ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සේරා..... [ යාම් : 15 ] | රස්තියාදුකාරයා | 2018-01-27 02:18:45
                                                        ජීවිතය කියන්නෙ පුදුමාකාර අහම්බයක්...ඒ වගේම සිහින කියන්නෙ නින්දෙදි දකින දෙයක් නෙවෙයි අපි ජීවත් වෙද්දි ඇස් දෙකට දැනෙන පෙනෙන දෙයක්.  සැහැල්ලුවෙන් වලාකුළු අතර පාවෙමින් ඉන්නකොට දීව්‍ය ලෝකයේ සුන්දරතම සුරංගනාවියක් දුන්නු හාදුවක් වගේ ප්‍රමුදිත බවින් සිත පිස්සු වට්ටන දෙයක්. ඒ ලෝකය ද්‍රීව්‍යමය ලෝකයක්...........                                                         ඒත් ජීවිතය කියන්නෙ එක ගේම් එකක්. මේ අතේදි තුරුම්පු වැඩිපුර හිට්යට ඊළග  අතේදි තුරුපු හම්බෙන්නෙ නෑ. මගෙ ලෝකෙට හාරත රැජින ආවෙ තනියම ඒත් එයා දැනගෙන හිටියා හාරත ආසියත්  හිටියෙ පිට බව. ඒත්  මන් නුඹට ප්‍රේම කරා උන්මාදයෙන්. ඒ නිසා මමත් නූබේ ඉදිරියට උමතුවෙන් ආවා. ඔව් මම තමයි හේරා නුබේ ලෝකෙ කිරුළ නොපලන් රජතුමා.                                         තාම පිට්යෙ ඉන්නෙ මමත් නුඹත් පමණයි හාරත ආසියෙකුගේ අත පේන තෙක් මානෙක නෑ.ඉදින් සොදුරිය තව හිතන්නෙ මොකද්ද එන්න ප්‍රේම කරන්න. සිතු සිතූ තැන ප්‍රීතියෙන් ඉගිලෙන්න. එබැවින් අමතක නොකරන්න මේ පසුකරන්නේ වසන්ත කාලයෙත් සොදුරුතම සමයේ බව.                                 සේරා ක්‍රිස්ටිනා..... සුන්දර මා ප්‍රිය උන්මාදණීය ගැහැණිය. මම නූඹට ප්‍රේම කරමි උන්මාදයෙන්. පල්ලියේ කොන්තත් පන්සලේ ශ්ලෝකත් අතර වූ පෝරුවක මන් නුඹෙ තොල් වැරෙන් අල්ලා සිපගනිමි.  ඒ තොල් වලට මම උන්මාදයෙන් පෙළෙන්නෙකු සේ ප්‍රේම කරමි. සිය දහසක් නෙත් පසු කරමින්  මම නුඹට ප්‍රේම කිරීමට ඉටාගෙන ඇත.                                     ඉදින් සේරා මන් ළග නවතින්න....ලෝකයම නිසොල්මනේ තියෙද්දි මට නුඹේ ලග රැදෙමින් නුඹෙ සුවද විදින්න. ඒ චමත්කාරජනක සුවදෙන් පපුවම පුරවගන්න. සුවද විලවුන් හී ආග්‍රහණයෙ මත් වී මුවෙකු මෙන් නූබේ බරසාර ළැම තුල හිස හොවා වචනයක්වත් නොදඩා නුඹේ පපුවේ ලබ් ඩබ් හඩ අහන්න ඉඩදෙන්න........                                                                සේරා ඇය තමයි ලොව සිටිනා උන්මාදනීයම ගැහැණිය මේ කතාව තුල කිවයුතුම අතීතයක් තියෙනවා. ඒ අතීතය ගැන සිතීම හෘද ස්පන්දයත් වැඩි කරන්නක් ඒ අතීතය නිසා නෙවෙයි. ඒ ආශ්චර්යමත් වර්ථමානය නිසා.......                                           මන් දැන් සැරසෙන්නෙ මා දුටු සුන්දරතම ස්වප්නයක මුල සිට අද දක්වා නුබව ගෙනියන්න. නොමැතිනම් ඒ ස්වපන්යේ නුඹත් එක්ක සැරිසරන්න. සේරා නැත්තනම් සේරා ක්‍රිස්ටිනා බර්ගර් උරුවැති මියුලැසිය.....ඇය හිට්යේ මන් රැකියාව කරපු තැනට ටිකක් නුදුරින්. ඇය මන් කව්ද කියලවත් දන්නෙ නෑ. ඒත් හැමදෙනෙක්ම ඇය දැන සිටියා. ඇයගේ රුව විදිමින් සිටියා. බම්බලපිටිය ලෝරිස් පටුමගේ යන එන දස දහසක රුවැති තරු පොකුරු අතර නුඹ සදක්ව සිටියා ලියවැල් රටා මවන ලස්සන තරු ඇසිල්ලකින් අමතක කරපු.                                             ඇත්තටම තවත් සදවල් කිහිපයක් ඒ පාරේ තම රැකියාව කරමින් සිටියා. අද මට නුඹව විශේෂයෙන් දැනෙන නිසා සදකැයි කිව්වට. සැබැවින්ම ඒ සදවල් අතර නුඹත් සදක්ව දිදුලමින් සිටියා.                                                                        ලෝරිස් පටුමගෙහි තිබුණු පොඩි කඩයක් ඉස්සරහින් නුබ සමහරක් දවස් වලට හිස බිමට බර කරගත්තු ගමනින් ගිය ඒ ගමන අහිංසක ගමනක්නම් නෙවෙයි ඇත්තටම.  ඒ ගමනට අපි මොන තරම් විසුළු කතා අපි අපිම කියාගන්න ඇත්ද.                                    මුල් කාලෙ මම ඇයව දන්නෙ නෑ කිව්වනෙ ඔව් ඒත් අපි අපිම ඇය ගැන සෑහෙන කතා කරා. මදුසංක අයියනම් කිව්වෙ ඌ කැමැති එයාගෙ හමට කියලා ඔව් එක තලෙළු පැහැපත් ෆ්‍රෙශ් හමක්. මිලින්දු කැමැති වුනේ ඇගට ඌ කිව්වෙ පුදුම ලස්සනක් කියල ඩෙනිම හිරට ඇන්දම නුබේ තියෙන්නෙ.                                            නුඹ කව්ද කින්ද මන්ද අපි දන්නෙ නෑ. පෙට්ටි කඩේ සිකරට් එකක් බිබී ඉන්නකොට නුඹ එතනින් ගියොත්."අද කොහොමද අර කෑල්ල" කියලවත් නොකිව්වෙ ගොඩක් කලාතුරකින්                                                       අමුතු ගැස්සිල්ලක් තියෙන ඇදුමක් ඇදන් ගිය දවසකදි එහෙම හෑන්දෑවකදි අපි තුන්දෙනා මධුවිතකවත් පැටලුනොත් නුඹ හිමි හෝ හිමි වෙන්නට සිටින කෙනාගේ භාග්‍ය සම්පන්න වූ ජීවිතය ගැන පැය,පැය එක හමාර කතා කරා. ගුත්තිලයේ කවි නුඹට සමාන කරමින් විසුළු කතා කිව්වා. ඇත්තටම නුඹේ සිරුරේ ස්පර්ශ වූ කෙනෙකු හෝ වීනම් ඔහු එක් සැණකින් සිහිසුන් වන්නට තරම් මිහිරක් නුබේ සිරුර තුල තිබ්බා.                                                                  තාමත් මම නුඹ,කව්ද,කොහෙද, විවාහකද,නැද්ද මොකුත් දන්නෙ නෑ.... මේ විදියට අපි අවුරුද්දක් වගේ ඉන්න ඇති. ...........කාලය ගතවුනා සමහරක් දේවල් වෙනස් වුණා. නුබේ රුව තාමත් පෙර පරිදිම සිත් තුළ අපි අපිවම අවුස්සමින් තිබුණා.........                                                                  මතු සම්බන්ධයි.                                                                        ....   වැඩිදුර >>  
Next || Previous