ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පුංචි ඡන්දයේ ලොකු ප්‍රතිඵල (පළමු කොටස) [ යාම් : 35 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2018-01-09 03:58:00
අවුරුද්දේ පළමු දින අටම ඉතාම කාර්යබහුල ලෙස ගෙවී ගිය නිසා, ලියන්නට දේවල් කප්පරක් තිබුණත් වියුණුව යාවත්කාලීන කරන්නට ඉසිඹුවක් ලැබුණේම නැත. මහින්ද රාජපක්ෂව පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කෙරුණු ජනාධිපතිවරණයේ තෙවන සංවත්සරය එළඹෙද්දී, කලකට පසු නැවත වරක් ලංකාවේ දේශපාලන බලතුලනය පරීක්ෂා කෙරෙන පළාත් පාලන මැතිවරණ සඳහා දින නියම වී තිබේ. අලුත් අවුරුද්දේ කතා කරන්නට ඇති මාතෘකා අතරින් පුංචි ඡන්දය ඉදිරියට පැමිණීම නොවැලැක්විය හැකිය.පළාත් පාලන මැතිවරණ වල ප්‍රතිඵල සාමාන්‍යයෙන් ලංකාවේ මිනිසුන්ගේ ජන ජීවිතයට විශාල බලපෑමක් කරන්නේ නැත. ඒ නිසා, පළාත් පාලන මැතිවරණ ලංකාවේ ජනාධිපතිවරණ හා පාර්ලිමේන්තු මැතිවරණ වලට සාපේක්ෂව ජනතාවගේ හෝ මාධ්‍ය වල අවධානය දිනාගන්නේ නැත. ලංකාවේ මෑතකාලීන පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කිරීමට දක්වා ඇත්තේද සාපේක්ෂව අඩු උනන්දුවකි.කෙසේ වුවත්, අනාගතය යනු අතීතයේ සිට වර්තමානය දක්වා කරුණු සිදුවී ඇති ආකාරයේ රේඛීය දිගුවක් නොවේ. කරුණු කිහිපයක්ම නිසා, විශේෂයෙන්ම ප්‍රධාන වෙනස්කම් දෙකක් නිසා, මෙවර පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල ලංකාවේ අනාගත දේශපාලනයට තීරණාත්මක බලපෑමක් කරන්නට සැලකිය යුතු ඉඩක් තිබේ.පළමුව, මේ මැතිවරණය පැවැත්වෙන්නේ අලුත්ම හා වෙනස්ම ක්‍රමයකටය. ඉතා සංකීර්ණ ක්‍රමයක් වන මේ අලුත් මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් වැඩි දෙනෙකුට නැති නිසා ඒ හේතුවෙන් සමස්ත ප්‍රතිඵලයට මෙන්ම දිගුකාලීනව ලංකාවේ දේශපාලනයටද සිදුවිය හැකි බලපෑම පිළිබඳව ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදු වී නැත.දෙවනුව, ලංකාවේ මේ වන විට පවතින දේශපාලන බලතුලනය අඩු වශයෙන් නමසිය හැත්තෑ හතෙන් පසුව මේ අයුරින් පැවතී නැත. පසුව පැහැදිලි කෙරෙනු ඇති පරිදි, මේ දෙවන කරුණ පළමු කරුණට සම්පූර්ණයෙන් පරිබාහිර කරුණක්ද නොවේ.සාකච්ඡාව ඉදිරියට ගෙනයාමට පෙර ඉහත කරුණු දෙකටද වක්‍ර ලෙස සම්බන්ධ නිරීක්ෂණ කිහිපයක්ද ඉදිරිපත් කළ යුතුය.1. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණු 2015 අගෝස්තුවෙන් පසු වසර දෙකහමාරක කාලය තුළ ලංකාවේ මැතිවරණයක් පැවැත්වී නැත.2. පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමට පෙර ලංකාවේ මේ වන විට ඉදිරියෙන්ම සිටින දේශපාලන කණ්ඩායම් තුන ලෙස සැලකිය හැකි එජාප ප්‍රමුඛ එජාපෙ, අලුතින් පිහිටවූ පොදුජන පක්ෂය හා ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය යන බලවේග තුන අතර ඇති විය හැකිව තිබුණු සෛද්ධාන්තික ද්විපාර්ශ්වික මැතිවරණ හවුල් තුනම බිහි වීමේ ඉඩකඩ පිළිබඳ ඉඟි වරින් වර පළ කෙරුණත් එවැනි කිසිදු සන්ධානයක් ඇති වූයේ නැත.ඉහත නිරීක්ෂණ දෙකම ඉතා පහසුවෙන් පැහැදිලි කළ හැකිය. කෙසේ වුවද, ඊට පෙර අප තරමක් මුලට යා යුතුය.ලංකාවේ දේශපාලනය තුළ දේශපාලන පක්ෂ වල උපායමාර්ගික හැසිරීම් වල බලපෑම ඇතැම් විට රටේ මිනිසුන්ගේ කැමැත්ත වෙනස්වීමටද වඩා වැඩිය. සාමාන්‍ය භාවිතයේදී "ඩීල්" ලෙස හැඳින්වෙන කොටසද මේ උපායමාර්ගික හැසිරීම් වල කොටසකි.රාජපක්ෂ පාලනය බිඳ වැටීමට ප්‍රධාන වශයෙන්ම හේතු වූයේද රටේ ඡන්දදායකයින්ගේ හැසිරීමේ සිදු වූ ක්ෂණික වෙනස්වීමකට වඩා රාජපක්ෂ විරෝධී බලවේග වල උපායමාර්ගික හැසිරීමයි. 2015 ජනාධිපතිවරණය සඳහා දින නියම කෙරෙන විට ලංකාවේ දේශපාලන බලය බොහෝ දුරට රාජපක්ෂ පවුල වටා කේන්ද්‍රගතව තිබුණේය යන්න නිවැරදිය. එකිනෙකට විරුද්ධ දේශපාලන අදහස් දරන එජාප හා ජවිපෙ මෙන්ම, දෙමළ හා මුස්ලිම් ජනවාර්ගික ඡන්ද පදනමක් ඇති දේශපාලන පක්ෂත්, ශ්‍රිලනිපයේම ඇතැම් කොටසුත් මේ තත්ත්වය තුළ දැඩි අසහනයකින් සිටියත් ජනාධිපතිවරණය ආසන්න වන තුරුම පෙනෙන්නට තිබුණේ රාජපක්ෂ පාලනය බිඳ නොවැටෙනු ඇති බවයි.පසුගිය ජනාධිපතිවරණයට දින නියම වන විට රාජපක්ෂවාදීන්ට මෙන්ම රාජපක්ෂ විරෝධී කණ්ඩායම් වලටද ආණ්ඩු වෙනසක සේයා පෙනෙන්නට තිබුණේ නැත. රාජපක්ෂවරුන් ප්‍රධාන එජනිස ඡන්ද පදනම ප්‍රධාන වශයෙන්ම සිංහල බෞද්ධ ඡන්දදායකයින් අතර පැතිර තිබූවක් වුවත්, ඒ පදනම සුළු ජාතික ඡන්ද වලින් පරාජය කිරීමට අපහසු තරමේ පුළුල් එකක් විය.රාජපක්ෂ ආණ්ඩුව තුළ සිට එළියට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ඇතුළු කණ්ඩායම නිසා ඒ වන විට පැවති සමතුලිතතාවය යම් තරමකින් වෙනස් විය. එහෙත්, මෛත්‍රීපාල සිරිසේනගේ පොදු අපේක්ෂකත්වය රාජපක්ෂවාදීන් බිය ගන්වන්නට හෝ රාජපක්ෂවිරෝධීන්ට නිසැක ජයග්‍රහණයක් තහවුරු කරන්නට තරම් ප්‍රමාණවත් වූයේ නැත. අඩු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන සමඟ ආණ්ඩුවෙන් එළියට එනු ඇතැයි අපේක්ෂා කෙරුණු පිරිසෙන් බොහෝ දෙනෙකු එසේ ආණ්ඩුවෙන් එළියට ආවේද නැත. ඒ නිසා, ජනාධිපතිවරණ ප්‍රතිඵල පිටවන තුරුම රාජපක්ෂවාදීන් සිටියේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.ජනවාරි 8 වෙනසට මුල් වුනේ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිස පිල් මාරු කිරීම නිසා වෙනස් වූ සුළු ඡන්ද ප්‍රතිශතය නොවේ. සිංහල බෞද්ධ නාගරික ඡන්ද වල වෙනස්වීම, දශක ගණනක් තිස්සේ භාවිතා නොවුණු උතුරේ ඡන්ද හා සාමාන්‍යයෙන් නොවැටෙන පාවෙන ඡන්ද යම් ප්‍රමාණයකි. මහින්ද රාජපක්ෂ සතුව තිබූ සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්ද පදනම ඒ වන විටද නොසෙල්වී තිබුණේය.උතුරේ ඡන්ද ප්‍රමාණවත් තරම් ප්‍රකාශ වුවහොත් රාජපක්ෂ පාලනය බිඳ වැටෙන බව ගණිතමය යථාර්තයක් වුවත්, ඡන්දයට පෙර රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමේ හැකියාව ගැන එජාපයට පැහැදිලි විශ්වාසයක් තිබුණේ නැත. ඊට වසර කිහිපයකට පෙර එජාපය මුල්ව රාජපක්ෂ විරෝධීන් එකතු කරගනිමින් සරත් ෆොන්සේකා යොදා ගෙන කර තිබුණු පරීක්ෂණයද අසමත් පරීක්ෂණයක්ව තිබුණේය. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම හා බදු අඩු කර අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීම වැනි රාජ්‍ය වියදම් තවත් පුළුල් කෙරෙන, තමන්ගේ ආර්ථික වැඩපිළිවෙළට සම්පූර්ණයෙන්ම පටහැනි ඡන්ද පොරොන්දු දීමට එජාපය යොමු වුණේ මැතිවරණ ජයග්‍රහණය ගැන ඒ වන විටද ඔවුන්ට විශ්වාසයක් නොතිබුණු බැවින් මිස රාජපක්ෂ විරෝධී කඳවුරේ සිටි "සමාජවාදීන්ගේ" බලපෑම හේතුවෙන් නොවේ.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේය. ඒ, ප්‍රධාන වශයෙන්ම එජාපයේත්, දෙවනුව දෙමළ හා මුස්ලිම් ජනවාර්ගිකයින්ගේත්, තෙවනුව ජවිපෙයේත් ඡන්ද වලිනි. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප ඡන්ද නොලැබුණු තරම්ය. ශ්‍රීලනිප ඡන්ද අතිමහත් බහුතරය තවදුරටත් ලබාගත්තේ මහින්ද රාජපක්ෂ විසිනි.එහෙත්, ජනාධිපතිවරණයෙන් පසුව "අමුතු දෙයක්" සිදු විය. මහින්ද රාජපක්ෂ විසින් කැමැත්තෙන්ම ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන වෙත පැවරුවේය. එහෙම වුණේ ඇයි?එජාප, ජවිපෙ හා ද්‍රවිඩ සන්ධානය ඇතුළු ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටි කණ්ඩායම් වලට මෛත්‍රීපාල සිරිසේනව යොදා ගන්නට අවශ්‍ය වුණේ මහින්ද රාජපක්ෂව පරාජය කිරීම සඳහා පමණි. බොහෝ විට රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂාව වන්නට ඇත්තේ ජනාධිපතිවරණයෙන් තෙවසරකට පසුව දැන් සිදු වී ඇති පරිදි, ශ්‍රීලනිපය දෙකඩ කිරීමයි. මහින්ද රාජපක්ෂ විසින් කැමැත්තෙන්ම ශ්‍රීලනිප නායකත්වය මෛත්‍රීපාල සිරිසේන වෙත නොපැවරුවේනම් ඒ අවස්ථාවේදීම එය සිදු විය හැකිව තිබුණි.ජනාධිපතිවරණය දක්වාම ශ්‍රීලනිපය තුළ මෛත්‍රීපාල සිරිසේනට සැලකිය යුතු බලයක් නොතිබුණත්, මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ තත්ත්වය වෙනස් වෙමින් තිබුණේය. ඒ නිසා, ඒ අවස්ථාවේදී ශ්‍රීලනිප අයිතිය පිළිබඳ ගැටුමක් ඇති වූයේනම් ශ්‍රීලනිපය දෙකඩ විය හැකිව තිබුණු අතර, එයින් වඩා විශාල කණ්ඩායම තවදුරටත් මහින්ද රාජපක්ෂ සමඟම සිටිය හැකිව තිබුණත්, රාජ්‍ය බලය අහිමි මහින්ද රාජපක්ෂ සමඟ ඉතිරිවන කණ්ඩායම ක්‍රමයෙන් රාජ්‍ය බලය වෙත ආකර්ෂණය විය හැකිව තිබුණේය.ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රීලනිපය දෙකඩ වෙන්නට හැර එහි ලොකු කෑල්ල අයිති කරගත්තත්, මාස කිහිපයකට පසුව පිහිටුවීමට නියමිතව තිබුණු එජාප ආණ්ඩුවක් හා ශ්‍රීලනිපයේ අනෙක් පාර්ශ්වය නියෝජනය කරන ජනාධිපතිවරයෙකු බලයේ සිටියදී මේ ලොකු කෑල්ල උපයෝගී කරගෙන නැවත රාජ්‍ය බලය ඇල්ලීම පහසු කටයුත්තක් නොවේ. එමෙන්ම, මහින්ද රාජපක්ෂ සමඟ සිටින ශ්‍රීලනිප පිරිස් එසේ සිටින්නේ ඉතා ඉක්මණින් නැවත රාජ්‍ය බලය ලබාගැනීමේ සිහිනය දකිමින් නිසා, එය පමා වන තරමට සිදුවන්නේ මේ කණ්ඩායම තවත් දුර්වල වීමයි.ඉහත කරුණු සලකා බැලූ විට මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රීලනිප නායකත්වය පිරිනැමීම ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ විසින් ගත් තර්කානුකූල තීරණයකි. ඒ හරහා, රාජ්‍ය බලයේ වාසි තකමින් හෝ දඬුවම් ලැබීමේ තර්ජනය වලක්වා ගැනීමට මහින්ද රාජපක්ෂ හැර දමා ආණ්ඩුවේ පාර්ශ්වයක් සමඟ එකතු විය හැකිව තිබුණු පිරිස් තමන් සමඟ රඳවා ගන්නට මහින්ද රාජපක්ෂට හැකි විය.අනෙක් පැත්තෙන්, ශ්‍රීලනිප නායකත්වය භාර ගැනීම මෛත්‍රීපාල සිරිසේනටද වාසිදායක තීරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රීලනිප නායකත්වය ලබා නොදුන්නේනම් මෛත්‍රීපාල සිරිසේනට ඒ සඳහා සටන් කර ශ්‍රීලනිප පළුවක් ගලවාගන්නට සිදුවන අතර මේ පළුව ශ්‍රීලනිප ලොකු පළුව නොවේ. වඩාත් වැදගත් කරුණ වන්නේ ඒ පොඩි පළුවට වුවද පාර්ලිමේන්තුව තුළ පැවති බලතුලනය සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකිව තිබුණත්, මැතිවරණයකදී ශ්‍රීලනිප ඡන්ද පදනම කෙරෙහි ලොකු බලපෑමක් කළ හැකිව නොතිබීමයි. ඒ වෙලාවේ මෛත්‍රීගේ ශ්‍රීලනිප පිලට කළ හැකිව තිබුණේ ශ්‍රීලනිප ඡන්ද වලින් කිසියම් ප්‍රතිශතයක් කඩමින් මහින්ද පිල දුර්වල කිරීම පමණි.මහින්ද මෛත්‍රී පිල් ලෙස බෙදුණු ශ්‍රීලනිප කණ්ඩායම් දෙකක් හා එජාපය අතර සිදුව හැකිව තිබුණු මහමැතිවරණ සටනක වාසිය ලැබිය හැකිව තිබුණේ එජාපයටය. එවැනි තත්ත්වයක් යටතේදී, මෛත්‍රී පිළ වෙත කැඩෙන ශ්‍රීලනිපයේ ඡන්ද හේතුවෙන් 2015 අගෝස්තු මැතිවරණයේදී එජනිසය මුල් තැනට පැමිණි දිස්ත්‍රික් ගණනාවක මුල් තැන සමඟ බෝනස් ආසන එජාපයට ලැබීමටත්, ඒ අමතර මන්ත්‍රීධුර කිහිපයේ උදවුවෙන් ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයේ හෝ සහාය නොලබමින් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව එජාපයට ලැබෙන්නටත් ඉඩ තිබුණේය. එජාපය ඒ අවස්ථාවේදී එවැනි ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවූයේනම්, එජනිසයේ මන්ත්‍රීවරුන් විශාල ගණනක්ද ඒ ආණ්ඩුවට  ස්වේච්ඡාවෙන්ම එකතු විය හැකිව තිබුණේය. එවැනි වාතාවරණයක් යටතේ වුවද, ශ්‍රීලනිප මෛත්‍රී පිල ආණ්ඩුවේ කොටසක් වනු ඇතත් මෛත්‍රීට දැනට තිබෙන හෙට්ටු කිරීමේ හැකියාව නැති වී ඔහු නාමික ජනාධිපතිවරයෙකුගේ තත්ත්වයට පත් විය හැකිව තිබුණේය. එමෙන්ම, මහමැතිවරණයෙන් වැඩි කලක් යන්නට පෙර පවත්වන ප්‍රාදේශීය මැතිවරණ හරහා එජාපය රට පුරා බලය තහවුරු කර ගැනීමද සිදු විය හැකිව තිබුණේය. එසේ වීනම් එය මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන මරණයයි.මේ අනුව පැහැදිලි වන පරිදි, මහින්ද විසින් මෛත්‍රීට ශ්‍රීලනිපය භාර දීම නිසා ඒ වෙලාවේ මහින්ද-මෛත්‍රී දෙපක්ෂයටම සිදුවුණේ වාසියකි. අප දන්නා පරිදි කොහොමටත් ස්වේච්ඡා ගණුදෙනුවක් සිදුවන්නේ ගණුදෙනුවට එළඹෙන පාර්ශ්ව දෙකටම කිසියම් හෝ වාසියක් ඇත්නම් පමණි. මහින්ද හා මෛත්‍රී අතර සිදු වූ ගණුදෙනුව නිසා අවාසියක් වූයේ එජාපයටය. වඩා නිවැරදිව කියනවානම් එජාපයට සිදු වුණේ ලැබිය හැකිව තිබුණු උපක්‍රමික වාසියක් නොලැබී යාමයි. එහෙත්, ඒ සම්බන්ධයෙන් එජාපයට ඒ අවස්ථාවේදී කළ හැකි දෙයක් තිබුණේද නැත.මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප නායකත්වයට පත්වීම නිසා ශ්‍රීලනිපය ඒ වෙලාවේ දෙකඩ වුණේ නැත. ඒ නිසා එජාපයට අගෝස්තු මහමැතිවරණයේදී අපේක්ෂිත වාසිය ලැබුණේද නැත. එහෙත්, ජනාධිපතිවරණයේ සිට ගත වූ මාස අටක කාලය තුළදී පවා එජනිස ඡන්ද පදනම සැලකිය යුතු ලෙස නාය ගියේය. මේ මාස අට තුළ, දකුණේ නාගරික දිස්ත්‍රික්ක වලදී 14-17% පමණ ප්‍රමාණයක්ද, ග්‍රාමීය දිස්ත්‍රික්ක වලදී 19-24% දක්වාද, නැගෙනහිරදී 22-26% දක්වාද, උතුරේදී 30% ඉක්මවාද එජනිස ඡන්ද අඩුවිය.කෙසේවුවත්, ඉහත කී පරිදි එජනිසයෙන් ගිලිහුණු ඡන්ද වලින් එජාපය වෙත සම්ප්‍රේෂණය වී තිබුණේ සීමිත ප්‍රතිශතයක් පමණි. එජනිසයෙන් ගිලිහුණු ජනවාරි ඡන්ද බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනේදී එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී තිබුණේ ඉතාමත්ම සුළුවෙනි. මහනුවර, මාතලේ, අම්පාර, කුරුණෑගල හා අනුරාධපුරදී 1-2% ප්‍රමාණයකුත්, ගාල්ල, මාතර හා රත්නපුරේදී 3-4% ප්‍රමාණයකුත්, කෑගල්ලේදී 5% පමණත් මෙසේ එජාපෙ වෙත සම්ප්‍රේෂණය වී තිබුණු අතර හම්බන්තොට, මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක වලදී මේ ප්‍රතිශතය 11-12% තරම් ඉහළ අගයක් ගත්තේය. ඉතිරි ඡන්ද භාවිතා වී නොතිබුණේය.ඉහත නිරීක්ෂණය ලංකාවේ ඡන්ද පක්ෂ අතර මාරු වන සාමාන්‍ය රටාව සමඟ ඉතා හොඳින් ගැලපේ. මැතිවරණ වලදී "පරීක්ෂණ කරන" නාගරික උගත් ඡන්දදායකයින් රැළි ඇති කිරීමට හා වෙනස්කිරීමට පුරෝගාමී කාර්යයක් කළත්, මැතිවරණයකදී සංඛ්‍යාත්මක බලපෑමක් කළ හැකි ප්‍රධානම කණ්ඩායම සිංහල බෞද්ධ ග්‍රාමීය ඡන්දදායක පිරිසයි. මේ පිරිස බොහෝ විට ඡන්දය දෙන්නේ රැල්ල හමන අත බලාගෙනය. එය සිදුවන්නේ කිසියම් කාලපමාවක් සහිතවය. සිංහල බෞද්ධ ඡන්දදායකයින්ගේ පාක්ෂිකත්වය වෙනස්වන සාමාන්‍ය රටාව පහත පරිදි විස්තර කළ හැකිය.1. පවුලකට කිසියම් පාක්ෂිකත්වයක් තිබේ. මෙය එක්කෝ එජාපයයි. නැත්නම් ශ්‍රීලනිපයයි. මේ පාක්ෂිකත්වය වෙනස් වන්නේ ඉතා හෙමිනි. (පවුලේ තරුණ සාමාජිකයින් මේ පාක්ෂිකත්වය තුළ රැඳී නොසිටින්නට පුළුවන.)2. තමන්ගේ පක්ෂය දිනන්නට ඉඩ වැඩිනම් පාක්ෂිකයෝ සියල්ලෝම වාගේ ඡන්දය භාවිතා කරති. තමන්ගේ පක්ෂය පරදින්නට ඉඩ වැඩිනම් පාක්ෂිකයන්ගෙන් සැලකිය යුතු කොටසක් ඡන්දය භාවිතා නොකරති.3. බොහෝ විට එපාප හා ශ්‍රීලනිප පාක්ෂිකත්වයන් ඇති කණ්ඩායම් දෙකේම පූර්ව උපකල්පනය වන්නේ දැනට බලයේ සිටින පක්ෂයම ජයග්‍රහණය කරනු ඇති බවයි. එහෙත්, ආණ්ඩුව වෙනස් වෙන්නට යන බව නාගරික ඡන්දදායකයින්ට ග්‍රාමීය ඡන්දදායකයින්ට වඩා කලින් තේරේ.4. ආණ්ඩු මාරුවක් සිදු වූ විට බොහෝ ඡන්දදායකයින්ට තමන්ගේ උපකල්පනය වැරදුනු බව තේරුම් යයි. ඒ නිසා, ආණ්ඩු මාරුවකින් පසුව එන මැතිවරණයකදී බලයට පත් වූ පක්ෂයේ පාක්ෂිකයින්ගේ නොවැටුණු ඡන්ද වැටෙන්නට පටන් ගනී. පැරදුණු පක්ෂයේ පාක්ෂිකයින්ගේ වැටුණු ඡන්ද නොවැටී යන්නට පටන් ගනී.5. ආණ්ඩුවක් දිගින් දිගටම බලයේ සිටිද්දී පැරදුණු පක්ෂයට ඡන්දය භාවිතා කරමින් සිට පසුව ඡන්දය දීමෙන් වැලකී සිටි අය ක්‍රමයෙන් බලයේ සිටින පක්ෂය වෙත පාක්ෂිකත්වය වෙනස් කරයි. තවදුරටත් පැරදුණු පක්ෂයට ඡන්දය භාවිතා කළ අය ඡන්දය දීමෙන් වැළකෙන්නට පටන්ගනී.ඉහත රටාවට හේතුද පැහැදිළි කළ හැකි වුවත් මා ඒ සඳහා කාලය මිඩංගු කරන්නේ නැත. වැදගත්ම කරුණ වන්නේ බලයේ සිටින හා දිනන්නට වැඩිම ඉඩක් ඇති පක්ෂයේ ග්‍රාමීය ඡන්ද පදනම ක්‍රමයෙන් ඉහළ යාමත්, කලින් බලයේ සිටි පක්ෂයේ ඡන්ද පදනම ක්‍රමයෙන් පහළ යාමත් සිදුවන බවය. මෙය වෙනස් වන්නේ පළමුව නාගරික ප්‍රදේශ වල ඡන්ද රටාවේ වෙනසක් සිදුවී කලක් ගත වීමෙන් පසුවය. එමෙන්ම, නාගරික ඡන්දදායකයින් විසින් කරන ඇතැම් "පරීක්ෂණ" නිසා ඇති වන රැළි ග්‍රාමීය පෙදෙස් වලට සම්ප්‍රේෂණය වන්නට පෙර එම රැළි වල සැර බාල වී යන අවස්ථාද සුලභය.පසුගිය අගෝස්තු මැතිවරණයේදී මහින්ද පාර්ශ්වය විසින් මෛත්‍රීව යොදාගත්තේ රාජ්‍ය බලය තවදුරටත් තමන් සතුව තිබෙන බව ග්‍රාමීය ඡන්දදායකයින්ට ඒත්තු ගැන්වීමටය. මැතිවරණය ආසන්නව මෛත්‍රී විසින් ලියූ විවෘත හසුන හා වෙනත් හේතු නිසා ඒ උත්සාහය එතරම් සාර්ථක වූයේ නැත. 2015 ජනවාරි සිට අගෝස්තු දක්වා ගත වූ මාස අට තුළදී එජනිස ඡන්ද ප්‍රමාණය ලක්ෂ 58ක සිට ලක්ෂ 47ක් දක්වා පහත බැස්සේය. ඉතා සුළු ....   වැඩිදුර >>  
Next || Previous