ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කළු බළල්ලු හා කළුවර කාමර [ යාම් : 25 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-02-09 19:55:40
කළු බළල්ලුන්ට හා කළුවර කාමර වලට බයෙන් ජීවත් වන්නට වූ කාලයක් තිබුණේය. ඒ දශක තුනකට පමණ පෙරය. දර්ශනවාදය, ආගම හා විද්‍යාව සසඳමින් කළු බළල්ලු හා කළුවර කාමර ගැන කතා කෙරෙන ජනප්‍රිය සාදෘශ්‍යයක් තිබේ. එය මෙවැන්නකි.-දර්ශනවාදය යනු කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.-පාරභෞතික විද්‍යාව යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සෙවීම වැන්නකි.-දේවධර්මවාදය යනු කළුවර කාමරයක එහි නැති කළු බළලෙකු සොයමින් "මම සොයාගත්තා!" කියා කෑගැසීම වැන්නකි.-විද්‍යාව යනු විදුලි පන්දමක් රැගෙන කළුවර කාමරයක කළු බළලෙකු සෙවීම වැන්නකි.මේ සාදෘශ්‍යය හරහා මතු කරන්නේ "ආගම් චොරය- එහෙත් විද්‍යාවනම් පට්ට සිරාය" කියන අදහසයි.මා ආගම් අදහන්නෙකු නොවේ. ඒ මොන දෙයක් වුවත් ඇදහීම මට ඉතා අසීරු බැවිනි. එවැනි අසීරුතාවයක් නැති අය වෙනත් අයට කරදරයක් නොවන පරිදි තමන්ට අවශ්‍ය දෙයක් අදහාගත්තාට මට කිසිදු ප්‍රශ්නයක්ද නැත.ඉහත ප්‍රකාශය හරහා එළි දක්වන්නේ විද්‍යාව අදහන්නන්ගේ දෘෂ්ඨියයි. එහෙත්, ඔවුන් පෙන්වන්නට හදන්නේ ආගම් අදහන්නන් මෙන් කිසිවක් නොඅදහන තමන් මාාාාර​ බවයි.විද්‍යාව ක්‍රමවේදයක් ලෙස භාවිතා කිරීම හා විද්‍යාව ඇදහීම දෙකකි. විද්‍යාවට මොනවා හෝ දෙයක් එකතු කරන මා දන්නා කිසිවෙකු විද්‍යාවේ ක්‍රමවේදය භාවිතා කරන්නෝ මිස විද්‍යාව හරහා මතුකරගන්නා දේ අදහන්නෝ නොවෙති. එහෙත්, තමන් හැමවිටම විද්‍යාවම අනුගමනය කරන බව හිතන, පරිධියේ ඉන්නා බොහෝ දෙනෙකු ඒ වෙනුවට කරන්නේ විද්‍යාව ආගමක් මෙන් ඇදහීමයි.ඉහත සාදෘශ්‍යය ජීවිතාදර්ශය කරගත් "බුද්ධිමත්" විද්‍යා ආගමිකයින් සිතන්නේ පහත පරිදි විය හැකිය."කළුවර කාමරයේ කළු බළලෙකු සිටින්නට හෝ නොසිටින්නට පුළුවන. ඒ නිසා, මා කළ යුත්තේ ආගම් අදහන්නෙකු මෙන් පූර්ව නිගමන වලට නොඑළඹී, එමෙන්ම අඳුරේ අතපත නොගා, විදුලි පන්දමක් රැගෙන මේ ගැන සොයා බැලීමයි. එහෙත්, ආගම් අදහන්නා කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු සිටින බව විශ්වාස කරමිනි. ඔහු එහි ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව තහවුරු කර ගත හැකි එකම මාර්ගය වන විදුලි පන්දමක් හෝ නොමැතිවය. නිසි පරීක්ෂාවකින් තොරවම කාමරයේ කළු බළලෙකු සිටින බව ඔහු නිගමනය කරයි."බැලූ බැල්මටම පෙනෙන්නේ මේ විද්‍යා ආගමිකයා පරීක්ෂණ හා නිරීක්ෂණ මත පමණක් නිගමන වලට පැමිණෙන පූර්ව නිගමන වලට නොඑළඹෙන සිරා පොරක් බවයි. එහෙත්, ඇත්තටම ඇයද සිටින්නේ පූර්ව නිගමන ගණනාවක් ඇතුළේ සිරවය.මේ ජාතියේ විද්‍යා ආගමිකයින් ඔවුන්ගේ ඇදහීම් අනුව විවිධ මට්ටම් වල සිටින්නට පුළුවන. උදාහරණයක් ලෙස අපි ජිල් හා සූසන් නම් වූ විද්‍යා ආගමිකයින් දෙදෙනෙක් ගැන සිතමු.ආගම් අදහන්නන් විසින් කාමරයේ කළු බළලෙකු සිටිතැයි ඇදහීම විවේචනය කරන ජිල් වැනි අය කාමරයට ඇතුළු වන්නේම එහි කළු බළලෙකු නැතැයි අදහමිනි. ඇය කාමරයට යන්නේම ඇගේ මේ පූර්ව නිගමනය තහවුරු කිරීම සඳහා සාක්ෂි එකතු කරන්නටය.බොහෝ විද්‍යා ආගමිකයින් ජිල් වැනි අය වුවත්, ඊට වඩා පියවරක් ඉදිරියෙන් සිටින සූසන් වැනි අයත් සිටිති. සූසන් කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු ඇතැයි හෝ නැතැයි යන පූර්ව නිගමයක සිටිමින් නොවේ. එහෙත්, එයින් අදහස් වන්නේ ඇය පූර්ව නිගමන වල නිරතව නොසිටින බව නොවේ.පළමුව, ජිල් මෙන්ම සූසන්ද කාමරයේ සිටියත් නැතත් වෙනත් කොහේ හෝ කළු බළලෙකු කියා වාස්තවික යථාර්තයක් ඇතැයි අදහයි. දෙවනුව, අඳුරු නිසා නොපෙනුණත් කළුවර කාමරයක් තුළ කළු බළලෙකු සිටින්නට ඉඩක් ඇති බව අදහයි. තෙවනුව, එසේ කළුවර කාමරය තුළ කළු බළලෙකු සිටීනම් විදුලි පන්දම් එළියට පෙනිය යුතු බව අදහයි. සිවුවනුව, විදුලි පන්දම් එළියට නොපෙනේනම් කාමරය තුළ කළු බළලෙකු සිටිය නොහැකි බව අදහයි. එහෙත්, මේ සියල්ල ඇදහීම් පමණි.පළමුව "කළු" කියා භෞතික දෙයක් නැත. අපට යමක් කළු පැහැයෙන් පෙනීම යනුවෙන් අදහස් වන්නේ අපේ ඇස් වල ඇති කේතු සෛල හා යෂ්ඨි සෛල කිසියම් වස්තුවකින් පරාවර්තනය වී එන ආලෝකයට ප්‍රතිචාර නොදක්වන බවයි. අපට කළු පැහැයෙන් පෙනෙන සතෙකු වෙනත් බොහෝ සතුන්ට වෛවර්ණව පෙනේ. චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති හෝමෝ සේපියන්ස් කෙනෙකුට වුවද වෙනත් අය කළු ලෙස හඳුනාගන්නා කිසියම් දෙයක් වර්ණවත්ව පෙනෙන්නට පුළුවන. වස්තුවක් මොළය විසින් කළු ලෙස හඳුනාගන්නවා මිස නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළු පැහැයක් නැත. කළු මෙන්ම අනෙකුත් සියළු පැහැයන්ද භෞතිකව පවතින දේවල් නොවේ. එසේනම් නිරීක්ෂකයාගෙන් ස්වායත්තව කළු බළලෙකු සිටිය නොහැකිය.  "කළු" බළලා මෙන්ම "කළුවර" කාමරයද තිබෙන්නේ නිරීක්ෂකයාගේ මනසේය. ඒ හැර නිරීක්ෂකයාගෙන් ස්වායත්ත නිරපේක්ෂ කළුවරක් කියා දෙයක් නැත. අඳුරු කාමරයක සිට මඳ අඳුරේ ඇති කාමරයකට පැමිණෙන අයෙකු දෙවන කාමරය එළිය තිබෙන කාමරයක් ලෙස හඳුන්වන්නට ඉඩක් නැතත්, මිදුලේ තද අවුවේ සිට එහි ඇතුළු වන කෙනෙක් ඒ කාමරයම කළුවර කාමරයක් ලෙස හඳුනාගන්නට පුළුවන. කාමරයක් කළුවර කාමරයක් හෝ කළුවර නැති කාමරයක් ලෙස නිශ්චිත ලෙස හඳුනාගත හැකි, සියළු දෙනාටම එකඟ විය හැකි නිශ්චිත සීමා ඉරක් නැත. එක් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට ප්‍රමාණවත් නොවන මඳ ආලෝකයක් තවත් අයෙකුගේ යෂ්ඨි සෛල උත්තේජනය කරන්නට පුළුවන.කළුවර නැති තැනක සිටින "සුදු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය බොහෝ දෙනෙකුගේ ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය කරතත්, එවැනි තැනකම සිටින "කළු" බළලෙකුගේ ඇඟේ වැදී එන ආලෝකය එසේ යෂ්ඨි සෛල උත්තේජනය නොකරයි. ඒ නිසා, එක් බළලෙක් කළු බළලෙකු ලෙසත් අනෙක් බළලා සුදු බළලෙකු ලෙසත් අපට වෙන් කර හඳුනාගත හැකිය. එහෙත්, කළුවර කාමරයක් ඇතුළේදී මේ බළලුන් දෙදෙනාගෙන් එකෙක්වත් ඇස්වල යෂ්ඨි සෛල උත්තේජනය නොකරන නිසා බළලුන් දෙදෙනා වෙන් කර හඳුනාගත නොහැකිය. හරියටම කියනවානම් කළුවර කාමරයක සිටිය හැක්කේ කළු බළලුන් පමණි.එහෙත්, කාමරයෙන් එළියේ සිටින සුදු බළලෙකුත් කාමරයට රිංගීමෙන් අනතුරුව කළුවට පෙනෙන බළලෙකුත් එකම වාස්තවික යථාර්තයක් බව අපේ මනස තීරණය කරයි. ඒ අනුව, කාමරයෙන් එළියේදී බළලා සුදුනම් කාමරය ඇතුළේ සිටින බළලාත් සුදු විය යුතු බව හිතන්නට මනස අපව පොළඹවයි. එහෙත්, ඇත්තටමනම් කාමර ඇතුළට රිංගන බළලුන් තවදුරටත් එළියේ සිටිය බළලුන්ම නොවේ. මැතිවරණයක් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙකු තවදුරටත් කලින් සිටි පුද්ගලයාම නොවේ.ජනාධිපති කොමිසමක් දැමීම හොරු ඇල්ලිය හැකි එකම ක්‍රමය නොවන්නාක් සේම විදුලි පන්දමක් ඇල්ලීම කාමරයේ කළු බළලෙකු සිටින බව තහවුරු කරගත හැකි එකම ක්‍රමය නොවේ. කළු බළලෙකු කාමරයට රිංගනු දුටු අයෙකුට උගේ හඬින් හෝ ස්පර්ශයෙන් වුවද බළලා හඳුනාගත හැකිය. ඒ බව නිගමනය කළ හැකි තවත් බොහෝ ක්‍රම තිබේ. මේ ක්‍රම කිසිවක් වරදින්නට කිසිදු ඉඩක් නැති ක්‍රම නොවේ.ආගම් අදහන බොහෝ දෙනෙකු කළුවර කාමරයට ඇතුළු වන්නේ එහි කළු බළලෙකු සිටින බව අදහමිනි. මේ කළු බළලා ඇත්තටම සිටින්නේ ඔවුන්ගේ මනසේය. ඒ නිසා, කාමරයට ඇතුළු වන ඔවුන්ට බොහෝ විට මේ කළු බළලා හමුවේ. ඒ සඳහා විදුලි පන්දමක් අවශ්‍ය වන්නේ නැත. එහෙත්, විද්‍යාව අදහන අයට විදුලි පන්දමක් නැතිව කළු බළලා දැකිය නොහැකිය. අවසාන වශයෙන් විදුලි පන්දමක උපකාරයෙන් කළුවර කාමරයේ කළු බළලා දකින විද්‍යාව අදහන්නන් දකින බළලා සිටින්නේද ඔවුන්ගේ මනසේය. එපමණක් නොව කළු නොවන වෙනත් බළලුන් සිටින්නේද, කළුවර නැති වෙනත් කාමර හා විදුලි පන්දම් තිබෙන්නේද ඔවුන්ගේ මනසේය.මා දකින අඩි සලකුණු කයෝටියෙකුගේ, කෝයිවෘකයෙකුගේ හෝ බල්ලෙකුගේ වන්නේ ඒවා දකින අවස්ථාවේදී මගේ මනස පිළිගන්නට වඩාත්ම කැමති අර්ථකතනය අනුවය.ඒ කෙසේ වුවත්, ලිපිය ආරම්භයේදී පළ කළ සාදෘශ්‍යය කලක් තිස්සේ ප්‍රචලිතව ඇති එකකි. අර්නස්ට් ගෙල්නර් වැනි ඇතැම් අය එයට තවත් කොටස් එකතු කර තිබේ. පහතින් ඇත්තේ එවැන්නකි."මාක්ස්වාදය යනු ඉතා විශාල කළුවර කාමරයක එහි නැති ඉතා කුඩා කළු බළලෙකු සොයමින් බලළාව අල්ලාගත් බවත් බළලා ගැන සියළු දේ දන්නා බවත් පෙනෙන්නට ....   වැඩිදුර >>  
Next || Previous