ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
හැත්තෑ වසරක් පරණ පොල්කට්ට [ යාම් : 41 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-02-05 06:36:51
ලංකාව නිදහස ලබා වසර හැත්තෑවක් ගත වී තිබේ. ඒ 1948 වසරේ සිට ගණන් කළ විටය. එහෙත්, 1948දී ලංකාවට නිදහසක් ලැබුණු බව නොපිළිගන්නා බොහෝ දෙනෙක්ද සිටිති. ඇතැම් අය හිතන පරිදි නිදහස ලැබුණේ 1972දීය. තවත් අය හිතන්නේ ලංකාවට තවමත් නිදහස ලැබී නැති බවයි. ජනාධිපති සිරිසේනගේ නිදහස් දින කතාවට අනුවනම් නිදහස ලැබී ගත වී ඇත්තේ අවුරුදු තිහක් පමණි. නිදහස ලැබුණේ 2009දී යැයි සිතන අය මෙන්ම 2015දී යැයි සිතන අයත් සිටිති.වඩාත්ම ප්‍රචලිත ව්‍යවහාරය අනුව යමින් නිදහසට අවුරුදු හැත්තෑවක් ලෙස සැලකුවොත් මේ අවුරුදු හැත්තෑව තුළ ලංකාව විසින් අත්කරගෙන තිබෙන ආර්ථික ප්‍රගතිය ගැන බොහෝ දෙනෙක් සතුටු වන්නේ නැත. ඇතැම් අය කියන විදිහට නිදහසින් පසුව මාරුවෙන් මාරුවට ආණ්ඩු කළ එජාප හා ශ්‍රීලනිප යන "ධනපති" පක්ෂ දෙක විසින් කර තිබෙන්නේ රට ආර්ථික අගාධයකට ඇද දැමීමයි.පළමුවෙන්ම, නිදහසෙන් පසු ලංකාවේ කවදාවත්ම ධනවාදයක් ක්‍රියාත්මක වී නැත. ඇතැම් ආණ්ඩු යටතේ මිනිසුන්ගේ නිදහස් ගණුදෙනු සඳහා වන බාධාවන් යම් තරමකින් ඉවත් කර තිබුණත්, පසුගිය අවුරුදු හැත්තෑව තුළ ලංකාවේ දේශපාලනය කෙරෙහි සමාජවාදී ආකෘතිය හා මාක්ස්වාදී ඉගැන්වීම් වලින් කර ඇති බලපෑම් අති විශාලය. නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු විසින් දිගින් දිගටම කර ඇත්තේත්, අඩුවැඩි වශයෙන් තවමත් කරන්නේත් රාජ්‍ය යාන්ත්‍රණය වඩා පුළුල් කරමින් මිනිසුන්ගේ නිදහස් ආර්ථික ක්‍රියාකාරකම් වලට බාධා පැමිණවීමයි.දෙවනුව, ලංකාවේ තත්ත්වය තිබිය හැකි හොඳම තත්ත්වය නොවූවත්, නිදහසින් පසු ලංකාව විසින් සැලකිය යුතු තරමේ ආර්ථික ජයග්‍රහණ අත්කරගැන නැතැයි කිසිවකුට කිව නොහැකිය. විශේෂයෙන්ම 1977න් පසුව මේ තත්ත්වය කැපී පෙනේ.රාජ්‍ය පාලනයේ කවර දුර්වලතා මධ්‍යයේ වුවත්, පසුගිය දශක කිහිපය තුළ රටේ ඒක පුද්ගල ආදායම කිහිප ගුණයකින් වර්ධනය වී ඇති අතර එහි ප්‍රතිඵල රටේ පහළම ස්ථර දක්වාම කාන්දු වී තිබේ. ඈත ගම් දනවු වල පවා "පිදුරු සෙවි(ලි) කළ පැල්පත්" අද දකින්නට නොලැබෙන අතර පවතින අධික ආනයනික බදු යටතේ වුවත් මෝටර් සයිකලයක් හෝ ත්‍රිරෝද  රථයක් මිල දී ගන්නට සමත්ව සිටින නිවාස ඒකක ගණන අති විශාලය. විදුලි බලය හෝ රූපවාහිනී යන්ත්‍රයක් නොමැති නිවසක් ඇත්නම් ඒ ඉතා කලාතුරකිනි. මන්ද පෝෂණයෙන් පෙළෙන, නෙරාගිය බඩවල් සහිත කෘෂ සිරුරු වෙනුවට අද අවට බැලූ විට දකින්නට ලැබෙන්නේ ඉහළ යන ස්ථුලතාවයයි. දියවැඩියාව හා අධි රුධිර පීඩනය තවදුරටත් "පොෂ් ලෙඩවල්" නොවේ. දැන් අලුත් ඇඳුමක් කියන්නේ අවුරුද්දකට වරක් සිංහල අවුරුදු කාලයේදී පමණක් ලැබෙන දෙයක් නොවේ.ඇතැම් රටවල් විසින් ස්වභාවික සම්පත් වලින් ආදායම් උපයා ධනවත් වී ඇතත් සාමාන්‍යයෙන් රටවල් ධනවත් වීම නිසා රටවැසියන් ධනවත් වන්නේ නැත. සිදුවන්නේ රටවැසියන් ධනවත් වීම නිසා රටවල් ධනවත් වීමයි. රටවැසියන් ධනවත් වන්නේ ඔවුන්ට ධනවත් වන්නට ඉඩ සැලසෙන තරමටය. එසේ ඉඩ සැලසුවද, රටේ සෑම දෙනෙකුම ධනවත් වන්නේ නැතත් කාලයත් සමඟ රටේ සීමිත පිරිසක් විසින් උපයන ධනය පහළ ස්ථර වෙතද සම්ප්‍රේෂණය වේ.රටක ධනය උපයන පිරිස් වලට බාධා පැමිණවූ විට හා ඔවුන්ගේ ධනය බලහත්කාරයෙන් උදුරාගෙන වෙනත් අයට ලබා දෙමින් සමාජ සාධාරණත්වය කෘතීම ලෙස ඇති කරන්නට උත්සාහ කළ විට අවසාන වශයෙන් සිදුවන්නේ රටක ආර්ථික වර්ධනය ක්‍රමක්‍රමයෙන් බාල වීමයි. විශාල ආණ්ඩු ඇති රටවල බොහෝ විට සිදුවන්නේ එයයි.ලංකාවේ ආණ්ඩුව විශාල කිරීම සඳහා මුල් වූයේ ඉංග්‍රීසීන්ය. රටේ සංස්කෘතියට ආගන්තුක වෙනත් සංස්කෘතියක් පිටින් රැගෙන ආ ඔවුන්ට රටවැසියන්ගේ ලොකු සහයෝගයක් නැතිව ආණ්ඩු කිරීම සඳහා විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍ය විය. යුරෝපීයයන් ලංකාවට පැමිණෙන්නට පෙර ලංකාවේ සාමාන්‍ය පවුලක එදිනෙදා ජීවිතය හෝ ආර්ථික කටයුතු කෙරෙහි රජුගෙන් හෝ රාජ්‍ය යාන්ත්‍රණයෙන් විශාල බලපෑමක් වුණේ නැත. එහෙත්, ඉංග්‍රීසි ආණ්ඩුවේ බලපෑමෙන් සාමාන්‍ය පුද්ගලයෙකුට හෝ පවුලකට ඒ තරම් පහසුවෙන් ගැලවෙන්නට නුපුළුවන් විය.යුරෝපීය පාලකයින් රටේ ආර්ථික ප්‍රතිපත්ති මෙහෙයවද්දී ලංකාව සැලකිය යුතු ආර්ථික හා සමාජයීය ප්‍රගතියක් අත් කරගත් බව සැබෑවකි. එහෙත්, ඔවුන් නොපැමිණියානම් තවමත් ලංකාවේ තිබෙන්නේ රජෙකුගේ පාලනයක්යැයි සිතීම මුලාවකි. යුරෝපීයන් ලංකාව පාලනය කළ සියවස් ගණනක කාලය තුළ ලෝකයේ වෙනත් රටවල සිදුවූ ආර්ථික, සමාජයීය හා දේශපාලනික වෙනස්කම් වලට සමගාමීව අනිවාර්යයෙන්ම ලංකාවේද වෙනස්කම් සිදු විය හැකිව තිබුණේය. ඒ නිසා, සුද්දන් නිසා ලංකාවට ලැබුණු යටිතලපහසුකම් ආදී භෞතික සම්පත් මෙන්ම රටේ සිදු වූ භෞතික නොවන සමාජයීය හා සංස්කෘතික වෙනස්කම්ද සුද්දන් රට පාලනය නොකළේනම් කිසිසේත්ම සිදු නොවිය හැකිව තිබුණු බව අපට කිව නොහැකිය.ඉංග්‍රීසි ආණ්ඩුව අතින් පීඩාවට පත් වුණු බොහෝ ලාංකිකයින් සිතුවේ එයට හේතුව රජය ඉංග්‍රීසින්ගේ වීම බවයි. ඒ නිසා, ලංකාවට නිදහස ලැබීමේ නාමයෙන් සිදුවුණේ ඒ රජය මෙහෙයවන ආණ්ඩුවට ඉංග්‍රීසින් වෙනුවට ලාංකිකයින් පත් කර ගනු ලැබීමයි. එහෙත් සැබෑ ප්‍රශ්නය ඉංග්‍රීසින් නොව රජය නිසා ආණ්ඩුවේ ඔළුගෙඩි මාරු වූ පමණින් ලාංකිකයින්ට නිදහස ලැබුණේ නැත. ඉන් පසුව, අද දක්වාත් නැවත නැවතත් කෙරෙමින් පවතින්නේ මේ ආණ්ඩුවේ ඔළුගෙඩි මාරු කිරීමයි. ඒ අතර, බොහෝ විට සිදුවුණේ රජය එන්න එන්නම ප්‍රසාරණය වීමයි.රජයෙන් නිදහස් වන්නට බොහෝ ලාංකිකයින්ට තවමත් අවශ්‍ය නැත. රජය ගැන අසතුටුව, රජයට බණිමින් ජීවත්වන අතරම ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රශ්නයට විසඳුම් හොයන්නේද රජයෙන්මය. ඒ නිදහසෙන් පසු දිගින් දිගටම ලංකාව පාලනය කරන්නේ සමාජවාදී මතවාදය විසින් බැවිනි. මේ තත්ත්වය යාන්තමින් වෙනස්වන්නට පටන්ගෙන තිබෙන්නේ සමාජමාධ්‍ය වල ව්‍යාප්තියත් සමඟය.පසුගිය අවුරුදු හැත්තෑව තිස්සේ ලංකාව පාලනය කර ඇත්තේ එජාපය හා ශ්‍රීලනිපය විසින් කියා කිවුවත් එය අර්ධ සත්‍යයක් පමණි. පළමුව, මාක්ස්වාදය විශ්වාස කරන්නන්ගේ පක්ෂ මේ බොහෝ ආණ්ඩුවල හවුල්කරුවන්ව සිටිමින් කර ඇති බලපෑම ඉතා විශාලය. දෙවනුව, ආණ්ඩුවෙන් පිටත සිටීමෙන් බලපෑම් කළ මාක්ස්වාදීන්ට ඔලුව නමන්නට ලංකාවේ බොහෝ ආණ්ඩු වලට සිදුවී තිබේ. තෙවනුව, දේශපාලකයින් අතළොස්ස හැරුණු විට ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මුළුමනින්ම වාගේ සමන්විතව සිටින රාජ්‍ය සේවකයින්ගෙන් විශාල ප්‍රමාණයක් සමාජවාදී ක්‍රමයට හිතන්නට පුරුදු වූ අයයි. නිදහස් අධ්‍යාපනය හරහා මෙන්ම ඊටත් වඩා වැඩියෙන් කලාව හා මාධ්‍ය හරහා කෙරෙන්නේ ලෝකයේ කොහේවත් සාර්ථක නොවූ, මාක්ස්ගේ හිතළු මත පදනම් වූ සමාජවාදී ආගමික අදහස් ප්‍රචලිත කිරීමයි.ලෝකයේ වෙනත් රටවලදී මෙන්ම ලංකාවේදීද මාක්ස්වාදීන්ට ජනතාවගේ කැමැත්තෙන් බලය ලබාගැනීම හෝ බලය පවත්වා ගැනීම අසීරුය. ලංකාවේ මාක්ස්වාදී පක්ෂ හරහා දේශපාලන පුහුණුව ලැබූ බොහෝ දෙනෙකු අවසාන වශයෙන් නැවතී ඇත්තේ එජාපයේ හෝ ශ්‍රිලනිපයේය. මෙවර මැතිවරණයේදී ජවිපෙ වැනි පක්ෂ වලින් අලුතින් තේරීපත් වන ග්‍රාමීය නායකයින් විශාල පිරිසක්ද දශක ගණනක් පසු වී හෝ අවසාන වශයෙන් නවතිනු ඇත්තේ එජාපයේ හෝ ශ්‍රිලනිපයේය.මාක්ස්වාදී දේශපාලනයෙන් පටන්ගෙන ඉදිරියට එන නායකයින් අන්තිමේදී එජාප හා ශ්‍රීලනිප වැනි බලය ලබා ගැනීමේ ශක්‍යතාවයක් ඇති පක්ෂ වල නතර වීම ඔවුන්ගේ මුල් පක්ෂ වල දිගටම රැඳෙනවාට වඩා බොහෝ විනාශකාරීය. ඔවුන් පක්ෂ මාරු කළත් ඔවුන්ගේ මාක්ස්වාදී මුල් මුළුමනින්ම සිඳෙන්නේ නැත. පසුව ප්‍රධාන දේශපාලන පක්ෂ වල දෙවන පෙළ නායකයින් වී ඇති මෙවැනි පුද්ගලයින් අතින් ලංකාවේ ආර්ථික වර්ධනය අඩාල කරවන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම ඉඳහිට සිදුවන්නක් නොවේ.ඇතැම් අය "විද්‍යාත්මක" යැයි සිතා සිටියත් කිසිදිනෙක පර්යේෂණාත්මකව තහවුරු කර නැති මාක්ස්ගේ ප්‍රවාද වල තිබෙන ලොකුම අඩුපාඩුව වන්නේ නිෂ්පාදන සාධකයක් ලෙස ප්‍රාග්ධනයේ ඇති වැදගත්කම නොසලකා හැරීමයි. මාක්ස්වාදීහු භාණ්ඩයක් නිෂ්පාදනයේදී සිදු කෙරෙන අගය එකතු කිරීම ඒ වෙනුවෙන් යොදවන ශ්‍රමයට ඌණනය කරති. ප්‍රාග්ධනය යනු පරිභෝජනය කිරීම මඟින් ක්ෂය කර දමනු නොලැබූ ශ්‍රමයම බව තේරුම් නොගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ තමන් සතු සම්පත් හැකි වහාම පරිභෝජනය කර ක්ෂය කර දමමින්, එසේ නොකර ප්‍රාග්ධනය එක් රැස් කරගන්නා අයගේ වස්තුවට ඊර්ෂ්‍යා කරන හා කෙළ හළන පිරිසකි. එහෙත්, මාක්ස්වාදීන් විසින් හැමවිටම වාගේ පරිභෝජනවාදය ගැන කතා කරන්නේ ධනවාදය සමඟ සම්බන්ධ කරමිනි.දැන් ක්‍රමයෙන් අභියෝගයට ලක්වෙමින් පැවතියත් නිදහස ලැබීමේ සිට ලංකාවේ මතවාදී ආධිපත්‍යය උසුලන මාක්ස්වාදී චින්තනය විසින් ප්‍රචලිත කරන අදහස අනුව ප්‍රාග්ධනය එක් රැස් කිරීම පවකි. මෙහි ප්‍රතිඵලය වන්නේ හැකිතරම් අඩුවෙන් වැඩකර, ණය ගනිමින් හෝ වැඩියෙන් පරිභෝජනය කරන පරිභෝජනවාදීන් පිරිසකි. මේ මතවාදය රට කරවන්නන් වෙතද කාන්දු වූ විට රටේ ආර්ථිකය මෙහෙයවෙන්නේද මේ ක්‍රමයටමය.මාක්ස්වාදීන්ට අනුව සමාජවාදය බිහිකරන තුරු නිර්ධනයෙකුට කිසිදා ගැලවීමක් නැත. ප්‍රාග්ධනය අහිමි අය පරිභෝජනය සීමා කර තමන් සතු සීමිත සම්පත් ආයෝජනය කරමින් ප්‍රාග්ධනය එක් රැස් කරන්නට පටන් ගත් විට ඉහත ආගමික අදහස තර්ජනයට ලක් වේ. එවිට මාක්ස්වාදීන්ට පැවැත්මක් නැත. ඒ නිසා, ප්‍රාග්ධනය අහිමි පුද්ගලයින් පරිභෝජනවාදයේ ගැලී දැනට සිටින තැනම හැමදාම සිටිනවා දකින්නට ඔවුන් කැමතිය. නූතන මාක්ස්වාදී චින්තකයින් කියා කියන අයගේ ඉගැන්වීම් අදහන අලුත් ආගමික නිකායයන් ඇතුළු මාක්ස්වාදී ආගමිකයින්ට අවශ්‍ය වන්නේ හැකි තරම් අය මාක්ස්වාදී පොල්කට්ට අස්සේ හිරකර ගන්නටය.පුද්ගලයින් විසින් භෞතික ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීම මාක්ස්වාදීන්ගේ ගර්හාවට ලක් වුවත් මානව ප්‍රාග්ධනය සම්බන්ධව ඔවුහු එසේ නොසිතති. ඒ නිසා, පොදු අරමුදල් වැය කරමින් ලබාදෙන අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් මාක්ස්වාදීහු හැමවිටම වාගේ පෙනී සිටිති. රටකට ඉදිරියට යන්නට භෞතික ප්‍රාග්ධනය මෙන්ම මානව ප්‍රාග්ධනයද අවශ්‍ය වන නිසා මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීම කිසිසේත්ම නරක අදහසක් නොවේ. එහෙත්, ලංකාවේ ප්‍රශ්නය වන්නේ එහි ප්‍රමුඛ මතවාදය තුළ මානව ප්‍රාග්ධනය එක් රැස් කරගැනීම වෙනුවෙන් ලබාදෙන වටිනාකම භෞතික ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීම වෙනුවෙන් හෝ ව්‍යවසායකත්වය දිරිගැන්වීම වෙනුවෙන් නොලැබීමයි.ඉහත මතවාදයේ බලපෑම නිසා ලංකාවේ බොහෝ දෙනෙක් මානව ප්‍රාග්ධනය සැලකිය යුතු තරමින් එක්රැස් කරගත්තත්, ඒ මානව ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ ලබාගත හැකි තරමට භෞතික ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමක් සිදු නොවේ. ඒ නිසා, වෙනත් අයෙකුට ශ්‍රමය විකිණීමෙන් හැර මේ මානව ප්‍රාග්ධනයෙන් ප්‍රයෝජන ගන්නට ඔවුන්ට ඉඩක් නැත. අනෙක් අතට රටේ ව්‍යවසායකත්වය දිරිගැන්වීමක් සිදු නොවන නිසා මානව ප්‍රාග්ධනයෙන් ප්‍රයෝජන ගන්නට අවශ්‍ය පමණ රැකියා ජනනය වීමක්ද සිදු නොවේ. මේ රැකියා හිඟය පුරවන්නට වෙන්නේ රජයටය. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ රජය එන්න එන්නම ප්‍රසාරණය වේ. එහි බර ඉහළ යද්දී දිගින් දිගටම රජය විසින් භෞතික ප්‍රාග්ධනය වෙනුවෙන් මෙන්ම මානව ප්‍රාග්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමද වඩාත් අසීරු කටයුත්තක් බවට පත්වේ. මානව ප්‍රාග්ධනය එක්රැස් කරගන්නා ලාංකිකයින් විශාල පිරිසක් සෑම වසරකම රටෙන් පිටතට සංක්‍රමණය වීමේ මෙන්ම රැකියා සොයා තාවකාලිකව විදේශගතව සිටින විශාල පිරිසද මේ ප්‍රශ්නයේම පැතිකඩකි.සමාජවාදීන් විසින් කාලයක් තිස්සේ ප්‍රචලිත කර ඇති මතය හේතුවෙන් ලංකාවේ බොහෝ දෙනෙක් වෙනත් අයට රැකියා ලබා දෙන්නන් දෙස බලන්නේ ශ්‍රමය සූරාකන සමාජ විරෝධීන් කොටසක් ලෙසිනි. මේ නිසා, කිසියම් ව්‍යවසායකත්වයක් ඇති ලාංකිකයින් බොහෝ දෙනෙක් යොමුවන්නේ තමන්ගේම ශ්‍රමය මත පදනම්ව ආදායම් ඉපැයිය හැකි වෘත්තිකයෙකු වීමටය. වෛද්‍යවරුන් හා නීතිඥයින් වැනි වෘත්තිකයින් වීමට මෙන්ම ගායකයින්, නළුවන්, ටියුෂන් ගුරුවරුන් ආදීන් වීමට ලංකාවේ බොහෝ දෙනෙක් පෙළඹෙන්නේ ඒ නිසාය. මෙවැන්නන් ඉහළ ආදායමක් උපයතත්, ඒ වෙනුවෙන් වෙනත් අයගේ ශ්‍රමය "සූරා කන්නේ" නැති නිසා ලංකාවේ ප්‍රමුඛ මතවාදය තුළ ඔවුහු අපරාධකරුවෝ නොවෙති.කෙසේවෙතත්, සමාජවාදී රටවල් වලින් වෙනස්ව ලංකාවේදී ඉහත ආකාරයේ රැකියා වල නිරත වෙන්නන්ට සාමාන්‍ය පුද්ගලයෙකු උපයනවාට වඩා විශාල ආදායමක් ඉපැයිය හැකි බැවින් ඔවුන් අත ප්‍රාග්ධනය එක් රැස් වේ. වෙනත් බොහෝ පිරිසකට රැකියා සපයන අයෙකු අත ප්‍රාග්ධනය එක්රැස් වූ විට එවැන්නෙකු විසින් කරන්නේ ඒ ප්‍රාග්ධනය සිය ව්‍යාපාරය තුළ ආයෝජනය කරමින් ව්‍යාපාරය පුළුල් කිරීමයි. එවිට තවත් අළුත් රැකියා ජනනය වී ඒ ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ පහළ සමාජ ස්ථර වෙතද සම්ප්‍රේෂණය වේ.තමන්ගේම ශ්‍රමය පමණක් යොදවමින් හෝ ඉතාම සුළු පිරිසකට රැකියා සපයමින් ප්‍රාග්ධනය එක්රැස් කරන වෛද්‍යවරුන්, ටියුෂන් ගුරුවරුන් වැනි අයට තමන් සතු අතිරික්ත ප්‍රාග්ධනය යොදවා සිය ව්‍යාපාරය පුළුල් කරන්නට හෝ රැකියා ජනනය කරන්නට අවකාශයක් නැත. සමාජවාදීන් ලංකාවේ ප්‍රචලිත කරනු ලැබ ඇති මතවාදය නිසා ඔවුන් එසේ බොහෝ දෙනෙකුට රැකියා සැපයිය හැකි වෙනත් ව්‍යාපාර වල ආයෝජනය කර "මුදලාලිලා වෙන්නටද" කැමති නැත. එසේනම්, ඔවුන්ගේ අතිරික්ත ප්‍රාග්ධනයට සිදුවන්නේ කුමක්ද?මේ අතිරික්ත ප්‍රාග්ධනයෙන් (මෙහිදී අතිරික්ත යන වචනය යොදන්නේ මාක්ස්වාදී අර්ථයකින් නොවේ) සැලකිය යුතු ප්‍රමාණයක් අවසාන වශයෙන් සෘජුව හෝ වක්‍ර ලෙස මූල්‍ය වෙළඳපොළෙහි ආයෝජනය වේ. එහෙත්, ඒ භාණ්ඩ හා සේවා නිපදවන සමාගම් වල කොටස් මිල දී ගැනීම පිණිස හෝ එවැනි සමාගම් විසින් නිකුත් කරන බැඳුම්කර මිල දී ගැනීම සඳහා නොවේ. රජය විසින් නිකුත්කරන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර මිල දී ගැනීම සඳහාය.මුදලාලිලා වෙන්නට අකැමැති ලංකාවේ බොහෝ වෘත්තිකයින්ගේ මුදල් වලින් විශාල කොටසක් අවසානයේදී යෙදෙවෙන්නේ රජයට ණය ලබා දීම සඳහාය. මෙය ඔවුන් විසින් සෘජුවම කරන ආයෝජන ලෙස හෝ ඔවුන්ගේ තැන්පතු යොදවා බැඳුම්කර මිල දී ගන්නා වාණිජ බැංකු හරහා වක්‍රව සිදුවිය හැකිය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වැනි අතරමැදි සමාගම් මූල්‍ය වෙළඳපොළෙහි සෙල්ලම් කරන්නේද මෙවැනි පාරිභෝගිකයින්ගේ මුදල් වලිනි.රජයේ විදේශ ණය ගැන අපි වැඩිපුර කතා කළත් රාජ්‍ය ණය වලින් විශාල කොටසක් දේශීය ණයයි. මේ ණය වෙනුවෙන් රජය විසින් පොලී ගෙවන්නේ බදු ආදායම් යොදවමිනි. මේ බදු බොහොමයක් වක්‍ර බදුය. මුදලාලිලා වී සමාජයේ පහළ ස්ථර වල අයව සූරා කන්නට අකැමැතියයි කියන බොහෝ වෘත්තිකයින් විසින් ඔවුන් සතු ප්‍රාග්ධනය යොදවන්නේ රජය හරහා මේ පහළ ස්ථර වල පිරිස් සූරාකෑමටය. ඒ නිසා, බැලූ බැල්මටම රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක් ලෙස නොපෙනෙන තවත් බොහෝ දෙනෙක්ද ඒ යාන්ත්‍රණයේම දැති රෝදයි. ලංකාවේ රජය කුඩා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග වලට මෙවැනි අයගෙන්ද ප්‍රතිරෝධයක් ඇති වන්නේ ඒ නිසාය.ලංකාවේ ප්‍රමුඛ මතවාදය තුළ සමාජවාදී අදහස් වල බලපෑම කෙතෙක් වුවත් වෙළඳපොළ යාන්ත්‍රණය සෑහෙන තරමකින් ක්‍රියාත්මක වන නිසා ආර්ථිකය දිගින් දිගටම ප්‍රගතියක් අත්කර ගන්නා නමුත් රටට මීට වඩා වේගවත් පිම්මක් පනින්නටනම් කුසලතාවයක් හා ප්‍රාග්ධනය ඇති පිරිස් "මුදලාලිලා වෙන්නට" බය නොවන ආකල්පමය වෙනසක් ....   වැඩිදුර >>  
Next || Previous