ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ජීඑස්පී සමඟ සුබ නව වසරක්! [ යාම් : 19 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-12-31 20:02:14
තවත් ග්‍රෙගෝරියන් අවුරුද්දක් අවසන් වෙමින් තිබේ. ලංකාව ඇතුළු තවත් රටවල් ගණනාවකටම දැනටමත් 2018 අවුරුද්ද ලබා අවසන්ය. එළියේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක බිංදුවක් හෙවත් සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ දහඅටකි. හාත්පස පෙනෙන ගස්වැල්, නිවෙස් වල වහල, නවත්වා ඇති වාහන සියල්ල හිමෙන් වැසී ගොස්ය. අවට පෙනෙන්නේ සුදු පැහැය පමණි. සීතල මැද්දේ එළියට බහින්නට ලොකු කම්මැලිකමක් නැතත් ලබන සතිය වෙද්දී අවසන් කළ යුතු වැඩ තොගයක් ගොඩ ගැසී ඇති නිසා අද අවුරුද්දේ අන්තිම දිනය මෙන්ම ඉරිදා දිනයක්ද වුවත් වෙනත් දෙයක් කරන්නට තරම් හිතේ නිදහසක් නැත. කෙසේවුවත්, අවුරුද්දේ අවසන් බ්ලොග් සටහන ලියන්නට පොඩි වෙලාවක් හෝ මිඩංගු කළ යුතුය.ලංකාවෙන් ඇමරිකාවට එවන ඇඟලුම්  සඳහා මෙතෙක් ලැබුණු ජීඑස්පී සහනය අදින් පසු නොලැබෙන බව දැනගන්නට ලැබී තිබේ. මේ අනුව, රුසියන් තේ කුරුමිණි අර්බුදය යාන්තමින් ගොඩදාගත් ලංකාවට තවත් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වී තිබේ.ඇමරිකා එක්සත් ජනපදය යනු ලංකාවේ ලොකුම අපනයන වෙළඳපොළයි. ලංකාවේ අපනයන වලින් 27.3%ක්ම මිල දී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. එමෙන්ම ඇඟලුම් යනු ලංකාවේ ප්‍රධානම අපනයන නිෂ්පාදනයයි. ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කරන ඇඟලුම් වලින් උපයන ආදායම පමණක් ලංකාවේ සමස්ත අපනයන ආදායමෙන් 20.4%කි. මෙයට සාපේක්ෂව රුසියාවට තේ යැවීමෙන් ලංකාව උපයන ආදායම සමස්ත අපනයන ආදායමෙන් 1.4%ක් පමණි. ඒ නිසා, ඇමරිකාවට යවන ඇඟලුම් වලින් ලැබෙන ආදායම 7%කින් පමණ අඩුවුවහොත් එයින් ලංකාවට සිදුවන බලපෑම සමස්ත රුසියානු තේ වෙළඳපොළම අහිමිවීමට වඩා විශාලය.ලංකාව ඇමරිකාවෙන් ආනයනය කරන්නේ මුළු ආනයන වලින් 2.8%ක් පමණක් වීමත්, ලංකාවේ ගෙවුම් ශේෂයට විශාලම අතිරික්තයක් එකතු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ කරන ද්විපාර්ශ්වික වෙළඳාම වීමත් සැලකූ විට ප්‍රශ්නයේ බරපතලකම තවත් ඉස්මතු වී පෙනේ. ලංකාව විසින් වාර්ෂිකව චීනය හා ඉන්දියාව වැනි රටවලින් විශාල භාණ්ඩ ප්‍රමාණයක් ආනයනය කරන්නේ ඇමරිකාව ප්‍රධාන බටහිර රටවල් සමඟ කරන වෙළඳාම් හරහා උපයන වෙළඳ ශේෂ අතිරික්තය වැය කරමිනි.ඇතැම් අය කියන විදිහට ලංකාවට ජීඑස්පී අහිමිවීමත්, ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට ලංකාව එරෙහි වීමත් අතර සම්බන්ධයක් තිබේ. මේ කතාවනම්, රුසියන් තේ තහනම හා ඇස්බැස්ටෝස් තහනම සම්බන්ධ කරමින් ටික දිනකට පෙර ගොතා තිබුණු කතාව තරම්වත් පදනමක් නැති කතාවකි.අදින් ජීඑස්පී සහනය අහිමි වන්නේ ලංකාවට පමණක් නොවේ. භාණ්ඩ 4800ක පමණ ප්‍රමාණයක් අඩු තීරුබදු අනුපාතිකයක් ගෙවමින් ඇමරිකාවට අපනයනය කිරීම සඳහා හිමිකම් ලබා තිබුණු රටවල් හා ප්‍රදේශ 129කට අද සිට සිදුවන ඇමරිකානු ජීඑස්පී සහනය අහිමි වීම බලපායි. එමෙන්ම, මෙය ඇමරිකාව විසින් හදිසියේ ගත් තීරණයක් නිසා සිදුවන දෙයක්ද නොවේ. අඩු ආදායම්ලාභී රටවල දිළිඳුකම අඩුකිරීමේ අරමුණින් නිශ්චිත කාලයකට හඳුන්වා දුන් මේ සහනය අහිමි වන්නේ ස්වභාවික ලෙසම කල් ඉකුත් වීම නිසාය.අදාළ සහනය තවත් කලකට දීර්ඝ කිරීමටනම් ඇමරිකානු කොන්ග්‍රසයේ ඒ සඳහා යෝජනාවක් සම්මත විය යුතුය. මුලින්ම මේ සහනය හඳුන්වා දුන් 1976 වසරේ සිට වාර ගණනාවක්ම මෙහි කාලය දීර්ඝ කෙරී ඇති අතර අවසන් වරට එය සිදුවුණේ 2015 ජූනි 29 දිනදීය. ඒ 2015 ජූලි 29 දින සිට වසර දෙකහමාරක කාලයකට බලපැවැත්වෙන පරිදිය. මෙවර කල් ඉකුත් වීමට පෙර එය නැවත දීර්ඝ කෙරුණේ නැත.කෙසේවුවද, මීට පෙරද මේ ජීඑස්පී සහනය මේ අයුරින් ස්වභාවික ලෙසම කල් පිරී අහිමි වීමෙන් පසු කොන්ග්‍රසය විසින් තවත් කලකට බලාත්මක කර ඇති අතර එසේ කරන විට පසුගිය කාලයටද බලපාන පරිදි එය කිරීමට මේ සහනය ලබාදුන් පණතෙන් ප්‍රතිපාදන සපයා තිබේ. බොහෝ විට මේ සහනය අහිමි වී කලකින් නැවත ලබාදෙන නිසාම මේ සහනය අහිමි වීමෙන් පසු ඇමරිකන් රේගුව විසින් එකතු කරන අමතර බදු මුදල් සාමාන්‍යයෙන් වියදම් නොකර වෙනම එස්ක්‍රෝ ගිණුමක තබා ගනී. ඒ නිසා, මෙවරද පෙර මෙන්ම ජීඑස්පී සහනය තවත් කලකට නැවත ලැබෙන්නට විශාල ඉඩක් තිබේ.ලොකු ඉඩක් නැතත්, මෙවර පෙර මෙන් එසේ නොවන්නට වුවද බැරිකමක්ම නැත. වෙනත් රටවල දිළිඳුකම තුරන් කිරීම ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රමුඛතාවයක් නොවේ. යම් හෙයකින් ඇමරිකාව ජීඑස්පී සහනය නැවත ලබා නොදුන්නොත් ලංකාවට කුමක් වෙයිද?නිවැරදි සංඛ්‍යා සංඛ්‍යාලේඛණ මා සතුව නැතත්, ලංකාවෙන් ඇමරිකාවට යවන භාණ්ඩ සියල්ලටම ජීඑස්පී සහනය නොලැබෙන බව මගේ අදහසයි. මෙහි බලපෑමක් ඇත්තේ අඩු තීරුබදු පහසුකම් සැලසෙන ඇඟලුම් අයිතමයන් ඇතුළු අනෙකුත් අපනයන වලට පමණි. ඒ ප්‍රමාණය කොපමණදැයි මා දන්නේ නැත. තීරුබදු සහන ලබමින් ඇමරිකාවට අපනයනය කළ භාණ්ඩ දැන් විකුණන්නට වෙන්නේ වඩා වැඩි මිලටය.කෙසේවුවත්, මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ ලංකාව පමණක් නොවේ. ලංකාව සමඟ තරඟකරමින් ඇමරිකාවට භාණ්ඩ අපනයනය කරන අනෙකුත් බොහෝ රටවල්ද මේ ප්‍රශ්නයට එක සමානව මුහුණ දෙයි. ඒ නිසා, ජීඑස්පී සහනය අහිමි වුවද ඒ හේතුව නිසා ලංකාවට හිමිව තිබූ ඇමරිකාවේ වෙළඳපොළ වෙනත් අඩු ආදායම්ලාභී රටකට යන්නේ නැත.ලංකාවෙන් ඇමරිකාවට යවන්නේ ප්‍රධාන වශයෙන්ම ඇඟලුම්, රබර්, මැණික් හා ස්වර්ණාභරණ, තේ හා කුළුබඩු ආදියයි. මේ භාණ්ඩ ඇමරිකාව තුල හෝ වෙනත් සංවර්ධිත රටවල නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. ඒ නිසා, ලංකාවට හිමිව තිබූ වෙළඳපොළ ඇමරිකාවේ දේශීය නිෂ්පාදකයින්ට හෝ මෙතෙක් ජීඑස්පී සහනය නොලැබූ ඉහළ ආදායම් මට්ටමක සිටින රටකට හිමිවීමටද ලොකු ඉඩක් නැත.කෙසේ වුවද, ඇමරිකාවට තුළ කලින් ජීඑස්පී සහනය යටතේ ආනයනය කළ භාණ්ඩ වල මිල වැඩි වන නිසා ඉල්ලුමෙහි කිසියම් අඩුවක් සිදුවීමට ඉඩ තිබේ. මේ දින වල ඇමරිකාවේ ආර්ථිකය ඉතා හොඳ තත්ත්වයක තිබෙන නිසා සිදුවී ඇති ධනාත්මක බලපෑම හමුවේ මේ අඩුව නොපෙනී යන්නට ඉඩ ඇතත් ජීඑස්පී සහනය අහිමි වුවහොත් ඇතිවන බලපෑම කිසියම්ම හෝ නිශේධනාත්මක එකක් බවට තර්කයක් නැත.ඇමරිකාව විසින් ජීඑස්පී සහනය නැවත ලබා දුන්නත් නොදුන්නත් එය ලංකාවේ රාජ්‍ය නායකයින්ට ඇමරිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් සාකච්ඡා කර විසඳාගත හැකි රුසියානු තේ තහනම ආකාරයේ ප්‍රශ්නයක් නොවේ. බොහෝ විට, එවැනි මැදිහත්වීමක් නැතත් මේ සහනය නැවත ලැබෙනු ඇත. එසේ සිදු නොවුණත්, එය ලංකාවට වෙනස් කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා, ජෙරුසලම ඊශ්‍රායාලයේ අගනුවර කියා ලංකාව විසින් නිල වශයෙන් පිළිගත්තත් ඒ හේතුවෙන් ලංකාවට ජීඑස්පී සහනය නැවත ලැබෙන්නේ හෝ නොලැබෙන්නේ නැත.ලබන නව වසරේ ලංකාවට නැවතත් ජීඑස්පී සහනය ලැබේවා කියා අපි ප්‍රර්ථනා කරමු.ඔබ සැමට සුබ නව ....   වැඩිදුර >>  
Next || Previous