ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
එහෙවු නිදහසේ ස්වර්ග රාජ්‍යයට...! [ යාම් : 40 ] | කට්ටකාඩුව | 2018-01-31 23:21:34
අද පෙබරවාරි මාසේ පටං ගත්තා. ඊයේ පෙරේදා වැහැපු වැස්ස නොවෙන්ඩ මේ පාර නිදහස් දවසට අලගල්ලේ කන්ද වත් නගින්ඩ තිබ්බා කියල තමයි ගමේ කොල්ලෝ කෙල්ලෝ කියන්නේ. ඉතිං මටත් හිතුනා අපේ ගං පළාතේ තියන මේ චාරිත්තරේ ගැන ඔබ තමුන්නැහෙලත් එක්ක වචනයක් දෙකක් කතා කරන්ඩ. ලාංකිකයෝ හුග දෙනෙකුට නිදහස් දවස කියන එක තවත් එක නිවාඩු දවසක් විතරක් උනාට අපේ ගං පලාතට නං එහෙම නෑ.  පොඩි එකා කාලේ ඉඳලම අපේ ගම් පැත්තෙ කට්ටිය නිදහස් දවසට මොකක්  හරි කන්දකට නගිනවා. එක්කෝ අලගල්ලේ, එක්කෝ බලන කන්දට. එක්කෝ බතලේගලට එහෙම නැත්තං උතුවන්කන්දට. එහෙම කඳු නගින්ඩ බෑ කියල හිතෙන උදවිය මා ඔය කොමලියගේ සුන්දර නිමවුමක් වෙච්ච බෝවැල්ල හරි බලන්ඩ යනවා. හැබැයි කන්දක් නගින එක තමයි චාරිත්තරේ. ඒ ගිහින් ඇවිල්ල සතියක් දෙකක් යනකල් පම්පෝරිය කන්ද නැගපු විස්තරේ ගැන! බලන්ටෙපායැ රහ කර කර කන්ද නැගපු හැටි කියන අපූරුව අපේ අම්මලා, අප්පච්චිලා, නැන්දම්මලා, මාමලා, කිරි අත්තලා, කිරි අම්මලා, අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා...ඒ විතරක් නං මදැයි දඩාවතේ යන අපේ ගම ආසිරාවේ ඉන්න බල්ලොත් කතා වෙන්නේ මේ කඳු නැගිල්ල ගැන!!!මේ අලගල්ල කන්ද   ඇයි මේ කඳු නගින්නේ? කවද්ද මේ චාරිත්තරේ පටන් ගත්තේ? ඇයි මෙහෙම පුරුද්දක් පවත්තගෙන යන්නේ? මේ ප්‍රශ්න එකකටවත් අපි කා ගාවවත් උත්තර තිබ්බේ නෑ. අනික මේ වැඩේ අපේ ගමට සීමා වෙච්චි එකක් විතරකුත් නෙවෙයි. මගේ හිතේ ගලබඩ, කිනිගොඩ දෙකෝරලේම මිනිස්සු එකා වගේ කරන වැඩ දෙකයි තියෙන්නේ. එක හුස්ම ගන්න එක. දෙක පෙබරවාරි හතර වෙනිදට කන්දක් නගින එක!!  කාලෙකට ඉස්සර -මතකේ තියන විදිහට මම හයේ හතේ පන්ති වල ඉන්දැද්දී -   දවසක් ගමේ කොලු නඩේ වෙච්චි අපි හොයා ගෙන ගියා අපේ ගමට අල්ලපු ගමේ හිටපු වයසක ගම්මුලාදෑනි මහත්තයෙක්ව. "මොකද මේ ඉලන්දාරි ටික මේ පැත්තේ?" කියල අහපුවම අපි අනිත් හැම සිංහලයම වගේ එක හඬින් කිව්වා "නෑ... මේ නිකං ආවේ!" කියල. ඒ උනාට උන්දැත් අනික් ඕනෑම සිංහලයෙක් වගේ හොදාකාරවම දන්නවා කෙනෙක් නිකං නිස්කාරනේ තව එකෙක්ව හොයාගෙන නොයන විත්තිය. ඉතින් එතුම අපිට ඉඳගන්ඩ හෙම කියල වදෙන් පොරෙන් අපෙන් ඇහුවා ආපු කාරණාව. ඔන්න එතකොට තමයි සිංහල සිරිත අනුව ආපු කාරණේ කියන්නේ.“මාමේ ඇයි ඇත්තටම අපි නිදහස් දවසෙදි කඳු නගින්නේ?”“මම පොඩි එකා සංදියේ තමයි අපිට සුද්දන්ගෙන් නිදහස හම්බ උනේ...” මුලාදෑනි මාමා කතාව පටං ගත්තා. “උඹල දන්නේ නැති උනාට අපේ අත්තල මුත්තල කිව්වේ සිංහල රජ්ජුරුවන්නේ කාලේ ඉඳලා අපි නිතරෝම හූරා කෑමට ලක්වෙච්ච මිනිස්සු ටිකක් කියලා. පුරුතුගීසි කාරයෝ හරි ලංදේසි කාරයෝ හරි නුවර අල්ලන්ඩ ගියොත් යන්නේ අපේ ගං බිම් උඩින්. දන්නවනේ ඒ කාලේ කොළඹ නුවර පාර වැටිලා තිබ්බේ අවිස්සාවේල්ලෙන් ඔය හිඟුල, ගනේතැන්න හරහා මාකඩවර, බලන, ගන්නෝරුව පැත්තෙන් කියලා. ඉතින් මොන හමුදාව ආවත් ඉස්සරෝම කොල්ල කෑවේ අපිව. අපිට තමයි පැවරුනේ බලන බලකොටුවේ ඉඳගෙන රට අල්ලන්ඩ එන සුද්දන්ව පන්නන එක. සිංහල රජ්ජුරුවොත් අපිව ඇන්දුවා ඉර හඳ කොඩිය දීලා. අපිත් ඇඳ ගත්තා අපි තමයි රජ්ජුරුවන්නේ ආරක්ෂකයෝ කියලා. මොන එකාද නුවර අල්ලන්ඩ ආවේ අපි උන්ගෙන් බැට කෑවා.අපිත් ඇරියේ නෑ. එකා මත්තේ එකා නැහිලා හරි සටන් කළා. අන්තිමට මරුනේ කව්ද? අපි!!! ගෙවල් දොරවල් පිච්චුවේ කාගේද? අපේ. රජ්ජුරුවන්නේ මාලිගේ පිච්චුනේ කලාතුරකින්. එහෙම පිච්චුනත් අපි ගිහිං මාලිගේ හදන්ඩ ඕන. අපේ පැල් කොට හදා ගන්ඩ මොන බල්ලෙක්වත් නෑ ගමේ අනික් මිනිස්සු ඇරුනම!!”“ඔය වෙලාවේ තමයි මුළු රටම සුද්දට යට උනේ. කොළඹ නුවර පාර කැපුනා. බලන බලකොටුව වැඩක් නැති උනා. අපේ ජීවිත බේරුනා. වතු වැවිල්ල හිංදා කාගෙ කාගෙත් ජීවිත සරු උනා. කුල බේදේ ටික ටික අඩු උනා. ළමයින්ට ඉගෙන ගන්ඩ ඉස්කෝල හැදුනා. මොන මොන අඩු පාඩු තිබ්බත් අපි යුද්ද කරලා මරා ගන්නේ නැතුව ජීවත් උනා. ඔන්න එතකොට තමයි අපිට සුද්දගෙන් නිදහස හම්බෙන්ඩ යනවා කියලා කනින් කොනින් ආරංචි පතුරුනේ. අන්තිම යුද්දෙන් පස්සේ පරම්පරා දෙක තුනක් පහුවෙලා තිබ්බත් ඒ කාලේ හිටපු වැඩිහිටියන්ට මතක තිබ්බා රජ්ජුරුවන්නේ කාලේ අපි විඳපු දුක! ඒ වගේම මතක තිබ්බා ඊට පස්සේ කාලේ, ඒ කියන්නේ සුද්දගේ කාලේ  රටට නිදහස නැති උනාට, අපි විඳපු නිදහස!!. කොටිම්ම කියනවා නං රට නිදහස් වෙනකොට අපි හිරේ. රට හිර වෙනකොට අපි නිදහස්!!!....” “….මේක කුනුහරුපයක් වගේ දැනුනට ජීවිත වලිං වන්දි ගෙවපු, ගෙවල් දොරවල්, වතු පිටි හරක බාන යුද්දෙට බිලි දීපු අපේ අත්තලා, මුත්තලා ගේ කතා අහලා තිබ්බ අප්පච්චිලාට ඒක හොඳට තේරුනා. ඉතිං උන්දැලාට අපිට නිදහස හම්බෙන්ඩ යනවා කියන එක මහ අපබ්‍රන්සයක්!! ඇයි යකෝ මෙච්චර හොඳට හිටපු එකේ, දැන් දැන දැන වලේ වැටෙන්ඩ යන්නේ කියලා”. “කොටිම්ම මේ හම්බෙන නිදහස මොකද්ද කියලා අපිට තේරුනේ නෑ. අපිට යුද්දෙන් මැරෙන්ඩ ද මේ නිදහස? ආයෙත් මොකෙක් හරි නුවර යන වෙලාවට අපේ ගෙවල් දොරවල් ටික ගිනි තියවා ගන්ඩ නිදහසද?  එහෙම නැත්තං අපේ කොල්ලෝ ටික රජ්ජුරුවෝ වෙනුවෙන් යුද්දෙට ගිහිං මැරිලා ගියාම අඩන්ඩ තියන නිදහසද?”“ඒ හින්දම ඔය හම්බෙනවා කියන නිදහස මොකද්දෑ කියල බලන්ඩ, නිදහස හම්බෙනවා කියපු දවසේ අපි අම්මලා අප්පච්චිලත් එක්ක සූදානං සරීරේ කියලා මේ පැත්ත පළාතේ තියන කඳු උඩට ගියා”“මොකක්!!?” අපිට එහෙම කියවුනේ අපි බිබී හිටපු තේ ටික පිට උගුරේ යද්දී“දැන් තොපි හිනා වෙයව් පාහර හැත්ත...! තොපි දැක්කද අපේ ගං ගිනි ගන්නවා? තොපි දැක්කද අපේ අත්තලා මුත්තලා දරු මල්ලො යුද්දෙන් බේරගන්ඩ උන්ව අරං කැලේට රිංගනවා?...මෙතැන හිකි හිකි ගාන්ඩ නං ඉන්නවා!!!” මුලාදෑනි මාමට තරහ ගියා නප්පියට!! “නෑ...මාමේ නෑ...තරහ ගන්ඩ දෙයක් නෑ...අපි නොදන්න හින්දනේ මාමගෙන් අහගන්ඩ ආවේ!!”. අපි ඔක්කොම කිව්වේ මුලාදෑනි මාමා හිත හොඳ මනුස්සයා බව දන්නා හිංදා. “ඔව්..අපි ගියා කඳු උඩට!! පේනවද බලන්ඩ ඔය දෙන නිදහස මොන වගේ එකද්ද කියල. ඉස්සරනං පුරුතුගීසි කාරයා එනකොට ලෙව්කේ පැත්තට වෙනකල් බලන කන්ද උඩ ඉඳන් බලා ගන්ඩ පුළුවන්. එතකොටයි අපි යුද්දෙට ලෑස්ති උනේ!!”“ඉතින් මාමේ මොකද උනේ?”“අපි දැක්කේ නෑ ඔය කියපු නිදහස දෙනවා. පහුවදා පත්තරේ නං තිබ්බා නිදහස හම්බුනා කියලා!”අපි කවුරුවත් හිනා උනේ නෑ. එච්චර දැනුං තේරුං නැති උනාට අපිට තේරුනා මොකද්දෝ ලොකු තේරුමක් මුලාදෑනි මාමගේ කතාවේ තිබ්බා කියලා. “ඔන්න ඔහොමයි ඔය කඳු නැගිල්ල පටං ගත්තේ. දැන් උඹලත් ඒකම කරනවා. අඩු ගානේ ඇයි එහෙම කරන්නේ කියලවත් වයසක අපෙන් ඇහුවේ උඹලා විතරයි. මට ඒකට හරි සතුටුයි.” එහෙම කියලා ගේ ඇතුලට ගිය මාමා බ්‍රවුන් පේපර් පිට කවරයක් දාපු පොතක් ගෙනල්ල දුන්න. උඹලා ඔය ඉංගිරිස් පොත කියවපල්ලා. බලහන්කො ඒ කාලේ හැටි...අපිට සමු දෙමින් මුලාදෑනි මාමා කිව්වා. අපේ සෙට් එකේ ඉංග්‍රීසි ටිකක් හරි කියවන්ඩ පුළුවන්කම තිබ්බේ මට විතරක් හිංදා පොත මට සින්න උනා. (ඒ පොත පුන්චිබණ්ඩාර දොළපිහිල්ල මහත්තයා ලියපු In the Days of Sri Wickramarajasingha. මේ ලිපිය ලියන මොහොතේත් ඒ පොත මගේ ඉස්සරහ තියනවා. පොතේ කරුණු සම්පූර්ණයෙම්ම ඇත්ත නොවුනත් රජ්ජුරුවන්නේ  කාලේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිතේ කොයි වගේ වෙන්ඩ ඇද්ද කියලා පොත කියෙව්වම හිතා ගන්ඩ  පුළුවන්. මේ ගැන වැඩි විස්තර ඇහැලේපොළ නිළමේ ගැන මම ලියපු මේ ලිපියෙනුත් ඒ කාලේ වෙච්ච සමහර සටන් ගැන පාදඩ තුමා ලියපු පරංගි මහ හටන හා කොන්ස්තන්තීනු හටනකියන ලිපි මෙතැනිනුත් බලා ගන්ඩ පුළුවන්. හැබැයි ඒ කොතැනවත් කියවෙන්නේ නැති මගේ මුතුන් මිත්තෝ තමයි ඔය හැම හටනකම ඉස්සරහට ගිය සෙබළු!).මුලාදෑනි මාමා අසූ ගණන් වල අග මියැදුනා. ඒ වෙනකොටත් අර හම්බෙච්ච නිදහස ගැන තිබ්බ සැක සංකා ඇත්ත කරවමින් අපේ අම්මලා අප්පච්චිලා 71 දීත් 88-89 දීත් කැලේ හැංගුනා. මොක නැතත් නිදහස් අධ්‍යාපනේට පිං සිද්ද වෙන්ඩ අපි රස්සාවල් වලට ගිය හිංදා හමුදාවට යන්ඩ උනේ නෑ. ඒත් ඒ තරං වාසනාවක් නොතිබ්බ දාස් ගානක් සිංහල දෙමළ කොල්ලෝ කෙල්ලෝ අපි නොදන්න නිදහසක් වෙනුවෙන් ජීවිත පූජා කළා. -මායිම් ගම්මාන- වල අම්මලා අප්පච්චිලා රෑ කීයක් නං තමුන්නේ දුවල පුතාලගේ පණ රැක ගන්ඩ කැලෑ වල ජීවත් වෙන්ඩ ඇද්ද? කී දාහක් පණ බේර ගන්ඩ රට අත් ඇරලා යන්ඩ ඇද්ද? කී දාහක් අදත් තමුන්නේ නැති වෙච්ච දුව පුතා වෙනුවෙන් අඩනවා ඇද්ද?ඇත්තටම මට හිතෙනවා අපිට මේ හම්බෙච්ච නිදහස බර වැඩිද කියලා. මේ නිදහස මීට වඩා ඇගට දැනෙන විදිහට ගන්නේ කොහොමද? අපි නිදහසට කියමුද අපිට දැනෙන විදිහකට එන්ඩ කියලා. නන්දා මාලිනී ගේ ගී ගායනාවක් මට අතීතෙන් ඇහෙනවා. ගංගාව දකින්නට එන්න ඔබත් සිනා කඳුළු පිරි අතීතයෙන් දිගු ඉවුරු දොවා ගලනා  ගංගාව දකින්නට එන්න ඔබත්…!මල් යාය දකින්නට එන්න ඔබත්   එලිය අඳුර තුල අතීතයෙන් මුදු සුවඳ උරා පිපෙනා මල් යාය දකින්නට එන්න ඔබත්…!  සා මුව සිහ බඳු නෑ සිය පිරිවර රුපු සෙන් හමුවේ…. කෙසරුන් සේ නැගුනා….. නීළඹ සිඹිමින් කඳු වැටි ගහ කොළ මව්බිම මතුයේ….  විරුවන් වෙත නැමුනා…. රැයේ දහවලේ කඳුලැලි හංගා ලෝහිත රුහිරය වගුරා….. නොසැලී සිටියා…එතුමියගේ ගයනාවේ තියන ඔක්කොම සුදුසුකම් සපුරලත් අපි තාම ගංගාව දැක්කේ නැත්තේ ඇයි? කෝ මල්යාය? එදා මායිම් ගම්මාන වෙච්ච අපිටත්, පස්සේ මායිම් ගම්මාන වෙච්ච උතුරු නැගෙනහිර සිංහල, මුස්ලිම් ගම්මානත්, අද මායිම් ගම්මාන වෙලා තියන ගං රටවල් වල ජීවත් වෙන හැම දෙනාගෙමත් ඉරණම ‘රුපු සෙන් හමුවේ කෙසරුන් සේ නැගීම’ විතරද? ‘රැයේ දහවලේ කඳුලැලි හංගා’ ජීවත් වීම විතරද? අපිට ‘මල් යාය’ අකැපද?දැන් මට මතක් වෙනවා අපිට නවය වසරේදී සිංහල උගන්නපු අමරපති මැඩම් ගේ කතාවක්. හිරි යන්ඩත් එක්ක කියවමු නේද ඒ කතාව?ඔය ඉන්දියානු නිදහස් සටනට මහත්මා ගාන්ධි තුමා නායකත්වය දෙන වෙලාවේ සිවිල් නීති කඩ කිරීමේ ව්‍යාපාරයක් තිබ්බලු. ඉංගිරිස් ආණ්ඩුවත් ඇරියේ නෑ, ඔය නීති කඩ කරන හැම කෙනාම හිර බාරෙට ගත්තලු.  ගාන්ධිතුමාත් දන්නවා හිර ගෙවල් වලට දාන්ඩ පුළුවන් සීමාවක් තියනවා කියලා. ඉතින් එතුමත් වැඩේ නවත්තාන්නේ නැතුව කරගෙන ගියා. ඔය වැඩසටහනට අයිති එක එක අංග යටතේ කොච්චි පාරවල් වල බිම ඉඳගෙන කොච්චි වැඩ කරන්ඩ නොදී සිටීමේ ව්‍යාපාරෙකුත් තිබ්බලු. දවසක් ඔහොම කොච්චි පාරේ ඉඳගෙන කට්ටිය විරෝධය දක්වනකොට පොලිසිය ඇවිත් ඔක්කොමලා අල්ලාගෙන ගියා. ඒ කට්ටිය අතරේ හුග දෙනෙක් නිදහස් සටන් කාමීන් වෙනකොට කීප දෙනෙක් හිටියා උදේ කොච්චි පාරේ මලපහ කරන්ඩ ආපු එවුනුත්. ඒත් ඒ කට්ටිය ඔක්කොම නිදහස් වෙනකොට මිනිස්සු දාස් ගානක් ඇවිල්ලා, ජාතික වීරයෝ විදිහට මල් මාලා දාලා පිළිගත්තා,. මහත්මා ගාන්ධිත් එක්ක මේ මලපහ කරන්ඩ ගියපු උනුත් ජාතික වීරයෝ උනා. දැන් අමරපති මැඩම් ගේ වචන වලට කෙලිම්ම යමු."ඔයාලටත්  ඕන නං ජාතික වීරයෝ වෙන්ඩ පුළුවන්. එක ගාන්ධි වගේ වැඩ කරලා. දෙක හරි වෙලාව එනකල් බලා ඉඳලා පාරෙ කක්ක කරලා. තමුන් කැමති විදිහ තම තමුම්ම තීරණය කර ගන්ඩ!!"එදා අමරපති මඩම් කියපු දේ හරියටම නොතේරුනාට මම ඔය කතාව සිංහල පොතේ ලියාගෙන තිබිලා පස්සේ හම්බ උනා. එතකොට මට තේරෙනවා ලංකාවෙත් ඔය කියන නිදහස් සටනේ සමහර වීරයෝ ඇත්තටම පාරේ -රීපු- උන් බව. ඒ විතරක් නෙවෙයි එහෙම ජාතිය යන්ඩ තියන පාරේ ‘රීපු’ උන් පස්සේ රටේ නායකත්වයටත් පත් උනා. එහෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි! එදත් එහෙමයි. අදත් එහෙමයි!!ඒත් අපි තාම පරක්කු නෑ. අපි ඔක්කොම එක්කහු වෙලා ගායනා කරමු නිදහසේ ගීතය! බැඳලා දාමු අපේ සම්පත් වෙන රටවල් වලට ගලා යන වක්කඩ. අපේ අනාගත පරම්පරාවට සැකෙන් බියෙන් තොරව කඳු උඩට නැගලා ක්ෂිතිජය බලන්ඩ පුළුවන්,  සත්‍යයේ මල් පිපිච්ච, තර්කයේ ගංගාව ගලන අලුත්ම යුගයක් උදා කරමු. මං මොකටද අලුතින් ලියන්නේ. අපි අහමු ගුණදාස අමරසේකර මහත්තයගේ “වක්කඩ බඳිමු” කවි පෙළ. කළු කරගෙන හතර වටින් වැහි කළුවක් මුදුන් වෙනව හණිකට බැඳපන් වක්කඩ, මේ සැරෙ නොවැරදි වහිනව දෙයියෝ අපි ගැන බලලා වැස්ස වලාහකය එවල පොදේ නොකැඩි වැස්ස වැහැල , පිරෙනව ඇළ දොළ ඉතිරිල බැඳපන් වක්කඩ හණිකට ඔන්න ඔන්න පොද වැටෙනව පොලොව සතුටෙ -හූම්- ලනව මෙන්න බලාපන් දැනෙනව කවිය තව දිගයි. එහෙම වක්කඩ බඳින එක දේශපාලකයෝ කරන කල් බලා ඉන්ඩ ඕන නෑ. අපේ කුඹුරෙ වක්කඩ අපි බඳිමු. එක යායට ගොයියෝ ඔක්කොම වක්කඩ බැන්දම පැහෙයි කුඹුර රන් පාටින්!!ඔබ සැමට අර්ථාන්විත නිදහසක් ලැබේවා!ආශ්‍රිත ග්‍රන්ථභාව ගීත- ගුණදාස අමරසේකර, විසිදුනු ප්‍රකාශකයෝ ....   වැඩිදුර >>  
Next || Previous