ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
තව දවස් තුනයි! [ යාම් : 41 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-02-07 20:50:11
පළාත් පාලන මැතිවරණ වලට ඇත්තේ දින තුනකි. මීට පෙර මා මේ හා අදාළව ලිපි කිහිපයක් ලියා තිබේ. ඒ ලිපි ලිවීමෙන් මූලික වශයෙන්ම අදහස් කළේ ඉතා සංකීර්ණ ක්‍රමයක් වන අලුත් මැතිවරණ ක්‍රමය ගැන හා එහි ද්වීතියික බලපෑම් ගැන කතා කරන්නටය. මේ එක් ලිපියකට ප්‍රතිචාර දක්වමින් අපේ බ්ලොග් හිතවතෙකු වන නයනේ විසින් හා තවත් ඇනෝ කෙනෙකු විසින් ලියා තිබුණේ මගේ ලිපිය එජාපයට වාසි සහගත උපකල්පන මත ලියා ඇති එකක් බවයි.බොහෝ දුරට බාහිර නිරීක්ෂකයෙකු ලෙස මේ මැතිවරණය දෙස බලන මට මේ මැතිවරණයේ ප්‍රතිඵලය පෞද්ගලිකව එතරම් වැදගත් එකක් නොවේ. ඒ නිසාම, ලියන ලිපියකින් කිසියම් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට වාසියක් හෝ අවාසියක් සිදු වන්නේද යන්නත් එතරම් වැදගත් කරුණක් නොවේ.මෙහි පළවන බොහොමයක් ලිපි කියවන්නේ දහසකට අඩු පිරිසකි. ඒ අයගෙන්ද අඩක් පමණ මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිතා කරන්නට වැඩි ඉඩක් නැති, ලංකාවෙන් පිටත ජීවත් වන අයයි. ඉතිරි අයගෙන් අති මහත් බහුතරය මැතිවරණය හා අදාළ ලිපියක් කියවන්නට එන්නේම තමතමන්ගේ පූර්ව නිගමන වල සිටිමිනි. ඒ නිසා, මේ අන්තිම මොහොතේ මෙහි මොනවා ලිවුවත් ඒ හේතුවෙන් එක ඡන්දයක් හෝ භාවිතා වන ආකාරය වෙනස් වේයැයි මා හිතන්නේ නැත.මැතිවරණය කෙරෙහි නොගිණිය හැකි තරමේ ඉතා සුළු බලපෑමක් සිදුවීමේ අවදානමක් ඇතත්, මැතිවරණය ගැන මෙහි කතා කිරීමෙන් පසුව ගත වූ තෙසතියක පමණ කාලය තුළ "දැනගත්" අලුත් තොරතුරු හෝ සිදු වූ අලුත් දේවල් තුනක් නිසා මැතිවරණයට පෙර මෙහි තවත් සටහනක් යුතුයැයි සිතේ.පළමුවැන්න මැතිවරණ ක්‍රමය ගැන වඩා නිවැරදි තොරතුරු දැනගන්නට ලැබීමයි. දෙවැන්න, මැතිවරණය ආසන්න කාලයේදී ජනාධිපති සිරිසේනගේ හැසිරීමයි. තෙවැන්න, මේ වන විට තැපැල් ඡන්ද භාවිතා කර අවසන් කර සිටින කිහිප දෙනෙකු මැතිවරණයේදී හැසිරී ඇති ආකාරයයි.පළමුවැනි කරුණ වෙත මුලින්ම ගියහොත් දැන් කවුරුත් වාගේ දන්නා පරිදි මෙවර ඡන්ද පත්‍රිකා වල පක්ෂයේ හෝ කණ්ඩායමේ නම මිස අපේක්ෂකයින්ගේ නම් නැත. මගේ අදහස අනුව, ඇතැම් විට, මෙය මැතිවරණ පණතට යටින් මැතිවරණ කොමිසම මට්ටමේදී තීරණය වූවක් වන්නට පුළුවන. කොට්ඨාශ තුන් හාර දහසක් වෙනුවෙන් අනන්‍ය ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ අපහසුව සැළකු විට මෙය ප්‍රායෝගික තීරණයකි. එය එසේ වූවත් නොවූවත්, මේ කරුණ නිසා මේ මැතිවරණ ක්‍රමයේ කොට්ඨාශ මන්ත්‍රී ධුර නිර්ණය වන ආකාරය පැරණි ඡන්ද කොට්ඨාශ ක්‍රමයෙන් වෙනස් වෙයි.පැරණි ඡන්ද කොට්ඨාශ ක්‍රමය යටතේ බහු මන්ත්‍රී කොට්ඨාශයක මන්ත්‍රීධුර වෙනස් පක්ෂ වල අපේක්ෂකයින්ට ලබා ගන්නට හැකියාවක් තිබුණේය. පෙනෙන්නට ඇති ආකාරයට අලුත් ක්‍රමයට එවැනි ඉඩක් නැත. මෙහිදී මා නිවැරදි නොවන්නට පුළුවන. මා වැරදි නැත්නම්, මෙහි වාසිය තිබෙන්නේ බහු ආසන සහිත පළාත් පාලන බල ප්‍රදේශ වල වැඩිම ඡන්ද ලබාගැනීමේ ශක්‍යතාවය ඇති පක්ෂයටය.ඉතිරි කරුණු දෙක ගැන කතා කරන්නට පෙර අවසන් වරට පැවති ප්‍රධාන මැතිවරණය වූ 2015 අගෝස්තු මැතිවරණයේ ප්‍රතිඵලය වෙත යා යුතුය. එය මෙවැන්නකි.එජාපෙ: ඡන්ද ලක්ෂ 50.1 (46.7%)එජනිස: ඡන්ද ලක්ෂ 47.3 (42.3%)ජවිපෙ: ඡන්ද ලක්ෂ 5.4 (4.9%)ද්‍රස: ඡන්ද ලක්ෂ 5.2 (4.6%)රටේ සමස්ත ඡන්ද අනුව ප්‍රධාන කණ්ඩායම් හතර සතු වූ ශක්තිය ඉහත පරිදි වුවත්, අලුත් ක්‍රමයට වැදගත් වන්නේ මුළු රටෙන්ම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය නොවේ. එක් එක් කොට්ඨාශය ඇතුළත ලබා ගන්නා ඡන්ද ප්‍රමාණයයි.වත්මන් ඡන්ද ක්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණයකදී ඉහත ක්‍රමයටම ඡන්දය භාවිතා වුවහොත් ද්‍රවිඩ සන්ධානයට රටේ පළාත් පාලන ආයතන වලින් 10-12%ක පමණ බලය අත්පත් වනු ඇති නමුත් ඔවුන්ට වඩා ඡන්ද ලබාගත් ජවිපෙට රටේ කිසිදු පළාත් පාලන ආයතනයක බලය හිමිවන්නේ නැත. එමෙන්ම, එජනිසයට රටේ පළාත් පාලන ආයතන වලින් 47-48%ක පමණ බලය හිමි වනු ඇති අතර එජනිසයට වඩා වැඩිපුර ඡන්ද ලබාගත් එජාපෙට හිමි වනු ඇත්තේ පළාත් පාලන ආයතන වලින් 41-42%ක පමණ ප්‍රමාණයකි.අප පැහැදිලිවම දන්නා පරිදි මෙවර මැතිවරණයේදී ඡන්ද බෙදී යනු ඇත්තේ 2015 අගෝස්තුවේදී බෙදී ගිය ආකාරයට නොවේ. එයට ප්‍රධාන හේතුව අලුත් පක්ෂයක් වන පොදුජන පෙරමුණේ ආගමනයයි. මේ ගැන විශ්ලේෂණය කරන්නට පෙර ද්‍රවිඩ සන්ධාන හා ජවිපෙ සාධක ඉවත් කළ විට තත්ත්වය වඩා සරල වේ.සමීකරණයෙන් ද්‍රවිඩ සන්ධාන සාධකය ඉවත් කිරීම ඉතා පහසුය. ඔවුන්ට තනිකරම වාගේ තිබෙන්නේ ප්‍රාදේශීය ඡන්ද පදනමක් නිසා මේ ඡන්ද කිසියම් ප්‍රමාණයකින් වෙනස් වූවා කියා ඔවුන්ට වෙනත් ප්‍රදේශ වලින් ජයග්‍රහණ හිමි වන්නේ හෝ ඔවුන්ට ජයග්‍රහණය කළ හැකි තැන් වලදී පරාජය වන්නේ නැත. ඒ නිසා, අපට ඉතා පහසුවෙන්ම ඔවුන්ගේ කොටස ඉවත් කර ඉතිරි කොටසට අවධානය යොමු කළ හැකිය.පසුගිය මහ මැතිවරණයේදීද ද්‍රවිඩ සන්ධානය ඉක්මවා ඡන්ද ලබාගත් ජවිපෙ විසින් මෙවර තරමක් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනු ඇතැයි සිතිය හැකිය. සමානුපාතික නියෝජන ක්‍රමය හේතුවෙන් ඔවුන් ලබන ඡන්ද අනුපාතයට ආසන්න ලෙස සමානුපාතික මන්ත්‍රී ධුර ගණනක්ද ජවිපෙ විසින් ලබාගනු ඇත. එහෙත්, ඔවුන්ට පළාත් පාලන ආයතනයක බලය පිහිටුවන්නට ලැබෙන්නට ඇති ඉඩකඩ ඉතාම අවමය.ජවිපෙ විසින් ඉතිහාසයේදී 9% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කර ඇති අතර තිස්සමහාරාම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මුල් තැනට එන්නට පවා සමත්වී තිබේ. ප්‍රාදේශීය සාධක හෝ වෙනත් කරුණක් නිසා යම් හෙයකින් මෙවර ජවිපෙ කිසියම් පළාත් පාලන ආයතනයක බලය පිහිටවන්නට සමත් වූවද ඒ හේතුවෙන් ලංකාවේ ජාතික දේශපාලන බලතුලනයේ මහා ලොකු වෙනසක් සිදු වන්නේ නැත.ජවිපෙ හා ද්‍රවිඩ සංවිධාන සාධක ඉවත් කළ විට ඉතිරි වන්නේ එජාපෙ, පොදුජන පෙරමුණ හා එජනිස යන ප්‍රධාන දේශපාලන බලවේග තුනයි. මීට අමතරව නුවරඑළියේදී හා නැගෙනහිරදී සුළු ජාතික දේශපාලන පක්ෂ විසින් කරනු ඇතැයි සිතිය හැකි බලපෑම ගැන කතා කරන්නට අප කාලය මිඩංගු කරන්නේ නැත.එජාපෙ, පොදුජන පෙරමුණ හා එජනිස අතර ඡන්ද බෙදීයාමට ඉඩ ඇති ආකාරය පුරෝකථනය කිරීම සරල කටයුත්තක් නොවේ. එහෙත්, අලුත් මැතිවරණ ක්‍රමය අනුව සිදු විය හැකි විවිධ ආකාරයන්හි ඡන්ද බෙදීම් අවසන් ප්‍රතිඵලයට බලපාන ආකාරය තේරුම් ගැනීම සඳහානම් අවශ්‍ය වන්නේ මැතිවරණ ක්‍රමය පිළිබඳ තාක්ෂණික දැනුමක් පමණි.කලින් ලිපියකින්ද පැහැදිලි කළ පරිදි, බලයේ සිටින සෑම ආණ්ඩුවක් මෙන්ම මේ ආණ්ඩුවද මේ මැතිවරණය පවත්වන්නේ ඔවුන්ට වඩාත්ම වාසිදායක තත්ත්වයන් යටතේදීය. මේ වාසිය එජාපයට ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම එජනිසයේ 2015 ඡන්ද පදනම දෙගොඩකට බෙදී තිබීම තුළය.ලිපියේ පෙර පෙන්වා දී ඇති පරිදි 2015 අගෝස්තුවේදී රටේ වැඩි ප්‍රදේශ ගණනකදී ඉදිරියෙන් සිටියේ එජනිසය වුවත්, එජාපය එජනිසයට වඩා 4.4%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. මෙයින්ද පැහැදිලි වන පරිදි, එජනිසය ඉදිරියෙන් සිටි බොහෝ තැන් වලදී ඔවුන් ගත් වැඩි ඡන්ද ප්‍රතිශතයට වඩා විශාල වැඩි ඡන්ද ප්‍රතිශතයක් එජාපෙ ඉදිරියෙන් සිටි තැන් වලදී ඔවුන්ට ලැබී තිබුණේය. මේ වෙනස එළැඹෙන මැතිවරණ ප්‍රතිඵලයට සැලකිය යුතු බලපෑමක් කරයි.පසුගිය මහ මැතිවරණයේදී එජාපය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයෙන් ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානයේ ඡන්ද අඩු කළ විට ඉතිරිවන ප්‍රමාණයට ආසන්නව සමානය. මේ ඡන්ද ලක්ෂ 50 ඇතුළත මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප ඡන්ද ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයකි. එහෙත්, එජාප ඡන්ද වලට අමතරව පාවෙන ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක්ද මේ ඡන්ද ලක්ෂ පණහ ඇතුළත තිබේ. ඒ නිසා, එජාපයේ සැබෑ ඡන්ද පදනම ලක්ෂ 40ක් පමණ විය හැකිය.එජාපයට එරෙහිව ඇති ජනප්‍රිය චෝදනා හේතුවෙන් එජාපයේම ඡන්ද ඔවුන්ට අහිමි වෙන්නේ නැත. එහෙත්, ඉතිරි පාවෙන ඡන්ද වලින් යම් ප්‍රමාණයක් එජාපයට අහිමි විය හැකිය. එක පැත්තකින් ජවිපෙ විසින් මේ ඡන්ද වලට කෙළ හලද්දී අනික් පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන විසින් එජාපයට පහර ගසන්නේ ජවිපෙ වෙත යන්නට නොදී මේ ඡන්ද එජනිසය වෙත රඳවා ගන්නටය.කෙසේ වුවත්, වැදගත්ම කරුණ වන්නේ 2015 අගෝස්තුවේදී එජනිසය වෙත ආකර්ෂණය වූ පාවෙන ඡන්ද බොහෝ දුරට නාගරික හා අර්ධ නාගරික ඡන්ද මිස ග්‍රාමීය ඡන්ද නොවන බවයි. ඒ නිසා, මේ පාවෙන ඡන්ද වලින් කොටසක් අහිමි වීම එජාපයේ ග්‍රාමීය ඡන්ද පදනමට එතරම් බල නොපායි.මහා මැතිවරණයේදී එජාපය වැඩිපුරම ඉදිරියෙන් සිටියේ නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ වලදීය. ඒ ප්‍රදේශ වල එජාපය හා එජනිසය අතර විශාල ඡන්ද පරතරයක් තිබුණේය. ඒ නිසා, එජාප ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අඩු වුවත් තව දුරටත් එම ප්‍රදේශ වල ඉදිරියෙන්ම සිටින්නට එජාපයට පුළුවන.මෙයින් වෙනස්ව, ග්‍රාමීය ප්‍රදේශ වලදී පොදුජන පෙරමුණට ඉදිරියට එන්නටනම් 2015 ඡන්ද වලින් විශාල ප්‍රමාණයක් ඔවුන්ට ලබාගන්නට සිදු වේ. එසේ නැත්නම් සිදුවන්නේ ඒ ප්‍රදේශ වල මුල් තැන එජාපයට යාමයි.එජනිසය 2015 අගෝස්තුවේදී ලබාගත් ඡන්ද විශාල ප්‍රමාණයක් රාජපක්ෂවාදීන්ගේ ඡන්ද වුවත්, ඒ අතර එසේ නොවන සම්ප්‍රදායික ශ්‍රීලනිප ඡන්දද තිබේ. එමෙන්ම, බලය ඇති පැත්තට වැටෙන පාවෙන ඡන්දද යම් ප්‍රමාණයක් ඒ ගොඩේ තිබේ.අගෝස්තු මහමැතිවරණයේදී එජනිසය විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ විසින් ලබාගත් ඡන්ද ප්‍රමාණයට වඩා ලක්ෂ 10කින් පමණ අඩු විය. මෙසේ අඩු වුණේ යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ වෙත ආකර්ෂණය වී තිබුණු පාවෙන ඡන්දයි. මහ මැතිවරණයේදී ඒ ඡන්ද වෙනත් කිසිදු පක්ෂයක් වෙත සම්ප්‍රේෂණය වූයේ නැත. ආණ්ඩු පෙරලන මැතිවරණයක් නොවන මේ මැතිවරණයෙදී ඒ ඡන්ද නැවත භාවිතා වනු ඇතැයි සිතිය නොහැකිය.එජනිස ප්‍රාදේශීය නායකයන් විශාල ප්‍රමාණයක් මේ වන විට සිටින්නේ පොදුජන පෙරමුණ සමඟය. බොහෝ ශ්‍රීලනිප පාක්ෂිකයින් දැන් ශ්‍රීලනිපය ලෙස හඳුනාගන්නේද පොදුජන පෙරමුණයි. එහෙත්, නිල වශයෙන් එජනිසය හා ශ්‍රීලනිපය තවමත් තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන භාරයේ වන අතර එම කණ්ඩායම සමඟද ප්‍රාදේශීය නායකයින් යම් කිසි ප්‍රමාණයක් සිටිති.බොහෝ දෙනෙකු එකඟ නොවන්නේ එජනිස ඡන්ද පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය වෙත බෙදී යනු ඇත්තේ කෙසේද යන කරුණේදීය. එජනිස ඡන්ද වලින් පොදුජන පෙරමුණ වෙත ලැබෙනු ඇති ප්‍රමාණය පිළිබඳව 50% සිට 95% පමණ දක්වා විවිධ පුරෝකථන ඉදිරිපත් වී තිබේ. කෙසේ වුවත්, හැමදෙනෙක්ම පාහේ එකඟ වන කරුණු වන්නේ එජනිස ඡන්ද වැඩි ප්‍රමාණයක් පොදුජන පෙරමුණ විසින් ලබාගනු ඇති බව හා එජනිසයද එයින් කිසියම් හෝ ප්‍රමාණයක් ලබා ගන්නා බවයි.මගේ පෞද්ගලික ඇස්තමේන්තුව වූයේ එජනිස ඡන්ද වලින් 70-80% අතර ප්‍රමාණයක් පොදුජන පෙරමුණ විසින් ලබාගනු ඇති බවයි. එසේ වුවහොත් එජනිසය වෙත ඉතිරි වන්නේ මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද වලින් 20-35%ක් පමණ හෙවත් රටේම ඡන්ද වලින් 8%-15% අතර ප්‍රමාණයක් බවයි. ඒ අනුව, එජනිසය ජවිපෙට වඩා ඉදිරියෙන් සිටිනු ඇත්තේ යාන්තමිනි.කෙසේවුවත්, එජනිසය හා පොදුජන පෙරමුණ අතර ඡන්ද බෙදීයන ආකාරයේ විශාල ප්‍රාදේශීය විෂමතා දකින්නට හැකි වනු ඇත. ඇතැම් ප්‍රදේශ වලදී එජනිසය ජවිපෙටද වඩා පසුපසට වැටෙන්නට මෙන්ම මුල් තැනටම වුවද පැමිණෙන්නට ඉඩ තිබේ. එහෙත්, එජනිසය විසින් තනිව ප්‍රාදේශීය සභාවක බලය පිහිටුවීමට විශාල ඉඩක් නැත.ද්‍රවිඩ සන්ධානය විසින් ජයග්‍රහණය කරනු ඇති ප්‍රදේශ හැරුණු විට ඉතිරි පෙදෙස් වල පළාත් පාලන ආයතන බල ප්‍රදේශ තුළ මුල් තැනට පැමිණෙනු ඇත්තේ එජාපය හෝ පොදුජන පෙරමුණයි. පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කරන්නට ඉඩ ඇති බල ප්‍රදේශ ගණන තීරණය වෙන්නේ ඔවුන් විසින් ආකර්ෂණය කර ගන්නා එජනිස ඡන්ද ප්‍රතිශතය මතය.පොදුජන පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය මහා මැතිවරණයේ ප්‍රතිශතයමනම් එජාපය හා පොපෙ අතර පළාත් පාලන ආයතන බෙදී යනු ඇත්තේ 41-42%: 47-48% වැනි අනුපාතයකටය. එහෙත්, එය එසේ වන්නට වැඩි ඉඩක් නැත.පොදුජන පෙරමුණ විසින් අගෝස්තු ඡන්ද වලින් 90%ක් පමණක් ලබාගත්තොත් ඉහත අනුපාතය 53-54% : 35-36% ලෙසත්, මෙය අගෝස්තු ඡන්ද වලින් 80% මට්ටමට වැටුණොත් 66-67 : 22-23% ලෙසත් වෙනස් වනු ඇත. පොදුජන පෙරමුණ 70% මට්ටමට වැටුණහොත් ඉහත අනුපාතය 73-74%: 15-16% ලෙස තවදුරටත් වෙනස් වේ.දැනට ඡන්දය භාවිතා කර අවසන් හෝ තීරණය කර අවසන් අය දෙස බැලූ විට පෙනෙන්නේ මෙවර රැල්ල තිබෙන්නේ ආණ්ඩුවෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට බවයි. රැල්ල ගහන්නේ එජාපයට හා එජනිසයට අවාසිදායක හා පොදුජන පෙරමුණට හා ජවිපෙට වාසිදායක ලෙසටය. මේ තත්ත්වයට මෛත්‍රීපාල සිරිසේනගේ අවසන් සති දෙක තුනේ ක්‍රියාකාරීත්වයද බලපා ඇත.දැනට ඡන්දය ප්‍රකාශ කර අවසන්ව සිටින්නේ මැතිවරණ රාජකාරි වල නියැලෙන රජයේ නිලධාරීන් හා ආරක්ෂක හමුදා /පොලීසි වල පිරිස්ය. රටේ සාමාන්‍ය ජනතාවට සාපේක්ෂව මේ කණ්ඩායමේ "රාජපාක්ෂික භාවය" කොහොමටත් වැඩිය. මේ අය අතරින් ඇතැම් අය පසුගිය ප්‍රධාන මැතිවරණ දෙකේදී රාජපක්ෂලාට එරෙහිව ඡන්දය පාවිච්චි කළත් ඔවුන් බොහෝ දෙනෙකුට මහින්ද රාජපක්ෂ යනු තවමත් වීරයෙකි. රාජ්‍ය සේවකයින්ට මෙන්ම ආරක්ෂක හමුදා හා පොලීසි වල සාමාජිකයින්ටද මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග එතරම් දිරවන්නේ නැති වන්නට හේතු තිබේ. ඒ නිසා, දෙවසරකට පෙර යහපාලනය වෙත ආකර්ෂණය වුනු ඡන්ද වලින් යම් කොටසක්, විශේෂයෙන්ම තැපැල් ඡන්ද, මෙවර පොදුජන පෙරමුණ වෙත ආකර්ෂණය වී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. එහෙත්, මේ තත්ත්වය මේ කුලකයට සුවිශේෂී තත්ත්වයක් මිස රටටම පොදු තත්ත්වයක් නොවේ.ලංකාවේ ඡන්ද භාවිතා වීමේදී බලය ඇති පැත්තට රැල්ල කැරකීම ඉතා සාමාන්‍ය තත්ත්වයකි. පසුගිය මහ මැතිවරණයට පෙර රාජපක්ෂවාදීන්ට "ජනාධිපතිවරයාගේ අයිතිය" අවශ්‍ය වුණේ ඒ නිසාය. එහෙත්, මෛත්‍රීපාල සිරිසේන විසින් අවසන් මොහොතේ විවෘත ලිපියක් ලියමින් තමන් සිටින්නේ එජාපෙ සමඟ බව සංඥා කිරීම නිසා රාජපක්ෂවාදී කණ්ඩායමේ සැලසුම් ව්‍යවර්ථ විය.මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන සිටින්නේ වෙනම උපාය මාර්ගයකය. ඔහු එජාපයට දිගට හරහට පහර දෙයි. එහෙත්, එජාපය ප්‍රති ප්‍රහාර එල්ල කරනු නොපෙනේ. ඇතැම් අය මෙය යහපාලන කණ්ඩායමේ සැලසුමක් ලෙස දකිති. තවත් අය සැබෑ ගැටුමක් ලෙස දකිති. මෙය ආරම්භ වූයේ කෙළෙසකින් වුවත් මේ වන විටනම් ගැටුම එජාපයට අවාසිදායක වන තරමට දුරදිග ගොස් තිබේ. එජාපය මේ ප්‍රහාර හමුවේ ජනාධිපතිවරයාට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන්නේ ජනාධිපතිවරයා දැන් මොනවා කිවුවත් ඇත්තටම සිටින්නේ තමන්ගේ පිලේ බව ඡන්දදායකයින්ට ඇඟවීම ඔවුන්ට වාසිදායක නිසාය.එජාපය හා එජනිසය වෙනවෙනම මැතිවරණයට ඉදිරිපත් වීම තුළ තිබුණේ එජාපයේ ගේමකි. මේ ගේම අපේක්ෂිත පරිදිම ඉදිරියට ඇදුනානම් මැතිවරණය අවසන් වන්නේ එජාපයට විශාල ජයග්‍රහණයක් ලබා දෙමිනි. එසේ වූවානම්, මැතිවරණය අවසන් වන විට මෛත්‍රීපාල සිරිසේනද අවලංගු කාසියක් බවට පත් විය හැකිව තිබුණි.ගැටුම මෙතරම් දුරදිග නොගොස් එජාපය හා එජනිසය වෙනවෙනම තරඟ කිරීම පමණක් සිදු වූවානම් රටේ ඡන්දදායකයින් මේ කණ්ඩායම් දෙක හඳුනාගන්නේ බලය ඇති කණ්ඩායමේ සංරචක දෙකක් වශයෙනි. යහපාලන ගොඩේ සිටි එජාප සාමාජිකයින් කොහොමටත් එම පක්ෂය වෙනුවෙන් ඡන්දය භාවිතා කරනු ඇති අතර පාවෙන ඡන්දදායකයින් බොහෝ විට එජනිසය වෙත ඡන්දය භාවිතා කළ හැකිව තිබුණේය. ඒ ඔවුන්ට අලියාගෙන් ගන්නට වැඩ තිබෙන අතරම අලියාව පාලනය කළ හැකි හොඳ හෙණ්ඩුවක්ද අවශ්‍යව තිබෙන බැවිනි.යහපාලන ඡන්ද කුට්ටියට ජවිපෙද ඉව අල්ලමින් සිටියේය. මෛත්‍රීපාල සිරිසේන විසින් එජාපයට ප්‍රහාර ආරම්භ කිරීමේ එක් අරමුණක් වූයේ මේ ඡන්ද ජවිපෙන් ආරක්ෂා කර ගැනීමයි. දෙවන අරමුණ වූයේ එජනිස ඡන්ද එජාප විරෝධී පොදුජන පෙරමුණ වෙත යා නොදී රැක ගැනීමයි.ඉහත සැලසුමෙන් එජාපයට විශේෂ වාසියක් තිබුණේ නැත. එජාප ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ යහපාලන ඡන්ද පොදුජන පෙරමුණ වෙත නොයාම හා එජනිස ඡන්ද සියල්ලම පොදුජන පෙරමුණ වෙත නොයාම පමණි. මෙය ළඟා කර ....   වැඩිදුර >>  
Next || Previous