ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
මාළු අල්ලමුද? [ යාම් : 33 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-02-01 05:17:14
ජනවාරි මාසය අවසන්ය. මාසය තුළ මෙහි පළ කරනු ලැබ ඇත්තේ ලිපි හතරක් පමණි. අවසන් ලිපිය පළ කර ඇත්තේ දෙසතියකට පමණ පෙරය. මේ දෙකෙන් එකක්වත් සිදුවුණේ පළමු වරට නොවූවත්, සාමාන්‍යයෙන් මේ වියුණුව මීට වඩා අඩු කාලාන්තර තුළ යාවත්කාලීන කෙරෙන බව පාඨකයින් දන්නා කරුණකි.වියුණුව කෙරෙහි අඩු අවධානයක් ලැබෙන්නට හේතු වූ මූලික කරුණ කාර්යබහුලකම වූවත් එය එකම කරුණ කියා කියන්නට නුපුළුවන. ලිපියක් ලියා පළ කරන්නට තරම් උත්තේජනයක් නොතිබීමද එයට හේතුවකි. පසුගිය දෙසතිය තුළ ලියන්නට පටන්ගත් ලිපි කිහිපයක්ම අතරමඟ නැවතී ඇති අතර තවත් කිහිපයක් ලියා අවසන් කළද ඒවායේ ඇති කරුණු අනුව පළ කළ යුතුයැයි සිතුණේ නැත.වියුණුව කෙරෙහි වූ උනන්දුව අඩුවුණේ ඇතැම් අය හිතන පරිදි හිට්ස් අඩුවීම හෝ කමෙන්ට්ස් අඩුවීම වැනි සිල්ලර කරුණු නිසා නොවේ. කියවන්නන්ගේ අඩුවක් කොහෙත්ම සිදුවී නැත. දෙසතියකින් පමණ අලුත් ලිපියක් පළ වී නැතත්, සෑහෙන පිරිසක් තවමත් "නිකං ඇවිත් යන්නට" හෝ පැමිණේ. තේරුමක් ඇති කමෙන්ට් මිස නිකමට දමන කමෙන්ට්ස් වලින් මට කවදාවත් උත්තේජනයක් ලැබී නැත.ඇත්තටම කියනවානම් වියුණුව කෙරෙහි උනන්දුව අඩුවන්නට හේතුව වූයේ පසුගිය දිනවල වියුණුවෙන් පරිබාහිරව කරන දේවල්ද වියුණු ලිපි ලියනවාටම සමාන දේවල් වීමයි. ඒ නිසා, වෙනදා මෙන් වියුණු ලිපියක් ලිවීමෙන් කාර්යබහුල ජීවිතයේ ඒකාකාරී බවින් මිදෙන්නට උදවුවක් නොලැබුණේය. එවැනි වාසියක් හෝ නැතිව, වියුණු ලිපි ලියන්නට කාලය මිඩංගු කළ විට විට මඟ හැරී යන්නේ ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම හා පවුල සමඟ ගත කිරීම සඳහා ඇති සීමිත කාලයයි.සාමාන්‍යයෙන් නිතර යාවත්කාලීන කෙරෙන වියුණුවක් වන රසිකොලොජි වියුණුවද මේ වියුණුවට හෝ මට පෞද්ගලිකව කිසිදු සම්බන්ධයක් නැති, මා නොදන්නා කවර හෝ හේතුවක් නිසා මේ අවුරුද්ද තුළ යාවත්කාලීන වී තිබුණේ ඉතා අඩුවෙනි. ටික කලකට පෙර රසිකොලොජිස්ට් විසින්ම කියා තිබුණු පරිදි සිංහල වියුණු යනු තවමත් එකිනෙකට අනුපූරක මිස ආදේශක නොවේ. මා හිතන පරිදි ඔහුගේ මේ අදහස නිවැරදිය. ඇතැම් අය වරින්වර පිට පනින රීතියක් වුවත්, බොහෝ බ්ලොග්කරුවන් කැමැත්තෙන්ම වෙනත් බ්ලොග් ප්‍රවර්ධනය කරන්නේ මේ ගැන අදහසක් බොහෝ බ්ලොග්කරුවන්ට තිබෙන නිසා විය හැකිය.සිංහල වියුණු එකිනෙකට අනුපූරක වීමට ඉල්ලුම් සාධක මෙන්ම සැපයුම් සාධකද බලපායි. ටික කලකට පෙර රසිකොලොජිස්ට් විසින්ම ඔහුගේ වියුණුවට පාඨකයින් පැමිණෙන ප්‍රධාන ප්‍රවේශ මාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛණ පළ කර තිබුණේය. මේ ලිපිය හොයාගන්නට අපහසු වුවත්, එම ලැයිස්තුවේ හැලපකඩේ හා ඉකොනොමැට්ටා වැනි වෙනත් බ්ලොග් අඩවි කිහිපයක්ද තිබුණේය. මේ වියුණුවට පාඨකයින් එන ප්‍රධාන ප්‍රවේශ මාර්ග අතරද හැලපකඩේ හා රසිකොලොජිය වැනි වෙනත් බ්ලොග් අඩවි තිබේ.රසිකොලොජිය වැනි බ්ලොගයක් නිතර යාවත්කාලීන වන විට එහි පැමිණෙන පාඨකයින් ගණනද වැඩි වේ. එවිට, ඒ හරහා මේ වියුණුව වැනි වෙනත් වියුණු වලට පැමිණෙන පිරිස්ද ඉහළ යයි. විරුද්ධ දිශාවටද ඒ දෙයම සිදුවනවා විය යුතුය. මෙය ඉල්ලුම් සාධක හරහා එක් වියුණුවකින් තවත් වියුණුවක් පෝෂණය වන ප්‍රධාන ආකාරයකි.කෙසේවුවද, රසිකොලොජිගේ ඉහත සංඛ්‍යාලේඛණ අනුව එහි පැමිණෙන පාඨකයින් අති මහත් බහුතරය පැමිණෙන්නේ බ්ලොග් සින්ඩිකේටර හෝ බ්ලොග් රෝල් හරහා නොවේ. වත්පොත හා ගූගල් හරහාය. මෙය මේ වියුණුවටද පොදු කරුණකි. ඒ නිසා, වෙනත් බ්ලොග් හරහා පැමිණෙන සාපේක්ෂව සුළු පාඨකයින් ප්‍රතිශතය වියුණුව සමඟ රැඳී සිටින්නට විශාල බලපෑමක් කරන්නේ නැත.එක් සිංහල වියුණුවකින් තවෙකක් පෝෂණය කරන්නට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නේ සැපයුම් සාධකයි. අයෙක් ලිපියක් පළ කළ විට තවත් බොහෝ අයට ලියන්නට දෙයක් මතක් වෙයි. ඉයන් වැනි අය විසින් කලින් කලට දිරිගන්වනු ලැබූ රැළි උදාහරණ ලෙස දැක්විය හැකිය.දැන් මේ "අනුවේදනීය කතාව" අවසන් කර ලියන්නට සිතා සිටි මාතෘකාවට නැවත පැමිණියහොත් රසිකොලොජිස්ට්ගේ අලුත්ම ලිපි දෙකෙන් කතා කරන්නේ මස්කෑම හා සතුන් මැරීම අතර ඇති සම්බන්ධය ගැන හා සතෙකු මැරීමේදී සතා අනුව හා අවස්ථාව අනුව යමෙකුට ඇතිවන සහකම්පනය වෙනස්වීම ගැනය. ඔහුට මේ ලිපි ලියන්නට උත්තේජනයක් සපයා ඇත්තේ ඔහුගේ මිතුරෙකු විසින් වත්පොතේ පළ කරනු ලැබ ඇති සටහනකි.දිනපතාම වාගේ කිසියම් හෝ සත්ව මාංශ කොටසක් ආහාරයට ගන්නා පුද්ගලයෙකු වන මට සතෙකු මැරීම බොහෝ විට ඉතා අසීරු කාර්යයකි කාර්යයකි. එහෙත්, එයින් අදහස් වන්නේ මා කිසිවිටෙක සතෙකු මරා නැති බව හෝ සතෙකු නොමරන බව නොවේ. එසේ කළ අවස්ථා ඕනෑතරම් තිබේ. විශේෂයින්ම මදුරුවන් හා මකුණන් ඕනෑතරම් මරා තිබේ.ඇමරිකාවේ ජීවත් වෙද්දී මුහුණ දෙන ප්‍රශ්නයක් නොවූවත්, දැන් වුවද ලංකාවට ගිය විටක මදුරුවන් මරන්නට මා පැකිලෙන්නේ නැත. එහෙත්, ඉතා කුඩා කාලයේදී (පාසැල් යන්නටත් පෙර හෝ පළමු ශ්‍රේණියේ උගත් කාලයේදී පමණ) පින් තකා දිනපතා නිශ්චිත මදුරුවන් ගණනකට ගණන් කරමින් ලේ දන් දුන් අතීතයක්ද මට තිබේ. ඒ නිසා, දැනටත් සතෙක් මරන්නට ඇති අපහසුතාවය පසුපස අවිඥානිකව හෝ ආගමික පසුබිමක් තිබෙන්නටද පුළුවන.ආහාර පිණිස සතුන් මැරීම ඇමරිකාවේදී සැලකෙන්නේ ඉගෙන ගත යුතු ජීවන කුසලතාවයක් ලෙසිනි. මෙය ආබ්‍රහමික ආගම් වල දාර්ශනික පදනම සමඟද මැනවින් ගැලපේ.ඇමරිකාවේ සෑම නගරයකම වාගේ ඉතා හොඳ මට්ටමේ පුස්තකාලයක් තිබේ. පළාත් පාලන ආයතන විසින් අයකරනු ලබන බදු වලින් නඩත්තු කෙරෙන මේ පුස්තකාල වලින් කෙරෙන්නේ පොත් හා වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශන කියවන්නට, අසන්නට හෝ නරඹන්නට අවස්ථාව සැලසීම පමණක් නොවේ. මේ පුස්තකාල වල කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා විවිධ වයස් කාණ්ඩ ඉලක්ක කර සකසා ඇති පරිගණක මෘදුකාංග, ඉංග්‍රීසි භාෂාව හා වෙනත් භාෂා ආදිය නොමිලේ හැදෑරීමට අවකාශ සැලසෙන අධ්‍යාපනික වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මකව ඇති අතර ඒ අතර මාළු ඇල්ලීම වැනි ජීවන කුසලතා පුහුණු කෙරෙන වැඩ සටහන්ද තිබේ. බොහෝ විට මෙවැනි වැඩ සටහනක අරමුණ ජීවන කුසලතාවයක් ලෙස මාළු ඇල්ලීම ප්‍රවර්ධනය කිරීමම නොව, පවුලක දරුවන් හා වැඩිහිටියන් එක්ව විනෝදාංශයක් ලෙස මාළු ඇල්ලීම වැනි ක්‍රියාකාරකම් තුළින් පවුල් සම්බන්ධතා ශක්තිමත් කිරීම විය හැකිය.පවුලේ සාමාජිකයින් හා එක්ව වසරකට වරක්වත් "කෑම්පිං යාම" මෙන්ම එවැනි අවස්ථාවක හෝ වෙනමම අවස්ථාවක දරුවන් හා එක්ව මාළු අල්ලන්නට යාමද බොහෝ ඇමරිකානුවන් විසින් කරන දෙයකි. බලපත්‍රයක් ලබාගැනීමෙන් පසු ප්‍රාන්ත රජයේ දේපොළ වන ඇළ, දොළ, ගංගා හා ස්වභාවික පොකුණු ආදියේ මාළු අල්ලන්නට ඉඩ ලැබෙන අතර ඇතැම් ප්‍රාන්ත වල නිශ්චිත සතියක් හෝ සති අන්තයක් තුළ බලපත්‍ර නොමැතිව මෙසේ මාළු අල්ලන්නටද ඉඩ ලැබේ. එහෙත්, මේ මාළු ඇල්ලීම මාළුවාගේ ප්‍රමාණය දක්වාම තවදුරටත් නියාමනය කෙරී ඇති අතර නිශ්චිත තරමකට ලොකු වී නැති මාළු අසුවුවහොත් ඔවුන් නැවත වතුරට දැමිය යුතුය. මෙය මාළු ගහණය ස්ථිරව පවත්වා ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයකි.මා පෞද්ගලිකව දන්නා, දරුවන් සමඟ නිතර මාළු අල්ලන්නට යන ඇතැම් ඇමරිකානු මිතුරෝ ඉහත පරිදි අසුවන කුඩා මාළුන් පමණක් නොව, ලොකු මාළුන් පවා අසු වූ වහාම කරන්නේ බිලී පිත්තෙන් මුදා නැවත වතුරට දැමීමයි. දවස පුරාම මාළු අල්ලන ඔවුන් හවසට ගෙදර එන්නේ හිස් අතිනි. මේ හැසිරීමට හේතුව ආගමික එකක්යැයි කිව නොහැකිය.මගේ දරුවන්ගේ මිතුරන් ඔවුන්ගේ පවුල්වල අය සමඟ කරන ක්‍රියාකාරකම් වල නිරත වන්නට මගේ දරුවන්ද කැමතිය. එහෙත්, කවර හෝ හේතුවක් නිසා මාළු අල්ලන්නටනම් ඔවුන් කැමතිම නැත. එහෙත්, ඔවුන් හැදී වැඩී ඇත්තේ මා හැදුණු ආකාරයේ සංස්කෘතික වටපිටාවක නොවේ. මෙය පිං පවු මත පදනම් නොවූ, සත්ත්ව හිංසනයට ඇති කිසියම් ස්වභාවික ....   වැඩිදුර >>  
Next || Previous