ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
බැඳුම්කර ගැන කතා කිරීම නවතා වැලි ප්‍රවාහන පෝමිට් ක්‍රමය අහෝසි කරනු! බස්නාහිර පළාත තුල දැව ප්‍රවාහනයට පෝමිට් අවශ්‍යය යන්න වහාම අහෝසි කරනු! වගා නොකරන කුඹුරු ඉඩම ජනසතු කරන බවට තර්ජනය කිරීම වහාම නවතනු !පාරිභෝගිකයන්ට, ප්‍රෝටීන් පහසුවෙන් ලබා ගත හැකි මාර්ගය වන දේශීය ගව මස් පහසුවෙන් හා අඩු මිලට ලබා ගැනීමට වහාම විදි විධාන සලසනු. දැන් ලංකාවෙ වන් ඇන් ඔන්ලි ප්‍රශ්නය භාංඩාගාර බිල්පත් වෙන්දේසියේදී විකිනීම පමනක්ද? [ යාම් : 11 ] | holy temple | 2018-01-04 08:48:10
දැන් ලංකාවෙ වන් ඇන් ඔන්ලි ප්‍රශ්නය භාංඩාගාර බිල්පත් වෙන්දේසියේදී විකිනීම හා අදාල කරුනුය. වගකිවයුත්තන්ගේ අවධානයට ලක්විය යුතු කරුණු 01.සාමාන්‍ය මිනිහාට ගෙයක් සාදා ගැනීමට අසීරුය. හේතුව වැලි ගිනි ගනන් වීමයි. මෙයට හේතුව ‘පෝර්මිට්’ නැත්නම් වැලි ප්‍රවාහනය කල නොහැකිවීමයි.වහාම වැලි පෝමිට් ක්‍රමය අහෝසි කල යුතුය. 02.දැව ප්‍රවාහන තහනම මෙයිනුත් රිදී ඇත්තේ සාමාන්‍ය මිනිසාටය.සැලකිය යුතු රජයේ කැලැ නොමැති බස්නාහිර පලාතේ දැව පෝමිට් නොමැතිව ප්‍රවාහනය තහනම් කිරීම වහාම අහෝසි කල යුතුය.අයිතිකරුවන්ට, ඒ බව තහවුරු කර සිය දැව ප්‍රවාහනය කිරීමට වහාම ඉඩ සැලසිය යුතුය. 03.වගා කර නොමැති කුඹුරු ඉඩම් ජනසතු කරන බවට තර්ජනය කිරීම වහාම නවතනු! කුඹුරු ඉඩම් හිමියන්ගේ ප්‍රශ්න හඳුනා ගනු! මෙවැනි තර්ජනය කිරීම්වලට පෙර ගොවි සමිති වලින් ඉදිරිපත් කර ඇති නියෝජන වලට කන් දෙනු!!. එක් නිදසුනක් දක්වමි. අමන්දොලුව ‘දිරිය ශක්ති ගොවි සමිතිය ‘ විසින් ආඬිඅම්බලමේ , ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ සිය කුඹුරු වල ඇලවේලි හා කුඹුරු ශුද්ධ පවිත්‍ර කර දෙන ලෙසය.ඒවට උත්තර නෝ!! හැබැයි වගා නොකලොත් කුඹුරු ජනසතු කරනවාලු!!! මෙන්න මේවයි නියම ප්‍රශ්න!! ජලය බැස යාමට ඉඩ තබා කුඹුරු ඉඩම් හිමියන්ට සිය ඉඩම්වල ඕනෑම දෙයක් කිරීමට ඉඩ දෙනු! කුඹුරු ඉඩම් වලට බලපාන ගොවි ජන සේවා පනත් 02 අහෝසි කරනු!! 04.. මා දන්නා පරිදි රජයේ නියෝජිත්ජයා වන මහා මහ බැංකුව රජයට මුදල් අවශ්‍ය වූවිට වසර 20,30 කල් පිරෙන ණය පත් වෙන්දේසිකරයි.මල කෙලියයි ! ඒවා මිලදී ගන්නා අය කරන්නේ රජයේ ණය ගෙවා ගැනීමට උදව් කිරීමයි!. නොහොත් රජය, උග්‍ර ණය ගොහොරුවේ ගිලී යාමට ඉඩ නොදී බේරා ගැනීමයි.!දැන් බලන විට සිදුවී ඇත්තේ ඉන් අනිත් පැත්තය. ලංකාවේ ජීවත්වන අපි මැරී නැවත ඉපදී නොමැති බැවින් ලෙහෙසියෙන් ගොනාට ඇන්දවිය නොහැක. ජෙප්පො ඇතුළු ෆේස්බුක් කල්ලියට මේ දිනවල ඕවර් ටයිම්ය. දැන් කල යුතුව ඇත්තේ නීතිපති වෙත වාර්තාව යැවීමය. ඉන්පසු නීතිපති විසින් ඔහු ලඟ ඇතැයි සඳහන් අනිකුත් ෆයිල් 71? ත් සමඟ සිය නිර්දේශ නොහොත් නඩු පැවරීම හෝ නොකිරීම සිදු කරනු ඇත. නඩු විභාග කරනු ලබන්නේ මෙරටේ අධිකරනය විසින් මිස ෆේස්බුක් ඔස්තාර්ලා විසින් නොවේ!! ඒ බව ඔය කොයි කවුරුත් දතමනාය. එහෙයින් වාර්තාව නොකියවා වැඩිය උඩ පැනීම නවතනු! බැඳුම්කර ගැන කතා කිරීම නවතා වැලි ප්‍රවාහන පෝමිට් ක්‍රමය අහෝසි කරනු බස්නාහිර පළාත තුල දැව ප්‍රවාහනයට පෝමිට් අවශ්‍යය යන්න වහාම අහෝසි කරනු!1 වගා නොකරන කුඹුරු ඉඩම ජනසතු කරන බවට තර්ජනය කිරීම වහාම නවතනු   ....   වැඩිදුර >>  
Next || Previous