඇරඹුම් සංඥාව නිල් කඳවුර බලයට ගෙන ඒම’ තුලින් ඉටුවෙන බව මොකෙක් හරි සහෝදරයෙක් ඊට සති දෙක තුනකට කලින් අප්පච්චිට කියල තිබ්බ හිංදා. ඒ කාලෙම තමයි -ඔය වේ* ගෑණි- කියල අපේ ගෙදර හැඳින්වුණු විරුද්ධ පක්ෂ නායිකාව -මැතිණි- බවට හැරවුනේ. දෙවෙනි, තුන්වෙනි ආසන ප්‍රතිපල කොළ කඳවුරට වාසි උනත් අර පලවෙනි ආසනේ තිබ්බ වැඩි චන්ද ප්‍රමාණය හිංදා  රෑ දහය විතර වෙනකොටත් මැතිණි ඉස්සරහින්. දැන් නං අප්පච්චිට හොඳටම ෂුවර් නිල් බලය අත ළඟ කියලා. ඒ හිංදා ඒ සතුට සමරන්ඩ නාට්ටාල වලට අමතරව රොටී ටිකකුත් පිච්චුවා. නාට්ටාල හා රොටී කමින් රෑ දොළහ, එක විතර වෙනකල් නිදි මරාගෙන චන්දෙ අහද්දී ප්‍රතිපල ටික කොලේක ලිව්වේ මම.ඔය වෙනකොට මැතිණි පරදින බවක් පේන්ඩ තිබ්බා. “මේ මොන චන්දයක්ද? මුං හොර චන්ද දාලා කොල්ලකනවා. අපේ උනුත් ගොන්නු වගේ රෑ එලි වෙනකල් චන්ද අහනවා…. ඔන්න ඔය රේඩියෝ එක වහලා ඔක්කොමල්ලා නිදා ගම්මු!” අප්පච්චි කිව්වා. ඉතින් ගෙදර කට්ටියයි, චන්දෙ අහන්ඩ ගෙදරට ඇවිත් හිටපු හය හත් දෙනයි ඔක්කොම අර නාට්ටාල ටිකයි රොටී ටිකයි කාලා රේඩියෝ එක වහලා නිදා ගත්තා.එක අතකින් බලපුවාම අප්පච්චි හරි!! අපි නිදි මරුවා කියලා චන්ද ප්‍රතිපල වෙනස් වෙනවය?මම කියන්ඩ යන දෙවෙනි කතාව එක චන්දෙකට අදාළ එකක් නෙවෙයි. අප්පච්චි මේ ලෝකේ අත ඇරලා ගිය දෙදාහේ මුල් දශකය වෙනකල්ම හැමදාමත් චන්දෙ දවසට අපේ ගෙදර වෙච්ච සිද්දිය.“මේ තමුසේ මොන පක්සෙටද චන්දෙ දාන්නේ?” අප්පච්චි අම්මගෙන් අහන්නේ උදේ ඉඳලා.“ඒක මගේ කැමැත්ත. තමුසෙට මොකටද ඒ වගක්?” අම්මත් අරින්නේ නෑ.“නෑ නිකං ඇහුවේ. කියනවකො!”“ඒ මොකටද? මේක රහස් චන්දයක්!”“ඒක නෙවෙයි කියන්ඩකෝ. මොන පක්සෙටද චන්දෙ දෙන්නේ?”“එක පාරක් කිව්වනේ. මේක මගේ රහස් චන්දෙ. මම කැමති පක්සේට තමයි දෙන්නේ!”ඔන්න ඔතෙන්දි තමයි අප්පච්චිට යකා නගින්නේ. බොහොම සාමදානෙන් පටං ගන්න කතාව තුන්වැනි ලෝක යුද්දෙන් ඉවර වෙනවා. අප්පච්චි, අම්මවත් එක්කගෙන චන්දෙ දාන්ඩ ගිහිං ආවට දෙන්නා කිසි කතා බහක් නෑ. අපි තෝල්කයෝ වෙන්නේ එතකොට. “ලොකු පුතා, අප්පච්චිට කියන්ඩ දවල්ට කන්ඩ කියලා”“අප්පච්චි දවල්ට කෑම ලෑස්තියි ලු”“ඔය කියපු කෙනාටම කා ගන්ඩ කියන්ඩ. මට බඩගිනි නෑ.”“අම්මේ අප්පච්චිට බඩගිනි නෑ ලු!”“පිස්සු නැතුව කන්ඩ කියන්ඩ”“පිස්සු නැතුව කන්ඩලු!”“ඔහොමද දෙමාපියන්ට කතා කරන්නේ” කියලා දෙන්නම මට බනින්ඩ පටන් ගන්නවා. එහෙම එක්සත් උනාම අර රණ්ඩුව අමතකයි. ඉතිං දවල්ට කන ගමං අප්පච්චි මෙහෙම අහනවා.“මේ!” “ඇයි?” “කියනවකො තමුසේ චන්දෙ දැම්මේ මොන පක්සෙටද කියලා!”“මං කිව්වනේ ඒක රහස්.....”“තියා ගන්නවා තමුසෙගෙ රහසුයි කෑමයි දෙකම...මේ ජරාව මට එපා! මට බඩගිනි නෑ!!”මම හැබෑවටම අකමැතියි චන්දයක් එනවට. මොකද අම්මගෙයි අප්පච්චිගෙයි රණ්ඩු වැඩිම දවස ඔය කෙහෙම්මල් චන්දෙ දවස හිංදා.දැන් තුන්වැනි කතාව.2005 ජනාධිපතිවරණෙ දවසේ මම ලංකාවේ හිටියේ නෑ. යුරෝපයේ ඈත කොනක හිටපු මට ජනාධිපතිවරණ ප්‍රතිපල දැන ගන්ඩ හම්බ උනේ පැය දෙකෙන් දෙකට. ඒ වෙනකොට ප්‍රභල කොළ පාක්ෂිකයෙක් වෙලා හිටපු අප්පච්චි කැට තියලා කිව්වේ කොළ පාට පක්සේ දිනනවා කියලා. මම දකින ප්‍රතිපල ඊට වෙනස් වෙනකොට මට එකපාරටම මතක් උනේ අප්පච්චිගේ සෞඛ්‍ය තත්වේ. අම්මත් කිය කියා හිටියේ බැරිවෙලාවත් චන්දෙ කොළ පාට පක්සේ පැරදුනොත් ඒ ආරංචිය අප්පච්චි ගන්න විදිහ ගැන අම්මට බයක් තියනවා කියලයි.  මට දැන් යකා නැගලා! ඇයි යකඩෝ මේ කොහෙවත් තියන චන්දයක් හිංදා අප්පච්චි ලෙඩ උනොත්! ඒ හින්දම මම අතේ තිබ්බ සොච්චමෙන් පුළුවන් හැම වෙලාවේම ගෙදරට කතා කළා.“අම්මේ අප්පච්චි මොකද කරන්නේ?”“ඔය ඉන්නේ චන්දෙ අහ අහ”“අප්පච්චිට අවුලක් නැද්ද?”“පේන්ඩ නං නෑ!”ඔහොම හතර පස් පාරක් උනාට පස්සේ එක වෙලාවක ටෙලිෆෝන් එක ගත්තේ අප්පච්චිමයි.“මාර වැඩේ තමයි උනේ නේද අප්පච්චි?”“මොන වැඩේද?”“චන්දෙ...චන්දෙ!”“ආ...ඕක මොකක්ද...අතේ තිබ්බ චන්දෙ දිනා ගන්ඩ බැරිනං ඕකුන්ට හොඳ වැඩේ ලොකු පුතා!!”අපේ අප්පච්චි පැය දෙක තුනක් ඇතුලත පක්ෂේ මාරු කරලා!!!.පෝස්ට් එක ටිකක් දිග වැඩි උනාට හතරවෙනි කතාවත් කියන්නං. කමක් නෑනේ?සහෝදර පක්සේ භීෂනෙත් ආණ්ඩුවේ භීෂනෙත් උපරිමව තිබ්බ කාලේ මම ඉස්කෝලේ ගියේ අප්පච්චි වැඩ කරපු කොම්පැණියෙන් දීපු කාමර දෙකේ පෑලියගොඩ ඇනෙක්ස් එකේ ඉඳලා. ඇත්තටම අප්පච්චි මාව එතෙන්ට ගත්තේ බෝඩිං වල ඉන්න එක මගේ ජීවිත ආරක්ෂාවට හොඳ නැති හිංදා.ටික දවසක් යනකොට තවත් දෙන්නෙක් මේ ඇනෙක්ස් එකේ සාමාජිකයෝ උනා. හැබැයි කවදාවත් මේ දෙන්න එකට හිටියේ නෑ. දෙන්නා මාරුවෙන් මාරුවට තමයි අප්පච්චි ගෙන්න ගත්තේ ඇනෙක්ස් එකට. ඒකට හේතුවක් තිබ්බා. එක්කෙනෙක් කෑගල්ලේ මුදලාලි කෙනෙක්. සහෝදර පක්සේ කට්ටිය උන්දැව මරන්ඩ හොයනවා. දෙවෙනි එක්කෙනා රඹුක්කන පැත්තේ සහෝදර පක්සේ නායකයෙක්. ආණ්ඩුවෙන් මිනිහව හොයනවා. හොයන්නේ මොකටද? හොරා පොලිස් සෙල්ලම කරන්ඩ. අහු උනොත් බඩු තමයි. මතකනේ!! කොටිම්ම මේ දෙන්නා නයි වයිරයි. දෙන්නා දන්නේ නෑ මාරුවෙන් මාරුවට එකම ඇඳේ නිදා ගන්නේ තමුන්ගෙ හතුරෙක් බව. දෙන්නම අප්පච්චිගේ යාළුවො. දෙන්නම ගමෙන් පැනලා ඉන්නේ ජීවිත ආරක්ෂාවට. ගමට ගියොත් දෙන්නටම සොරි ඩොට් කොම්. අපේ අප්පච්චි ගානට වැඩේ බැලන්ස් කළා. ඔය කාලේ මොකක් හරි චන්දයක් ආවා. මට මතක නෑ චන්දෙ මොකක්ද කියලා. මමයි අප්පච්චියි ගෙදර ආවේ චන්දෙට. දවස් කීපෙකට පස්සේ අපි ඇනෙක්ස් එකට යනකොට හිස් කරපු අරක්කු බෝතල් තුන හතරකුයි, සිගරට් පැකට් දහ පහලොවකුයි, අර ආගන්තුකයන් දෙන්නා ඉන්න කාමරේ වැටිලා තියනවා. ඒ කාමරේ තිබ්බ ඇඳ පැත්තකට කරලා පැදුරු දෙකක් එලලා. දෙකෙන් එකකවත් කොට්ට නෑ. ඇඳේ තිබ්බ කොට්ටේ එහෙමම තියනවා.ඇඳ රෙදි දෙකක් ගුලි කරලා පැදුරු දෙකේ තියනවා. එකත් එකටම මෙතන ලොකු පාටියක් තිබ්බ බවත් පැදුරු වල නිදා ගෙන හිටපු උන් බොහොම සහෝදරත්වයෙන් සමාන පහසුකම් භුක්ති විඳපු බවත් පේන්ඩ තිබ්බා.අප්පච්චිට යකා නැග්ගා මේ දර්ශනේ දැක්කහම. කිසිම බාලවයස්කාරයෙක් ඉස්සරහ අරක්කුවත් සිගරට් වත් නොබීපු අප්පච්චි මේ කාමරේ අස් පස් කර කර ඉන්නකොට මෙන්න අර ඩබලම එකටම ආපි කාමරේට. අප්පච්චි ඒ වෙනකොටත් හිතුවේ මුං එකාට එකා අඳුනන්නේ නෑ කියලා. බොහොම සාන්ත මූණක් දාගෙන අප්පච්චි මෙහෙම කිව්වා.“ආ මුදලාලි....ආ මල්ලි...කොහොමද?  බලන්ඩකෝ මෙතන පාටියක් දාලා මේ බෝතල්වත් ඇස කරලා නැතුව ගිහිල්ලනේ මගේ යාළුවො කට්ටියක්”“අනේ සමාවෙන්ඩ මහත්තයා. අපි තමයි පාටිය දැම්මේ. මහත්තයල එන්ඩ ඉස්සර අස් කරන්ඩ හිටියේ”“ඈ...ඔය දෙන්නා?”“ඔව්....චන්දෙ දවසේ මම කාමරේට එනකොට මේ මල්ලිත් ඇවිත් හිටියා. ඉතින් අපි එකටම චන්දෙ ඇහුවා!”“එකට ඉඳන් චන්දෙ ඇහුවා?”“ඔව් මහත්තයා…. පස්සේ තමයි අපි අඳුනා ගත්තේ?”“අඳුනා ගත්තා?”“ඔව් මහත්තයා...අපි ඔක්කොම ගමෙන් පැනලා ඇවිල්ලා බයෙන් ජීවත් වෙනකොට එහෙම ජීවත් වෙන තව කෙනෙක් හම්බ වෙන එකත් හිතට සැනසිල්ලක්!”ගමේදී එකාට එකා මරා ගන්ඩ හදපු මුන් දෙන්නා කොළඹට ඇවිත් එකට පාටි දදා චන්දෙ අහනවා බොහොම සමගියෙන්. චන්දයක් හිංදා අලුතෙන් අසමගිකම් හදා ගන්නවා වෙනුවට තියන අසමගිකම නැති කරන්ඩ පුලුවන්නං කොච්චර දෙයක්ද? හැබැයි එහෙම කරන්ඩ පුළුවන් වෙන්නේ අපේ අප්පච්චි කළා වගේ කිසිම පක්ෂයක් එක්ක තද බැඳීමක් නැතුව හිටියොත් විතරයි. ජීවිතේ විඳින්ඩ පුළුවන් එක අවස්ථාවක් විදිහට අපි චන්දය යොදා ගම්මු විඳවන්නේ නැතුව!ඊට පස්සේ කාලෙක සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගායනා කරපු සින්දුවක් මගේ මතකෙට එනවා. ලොකු ලොක්කෝ එකට ඉන්දැද්දී මේ අපි, පොඩි උං ගහ මරා ගන්නේ නැතුව සාමදානෙන් ඉම්මු!!එළාර දුටු ගැමුණු යුද්දේ තේමා උනු නාට්ටියක් නැටුවලු ඉස්සර කාලේ දැන් කාලේ වගේ මලූ යුද්ද කතා බලන්නමලු වැඩි දෙනා එකතු උනේ ඉස්සර කාලේ..........නරඹන්නන්ගෙන් එළියක් කරළියට වැටෙනවා එළාරයි දුටු ගැමුණුයි ඇන තියං ඉන්නවා ටෝච් එලියට පැහැදිලිවම දෙන්නාව පේනවා දෙන්න මාරු වෙවී ලාම්පුවට හුළං ....   වැඩිදුර >>  
Next || Previous