ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කොටු පනින කයෝටි හා අවජාතක කෝයිවෘකයෝ [ යාම් : 39 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-02-06 05:58:20
අපේ ගෙවල් ඉසවුවේ කරක් ගසමින් සිටි කයෝටියෙක් ගැන අසල්වැසියෙක් විසින් මාස කිහිපයකට පෙර අපේ නිවාස හිමියන්ගේ සංගමයේ වත්පොත් පිටුවේ පළ කර තිබුණු නිවේදනයක් ගැන කලින් ලිපියකින් මම කිවුවෙමි. මේ නිවේදනය පළවීමෙන් පසු ගත වූ මාස කිහිපය තුළ තවත් අය විසින්ද එවැනිම නිවේදන මේ වත්පොත් පිටුවේ පළ කළේය. මේ අනුව, රෑ ජාමයේ අපේ ගෙවල් පැත්තේ කයෝටියන් කැරකෙන බව ඉතා පැහැදිලිය.කොහොම වුනත්, කයෝටියන් නේවාසික පෙදෙස් වල ගැවසෙන එකේ විශාල අවදානමක් නැත. කයෝටියන් මිනිසුන්ට පහර දෙන්නේ නැත. එහෙත්, කයෝටියෙකු විසින් කොයි වෙලාවක හෝ නිවසක ඇති කරන සුරතල් සතෙකුටනම් වැඩේ දෙන්නට ඉඩක් තිබේ. අනෙක් අතට, මේ කයෝටීන් යම් හෙයකින් ගෙවල් වල කුණු බක්කි වලට පුරුදු වුවහොත් එය දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් වෙයි.ඉවත ලූ මාංශමය ආහාර කොටස් නොඅඩුව ඇති, ගෘහස්ථ කුණු දමන බක්කි සාමාන්‍යයෙන් එළියේ තියන්නේ සතියේ කුණු එකතු කරන දවසේ පමණක් වුවත් උදේ පාන්දර කුණු බක්කිය පාර අයිනට තල්ලු කරනවා වෙනුවට රෑ නින්දට යාමට පෙර එය ඒවා පාර අයිනේ ස්ථානගත කිරීම අපද ඇතුළු බොහෝ දෙනෙක් කරන දෙයකි. මෙවැනි දවසක අහම්බෙන් අපේ ගෙවල් පැත්තට එන කයෝටියෙකුට මේ කුණු බක්කි වල ඇති ආහාර ගැන ඉව වැටෙන්නටත්, පසුව එය පුරුද්දට යන්නටත් බැරිකමක් නැත. එහෙම වුනොත්, දිගුකාලීනව එය ප්‍රශ්නයකි. වත්පොත් පිටුව හරහා අපේ ඇතැම් අසල්වැසියන් මේ කරුණ ගැන අවධානය යොමු කර තිබුණේය.පසුගිය සතියේ දිනෙකත් ඉහත වත්පොත් පිටුවේ අපේ අසල්වැසියෙකු විසින් පාන්දර ජාමයේ දුටු කයෝටියෙකු ගැන විස්තරයක් තිබුණේය. මේ නිවේදනය පළකළ තැනැත්තියට අනුව ඇය විසින් දැක තිබුණේ ශරීර ප්‍රමාණයෙන් සාමාන්‍ය කයෝටියෙකුට වඩා බොහෝ විශාල තරමක් අසාමාන්‍ය කයෝටියෙකි. මේ නිවේදනය වත්පොත් පිටුවේ පළවී දිනකට හෝ දෙකකට පසු, වෙනත් අසල්වැසියෙකු විසින් එයට ප්‍රතිචාරයක් ලෙස අපේ නගරයේ ප්‍රාදේශීය පුවත්පතක පළවූ ලිපියක සබැඳියක් පළ කර තිබුණේය.ඉහත පුවත්පත් වාර්තාවට අනුව, අපේ නගරයේ කෝයිවෘකයින් සිටින බවට සැක පහළව තිබේ.කෝයිවෘකයෙකු යනු කොටළුවෙකු මෙන් දෙමුහුන් සතෙකි. අශ්වයින් හා බූරුවන් අතර සංසර්ගයෙන් කොටලුවන් හැදෙන අයුරින්, වෘකයින් හා කයෝටියන් අතර සංසර්ගයෙන් කෝයිවෘකයින් බිහි වේ. කෝයිවෘකයෙකු ශරීර ප්‍රමාණයෙන් රාත්තල් සීයක් පමණ විශාල විය හැකි අතර ඔවුහු මිනිසෙකු දුටු විට කයෝටින් මෙන් සැඟව පලා නොයති. එකම පූර්වජයෙකුගෙන් පැවත එන වෘකයින් හා කයෝටියන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් ලෙස වෙන් වී වැඩි කලක් නැති නිසා තවමත් ඔවුන්ට එක්ව දරුවන් බිහිකළ හැකිය.සාමාන්‍යයෙන් වෙනස් සත්ත්ව විශේෂ දෙකක් අතර සිදුවන සංසර්ගයකින් පසු බිහිවන කොටළුවන් වැනි සතුන්ට සරු ජනිතයින් බිහි කළ නොහැකිය. එසේ වුවත්, කෝයිවෘකයින්ට ඒ හැකියාවද තිබේ.මුල් නිවේදනයට ප්‍රතිචාරයක් ලෙස ඉහත පුවත්පත් වාර්තාව අවධානයට ලක් කිරීමෙන් පසුව මුල් සටහන දැමූ තැනැත්තිය විසින් මෙසේ ලියා තිබුණේය."මම දැක්කේ කෝයිවෘකයෙක් වෙන්න පුළුවන්. අපේ ප්‍රදේශයේදී වෘකයෙකු හමුවිය හැකි බව දැන නොසිටි නිසා මම හිතුවේ මා දුටුවේ ලොකු කයෝටියෙක් කියලයි!"දින දෙක තුනකට පෙර ප්‍රාන්ත රජයේ වනජීවී නිලධාරීන් විසින් නිවේදනය කර තිබුණේ අපේ ප්‍රාන්තයේ කෝයිවෘකයින් සිටින බව තහවුරු වී නැති බවත්, එය සහතික කළ හැක්කේ ඩීඑන්ඒ පරීක්ෂණයකින් පසුව පමණක් බවත්ය. ආණ්ඩු වලින් කොහොමත් කියන්නේ ඔය වගේ කතාය.අපේ ගෙවල් පැත්තේ කයෝටින් ගැවසෙන බව ස්ථිර වුවත්, කෝයිවෘකයින් සිටින්නේද යන්න ස්ථිර නැත. එසේ සිටින්නේනම්, මාස කිහිපයකට පෙර මා අපේ ගෙවල් ආසන්නයේ ඇති ස්වභාවික රක්ෂිතයේ දරුවකු සමඟ ඇවිදිද්දී හමු වූ අඩිසලකුණු අතර වුවද කෝයිවෘකයෙකුගේ අඩි සලකුණු තිබුණා වන්නට වුවත් බැරිකමක් නැත.අප බොහෝ විට දකින්නේ යම් මොහොතක, යම් තැනක තිබිය හැකියැයි අප විශ්වාස කරන දේවල් පමණි. අපේ ගෙවල් පැත්තේ කෝයිවෘකයින් සිටිය හැකි බව දැන නොසිටි අසල්වැසියා ලොකු කයෝටියෙකු දැක්කේ එබැවිනි. ඒ  ඇත්තටම ලොකු කයෝටියෙකු වන්නට මෙන්ම කෝයිවෘකයෙකු වන්නටද පුළුවන.ස්වභාවික රක්ෂිතයේ ඇවිදිද්දී හමු වූ අඩි සලකුණු කයෝටියෙකුගේ බව මගේ දරුවා විසින් හඳුනා ගත්තේ ඒ ප්‍රදේශයේ කයෝටියන් ගැවසෙන බව ඔහු දැන සිටි නිසාය. ඔහු නැතිව මා තනියම එහි ඇවිදින්නට ගියේනම් මා ඒවා හඳුනා ගන්නේ බල්ලෙකුගේ අඩි සලකුණු ලෙසිනි. එසේ වූවානම්, මේ සටහන් දෙක තුන ලියවෙන්නේ නැත.(Image: ....   වැඩිදුර >>  
Next || Previous