ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
බල්ලු බළල්ලු වගේ හැමිනීම සහ ළමයි හැදීම [ යාම් : 58 ] | විකේන්ද්‍රික / Eccentric /ɪkˈsɛntrɪk,ɛkˈsɛntrɪk/ | 2018-02-02 02:52:22
අපේ සමාජයේ ගොඩක් මිනිස්සුන්ට අනුව සෙක්ස් කියන්නේ නරක දෙයක්. නොකරම බැරි නිසා කල යුතු, විනෝදෙට නොකල යුතු, කරන්නේ කා එක්කද.. කවදාද.. කොහේදීද.. කොයි වෙලාවෙද කියන එක පවුලේ සැම එක්ව කරන ලද සැලසුමකට අනුව කල යුතු මාරම අමුතු කුණුහරපයක් !ඉතින් ඒ නිසා මේ අය හැම වෙලේම කෑගගහ කියන දේ තමයි"පඳුරු පඳුරු ගානේ බල්ලු බළල්ලු වගේ හැමිනෙන්න එපෝ ! එහෙම වුනොත් අපිත් සත්තු වගේ වෙනෝ! අපේ මනුස්ස බව අපිට නැති වෙනෝ.. බුදු සන්තෝ.. අන්න අරුන් දෙන්නා අර රූම් එකේ දොර වහගත්තෝ... දැන් ඉතින් රටම ඉවරෝ..." ..කියන කතාවසෙක්ස් කියන එක තහනම් කරල, කූඩුවක දාලා, සීමා පනවල, කොන්දේසි දාලා, පූජනීය කරලා, කල් වැල්, නැකත්, පස් මහ බැලුම් බලලා අඟහරුට රොකට් එකක් යවන්න හොඳම වෙලාව තීරණය කරනවා වගේ හොඳ වෙලාවක් බලල, හැමිනෙන්න කලින් රටටම කියල කරන්න ඕන මාරම සීන් එකක් වෙච්චි මහා ලබ්බක් කරගන්නයි ඒ අයට ඕන.ඒත් වැඩේ කියන්නෙ ඒ මිනිස්සුම බල්ලො බළල්ලු වගේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ළමයි නං හදනව......!!!කිසිම කල්පනාවක්, හිතිල්ලක්, සහේතුක බවක්, සාධාරණබවක් නෑ. හැමිනෙන එක සත්තු වගේ නොකර මිනිස්සු වගේ කලාට හැමිනුනයින් පස්සෙ එළියට එන එක දිහා මිනිස්සු විදියට බලන්න කල්පනාවක් නෑ.ඒ අයට තේරෙන්නෙ නෑ මිනිස්සු සහ සත්තු වෙන් වෙන ප්‍රධානම සාධකය කන එකවත්, හැමිනෙන එකවත් රෙන එකවත් නෙමේ.. තමන් සහ තමන් ජීවත් වන ලෝකය දිහා විමර්ෂනශීලී ඇසකින් බලල, තමන්ගේ ආකල්ප සහ ක්‍රියාකාරකම් තමන් වටා ජීවත් වන අනෙකුත් ජීවීන්ගේ යහපැවැත්මට බලපාන විදිය ගැන තර්කානුකූලව හිතල තමන්ගේ හැසිරීම් ඇගයීමට ලක් කරන්න.. තමන්ගේ හැසිරීම් වෙනස් කරගන්න තියෙන හැකියාවෙන් තමයි මිනිස්සු සත්තුන්ගෙන් වෙන් වෙන්නෙ කියල..මේ ටික නොතේරෙන නිසා හැමිනෙන එකත් මැජික් එකක් කරගෙන දඟලනවා හරියට.......සත්තු වගේහරි නම් මැජික් එකක් වෙන්න ඕන, මහා ලොකු දෙයක් වෙන්න ඕන සෙක්ස් කරන එක නෙමේ. සෙක්ස් කිරීමේ ප්‍රතිඵලය වන ළමයි බිහි කිරීම නෙමේද?මේ කතා කරන්නේ ළමයි කීදෙනෙක් හදනවද කියල තීරණය කරන එක ගැන නෙමේ. ඔය මනුස්ස සංහතිය පවත්වාගෙන යන්න ඕන නිසා.. අහසෙ පාවි පාවි ඉන්න භූතයෙක් බඩට දාගන්න ඕන නිසා.. කිය කිය ළමයි හදන්න ඕන කිව්වට හැමෝම මේ ලෝකෙට ගේන්නෙ තමන්ගේ අවශ්‍යතාවයට ඕන ළමයි ගාන විතරයි. ඒ නිසා මම මේ කතා කරන්නේ තමන්ට ඕන ගානට ළමයි හදන එක ගැන නෙමේ... සරලවම, එක දරුවෙක් හරි මේ ලෝකෙට ගේන්න තමා ගන්න තීරණය ගැන.වැඩිහිටි ගෑණු මිනිස්සු කැමැත්තෙන් හැමිනෙන එක ගැන වද නොවී ඒක ගැන වද වෙන එක වඩා හොඳ නැද්ද?සත්තු වගේ හරි නැතුව හරි සෙක්ස් කරන එකෙන් කාටවත් හානියක් නම් නෑ.ඒත් සත්තු වගේ ඔහේ ළමයි හදන ....   වැඩිදුර >>  
Next || Previous