ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
බොහිමියානුවාගෙන් පසු සහෝදරයාට [ යාම් : 25 ] | ජෝන් ලෙමන් | 2018-01-01 00:50:06
මට ඒ ගීතය තාමත් මට මතකයි -- පෙරදිග අහසේ ලහිරු කිරන සේ මතු වී හිනැහෙන් සකිසදේ..අදුරේ අප යන මාවත- හෙලි කරවා මග හැර බාදක- තම හිස රැදි මිනි කිරුලද ගලවා අන් හිස පලදා හිනැහෙන්නේ....-- .මේ සින්දුව මොරිස් විජේසිංහ මහත්මයා ගායනා කරන්නේ දෑකැති මුවහත ටෙලි නාට්‍යයේ තේමා ගීතය විදිහට. ඒ අවුරුදු 17 කට විතර කලින් .වාමාංශික මත දරන මිනිහෙක් තමන්නේ දේශපාලන ප්‍රතිපත්තිවලටත් එහා ගිහින් තමන්ගේ පංතියේ දුක්විදින මිනිස්සු වෙනුවෙන් ගහන ගේම කොයිතරම් එකක්ද කියල ඒ කතාවේ අපිට පෙන්වුවා .මරණයක් එම්බාම් කරගන්න තරම් සල්ලියක් නැති වතුකරේ මිනිස්සුට අන්තිමේදි ඒම්බාම් වැඩේ පවා කරල දෙන මනුස්සයෙක්. තමන්ගේ ජිවිතේ වැදගත්ම දේවල් අනිත් මිනිස්සු වෙනුවෙන් කැපකරල එහෙම ඉන්න මිනිස්සු ඇත්ත ලෝකේ ඉන්නවද කියල කියන්න දන්නේ නැතිවුනාට ඒ බාර දීපු චරිත ශ්‍රියන්ත මෙන්ඩිස් ටක්කෙටම කලා කියන්න පුලුවන් .මේ කතාව දේශපාලනය ගැන නෙවේ.වර්ශ 2000 න් විතර පස්සේ ලංකවේ බිහිවුන ටෙලි නිර්මානවල ගුනාත්මක ප්‍රවේශයේ ලොකු අඩුවක් තියෙනව කියල හැමෝම දන්න කාරණයක්. ඉන්දියාවෙන් ඉම්පොර්ට් කරපු කතා සහ ඒවා කොපි කරල හදන්න ගියපු ටෙලි නාට්‍ය කලාව හරහා අපි හිතුවෙවත් නැති විදිහේ පරිහානියක් ලංකාවේ ටෙලි නාට්‍යවලට සිද්ධවුනා .එත් තරමක් සාධනිය ලක්ශන තියෙන ටෙලි නිර්මාන අතරින් පතර බිහිනොවුනාම නොවේ . එක්කම අන්තර්ජාලය භාවිතයක් ආපු නිසා මිනිස්සු ලංකාවේ ටෙලි නිර්මාන බලන එකෙන් තවත් දුරස් උනා.සමහර විට මම දන්න විස්තරය එක්ක ගොඩක් අය බටහිර TV  සීරීස් බලන්න පටන් ගත්ත. ටෙලි නාට්‍ය වලට තියෙන ඉල්ලුම දුර්වල වෙනවත් එක්කම එපිසෝඩ් එකක් කරන්න දරන්න වෙන කොස්ට් එක අඩු කරගන්න අඩු මිල ශ්‍රමය එහෙමත් නැත්තම් නොමිලේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න ඉදිරිපත් වනු ගුනාත්මක රංගනයක් නැති නලු නිලියෝ බෝවෙන්න පටන් ගත්තා. අතලොස්සක් වුන සැබෑ දක්ශයොන්ටත් අවස්තාවක් නොලැබුනාම නොවේ.මම බොහෝම කාලයක් තිස්සේ ටෙලි නාට්‍ය නරඔන එකෙන් බැහැරවෙලා හිටියේ ඒකට ගොඩක්ම හේතුව උනේ එකටම කියල වෙන්කරන්න වෙලාව නැතිවුන එකත් අර උඩ කියපු විදිහට බලන්න ඕනෙයි කියල හිතන්නවත් අදහසක් පහල නොවුන නිර්මානපෙල හින්ද .එතකොට කෙනෙක්ට කියන්න පුලුවන් ඔය කියන නිර්මාන එකක්වත් බලන්නේ නැතුව කොහොමද මෙහෙම විවේචනයක් ඉදිරිපත් කරන්නේ කියල .ඇත්තටම මම මගේ විවේචනය පැත්තකින් තියල ප්‍රසංශාවක් ඉදිරිපත් කරන්න කැමතියි.අවුරුදු ගානකට පස්සේ ටෙලියක් බලන්න හිතුවා .ඒ තමයි බොහීමියානුවා. දැන් විකාශය වෙලා අවසන් උනත් ගිගා බයිට් 20 කට කිටිටු වෙන්න data කපාගෙන මුලු කතාවම ඩවුන්ලෝඩ් කරගෙන බලන්න හිතුවේ මුලින්ම ඇත්තටම නම හින්ද. මොකද බොහීමියානු උපසංස්කෘතිය ගැන දැනගන්න ලොකු උවමනාවක් තිබුනා කතාව ආරමිභයේ ඉදලම හොද වෙනසක් තිබුනා,පසුබිම් සංගීත ඛන්ඩ ගොඩක් වෙලාවට බොහීමියානු උපසංස්කාතිය මතු වෙලා ආපු යුරෝපියානු කලාපයේ ජන සංගීතයත් එක්ක මිශ්‍රවුනු පෙරදිග සංගිතය කලවමි වුන එකක්."ආදරය පිරෙන්නේ ආදරයෙන්ම පමනි.මගේ පංතිය කුලය ජාතිය වත්පොහොසත්කම් ගැන නොහිත මට විතරක් ආදරය කරපු කෙනා ඔයා.මගේ ආදරයේ ප්‍රමානය ගැන පැමිනිලි නොකර ලැබෙනවට වඩා දෙයක් නොඉල්ලු කෙනා ඔයා.මාත් එක්ක ජිවිතය ලේසි නෑ කියල දැන දැනත් මටම ආදරය කල කෙනා ඔයා "මේ බොහිමියානුවා තුල දෙ තුන් වතාවක් කියැවනු දෙබසක්2000 න් පස්සේ පුංචි තිරෙන් අපිට හදල පෙන්වපු හා ඉන්දියාවෙන් ගෙනත් පෙන්වපු මිනිමරු ආදරය වෙනුවට හදවතට දැනෙන ඇත්ත ආදරයක් ගැන කියල දුන්න . කෙනෙක්ට නෙවේ මුලු සමාජයකට ආදරය කරන්නේ කොහොමද කියල  පෙන්වුවා .බොහිමියානුවා ගැන මම තවදුරටත් කියන්න යන්නේ නැතුව පුලුවන්නම් අනිවර්යයෙන් බලන්න කියල ඉල්ලීමක් කරනවා.මම කියනවට වඩා දෙයක් ඇත්තටම ටෙලි නාට්‍ය හරහා බලල ඔලුවට ගන්න පුලුවන්.මින් පස්සේ එන්නේ සහෝදරයා තාමත් විකාශය වෙලා තියෙන කොටස් අට ඇතුලේ විතරක් අපේ මේ ගොබ්බ සමාජයට දෙන්න පුලුවන් පහරවල් කිහිපයක්ම ගහල ඉවරයි. ඒත් ඒක මොන විදිහට--හිරිවැටුුන මිනිස්සු-- ඉන්න ලාංකිය සමාජය බාර ගනීද කියල කියන්න අමාරුයි. ලංකාවේ බිහිවු තවත් අග්‍රගන්‍ය නිර්මානයක් වීමේ පෙරමග සලකුනු මට පෙනේ...මේ නිර්මාන ද්විත්වය පිටුපස සිටින නාමල් ජයසිංහට නම් විසිල් පාරක් ....   වැඩිදුර >>  
Next || Previous