ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
218) ඇණයක් වෙලා හරි- හරියට ඇන ගන්න (රෝගියාගේ අයිතිවාසිකම්) [ යාම් : 40 ] | සොඳුරු සුව අසපුව | 2018-02-09 21:20:32
“අපි ඩොක්ටර් xxxxxx චැනල් කරමු , එයා තමයි දැනට ඉන්න හොඳම කෙනා මේ පැත්තේ, ටිකක් සැරයි තමයි““අපෝ අර xxxxxx ද, අනේ මට බයයි මං අහල තියෙනව ඒ සර් හරියට බනිනවා කියල, “-----------“මේ ඔය පහලොව ඇඳේ ලෙඩා එන්න , ලොකු මහත්තයට බලන්න ඕන“-----------“කෝ මේ දියවැඩියා ලෙඩ්ඩු , එන්න  මේ දියවැඩියා කෑම ගන්න“ -----------“අනේ නෝනා මට අමාරුයි එකපාරට අමාරුයි , පොඩ්ඩක් ඉන්න මම හිමීට අනිත් ඇඳට මාරු වෙන්නම්““මේ අපට ඔහෙලව නලව නලව ඉන්න බෑ , කෝ ඉක්මණට එහා ඇඳට යන්න, අපට තව වැඩ තියෙනවා“-----------“හෙට උදේ ඔපරේෂන් එකක් තියෙනවා , මෙතන අස්සන් කරන්න,ඉක්මණට!“-----------“මේ තමුන්ලට ඕන ඕන විදියට මේක කරන්න බෑ , ඕන නං අස්සං කරනවා , නැත්තං ටිකට් කපා ගෙන ගෙදර යනවා“ -----------“මේ ඔය අම්මල රෙදි අයින් කරල කකුල පලල් කරල ලේස්තිවෙලා ඉන්නවා , ලොකු මහත්තයා බබලා බලන්න එන්න හදන්නේ“-----------“මේ ... පොඩ්ඩක් ඉවසන් ඉන්නවලා, බබලා හම්බවෙන කොට රිදෙනවා තමා , ඔක්කොම කොරන්න හොඳයි, අපි කාළ එනකං පොඩ්ඩක් ඉවසන්න බෑ“-----------“ඩොක්ටර්xxxxxx මමxxxxxx වාට්ටුවෙන් කතා කරන්නේ, අරxxxxxxට අමාරුයි වගේ ‍, පල්ස් බහිනවා, පේන් එකට දඟලනවා, ඉක්මණට එන්න පුළුවන්ද?“ “අනේ මේ ඒ මිනිහා වැඩක් නෑ, මුකුත් කරන්න බෑ ,  මැරෙන්න ඉන්නේ! මට මේ මහ රෑ තුනයිනේ, දැන්  එන්න බෑ,xxxxxx දීල බලන්න, මං උදේට ඇවිත් ඩෙත් සර්ටිෆිකේට් එක ලියන්නම්“-----------“මේ ඔය ඇඳ දහයේ ලෙඩා, බිමට යන්න , මේ ලොකු මහත්තයාගේ ලෙඩාට ඔය ඇඳ දෙන්න, ඉක්මණට“ -----------“ඒ මහත්තය ගාවට නං ගියේ එයාටම කියල ඔක්කොම කරව ගන්න, මං ගාවට එන්න ඕන නෑ ආයෙත් , කෝ ඔය ක්ලික් පොත ගන්න , මෙයා දාන්නxxxxxx ගේ ක්ලින්ක් එකට“-----------ඔය  පහේ ඇඳේ ඉන්න ලෙඩා තමයි ගියපාර ඩිරෙක්ටර්ට කේලම් කියල තියෙන්නෙ අපෙ වාට්ටුව ගැන, ආවදෙන්කො,-----------මේ කියාගෙන ගියේ තවත් චිත්තරපටියක හෝ ටීවී එකේ ඉන්දියන් මෙගා නාට්‍යයක දෙබස් නොවෙයි. සෞඛ්‍ය වෘත්තිකයෙක් විදියට සිරි ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව තුල රාජකාරි කළ කාළය තුල ඇසුනු , හද රිද්දන දෙබස් දහස් ගණනක් අතුරින් කිහිපයක් විතරයි. කෙසේ  වෙතත් තවත් යමක් මෙයට එක් කරන්න ඕන. මේ දෙබස් අතරෙම බොහොම වැදගත් , සුන්දර විනීත දෙබස් ලක්ෂ ගණනක් ඇහෙන්න ඇති. කෙසේ වෙතත් ඔය මුලින් කී දෙබස් ගැන අද වැඩිපුර කතා කරන්න හිතුවේ, “රෝගියා සතු අයිතිවාසිකම්“ ගැන ටිකක් කතා කරන්නට හිතුන නිසා.මක්නිසාද යම් “සේවාවක් සාර්ථක වන්නට නම්  , සේවා ලබා දෙන්නා සහ සේවා ලබා ගන්නා කියන පාර්ශව  දෙකම , තමන්ගේ අයිතිවාසිකම් , සහ වගකීම් ගැන දැන ගත යුතු වෙනවා.“ අපෙ රටේ සෞඛ්‍ය සේවය සහ මේ රට වල සෞඛ්‍ය සේවය  අතරේ තිබෙන ලොකුම වෙනස එයමයි. මෙහි වෛද්‍යවරයා දන්නවා , නියමිත වේලාවට රෝගියා පරික්ෂා නොකළොක්, ලබා දිය යුතු ප්‍රතිකාරය මග හැරියොත් ඊළඟ මාසේ ඩොලර් ලක්ෂ ගණනකින් ගෙවන්නට වන වග. හෙදිය දන්නවා බෙහෙත වැරදි ලෙඩාට දුන්නොත් මාස කිහිපයක නඩු විභාගයකට පස්සේ ලොකු දඩයක් ගෙවන්න වගේම තවදුරටත් එම සේවාවේ සිටින්නට නොහැකි වන වග. ඒකකයේ සහයක සේවකය දන්නවා , රෝගියා ඉල්ලන වෙලාවට කෝපි ටික නොදී, තරවටු කළොත් තමන්ගේ රස්සාව ගහල යන්නට ඉඩ වැඩි බව. රෝහලේ ආරක්ෂක නිලධාරියා දන්නවා , රෝහල තුල ගැටුමක් වුනු අවස්ථාවක වුනත් අදාල පුද්ගලයාට ගෞරවාන්විතව කතා නොකළාම, බොහා් විට ඉක්මණින්ම වෙන රස්සාවක් හොයා ගන්න වෙන වග.මේ අයිතිවාසිකම් පිළිබඳ දැනුම , සහ ඊට වගවීම කියන කාරණය නිසා මේ රට වල සෞඛ්‍ය සේවාව ඉහළ මට්ටමක තිබෙනවා. අපේ රටේ කොයිතරම් වියදමක් කළත් , නිකං බෙහෙත් දුන්නත් සෞඛ්‍ය සේවාවේ තත්ත්වය ඉහළද පහළද කියන එක තීරණය කරන එක ඔබටම බාරයි.ඒ නිසාමනේ වියදමක් ගියත් , පෝලිමේ හිටියත්, එකම බෙහෙත ලැබුණත් “ප්‍රයිවෙට් හොස්පිටල් “ එකකට යන්න පෙළඹෙන්නේ. මොකද එතැන රෝගියාට “පිළිගැනීමක්“ තිබෙනවා යම් තරමක වත්.ජීවිතාරක්ෂක පහසුකම් , පුහුණුව , ආරක්ෂාව අතින් වැඩි රජයේ රෝහලකළ ඇතුළු වල රෝගියාව දකින්නේ “අපට යටත්වූ අතවැසියෙක්“ වගේ ආකල්පයකින්, . පොතේ කියන්නෙ නම් රෝහලේ රජු රෝගියා බව , ඒත් ....හරි කතාව තව දුර යන්න ඉස්සර වෙලා මාතෘකාවට ඇතුළු වෙමු. ඒ තමයි රෝගියා ( නැතනම් සේවා ලබාගන්නා) සතු අයිතිවාසිකම්. (මේ  අයිතිවාසිකම් රැක දෙමින් ප්‍රතිකාරය හෝ සේවාව ලබා දීම සෞඛ්‍ය කණෟඩායමේ වගකීම).     තම සෞඛ්‍ය ගැටළු සඳහා ගෞරවාන්විතව  අවස්ථානූකූලව පවතින හොඳම ප්‍රතිකාරය ලබැ ගැනීමේ අයිතිවාසිකම. o    මෙතැන ගෞරවාන්විතව කියන්නෙ , රෝගියාව පිළිගන්නා ආකාරයේ පටන් , අමතන ආකාරය ,සේවාව ලබා දෙන ආකාරය සියල්ල රෝගියා තවත් ගෞරවනීය පුරවැසියෙක් ලෙස සලකා කළ යුතු වෙනවා.2.  තමන්ට සේවය ලබා දෙන සෞඛ්‍ය කණ්ඩායම නාමිකව දැන ගැනීමේ අයිතිය.o    මෙය ඉතා වැදගත් සේවා තත්ත්වය ඉහළ මට්ටමක පවත්වා ගැනීමට.මක් නිසාද එවිටයි රෝගියාට හැකි වන්නෙ තමාට සොය ලබා දුන් සෞඛ්‍ය වෘත්තිකයා පිළිබඳ අගය කිරීමක් හෝ චෝදනා කිරීමක් නිසි ලෙස කළ හැකි වන්නෙ. ඒ වගේම සෞඛ්‍ය වෘත්තිකයා සහ රෝගියා අතර ඇතිවිය යුතු චිකිත්සීය බැඳීමෙදි මේ “නම“ දැන ගැනීම වැදගත්.3.  තමන්ගේ අවශ්‍යතා නොසලකා නොහරින , කායික මානසික හෝ චිත්තවේගීය වශයෙන් අපහසුතා , රිදවීම් ඇති නොවන ආරක්ෂිත පරිසරයක් තුල තම සෞඛ්‍ය ගැටළුවට ප්‍රතිකාර ලැබීමේ  අයිතිය.o    මේ ගැන වෙනම කියන්න ඕන නැහැනේ , මුලින් තියෙන දෙබස් ටිකෙන් හොයා ගන්න පුළුවන් වේවි.4.  තමන්ගේ රෝග තත්ත්වය පිළිබඳ නිවැරදි රෝග විනිශ්චය , ඊට ලබා දිය හැකි ප්‍රතිකාර ක්‍රම සහ  ඒවායේ පල-අපල , තමන්ට “තේරෙන ලෙස“ දැන ගැනීමේ අයිතිය.5.  තමන්ගේ රෝග විනිශ්චය / ප්‍රතිකාර ක්‍රම / පරීක්ෂණ වාර්තා පිළිබඳව තමන්ට වැටහෙන ආකරයෙන් ප්‍රශ්න ඇසීමට ඇති අයිතිය, සහ එ් සඳහා අදාල සෞඛ්‍ය වෘත්තිකයාගෙන් පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමේ අයිතිය.6.  යම් ප්‍රතිකාරයක් සඳහා  කැමැත්ත ලබා දීමේ හෝ  ප්‍රතික්ෂේප කිරීමට ඇති අයිතිය සහ වෙනත් සෞඛ්‍ය වෘත්තිකයෙක්ගෙන් දෙවැනි උපදෙසක් ලබා ගැනීමට ඇති අයිතිය.7.  යම් ප්‍රතිකාරයක් හෝ පරික්ෂණයක් සඳහා “කැමැත්ත“ ලබා ගැනීමට පෙර අදාල සෞඛ්‍ය වෘත්තිකයා වෙතින් අදාල පරික්ෂණයේ හෝ ප්‍රතිකාරයේ ස්වභාවය, එහි පල-අපල සහ ඒ හැර ඇති වෙනත් ප්‍රතිකාර/පරික්ෂණ ක්‍රම පිළිබඳව දැනුවත් වීමේ  අයිතිය.8.   තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීමට ඇති අයිතිය, කුමන පරික්ෂණය සිදුකළත් ඒ තුලින් තම පෞද්ගලිකත්වය නොබිදෙන ලෙස කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තිකයා බැඳී ඇති බව දැන සිටීමේ අයිතිය.එමෙන්ම අදාල පරික්ෂණය තුල තමන පෞද්ගලිකතවට පිළිබඳ සැකයක් ඇති තැන, තමාගේ හිතෛශියෙකු තමා සමඟ රඳවා ගැනීමේ අයිතිය.o    විශේෂයෙන්ම කාන්තා රෝගියෙක් පරික්ෂා කිරීමේ දී , තවත් කාන්තාවක එම ස්ථානයේ රඳවා ගැනීමට අයිතියක් ඇත. 9.  තමන්ගේ රෝග තත්ත්වය සහ ඊට අදාල තොරතුරු වල රහස්‍යභාවය තබා ගැනීමේ අයිතිය. එලෙසින්ම රෝගියෙක්ගේ තොරතුරු වල රහස්‍යභාවය රැකීමට සියළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය බැඳී සිටින නිසා , රෝගියාගේ අවසරයකින් තොරව කිසිදු තෙරතුරක් , සෞඛ්‍ය කණ්ඩායමෙන් පිටතට යාම නීති විරෝධීබව සේවා ලබා ගන්නා දැන ගැනීමේ අයිතිය. o    මේ රටවල නම් මට , මගේ බිරිඳගේ වෛද්‍ය තොරතුරුවත් විමසන්නට අයිතියක් නැහැ, අප දෙදෙනාම සෞඛ්‍ය සේවයේ සිටියත් , මම ඇයගේ රෝග පරික්ෂණ වාර්තා පිළිබඳ සොයා බැලුවහොත් (පරිගණක ගත දත්ත ඔස්සේ) , පසු දින මට සිදුවන්නේ ගැටළු රැසකට මුහුණ දීමට. ඒ තරම් රෝගී තොරතුරු වල රහස්‍යභාවය වැදගත්. නමුත් මට මතකයි මීට වසර කිහිපයකට පෙර එක්තරා නිළියකගේ අවසාන කාළයේ ඇයගේ රෝගී තත්ත්වය , ප්‍රතිකාර , ජීවිත් විය හැකි කාළය ගැන පවා මුහුණුපොත තුල පලකරමින් , අමුතු ප්‍රචාරයක් ලබා දුන් සෞඛ්‍ය වෘත්තිකයන් ගැන.10.රෝහල හෝ සෞඛ්‍ය ආයතනය තුල ඇති නීති-රීති තමන්ට බලපාන ආකාරය පිළිබඳව , අදාල වගකීම්  දරන වෘත්තිකයෙක් මඟින් දැනුවත් වීමේ  අයිතිය.11.තමන් ලද සේවාව පිළිබඳ හොඳ හෝ නරක පිළිබඳව සෞඛ්‍ය ආයතනයේ පාලන අධිකාරියට වාර්තා කිරීමේ සහ ගොනු කළ චෝදනාව පිළිබඳ විමර්ශණයක් ඉල්ලා සිටීමේ අයිතිය.12.තමන්ගේ අයිතිවාසිකම් බිඳී ගිය අවස්ථාවක , ඒ වෙනුවෙන් නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට තමාට ඇති අයිතිය.මේ වගේ අතපසුවීම් වෙන්නට පුළුවන්!මේ කියාගෙන ගියේ ලොව පුරා පොදුවේ පිළිගත් , “රෝගියෙක්ගේ අයිතිවාසිකම්“ කිහිපයක්. සමහර රටවල මීට වඩා කරුණු අයිතිවාසිකම් විදියට තිබෙන්න පුළුවන්. නමුත් වැදගත්ම දේ තමයි තමන් ළඟට එන රෝගියා/සේවා ලබා ගන්නා , මෙම අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කරන එක.එයමයි අපේ රටේ දකින්නට නැත්තේ. මගේ පෞද්ගලික අත්දැකීමේ හැටියට නම් මගේ වසර පහළොවක විතර වෘත්තීය කාළය තුල කිසිඳු රජයේ හෝ පෞද්ගලික රෝහලකින් “රෝගී අයිතිවාසිකම්“ පිළිබඳ දැනුවත් වීමක් මට නම් ලැබිල නැහැ. අඩුම තරමේ තොරතුරු පත්‍රිකාවක් වත්. දැන් තත්ත්වය වෙනස් නම් සතුටක්. “ඕව කියන්න පුළුවන් වුනාට මේ ලෙඩ්ඩු කන්දරාවක් එක්ක ඕව කොහේ කරන්නද?“  මගේ සෞඛ්‍ය වෘත්තික මිතුරෙක්/ මිතුරියක මෙහෙම කියන්න පුළුවන්. ඒ ඔබ හිතන ආකාරය , මේ බොහොමයකට විශේෂ වෙහෙසක් වන්නට ඕන නැහැ. තමන්ගේ වගකීම දැනගෙන කටයුතු කළානම් “ඉබේම කෙරෙන දේවල්“ , ආයේ විශේෂයෙන් “රෝගියාගේ අයිතිවාසිකම් රකින්න, බලෙන් දඟලන්න ඕන නැහැ“ . එවකට ප්‍ර්‍ර්‍රදේශයේ තිබුණු දුෂ්කරම, වැඩිම රෝගී සංඛ්‍යාවක් “පදිංචි වෙලා“ හිටි , ඒ වගේම දුෂ්කරතම ප්‍රතිකාර සේවාවක් ලබා දුන්නු ඒකක කිහිපයක වසර ගණනාවක් සේවය කළ කාළයේ ලද   අත්දැකීමෙන් මේ කියන්නේ.    කෙසේ වෙතත් , අපෙ රටේ පවතින සෞඛ්‍ය වෘත්තීක-රෝගී සංඛ්‍යාව අතර අනුපාතය නම් ඉතා දුෂ්කර මට්ටමක තිබෙන වග පිළිගන්නට වෙනවා. ලංකාවේ රෝගීන් 1,000කට වෛද්‍යවරුන් දළ වශයෙන් ඉන්නේ එක්කෙනයි . හෙදියන් නම් එක්කෙනක් ඉන්නවා රෝගීන් 850කට විතර ( මේ අගයන් පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන්). ඇත්ත ඔවුන් කරන්නෙ ඉතාම දුෂ්කර කාර්යයක් බව, ඒත් ඒ කාර්යයේ වටිනාකම සමාජය හඳුනාගන්න නම් , සේවා ලබන්නා ගේ අයිතිවාසිකම් පිළිබඳව තවත් සැළකිළිමත් විය යුතුය කියන එකයි මගේ පෞද්ගලික අදහස. මේ කතා බව පිළිබඳව ඔබේ අදහස එක් කරන්න පුළුවන් නම් , මේ කතා බව තව දුරටත් ඉදිරියට ගෙන යන්න ඔබට පුළුවන් නම් , අපේ සමාජය තුල ඵලදායී කතිකාවතක් මේ ගැන ඇති වෙනවා නම්, අපේ රටේ සෞඛ්‍ය සේවය ඉහළ නංවන්න ඔබ කරන වැදගත්ම දායකත්වය එය වෙන්නට පුළුවන්. මතක තියා ගන්න , රැපියල් කෝටි නමයේ වාහනේක හැර , පොඩි වාහනේක ගියොත් කොන්දෙ අමාරු හැදෙන “ඇමතිවරු“ පත් කළේ ඔබ!.දුම්රියේ මාළ කැඩු, පාසලින් පැන ගිය කොළුවා , ප්‍රබල ඇමතියෙක් කළේ ඔබ! , පෙනුමැති මුහුණුත් , පියයුරු යුගලත් පමණක් ඇති දේශපාලනය තබා පවුලක පාලනය නොදත් පොඩි කෙල්ලන් ඇමතිනියන් කරන්නට වෙහෙසුනේ ඔබ! ඉතින් මෙවන් “අද්වීතීක කාර්යයන් කළ හැකි ඔබ!“ ,  අපේ සෞඛ්‍ය සේවයට දොස් නොපවරා , නිවැරදි මාවතට ගැනීමේ “පහසු කටයුත්ත“  කරන්න. දැනුවත් කරන්න , දැනුවත් වෙන්න ඔබ සැම. රෝගියාගේ අයිතිවාසිකම් ගැන ජනතාව දැනුවත් කරන්න ඔබේ රෝහලම දායක කරගන්න. මේ අයිතිවාසිකම් බිඳෙන තැන , ඊට අදාල නීතිප්‍රකාරව කටයුතු කිරීමට අදාල නීති වෘත්තිකයන් කටයුතු කරාවි. මෙවන් අවස්ථා වල උපකාර වීම සඳහා , නීති ආධාරක සේවාවන් බිහිවන්නෙ නම් එය නැවුම් පෙළඹවීමක් වේවි. මේ සියල්ල සිදුවේ නම් medical negligence සහ medical malpractice හරහා සිදුවිය හැකි අවදානම් අඩුවේවි. ඔය ඔබටත් ඔබේ දරුවාටත් ආරක්ෂීත සහ ඵලදායී සෞඛ්‍ය සේවයක් ලබා ගැනීමට උපකාරයක්ම වේවි. අද දවසට ඇති වගේ කතාව, එහෙම නම් ආයෙක් දවසක , තවත් මේ ආසන්න මාතෘකාවකින් හමුවෙමු. ඔබ සැමට සුව සතුට පිරි දිනයක්!තව දුරටත් කියවන්නට http://publications.gc.ca/Collection-R/LoPBdP/BP/prb0131-e.htm#a.%C2%A0 ....   වැඩිදුර >>  
Next || Previous