ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ජෙරුසෙලම, තී නම් මනහරය [ යාම් : 70 ] | කට්ටකාඩුව | 2018-01-07 21:22:01
අපේ අනගාරික ධර්මපාල තුමා ඉන්නවනේ. එතුමා ඉන්දියාවට ගිහින් බුද්ධගයාව වැඳ ගන්ඩ ගියාම දැක්කා බුද්ධගයාවට ඇතුල් වෙන්ඩ කිසිම බෞද්ධයෙකුට අවසර නෑ කියල. ඒ වෙනකොට ඒ කියන්නේ 1891 ජනවාරි 22, බුද්ධගයාව කියන්නේ මහන්තා කියල හින්දු පූජකයෙක් යටතේ පාලනය වෙච්ච ශිව කෝවිලක්. ඉතිං ධර්මපාල තුමා පටං ගන්නවා ජාත්‍යන්තර ව්‍යාපාරයක් මේ බුදුන් උපන්න ශුද්ධ භූමියේ බෞද්ධ අයිතිය තහවුරු කර ගන්ඩ. විවිධ උත්සාහයන් ගණනාවකට පස්සේ 1914 දී එතුමාට පුළුවන් වෙනවා පොඩි සාර්ථකත්වයක් ලබා ගන්ඩ. ඉන්දියාවේ ලෝක ප්‍රකට කවියා රබීන්ද්‍රනාත් ටාකූර් 1922 දී මෙහෙම කියනවා."බුදු රජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ උතුම් ස්ථානයේ, ඒ ආගම ගැන හෝ බෞද්ධ වන්දනා විධි පිළිබඳව හෝ මනා අවබෝධයක් නැති එම ආගමට තරඟකාරී ආගමකට අයත් පූජ්‍යස්තානයක්  නොපැවතිය යුතු බව හිංදු ආගමික ප්‍රතිපත්ති පිළිබඳව හොඳින් දන්නා සියලු හින්දූන් පිළිගනු ඇති බව මගේ විශ්වාසයයි"  කවුද මේ කියන්නේ? හිංදු ආගම අදහපු ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙක්. එතුමා කිව්වා වගේම නිදහස් ඉන්දියාව පළමු වතාවට බුද්ධගයාව පාලනය කරන්ඩ මණ්ඩලයක් පත් කරනවා 1949 දී. ඒ වෙනකොට ධර්මපාලතුමා අපවත් වෙලා අවුරුදු 16 වෙනවා. මේ මණ්ඩලේට සාමාජිකයෝ 9 යි. සභාපති අනිවාර්යයෙන් හිංදු කෙනෙක් වෙන්ඩ ඕන. සාමාජිකයොත් බහුතරයක් හිංදු. හැබැයි ඊට පෙර තිබ්බ තත්වෙට වඩා හුඟක් හොඳයි. 2013 දී මේ මණ්ඩලය පිහිටවපු පණත බිහාර් ප්‍රාන්ත ආණ්ඩුව ආයෙත් සංශෝධනය කරනවා. දැන් හිංදු නොවන කෙනෙකුට උනත් මණ්ඩලේ සභාපති වෙන්ඩ පුළුවන්!! 2013 දී බිහාර් ප්රාන්තේ තියෙන්නේ හිංදු අන්තවාදී කියල කියන භාරතීය ජනතා පක්ෂයත් ඇතුලත් සභාග ආණ්ඩුවක්.මට කියන්ඩ ඕන උනේ හෙමිං නමුත් මිනී මරා ගන්නේ නැතුව බුද්ධගයාවට තියන බෞද්ධ අයිතිය තහවුරු කර ගන්ඩ වැඩ කටයුතු වෙනවා කියන එක. ඒක හිංදු බහුතරයටත් රිදෙන්නේ නැති විදිහට සාමකාමීව වෙනවා කියන එක සතුටක්. එහෙම නැතුව කැත්තට පොල්ල වගේ ඉඳලා, බහුතරය රිදවලා, කොටසකගේ හිත තලලා මෙහෙම දේවල් කරන එක මහ භයානකයි.එක ආගමකට වැදගත් ස්ථානයක් එහෙම නැත්තං නගරයක් ගැන කතාව එහෙම නං ආගම් තුනකට වැදගත් නගරයක් ගැන වැඩ කරන කොට කොහොම ඉවසිල්ලක්, ස්ථානෝචිත ප්‍රඥාවක් තියෙන්ඩ ඕනද?ජෙරුසෙලම කියන්නේ යුදෙව්, ක්‍රිස්තියානි හා ඉස්ලාම් කියන ආගම් තුනටම පොදුවේ වැදගත් නගරයක්. මේ නගරේ මුලිම්ම බිහිවෙන්නේ මීට අවුරුදු 6,000 කට විතර කලින්. යුදෙව් ආගම බිහිවෙන්නේ මීට අවුරුදු 3000 කට විතර කලින් කියලයි විකිපීඩියාව කියන්නේ. ක්‍රිස්තුස් වහන්සේ ඉපදිලා දැන් අවුරුදු 2018 ක්. ඉස්ලාම් ආගම බිහිවෙලා දැනට අවුරුදු 1,600 විතර වෙනවා. ඒ කියන්නේ ජෙරුසෙලම ආරම්භ වෙලා තියෙන්නේ මේ මොන ආගමක්වත් පටන් ගන්ඩ ඉස්සර!! ජෙරුසෙලම පටන් ගත්තු කාලේ හිටපු මිනිස්සුන්ඩත් මොකක් හරි ආගමක් තියෙන්ඩ ඇති. ඒ ආගමේ එකෙක් දෙන්නෙක් හරි දැනුත් ඉතුරු වෙලා ඉන්නවනං ඒ අය ඇවිත්  අපි තමයි මේකේ මුල් පදිංචිකාරයෝ තොපි ඔක්කොම හැඳි ගෑවිලා පලයල්ලා කියල කිව්වොත් දැන් ඉන්න කට්ටිය - පලස්තීන වේවා ඊශ්‍රායෙල් වේවා කවුරු උනත්- යයිද? නෑ එහෙම වෙන්නේ නෑ. ඒ මොකද මේ ලෝකේ ආගම කියන සාධකය උඩ නෙවෙයි දේශපාලන කටයුතු තීරණය වෙන්නේ. බලය මතයි ඒ තීරණය ගැනෙන්නේ. ඒක තමයි ඇත්ත, අපි කැමති උනත් අකමැති උනත්. බලයයි, ආගමයි කියන්නේ කාරණා දෙකක් උනත් ඒ දෙක එකට බැඳිලා තියන හින්දයි අපිට වෙන් කර ගන්ඩ බැරි. එහෙම මේ දෙක බැඳිලා නොතිබ්බ වෙලාවක වෙච්ච කතාවක් කියන්නං මේ ලංකාවෙන්.අපේ ඔය විජය කුමාරයා ඉන්නවනේ. එතුම ගොඩ බැහැලා කුවේණි කුමරියත් එක්ක සම්බන්ධකමක් හදා ගෙන ස්වදේශික ජනතාවගේ උත්සවේකට ගියා කියනවනේ. ඒ ගියේ කොහාටද? සිරසවත්තුපුරේට. මගේ හිතේ ඒ කාලේ වෙනකොට ලංකාවේ ප්‍රධාන නගරයක්- හුගක් වෙලාවට අගනුවර -වෙන්ඩ ඇති ඔය කියපු නුවර. නැත්තං ඔක්කොම ස්වදේශික නායකයෝ එතෙන්ට රැස් වෙන එකක් නෑ නේ. ඉතිං ඒ ම්ලේච්ච ස්වදේශික සංහාරෙන් පස්සේ විජය කොහෙද තමුන්ගෙ අග නුවර විදිහට තෝර ගත්තේ? උපතිස්ස ගාමය. ඊට පස්සේ ස්වදේශික- විදේශික එකමුතුවෙන් පස්සේ පණ්ඩුකාභය රජ්ජුරුවෝ කොහෙටද අගනුවර ගෙනිච්චේ සිරසවත්තුපුරේටද නෑ අනුරාධපුරේට. අවුරුදු දාහක් විතර අපේ අගනුවර වෙච්ච, ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය වගේ මහා බෞද්ධ ආයතන පිහිටලා තිබ්බ නගරය ආක්‍රමණිකයන් අතින් විනාශ උනාම අනෙ අප්පේ එහෙම කියල කොහොමද අපි කොහොම හරි අනුරාධපුරේම ඉන්ඩ ඕන කියල අපේ හිටපු රජවරු ආපහු ගියාද? නෑ. මහා පරාක්‍රමභාහු වගේ ප්‍රභල රජ කෙනෙක් ඉන්දැද්දී පවා රාජධානිය උනේ පොලොන්නරුව. ඊට පස්සේ කාලේ ගැන කියන්ඩ ඕන නෑ හැමෝම දන්නවනේ.ඉතිං අග නුවර කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවේ දේශපාලන බලය තියන කණ්ඩායමේ උවමනාවල් වලට අනුව. ඒ උවමනාව වෙනස් උනාම එහෙම නැත්තං වෙන උවමනාවක් තියන කණ්ඩායමක් බලයට ආපුවම අර අගනුවර ආයෙත් වෙනස් වෙනවා. ඔය අගනුවර කියන සංකල්පෙට ඉංගිරිස් කාරයෝ හරි ලස්සන යෙදුමක් යොදනවා. ඒ තමයි “Seat of Power” - මට තේරෙන ඉංග්‍රීසියට අනුව නං ඒ කියන්නේ ‘බලයේ ආසනය’ කියන එකයි. ඒ කියන්නේ බලය කේන්ද්‍රගත වෙලා තියන තැන.ඉතිං ඔය වගේ මානව ඉතිහාසය ගත්තම ඉතා තාවකාලික සිදුවීමක් හිංදා මිනී මරා ගන්ඩ ඕනද? මට තියන ප්‍රශ්නේ ඒකයි. මම බෞද්ධයෙක්. ඉතිං මම අනුරාධපුරේට හරි සැවත් නුවරට හරි, බුද්ධගයාවට හරි ලුම්බිණියට හරි ගියාම හිතෙනවා අනේ මේ අපි ඉන්නේ බුදු හාමුදුරුවෝ එහෙම නැත්තං රහත් උත්තමයෝ වැඩ හිටපු තැනක නේද? මේ මේ තැන් පහු කර ගෙන ඒ උත්තමයෝ වඩින්ඩ ඇති නේද? කියලා. ඔය ජෙරුසෙලමේ මිනී මරා ගන්න එවුන්ට හිතෙන්නේ නැද්ද ඒ නගරේ පොලොව උඩ නේද ජේසු තුමා ශ්‍රාවකයොත් එක්ක වැඩියේ කියලා. මම ඉස්ලාම් ආගම ගැන දන්නේ නෑ හැබැයි නබිතුමා හෝ එතුමාගේ ප්‍රධාන අනුගාමිකයෝ හරි ජෙරුසලමේ ඉන්න ඇති. යුදෙව් ආගමේත් ප්‍රධානියෝ ඔය නගරේ ඉන්ඩ ඇති. මේ හැමෝම තම තමුන්ගේ දෙවියන්ට කී පාරක් යාඥා කරලා ඇත්ද ඔය ශුද්ධ භූමියේ ඉදන්?මිනිස්සුන්ට යහපත උදා කරලා දෙන්ඩ ඔවුන් කොයිතරං වෙහෙස වෙන්ඩ ඇත්ද ඔය නගරේ ඉදන්. ප්‍රේමයේ පණිවිඩය දෙවියන් හා මිනිසුන් එක්කහු කරමින් කී පාරක් ගලා යන්ඩ ඇත්ද ඔය නගරේ ඉඳන්?එහෙව් නගරයක්, ආගමක් නාමයෙන් අල්ලාගෙන මිනී මරා ගන්නේ ඇයි? බයිබලයේ ශුද්ධවර මැතිව් ගේ පොතේ මෙහෙම තියනවා.……එහෙත් ජේසුස් වහන්සේ ඔවුන්ගේ නපුරු අදහස දැන, කෛරාටිකයෙනි, ඔබ මා පරික්ෂා කරන්නේ මන්ද? බදු ගෙවන කාසියක් මට පෙන්වන්නැයි වදාළ සේක. ඔවුහු රිදී කාසියක් ගෙනැවිත් උන් වහන්සේගේ අතට දුන්හ. "මේ රූපය හා සටහන කවරෙකුගේ දැ" යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. "සීසර් අධිරාජයාගේ ය"යි ඔවුහු කීහ. එවිට උන් වහන්සේ, එසේ නම් රජුගේ දේ රජුටත්, දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේටත් දෙන්නැ" යි වදාළ සේක. ඔවුහු ඒ අසා මවිතව උන් වහන්සේ අත්හැර ගියහ. (ශු. මැතිව් 22:15)ජේසුස් වහන්සේට තිබු ප්‍රඥාව උන් වහන්සේගේ වර්තමාන අනුගාමිකයන්ට තියනවනං ඔවුන් මිනී මරා ගන්න එකක් නෑ. නබි තුමාගේ හෝ යුදෙව් ආගමේ ඉගැන්වීම් ගැන මං දන්නේ නෑ හැබැයි මට හිතෙනවා ඔවුනුත් මීට සමාන දේවල් කියන්ඩ ඇති අනුගාමිකයන්ට. ඒත් ඒ එකක්වත් තේරුං නොගන්න අපි මිනී මරා ගන්නවා ජෙරුසෙලම වෙනුවෙන්.ජෙරුසෙලම හරියට අම්ම කෙනෙක් වගේ. කවදාවත් කාටවත් අයිති කර ගන්ඩ හෝ විනාශ කරන්ඩ බැරි උතුම් සංකල්පයක්. මගේ අම්මා ජීවතුන් අතර නැති උනත් ඒ සුවඳ, ඒ හඬ මට තාම දැනෙනවා. මගේ හිතේ හැම දරුවෙකුටම එහෙමයි. ඒ වගේම ජෙරුසෙලමත් කාටවත් කවදාවත් අයිති කර ගන්ඩ වත් නැති කරන්ඩ වත් බැරි සුන්දර සංකල්පයක්. මෙන්න සාක්කි. පහුගිය අවුරුදු හය දාහක කාලෙදි ඔය නගරය දෙපාරක් සම්පූර්ණයෙන් සමතලා උනා. හැබැයි ඊජිප්තු ෆීනික්ස් කුරුල්ලා වගේ අළු උඩින් ජෙරුසෙලම නැගී හිටියා. සතුරන් විසින් 23 පාරක් සම්පූර්ණයෙන් වටලව්වා. පනස් දෙපාරක් ප්‍රහාරයන්ට ලක් උනා. 44 පාරක් එක එක පැති වලින් අල්ල ගත්තා. ඒ කියන්නේ 121 වතාවක් විනාසේ කර මුලටම ආවා. හැබැයි විනාස උනේ නෑ. ඔය කාලේ ඇතුලත අධිරාජ්‍ය කීයක් ඇතිවෙලා නැතිවෙලා ගියාද? ඉතින් මේ අමරණීය නගරයක් වෙනුවෙන් කෙටි ජීවිත කාලයක් තියන මිනිස්සු මිනී මරා ගන්න එක මොන තරං මෝඩ වැඩක්ද?මට හිතෙන්නේ මේ ඇත්ත දැන් ඉන්න නායකයොත්, සාමාන්‍ය මිනිස්සුත් නොදන්නවා නෙවෙයි. අපේ මහා කවියා - මහගම සේකර මහත්තයා කියනවා වගේ ඔවුන් මෙහෙම හිතනවා ඇති.…… උදුරා දමා සිතෙන් පැරණි මතකඉදි කරමුව ඉදිරි දවස.ඔවුහු කියති සිත ඇතුළෙන්ඔවුනොවුන්ට.තම තමන්ට.එසේ වුව,මතකයට වරින් වර ගලා එයිඅතීතයේ සුවඳ- දුගඳ ඉන් නැත මිදුමක්.සසඳා බලති ඔවුහු එදත් - අදත් උන්ගේ නියම සෙනෙහස මනිනා පඩිය දැන් පැත්තට දමා බැලු විට බර වැඩිය (මහගම සේකර - රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත කවි පොතෙන්)මෙහෙම මිනී මරා ගන්නවනං ශුද්ධ නගර වෙනුවෙන්, අපි ඔය ශුද්ධ නගර එක්කහු කරලා පොළොවෙන් එළියේ තැනක තියමු. ඊට පස්සේ ආරියවංශ රණවීර කවියා කියනවා වගේ මෙහෙම කියමු.ඔබ ඉන්න ඔතන පිටතම උස වැඩියි ගන්න ගෙතුළට මිටි මිටි දෑය ඇත්තෙ ඇතුළත උස ඔබට කොහොමවත් නොගැළෙපෙන කතා කුණු වැකුණු රෙදි පෙරෙදි වෙයි කට දිගේ හොදි පෙරුණු බඳුන් වෙයි නොසරුප් වදන් එහෙ මෙහෙ වදියි නොගැඹුරු අකුණු හිස මත කෙටෙයි ඔබ ඉන්න ඔතන පිටතම මහා අකුණු ආවද නොසැළෙන පත් කිරුළු පානා රජෙකු සේනෙක රැස් ප්‍රභා අවට විහිදමින්මම පැමිණ වරින් වර පිටතට ඔබ අසළ සෙවන යට වැතිර ගෙන විඳි සුවය හද මැදුර දරා ගෙන හොදි බඳුන් සෝදමි ගෙට පැමිණ කැත කුණු ද සෝදමි ගෙයි වැකුණ ඔබ ඉන්න ඔතන පිටතම උස වැඩියි ගන්න ගෙතුලට  (ආරියවංශ රණවීර, කණිකා - කවුළුවට අතු අගින් අනින ගෙන් පිටත උස ගසට)එහෙම නැත්තං ඔක්කොම එක්කහු වෙලා මෙහෙම ප්‍රතිඥා දෙන්ඩ ඕන ජෙරුසෙලමේ උපදින අනාගත පරම්පරාවට. ඔය අපේ ලංකාවේ නායකයෝ උදේ දවල් බොරුවට දෙනවා වගේ නෙවෙයි හදවතිම්ම. ප්‍රතිඥාව දැනටම ලියල මහගම සේකර.යගදා දෑතින් සවිබල මිරිකා මවු පොළොවේ පස එයින් හනාපුතුනේ හෙට ඔබ දොරට වඩින විට ගොඩ නංවන්නෙමු අලුත් ලොවක් අපි ආදරයෙන් පිරි අලුත් ලොවක්.......අතීත උරුමය පාදා මතුකොට නව යුගයේ නව හුස්මෙන් පණ පිඹ යළි නොවැටෙන ලෙස ඒ ගල් ටැම් මත ගොඩ නංවන්නෙමු අලුත් ලොවක් සන්තෝෂය පිරි අලුත් ලොවක්!!(මහගම සේකර, නොපළ ගීත - ගොඩ නංවන්නෙමු අලුත් ලොවක් අපි)ජෙරුසලමේ විතරක් නෙවෙයි ලංකාවේ අනාගත පරපුරටත් මේ පොරොන්දුව දෙමුද අපි?ආදරයෙන් පිරි අලුත් ලොවක්සන්තෝෂය පිරි අලුත් ....   වැඩිදුර >>  
Next || Previous