ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
මහරජ කංසා [ යාම් : 69 ] | කට්ටකාඩුව | 2018-01-05 00:59:28
සාමාන්‍යයෙන් පිරිමි අපිට ටී. වී. බලන වෙලාවට රිමෝට් කොන්ට්‍රෝල් එක අතේ නිකං තියාගෙන ඉන්ඩ ටිකක් අමාරුයි. ඉතින් ඕකේ බොත්‍තන් මිරික මිරික ඉන්න වෙලාවක මම දැක්කා මහරජ කන්සා කියල ටෙලි නාට්ටියක් මොකද්දෝ චැනල් එකක පෙන්නනවා කියල මේ දවස් වල. ඒ දැක්ක ගමං මගේ හිත දුවලා ගියේ අපි කැම්පස් හිටපු කාලේ හිල්ඩා හොස්ටල් එක වාසභවනය කරගත්තු කාලෙට. ඔය කාලේ බඩේ කැක්කුං, අතේ පයේ කැක්කුං, කොන්දේ කැක්කුං, ඉස රදේ, අධික සීතල, පීනස වගේ අටානූවක් රෝග දෙසිය තිහක් ව්‍යාධි හැදුනම හෙල්ත් සෙන්ටර් එකට යන එක මහා වදයක්. මොකද ඒ කෙහෙම්මල තිබ්බේ සංඝමිත්තා කන්දේ. අපි ඕකට ගෙහුං ආවත් අනිත් අපතයෝ හිතන්නේ අපි මේ කෙල්ලෝ පස්සෙන් ගිහින් එනවා කියල. එහෙව් එකේ අර කියාපු ලෙඩ වලට හරියන අත් බේත් අපි ළඟ තබා ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගුනා. එක එක අමාරු වලට වෙන වෙන බේත් අපි තියා ගත්තේ නෑ. තිබ්බේ එකම බේතයි. ඒ තමයි මහරජ කංසා. එහෙම නැත්තං ත්‍රයි ලෝක විජය පත්‍ර එහෙම නැත්තං ගංජා!!!මේ අගනා අවුසදෙත් එක්ක අපේ තිබ්බ සම්බන්ධෙ කොච්චරද කියනවනං අපේ එක යාලුවෙක් පොඩී සූට්ටං ගංජා පැලයක් හුරතලේට ඇති කරන්ඩ පටං ගත්තා. මේ පොඩි හුරතල් පැලේ දවසින් දවස ලොකු වෙවී එද්දී අපිත් ගිහිං වතුර ටිකක් දාලා, කොළ ටිකක් අත ගාලා අපේ ආදරේ දක්වලා ආවා. ඒත් එක දවසක් හරිම ඇබැද්දියක් උනා. ඒ තමයි ශාලාධිපති තුමා තමුන්ගේ උප ශාලාධිපති වරුනුත් එක්ක අපේ කාමර වලට ආවා සැප දුක් බලන්ඩ. එදා අපේ කාමරේ තමයි අර හුරතල් පැලේ හිටියේ !! “මේ මොන ගහක්ද?” මැටි මල් පෝච්චියක හිටවලා අපේ මෙසේ උඩ තිබ්බ පැලේ දැක්කම වෝඩන් තුමා ඇහුවා.මේ ප්‍රශ්නෙම්ම අපෙ අක්මාවට දැනුනා වෝඩන් තුමා කංසා පලයක් දැකලා නෑ කියලා ජීවිතේට. අපි ඇත්ත කිව්වොත් ශිෂ්‍යභාවයත් අහිමි වෙන්ඩ පුළුවන් හිංදා අපි පොඩි බොරුවක් කිව්වා.“ස....සර් මේ තක්කාලි පැලයක්!”“ආ... බොහොම හොඳයි…අන්න බලන්ඩ ඇග්රිකල්චර් කරන ළමයි උනාම තනි තනි පැලේ හරි හදලා ගොවිතැනට යොමු වෙන එක හරි හොඳයි. අපි ඒක අගය කරනවා!! බලන්ඩ මිස්ටර් ...ජිත් ඔයා ආඩම්බර වෙන්ඩ ඕන ඔයාලගේ ෆැකල්ටියේ ළමයි ගැන!!!” මෙහෙම කියල ඒ කාලේ හිල්ඩා එකේ සබ් වෝඩන් කෙනෙක් විදිහට හිටපු අපේ ෆැකල්ටියේ සර් කෙනෙක් දිහාට හැරුනා. ....ජිත් සර් ගේ මූණ රතු වෙලා!! ටිකක් දාඩියත් දාලා වගේ. අපිට තේරුනා ...ජිත් සර් ට වැඩේ අතේ මාට්ටු කියලා. ඒත් කරන්ඩ දෙයක් නැති කමට කට වහ ගෙන හිටියා.“ඔ...ඔව් සර් එහෙම තමයි හොඳ ගුරුවරු හිටපුවම!!”හිහ්..හිහ්.. කියල පොඩි හිනාවකුත් දාලා  ...ජිත් සර් ගේ පිටට තට්ටුවකුත් දාන ගමං  වෝඩන් සර් අපේ කාමරෙන් ගියා. ඒ විතරක් නෙවෙයි තව කාමර හය හතකදීම අපේ කාමරේ ළමයින්ගේ උනන්දුව ගැන වර්ණනා කරලා අපි වගේ හැදෙන්ඩ කියල අවවාදත් කරලා තිබ්බා.ඉතිං ඒ වගේ ගෞරවයක් අපිට ලබා දුන්නු මේ අපූරු පැලේ ගැන තමයි අද විස්තරේ.අපි ගංජා…ගංජා කිව්වට ඔය ගහේ විද්‍යාත්මක නාමය කැනබිස් (Canabis). ඇත්තටම කැනබිස් කියන්නේ ඒ ගහ අයිති වෙන ඝනය (Genus). මේ ඝනයට විශේෂ දෙකක් අයිති වෙනවා. එකක් කැනබිස් සැටයිවා (Canabis sativa) අනික කැනබිස් ඉන්ඩිකා (Canabis indica). සමහර විශේෂඥයෝ නං කියන්නේ මෙහෙම විශේෂ දෙකක් නෑ, මේ දෙවර්ගේම එකම Canabis sativa විශේෂයට අයිති වෙන උප විශේෂ කියලා. ඒ කොහොම වෙතත් දැනට අපි මේ දෙක විශේෂ දෙකක් විදිහට හිතා ගම්මුකො.මේ ගස් ඔක්කොම අයිති වෙන්නේ කැනබේසියේ (Family- Cannabaceae) කියන කුලයට.කංසා කියන්නේ එක අව්රුද්දක කාලයක් ඇතුලත තමුන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන, ඒක ලිංගික, අවුසද පැලෑටියක්. මේ මල් පරාගණය වෙන්නේ හුළඟින්. ඉතින් ඔය මී මැස්සෝ වගේ සත්තු ඕන නෑ පරාගනය වෙන්ඩ. බලන්ඩ කාටවත් කරදරයක් නැති ගහක්!! එතකොට ඇයි මේ ගහ තහනං කරලා තියෙන්නේ සමහර රටවල් වල? ඒ මේ ගහෙන් මත් ගතිය ඇතිකරන නිෂ්පාදන හදන්ඩ පුළුවන් හිංදා.එතකොට කොහොමද මත් වෙන්නේ? ඔය මත් ගතිය ගේන කැනබිනොයිඩ්ස් කියලා රසායන ද්‍රව්‍ය ඛාණ්ඩයක් හැදෙනවා මේ ගස් වල. මේ කැනබිනොයිඩ්ස් වර්ග 125 කට වඩා කංසා ගස් වල තියනවා. ඒ අටෝ රාශියක් කැනබිනොයිඩ්ස් වලින් වැදගත් වෙන්නේ දෙවර්ගයක්. 1. කැනබිඩියොල් (CBD)2.ටෙට්‍රා හයිඩ්රො කැනබිනොල් (THC)ඔය THC තමයි වැඩකාරයා. හරියටම කියනවනං THC හා CBD අතර අනුපාතය!!. මේක ගහේ ජාන මගින් තීරණය වෙන කාරණයක්. මත් ගතිය අඩු ගස් CBD වැඩියෙනුත් THC අඩුවෙනුත් හදනවා. හොඳට -වදින- ගස් ඒකෙ අනික් පැත්ත.කොටිම්ම THC තමයි මොලේ කචල් කරන රසායන ද්‍රව්‍යය. වැරදුනා මොලේ කචල් කරනවා කියල සමහරු කියන!!! අර මං මුලින් කිව්වනේ කංසා විශේෂ දෙකක් තියනවා කියලා. ඒ දෙකෙන් ඉන්ඩිකා විශේෂයේ THC වැඩියි. ඒ කියන්නේ වැඩිපුර පොලොසියෙන් පන්නන්නේ ගස් පස්සේ!!! සමහර ගස් වල මත ගතිය කොයි තරං නොවැදගත්ද කියනවනං ඒ ගස් වැදගත් වෙන්නේ කෙඳි ලබා ගන්ඩ. ඔය හෙම්ප් කියල කියන්නේ එහෙම ලබා ගන්න කෙඳි වලට. ඒ කෙඳි වලින් රෙදි හදලා ඇඳුම් පවා මහ ගන්ඩ පුළුවන්.ගංජා ගැන කතා වෙන සමහරු -මලක් අදිනවා-, -මලක්- වගේ යෙදුම් ගංජා හැඳින්වීමට පාවිච්චි කරනවා. මේ තරං කංසා ගහේ මල් වල තියන වැදගත්කම මොකක්ද??ඔය අහිංසක ගහ ඒක ලිංගිකයි කියල මං කිව්වනේ. ඉතින් ස්ත්‍රී ගස් වල ඒ කියන්නේ ස්ත්‍රී ලිංගික මල් පිපෙන ගස් වල මලත් නැටුවත් අතරේ තියනවා මනි පත්‍ර (Calyx) කියල හඳුන්වන ජාතියක්. මෙන්න මේ රූපේ වම් පැත්තට වෙන්ඩ  කොළ පාටට පේන්නේ ඔය කියන මනි පත්‍ර. ඊගාවට ඔය මනි පත්‍ර වලට යටින් තියනවා නිපත්‍ර එහෙම නැත්තං උප මනි පත්‍ර (Bract) කියලා හඳුන්වන අංගයක්. මෙන්න මේ රූපේ ඔය අංග දෙකම පැහැදිලිව පේනවා.වැඩියක්ම ඔය මනි පත්‍ර වලයි උප මනි පත්‍ර වලයි තියන ග්‍රන්ථි වගෙකින් එක එක ශ්‍රාවයන් නිපදවෙනවා. හරියට අපේ හමේ තියන දාඩිය නිපදවෙන ග්‍රන්ථි වලින් දාඩිය හදනවා වගේ. ඔය ශ්‍රාවයන් ඇතුලේ තමයි කැනබිනොයිඩ්ස් තියෙන්නේ.  ඔය ශ්‍රාවය තමයි අපි එක්කහු කර ගෙන වේලා ගන්නේ. මල් පොහොට්ටුවම වේලුවොත් මරිජුවානා කියනවා. අර වෑස්සෙන රෙසින් වෙනම වෙලුවොත් හෂිස් කියලා කියනවා. ඉතින් ඔච්චර මහන්සි වෙන්නේ නැතුව ඒ තරං පිරිසිදු කරන්නේ නැතුව උනත් සමහරු ඔය ජරාව පාවිච්චි කරනවලු අනෙ අප්පේ!!!හොරෙං හොරෙං අපේ වගේ ගංජා තහනං රටවල මේ පැලේ වැව්වට සමහර රටවල් වල මේක වැවීම හා පාවිච්චිය තහනං නෑ. උදාහරණයක් විදිහට නෙදර්ලන්තේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තෙත් කංසා වැවීම දැන් නීති ගත කරලා තියෙන්නේ. ලෝකේ පුරා මිනිස්සු පාවිච්චි කරාට මේ ගහේ නිජ බිම විදිහට සලකන්නේ ඉන්දියාවේ හිමාලයට වයඹ දිගින් තියන ප්‍රදේශය. ඒ හින්දමද කොහෙද නේපාලය, ඇෆ්ඝනිස්තානය, පකිස්තානය, ඉන්දියාව වගේ රටවල වල බොහොම ලේසියෙන් වැවෙන පැලයක් මේක.හැබැයි ගිය අවුරුද්දේ ලංකාවත් ගංජා අපනයනය කරන්ඩ ලැස්ති වෙන බවක් ආණ්ඩුව කිව්වා. ඇත්තටම වාරි ජලය දෙන්ඩ බැරි ශුෂ්ක ප්‍රදේශ වලට මේක හොඳ වගාවක්. අක්කර සීයක් වැව්වොත් මරිජුවානා ටොන් 25 විතර හදා ගන්ඩ පුළුවන් කියල තමයි කියන්නේ. කංසා වලට අලුතින් ලෝකේ පුරා ලොකු ඉල්ලුමක් ඇවිල්ල තියෙන්නේ -විකල්ප වෛද්‍ය ක්‍රම-  භාවිතයට තියන ඉල්ලුම වැඩි වෙච්ච හින්දලු. කංසා ආයුර්වේද වෙදකමේ දී පාවිච්චි වෙන්නේ අවුරුදු දාස් ගානක ඉඳලා. හැබැයි අර මම මුලින් කියපු එක එක කැනබිනොයිඩ්ස් වර්ග ඔක්කොම එකට තියන කොට ලැබෙන ප්‍රතිපලේම THC වෙනම සුද්ද කරලා ගත්තහමත් එනවද කියන එක නං මං දන්නේ නෑ. මෙව්වා කියවලා ඔලුව නිකන් -ගංජා ගැහුවා වගේ- වෙලා නං අපි වෙන දෙයක් ගැන කතා කරමු.කංසා පාවිච්චියට ගන්ඩ පුළුවන් වෙනස් ක්‍රමයක් ගැන සොකරි කතාවේ තියනවා. මම මේක ඇහුවේ ජයලත් මනෝරත්න මහත්තයාගේ තල මල පිපිලා නාට්‍යයේ. මතක හැටියට මෙන්න කවිය.හකුරුත් දුං කලත් කංසා එක පමණ ඇඹරූ ලෙසට අල්ලේ පොඩි කරල ගෙනකංසා ගඩු ගුඩාවට දිය වක්කරන සොකරිත් ගුරුවත් බොති කංසා ඉඳන   ගඩු ගුඩාව කියන්නේ පොඩි පයිප්පයක් වගේ එකක් නේ. එතකොට වතුර දාන්නේ වැඩිපුර දුමක් නිපදවා ගන්ඩ වෙන්ඩ පුළුවන්. කව්දෝ මට කිව්වා කෙරල ගංජා වල වතුර ප්‍රමාණය හුගක් වැඩියි කියලා. එහෙමනං මේ සොකරියි ගුරුවයි බීල තියෙන්නේ කේරල ගංජා වගේ දෙයක්ද? දන්නා කෙනෙක් ඉන්නවනං මේ ගැන අදහසක් දැක්වුවොත් අපිටත් දන ගන්ඩ පුලුහන්. හැබැයි වැඩිය ඔය ගංජා එක්ක සෙල්ලං එපා. මොකද අපේ රටේ මිනිස්සු නිකනුත් ඉන්නේ ගංජා ගහලා වගේ මොලේ කොලොප්පන් වෙලා. නැත්තං එක එකා විඩෙන් විඩේට ඇවිත් කියන පතරංග බොරු වලට රැවටිලා ඇයි ආපහු ආපහු චන්දෙ දෙන්නේ? එහ්වූ මත වීමක් වෙලා ඉන්න අපිට තව අලුතින් ගංජා ගැහුවොත් මොකක් වෙයිද? අපි ගංජා ඉල්ලුවොත් තියන මිනිස්සු අපිට දෙයිද? නොදුන්නොත් මොක වෙයිද?මටත් දියං ගුරු හාමී කංසා ඉල්ලන තොටත් දෙන්ඩ කංසා නැත ගුරුවා කියමින පිහා කැත්ත අතේ ගගා මුවහත බලමින මටාත් නුදුන්නොත් කංසා ගුරුවා මරමින ඔන්න THC වල ....   වැඩිදුර >>  
Next || Previous