ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අළුත් මැතිවරණ ක්‍රමය [ යාම් : 43 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-01-11 05:23:18
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ගැන කතා කරන්නට පෙර අලුත් මැතිවරණ ක්‍රමය ගැන පැහැදිලි කිරීමක් කළ යුතුය. පළමුවෙන්ම කියන්නට තිබෙන්නේ මේ අලුත් මැතිවරණ ක්‍රමය, ලංකාවේ සාමාන්‍ය ඡන්දදායකයෙකුට තේරුම් ගැනීමට ඉතා  අපහසු, සංකීර්ණ ක්‍රමයක් බවයි. මෙයට ආසන්නව සමාන මැතිවරණ ක්‍රම තිබෙන්නේ ජර්මනිය, නවසීලන්තය, බොලීවියාව හා ලෙසෝතෝ වැනි සීමිත රටවල් ගණනක පමණක් වන අතර එම රටවලද මේ මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබ විශාල කාලයක් ගත වී නැත. එමෙන්ම, ලංකාවේ ක්‍රමය පෙර කී කිසිදු රටක පවතින ක්‍රමයකට හරියටම සමානද නැත.තවමත් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මැතිවරණ ක්‍රමය කොට්ඨාශ ක්‍රමයයි. මේ ක්‍රමයේදී කිසියම් මැතිවරණ බල ප්‍රදේශයකින් වැඩිම ඡන්ද ලබා ගන්නා අපේක්ෂකයා තනතුරට තේරී පත් වේ. මෙය දේශපාලන පක්ෂ වලට වඩා අපේක්ෂකයින්ට ප්‍රමුඛත්වය ලැබෙන ක්‍රමයකි.ලංකාවට සර්වජන ඡන්දය හඳුන්වා දුන් තැන් සිට ජේආර් ජයවර්ධන විසින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දෙන තුරු ලංකාවේ මැතිවරණ පැවැත්වුණේ කොට්ඨාශ ක්‍රමයටය. මැතිවරණ හඳුන්වා දුන් මුල් කාලයේදී ලංකාවේ බොහෝ දෙනෙකුට දේශපාලන පක්ෂ එතරම් වැදගත් නොවූ අතර වඩා වැදගත් වූයේ මැතිවරණය සඳහා ඉදිරිපත් වන පුද්ගලයා කවුද යන්නයි. එහෙත්, කාලයත් සමඟ පුද්ගල සාධකය ඉක්මවා පක්ෂ සාධකය ඉස්මතු විය. කොට්ඨාශ ක්‍රමයට පැවැත්වුණු අවසන් පාර්ලිමේන්තු මහ මැතිවරණය වූ 1977 මැතිවරණයේදී එජාප ලකුණින් තරඟ කළ බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට ගියේ එම පක්ෂයේ නියෝජිතයා වීම නිසා මිස පුද්ගලයෙකු ලෙස ලැබූ ඡන්ද නිසා නොවේ. එහෙත්, ඉන් පසුව ජේආර්ගේ කාලයේදීම  ඇතැම් තැන් වල කොට්ඨාශ ක්‍රමයට පැවැත්වුණු අතුරු මැතිවරණ වලදීත් පුද්ගල සාධක වලට සැලකිය යුතු තැනක් ලැබුණේය.ජේආර්ගේ ආණ්ඩුව විසින් හඳුන්වා මුලින්ම දෙනු ලැබූ සමානුපාතික නියෝජන ක්‍රමය තනිකරම පක්ෂයට මුල් තැන දෙන, පුද්ගල සාධකයට කිසිදු වැදගත් කමක් නොතිබුණු ක්‍රමයකි. මේ ක්‍රමය මුලින්ම හඳුන්වා දෙන විට එහි මනාප ගැසීමක් තිබුණේ නැත. එමෙන්ම, මන්ත්‍රීවරයෙකුට පක්ෂය මාරු කිරීමේ හැකියාවක් තිබුණේද නැත. කෙසේ වුවද, 1981 සංවර්ධන සභා මැතිවරණයෙන් පසු, ප්‍රධාන මැතිවරණයක් පවත්වන්නට පෙරම සමානුපාතික නියෝජන ක්‍රමය සංශෝධනය වී පක්ෂය මඟින් තීරණය කරන ලැයිස්තු අනුපිලිවෙල වෙනුවට මනාප ක්‍රමය ආදේශ විය. එමෙන්ම සල්ලන් වීමට අවශ්‍ය ප්‍රතිශතයද 12.5% සිට 5% දක්වා අඩු විය. මනාප ක්‍රමය නිසා පුද්ගල සාධකයට කිසියම් තැනක් ලැබුණත්, කිසියම් ආසනයකට නිශ්චිත මන්ත්‍රී වරයෙකු නොසිටීම මේ ක්‍රමයේ තිබුණු අඩුපාඩුවකි.ජේආර් ජයවර්ධන විසින් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපයට "සදහටම" බලයේ සිටින්නට එමඟින් ඉඩ ලැබේයැයි අපේක්ෂා කරමිනි. එයට හේතු වුනේ ඒ දක්වා පවත්වා තිබුණු මැතිවරණ වලදී ඡන්ද වැටී තිබුණු රටාවයි. නිදහසින් පසු 1977 දක්වා පැවති මැතිවරණ එකකදී හැර අනෙක් සියලේදීම තනි පක්ෂයක් ලෙස රටේ ඡන්ද වලින් වැඩි ප්‍රමාණයක් ලබා තිබුණේ එජාපය වුවත්, කොට්ඨාශ ක්‍රමය යටතේ එජාපයට ආණ්ඩු කරන්නට අවස්ථාව ලැබී තිබුණේ ඒ කාලයෙන් අඩකදී පමණි. යම් හෙයකින් කොට්ඨාශ ක්‍රමය වෙනුවට සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මකව තිබුණේ වීනම් එය එසේ විය නොහැකිව තිබුණි.සමානුපාතික ක්‍රමයේ උදවුවෙන් එතෙක් පැවති තට්ටුමාරු ආණ්ඩු වෙනස්වීම් රටාව නැවතී එජාපයට වසර දාහතක් බලයේ සිටින්නට ඉඩ සැලසුණේය. එහෙත්, එජාපයේ වාසනා චක්‍රය දිගටම කැරකුණේ නැත. ඉන් පසුව, ඊටත් වැඩි කාලයක් එජාපයට විපක්ෂයේ සිටින්නට සිදු විය.ඉහළක ඇති ජල ස්කන්ධයක් පහළට වැටීම ප්‍රවාදයක් ඇසුරින් අපට පැහැදිලි කළ හැකිය. ඒ ප්‍රවාදය යොදා ගනිමින් ජල විදුලිය නිපදවීම වැනි ප්‍රයෝජනයක් ගන්නටද පුළුවන. ප්‍රවාදයක් හැදුවා කියා හෝ ප්‍රවාදය යොදා ගනිමින් ජලය සතුව තිබූ ශක්තිය "සූරාකෑවා" කියා ජලය දන්නේ නැත. ඒ නිසා, ජල ස්කන්ධය මේ ක්‍රියාවට එරෙහිව විරෝධතාවයක් හෝ වෙනත් ප්‍රතිචාරයක් දක්වන්නේද නැත.මිනිසුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරමින්ද මේ අයුරින්ම ප්‍රවාද හදන්නට පුළුවන. ඒ ප්‍රවාද යොදාගෙන මිනිසුන්ගේ තේරීම් මත පදනම් වන ඇතැම් ප්‍රතිඵල වෙනස් කරන්නටද පුළුවන. එහෙත්, අජීවී ජල ස්කන්ධයක් මෙන් නොව මිනිසුන් මෙවැනි වෙනස්කම් වලට ප්‍රතිචාර නොදක්වා සිටින්නේ නැත. මෙය ස්වභාවික විද්‍යාවන්ගේ විධික්‍රම සමාජ විද්‍යාවන්ට ආදේශ කරන්නට යාමේදී ඇති වන ප්‍රශ්නයකි. මැතිවරණ ක්‍රමය වෙනස් කර මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ හැකි වුවත්, වැඩි කලක් නොයා මේ වෙනස ඡන්දදායකයින්ට අවබෝධ වෙයි. එවිට ඔවුන් ඡන්දය පාවිච්චි කරන රටාවද වෙනස් වෙයි. කොට්ඨාශ ක්‍රමයෙන් සමානුපාතික ක්‍රමයට මාරු වී ටික කලක් යන විට සිදු වුණේද මෙයයි.දැන් හඳුන්වා දී ඇති ක්‍රමය කොට්ඨාශ ක්‍රමයේ හා සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයකි. ඊට අමතරව, සල්ලන් අවශ්‍යතා නැති වීම හා කාන්තාවන්ට 25%ක නියෝජනයක් ලබා දෙන්නට උත්සාහ දැරීම වැනි තවත් ලක්ෂණ එයට එකතු වී තිබේ. අලුත් ක්‍රමයේ පෙර වූ බෝනස් ආසනද නැත.සාමාන්‍යයෙන් මැතිවරණයක ප්‍රතිඵලය අවිනිශ්චිත වුවත් පත්වන නියෝජිතයින් සංඛ්‍යාව නිශ්චිතය. එහෙත්, අලුත් මැතිවරණ ක්‍රමය අනුව පත් වන නියෝජිතයින් ගණනද අවිනිශ්චිතය. බොහෝ මාධ්‍ය වල කතා කරන අට දහස් ගණනක් වූ නියෝජිතයින් ගණන මෙහි අවම සීමාවයි. මැතිවරණ ප්‍රතිඵල පිට වන තුරු පත් වන නියෝජිත සංඛ්‍යාව හරියටම කියන්නට මැතිවරණ කොමසාරිස්ට තබා සක්කරයාගේ පුතා වයිමාටවත් නොහැකිය. සෛද්ධාන්තිකව මේ ගණන නවදහස් හෝ දසදහස් ගණනක් වුවද විය හැකිය. විශේෂයෙන්ම පවතින බල තුලනය අනුව මන්ත්‍රී ධුර ප්‍රමාණය විශාල ලෙස වැඩි වන්නට ඉඩ තිබේ.මේ මැතිවරණයේදී මුළු නියෝජිත සංඛ්‍යාවෙන් ආසන්න වශයෙන් 60%ක් හෝ අඩු ගණනක් තේරෙන්නේ කොට්ඨාශ ක්‍රමයටය. ආසන්න වශයෙන් 40%ක් හෝ වැඩි ගණනක් තේරෙන්නේ සමානුපාතික නියෝජන ක්‍රමයටය. නිවැරදිම අනුපාතය මැතිවරණ ප්‍රතිඵල පිටවන තුරු හරියටම කියන්නට නුපුළුවන.ඉහත අනුපාතය 60:40ට ආසන්න වන තරමට මැතිවරණ ක්‍රමය පූර්ණ සමානුපාතික නියෝජන ක්‍රමයකට ආසන්න වේ. එසේ නොවන විට, මෙය වැඩිම ඡන්ද ලබන පක්ෂයට වාසිදායක ක්‍රමයකි. වෙනත් අයුරකින් කියනවානම්, වැඩිම ඡන්ද ලබන පක්ෂයට මුළු ඡන්ද වලින් 60%කට වඩා ලැබේනම් ඒ පක්ෂයට මේ ක්‍රමය පෙර ක්‍රමයට වඩා අවාසිදායකය. වැඩිම ඡන්ද ලබා ගන්නා අතරම ලැබෙන ඡන්ද ප්‍රතිශතය අඩුවන තරමට අලුත් ක්‍රමය වාසිදායකය.මැතිවරණ ක්‍රමය සැලසුම් කර ඇති ආකාරය අනුව කාන්තා නියෝජනයේ බරද සෑම දේශපාලන පක්ෂයක් මතම සමානව නොවැටේ. ඡන්ද අනුව ඉදිරියෙන්ම සිටින පක්ෂයට හා පසුපසින්ම සිටින පක්ෂ වලට 25%කට වඩා අඩු කාන්තා නියෝජනයක් පවත්වා ගනිමින් නීතියෙන් ගැලවෙන්නට හැකි වුවත් දෙවැනි තැනට පැමිණෙන දේශපාලන පක්ෂයට බොහෝ විට 25%ක අවම කාන්තා නියෝජනයේ බර දරන්නට සිදු වේ. දැනට පළාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය 2%ටද අඩුය. ස්වභාවික සමතුලිත තත්ත්වය එසේ තිබියදී, කාන්තා නියෝජනය 25% මට්ටමට කෘතීම ලෙස ඉහළ නැංවීම දේශපාලන පක්ෂයකට විශාල බරක් බව නොකිව මනාය.නිවැරදි විශ්ලේෂණයක් පිණිස මේ කරුණු ඉරිදිපත් කළත් 25% කාන්තා නියෝජනය පිළිබඳව හෝ අලුත් මැතිවරණ ක්‍රමය පිළිබඳව පෞද්ගලිකව මගේ කිසිදු නිශේධනීය ආකල්පයක් නැති බවද කිව යුතුය.මෙවර පළාත් පාලන මැතිවරණයෙන් පෙර ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා වැඩි නියෝජිතයින් ගණනක් තේරී පත්වනු ඇතත් එය එසේ සිදුවන්නේ ඇතැම් තැන්වල ලියැවී ඇති පරිදි එක් එක් පළාත් පාලන ආයතනයේ නියෝජිතයින් ගණන 40% කින් හෝ වෙනත් එවැනි නිශ්චිත ප්‍රතිශතයකින් ඉහළ දැමීම නිසා නොවේ. ජනගහණ ව්‍යාප්තියේ මෑතකාලීන වෙනස්වීම් සලකමින් එක් එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය නියෝජනය කළ යුතු මන්ත්‍රීවරුන් ගණන නැවත ගණනය කිරීම නිසාය.අලුත් ගණනය කිරීම් අනුව කොළඹ මහ නගර සභා බලප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගණන 53 සිට 110 දක්වා දෙගුණය ඉක්මවා ඉහළ ගොස් ඇති අතර, අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර ගණන 7 සිට 8 දක්වා එකකින් පමණක් වැඩි වී තිබේ. වෙනත් තැන්වලද මේ අයුරින්ම මන්ත්‍රීධුර ප්‍රමාණ වෙනස් කර ඇත්තේ ජනගහණය, භූමි ප්‍රමාණය හා ජන සංයුතිය වැනි කරුණු සලකමින් මිස මෙතෙක් පැවති මන්ත්‍රී ධුර ප්‍රමාණය පදනම් කරගනිමින් නොවේ.දේශපාලන පක්ෂ විසින් කිසියම් මැතිවරණ බලප්‍රදේශයක ඇති සෑම කොට්ඨාශ හයකින් එකකට කාන්තා අපේක්ෂිකාවක් ඉදිරිපත් කළ යුතු අතර සමානුපාතික නියෝජනයෙන් තෝරා ගැනෙන අපේක්ෂකයින්ගේ ලැයිස්තුවේ දෙදෙනෙකුගෙන් එක් අයෙක් කාන්තාවක් විය යුතුය. හැකි සෑම විටකම 25%ක කාන්තා නියෝජනයක් පවත්වා ගැනීමට උත්සාහ දැරිය යුතු වුවත්, මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 20%කට  අඩුවෙන් ලබාගත් හෝ මන්ත්‍රී ධුර 3කට අඩුවෙන් ලබාගත් දේශපාලන පක්ෂ මේ අවශ්‍යතාවයෙන් නිදහස් වේ. එමෙන්ම, කොට්ඨාශ ක්‍රමයට පිරිමි අපේක්ෂකයින් වැඩි ප්‍රතිශතයක් දැනටමත් පත් වී ඇත්නම් හා එම මන්ත්‍රී ධුර වලින් කිසියම් දේශපාලන පක්ෂයකට හිමි මන්ත්‍රීධුර ගණන දැනටමත් පිරී ඇත්නම් එවිටද අවශ්‍ය කාන්තා නියෝජනය පවත්වා ගැනීමට ඉඩක් නොලැබේ.මැතිවරණ ක්‍රමය ගැන හොඳින් තේරුම් ගැනීම සඳහා අපට උදාහරණ කිහිපයක් දෙස බැලිය හැකිය.අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය එහි ජනගහණය මත පදනම්ව කොට්ඨාශ 5කට බෙදා ඇති අතර මේ එක් එක් කොට්ඨාශය නියෝජනය කිරීම සඳහා වැඩිම ඡන්දයෙන් නියෝජිතයෙකු තෝරා පත් වේ. මෙසේ කොට්ඨාශ ක්‍රමයට තේරී පත් වන නියෝජිතයින් ගණන අඩු වශයෙන් මුළු නියෝජිතයින් ගණනෙන් 60%කට සමාන වන පරිදි අවම නියෝජිතයින් ගණන නිර්ණය කෙරේ. මේ ගණන යනු අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොට්ඨාශ මන්ත්‍රීධුර ප්‍රමාණය 0.6න් බෙදූ විට ලැබෙන පූර්ණ සංඛ්‍යාවයි. මෙය 8.33ක් (=5/0.6) නිසා අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවට කොට්ඨාශ ක්‍රමයට හා සමානුපාතික ක්‍රමයට තේරී පත් වන අවම මන්ත්‍රීවරුන් ගණන 8කි. එහෙත්, ලැබෙන ප්‍රතිඵලයේ ස්වභාවය අනුව මන්ත්‍රීධුර ගණන මීට වඩා වැඩි විය හැකිය.අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවට කොට්ඨාශ ක්‍රමයට මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පත් වන නිසා සමානුපාතික ක්‍රමයට අවම වශයෙන් මන්ත්‍රීවරුන් 3 දෙනෙකු තේරී පත් විය යුතුය. එක් එක් දේශපාලන පක්ෂය විසින් මේ ප්‍රමාණයට වඩා 3කින් වැඩි ලැයිස්තුවක් ඉදිරිපත් කළ යුතු අතර එයින් අඩක් කාන්තාවන් විය යුතුය. මේ අනුව අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කරන දෙවන ලැයිස්තුවේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළත්ව 6 දෙනෙකුගේ නම් තිබිය යුතුය. අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ කොට්ඨාශ ගණන 6කට අඩු නිසා (අවම මන්ත්‍රීධුර ගණන 10කට අඩු නිසා) කොට්ඨාශ සඳහා කාන්තා නියෝජනයක් තිබීම අනිවාර්ය නැත.අවසන් වරට පැවති පළාත් පාලන මැතිවරණයේදී අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵලය පහත පරිදි වූවකි.ජාතික කොන්ග්‍රසය                     2,261 (72.82%)ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය       775 (24.96%)ස්වාධීන කණ්ඩායම 2                         56 (1.80%)එක්සත් ජාතික පක්ෂය                        7 (0.23%)ස්වාධීන කණ්ඩායම 1                           6 (0.19%)වලංගු ඡන්ද                                       3,105 (100%)පැරණි ක්‍රමය අනුව මන්ත්‍රීධුර 7න් 6ක් ජාතික කොන්ග්‍රසයටද, ඉතිරි මන්ත්‍රී ධුරය ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයටද හිමිවිය. හරියටම සමානුපාතිකව බෙදුවේනම් මන්ත්‍රීධුර ලැබිය යුතුව තිබුණේ 5:2 අනුපාතයට වුවත්, පැරණි ක්‍රමයේ වූ බෝනස් මන්ත්‍රීධුර ක්‍රමය නිසා මේ අනුපාතය 6:1 ලෙස වෙනස් විය.  යම් හෙයකින් ඉහත මැතිවරණය පැවැත්වුණේ අලුත් ක්‍රමයටනම්, අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීධුර 8 බෙදී යන්නේ කොහොමද?එසේනම් සිදුවනු ඇත්තේ ජාතික කොන්ග්‍රසයට මන්ත්‍රීධුර 6ක් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට මන්ත්‍රීධුර 2ක් ලෙස මන්ත්‍රීධුර 8 බෙදී යාමයි. ජාතික කොන්ග්‍රසයට අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඇති කොට්ඨාශ පහෙන් අවම වශයෙන් තුනක වැඩිම ඡන්ද හිමි වී ඇති බව උපකල්පනය කර තිබේ. බොහෝ විට, එම පක්ෂය ආසන පහේම වැඩිම ඡන්ද ලබා තිබෙනවා විය හැකිය. එමෙන්ම, ජාතික කොන්ග්‍රසයට අවම වශයෙන් එක් කාන්තා මන්ත්‍රීවරියක් ලැයිස්තුවෙන් පත් කරන්නට සිදු වනු අතර ඒ අනුව අක්කරපත්තුව ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනය 25%ක් නොවී 12.5%ක් විය හැකිය.අලුත් ක්‍රමය අනුව, අක්කරපත්තුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ ඉදිරියෙන්ම සිටින පක්ෂය වන  ජාතික කොන්ග්‍රසයට මුළු මන්ත්‍රීධුර ගණනින් 75%ක් හිමි වේ. මෙය එම පක්ෂය ලැබූ 72.83%ක ඡන්ද ප්‍රතිශතයට බොහෝ ආසන්නය. එහෙත්, පැවති ක්‍රමය යටතේ එම පක්ෂයට මුළු මන්ත්‍රීධුර ගණනින් 85.71%ක් හිමි විය. මේ අනුව, අලුත් ක්‍රමය ජාතික කොන්ග්‍රසයට අවාසිදායකය. මුළු ඡන්ද වලින් 24.96%ක් ලබා ගත්, ඒ වෙනුවෙන් පෙර මෙන් 14.29%ක නියෝජනයක් නොව 25%ක නියෝජනයක් ලැබූ, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයට වාසිදායකය. ඊට අමතරව කාන්තා නියෝජිතයෙකු පත් කිරීමේ බර වැටී ඇත්තේද ජාතික කොන්ග්‍රසය මතය.ඉහත උදාහරණයෙන් පෙනෙන පරිදි, කිසියම් මැතිවරණ බලප්‍රදේශයක් තුළ 60% ඉක්මවා ඡන්ද ලබන දේශපාලන පක්ෂයකට පැරණි ක්‍රමයට සාපේක්ෂව අලුත් ක්‍රමය අවාසිදායකය.දැන් අපි කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයට යමු. එහි කොට්ඨාශ ගණන 41ක් වන අතර ඒවායින් 19ක් බහු-නියෝජිත කොට්ඨාශයි. මේ 19න් 13ක් ද්වි-මන්ත්‍රී කොට්ඨාශ බවත්, ඉතිරි 6 ත්‍රි-මන්ත්‍රී කොට්ඨාශ බවත් මගේ අදහසයි. මේ අනුව, එළඹෙන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට තේරී පත් වීමට නියමිත කොට්ඨාශ නියෝජිතයින් ගණන 66කි. මේ ගණන 0.6න් බෙදූ විට ලැබෙන 110 එහි අවම මන්ත්‍රීධුර ගණනයි. ඒ අනුව, ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් අවම වශයෙන් 44 දෙනෙකු තේරී පත් විය යුතුය.කිසියම් දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් කොළඹ නගර සභාවට ඉදිරිපත් කරන කොට්ඨාශ අපේක්ෂකයින් අතරින් 11 දෙනෙකු (= 66/6) කාන්තා අපේක්ෂිකාවන් විය යුතු අතර සමානුපාතික නියෝජන ලැයිස්තුවේ නම් 47න් (= 44+3) අඩක් (දශම අතහැර), එනම් 23 දෙනෙකු කාන්තාවන් විය යුතුය.පහතින් ඇත්තේ පසුගිය මැතිවරණයේදී කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලයයි. ඒ වන විට මන්ත්‍රීධුර ගණන 53ක් පමණක් විය. පක්ෂය      ඡන්ද  මන්ත්‍රීධුර  එජාපෙ  101,920 43.0% 24 45.28% එජනිස  77,089 32.5% 16 30.19% ප්‍රජපෙ  26,229 11.1% 6 11.32% ශ්‍රීලමුකො  9,979 4.2% 2 3.77% ප්‍රඑස  7,830 3.3% 2 3.77% ස්වාධීන 2 4,085 1.7% 1 1.89% ජවිපෙ  3,162 1.3% 1 1.89% ස්වාධීන 1 2,962 1.2% 1 1.89% ස්වාධීන 9 1,968 0.8% 0 0.80% ස්වාධීන 8 1,133 0.5% 0 0.46% වෙනත්  619 0.3% 0 0.25% වලංගු ඡන්ද  236,976 100.0% 53 100.00% ඉහත මැතිවරණය පැවැත්වුණේ අලුත් ක්‍රමයටනම් මන්ත්‍රීධුර බෙදී යා හැකිව තිබුණේ කෙසේද?එජාපෙ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය අනුව සමානුපාතිකව එම පක්ෂයට හිමිවිය යුත්තේ මන්ත්‍රීධුර 47ක් පමණි. එහෙත්, කොළඹ නගර සභා බල ප්‍රදේශයේ කොට්ඨාශ මන්ත්‍රීධුර 66න් සියල්ලම හෝ ඉතා ආසන්න ගණනක වැඩි ඡන්ද එම පක්ෂයට හිමි වී තිබුණා වන්නට ඉඩ තිබේ. එසේ වී නම්, එම පක්ෂය දැනටමත් ඔවුන්ගේ සමානුපාතික කෝටාව ඉක්මවා මන්ත්‍රීධුර හිමි කරගෙන අවසානය. ඒ නිසා, එජාපයට ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් පත් කරන්නට ඉඩක් නැත. එමෙන්ම, එම පක්ෂයට වැඩියෙන් ලැබුණු මන්ත්‍රීධුර 19 කිසියම් අයුරකින් සමතුලිත විය යුතුය.එජාපය වැඩියෙන් ලබාගත් ආසන වල මිල මුලින්ම ගෙවන්නට වෙන්නේ "කොට වලින්" ගොඩ යන්නට බලා සිටි කුඩා පක්ෂ වලටය. ඔවුන්ට මන්ත්‍රීධුර නොලැබී යයි. මේ මඟින් මන්ත්‍රීධුර 6ක් අඩු කළ හැකි වුවත්, ඉතිරි මන්ත්‍රීධුර 13 එසේ අඩු කළ නොහැකිය. ඒ නිසා, සිදුවන්නේ කොළඹ නගර සභාවේ මන්ත්‍රීධුර ගණන 110 සිට 123 දක්වා ඉහළ යාමයි. අවසන් මන්ත්‍රීධුර බෙදීම පහත පරිදිය. පක්ෂය ඡන්ද  මන්ත්‍රීධුර  එජාපෙ  101,920 43.0% 66 53.66% එජනිස  77,089 32.5% 35 28.46% ප්‍රජපෙ  26,229 11.1% 12 9.76% ශ්‍රීලමුකො  9,979 4.2% 4 3.25% ප්‍රඑස  7,830 3.3% 3 2.44% ස්වාධීන 2 4,085 1.7% 1 0.81% ජවිපෙ  3,162 1.3% 1 0.81% ....   වැඩිදුර >>  
Next || Previous