ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
රෝස්ට් පොටේටෝස් හදමු [ යාම් : 37 ] | The Tasty Love | 2018-01-09 16:44:54
The Tasty Love වෙතින් ඔබ සැමදෙනාටම සියළු පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. 2018 වසරේ මුල්ම රෙසිපිය ලෙස අප ඔබ වෙත ගෙන එන්නේ රෝස්ට් පොටේටෝස් . සරලව කිව්වොත් අල රෝස්ට් රෙසිපියක්. විනාඩි 5කින් ඉතාම පහසුවෙන් පිළියෙල කරගන්නත් විනාඩි 45ක් වැනි කාලයකින් අවන් එකේ රෝස්ට් කරගන්නත් පුළුවන් මෙය ඉතාම සරල කෑමක්. සරල වුණාට රසින් කිසිම අඩුවක් නැතිව රාත්‍රී ආහාරයට ඉතාම පහසුවෙන් රසවත්ව එකතු කරගන්න පුළුවන් මේ රෝස්ට් පොටේටෝස් ඔබේ පවුලේ සියළු දෙනාට රසවිඳිය හැකි ආහාරයක්. දියවුණු බටර් සමඟ එකතුවී අල වලට එක් කරන අමුතුම රස නිසා කුඩා දරුවනුත් ප්‍රිය කරනවා. සටහන් : මේ රෙසිපියෙහිදී අප විසින් කුඩා රතු ඇහැති අර්තාපල් අල යොදාගෙන ඇති නමුත් නිවසේ තිබෙන ඕනෑම අර්තාපල් අල වර්ගයක් මේ සඳහා යොදාගත හැකියි. ඔබ චීස් කෑමට ප්‍රියකරන කෙනෙක් නම් රෝස්ට් කරන්න ප්‍රථමයෙන් මොසරැල්ලා / චෙඩාර් වැනි ඔබ ප්‍රියකරන චීස් වර්ගයක් අර්තාපල් උඩින් අතුරාගන්න. Prep Time : 05 min              Baking Time : 45 min                   Yield : 4 අවශ්‍ය කළමනා :    කුඩා අර්තාපල් අල 6 -8 ( 250 g පමණ – හතරට කපාගත් ) දියවුණු බටර් කප් 1/4 ( ලුනු සහිත ) ග්‍රේට් කරගත් පාමේසාන් චීස් කප් 1/4 ( කැමතිනම් පමණක් ) වියළි කොත්තමල්ලි කොළ කප් 1/4 ( කැමති නම් පමණක් ) ලුණු තේ හැඳි 1/2 ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදන ක්‍රමය : අවන් උෂ්ණත්වය 400 F / 200 C ට සකස් කරන්න බේකින් තැටියකට බටර් තවරන්න එයට කපාගත් අර්තාපල් අල දමා අතුරන්න  හොඳින් තැවරෙන සේ ලුණු සහ ගම්මිරිස් අල වලට උඩින් ඉස ගන්න දියවුණු බටර් අලවලට උඩින් වත් කරන්න වියළි කොත්තමල්ලි කොළ අල වලට උඩින් ඉස ගන්න ( කැමති නම් පමණක් )  බේකින් තැටිය අවන් එකට දමා විනාඩි 45ක් පමණ රන්වන් ලා දුඹුරු පැහැයක් ගන්නා තෙක් රෝස්ට් කරගන්න හොඳින් රෝස්ට් වුණු අල වලට උඩින් ග්‍රේට් කරගත් පාමේසාන් චීස් ඉස උණු උණුවේ පිළිගන්වන්න..  අවසානයේදී ලස්සන වර්ණයක් සහ කෑමට බොහොම ප්‍රිය උපදවන සුවඳක් තිබෙන මේ වගේ රෝස්ට් පොටේටෝස්  ඔබට ලැබෙනවා. එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා..  Get Tasty Love App for Android today.. Read in ....   වැඩිදුර >>  
Next || Previous