ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
මංගල යෝගය [ යාම් : 61 ] | ansathu dinapotha | 2017-12-25 03:14:51
පුද්ගලික දේ ගැන වූ අත්දැකීම් අන්තර්ජාලයේ පල කරන්නට වූ කල විවිධාකාර ඇදුරෝ මතුවී ඒ පුද්ගලික දේ විග්‍රහ කොට මට ඊලගට කල යුතු හොදම දේ යෝජනා කරන්නට එති. අනුන්ගේ කුනු මත සිට අනුන්ගේ දේවල් වෙනස් කිරීම සතුටක් කරගත් අපේ ජීවිත වල එන එවැනි ජාගර පුරුදු මට වෙනස් කලෙ නාහේ. එහෙත් සමහර සුන්දර දේ වල ඇති මා දකින ඇතුල පෙන්වීම මා හට පසුකලෙක හෝ කියවා රසවිදිය හැකි දෙයකි. එබැවින්ම මේ ඇතැම් දේ ගැන ලියා තැබීම කල යුතුයැ මා සිතුවේය. මගුල් ප්‍රස්ථාව නිසි කල වයස එලැබි කල මගුල් තුලා සෙවීම නිවසේ කාර්යයකි. එය කෙතෙක් පිටුදැක සිටියද නැවත නැවත නිවස විසින් කරන ුලබන සොයාබැලීම් අඩුවන්නේ නැත. දරුවන්ට ඉගැන්විම, ඔවුනට රස්සා සොයාදීම සහ ඔවුන්ගේ අනාගතය තීරනය කොට සැලසුම් කොට ඔවුන්ට එබ්බවීම අපේ සංස්කෘතියේ අංගයකි. එයට විරුද්ධ වන වාරයක් පාසා ඒවා නැවත නැවත ඉස්මතු වනවා විනා ඒවා මැඩ පැවැත්වීමක් නැත. මිනිසකුට ජීවත් වීමට පුද්ගලික ජිවිත වලට එබී බැලීමට මෙතරම් නැයින් සහ මිතුරන් හිතවතුන් පිරිසක් සිටින්නේ මන්දැයි මට තේරුම් ගත නොහැකි කරුණකි. මා නේපාලයේ ගිය ගමන මට කවදාවත් අමතක නොවන්නේ එහි සිටි බටහිරින් එහි පැමිණි  සැහැල්ලු ජීවිත නිසාය. ෆේස්බුක් හරහා ඔන්න අපිත් හුකන්නයි යන්නේ, ඔන්න හෙනං අද රෑට හුකනවා, අපි දැන් හුකල ඉවරයි මෙන්න ලමේක් ලැබෙන්නයි හදන්නේ, අපි කාර් එකක් ගත්තා වැනි නැවත නැවත දැකීමෙන්ම අප්‍රිය වූ මිතරන්ගේ ලයිෆ් ගෝල දෙස බලන විට මේ ජීවිතය කොතරම් කොට එකක්දැයි සිතේ. එහි සැහැල්ලුවෙන් සංචාරය කිරීම යම් යම් දේ ගැන සොයාබැලීම,. විවිධ දේ රසවිදීම ආදී බොහෝ දේ කැපී ගොස් යම් යම් ගෝලයන් කිහිපයකට අපි ඇද බැද තබාගනී. ඒවා එකිනෙක සම්පූර්ණ කැරගැනීම මෙහි ජිවිතය වේ. මේ කරුණු සම්පූර්ණයෙන්ම දෙමාපිය නෑයින්ට කියන්නට ගියොත් මා පිස්සෙකැයි කියනු නිසැකය. මන්ද විකල්ප ජීවිතයක් තබා ඒ ගැන යම් අදහසක් හෝ වද්දාගන්නට වෛරස් උනක් වැලදී ඇතිවාක් මෙන් වර්ථමාන ලෝබ ජීවිතවල ගිල ගත් ඔවුහු අසමත් ය. ඔව්නට අනුව ජීවිත වලින් පලායන්නා මහා කාලකන්නියෙකි. ඒ කාලකන්නියාට එසේ  නිකං ඉන්නට දීම ඊඨත් වඩා කාලකන්නි කමකි. බැලීම මා මනමාලිය කලින් මුහුනපොතෙන් දැක්ක මුත් ඇය මදක් තරබාරු මා ගිය පාසැලට නුදුරු පාසැලක එකියක් බව හැර වෙන කිසිවක් මට සොයාගන්ට අපහසු විය. ඇයගේ මුහුනපොත ප්‍රොෆයිලය කදිමෙට නඩත්තු කර තිබුනි. එහෙත් ඒ තුලින් ඇය යනු කුමක්දැයි සෙවිය නොහේ.. අඩුතරමේ කැමති අකමැති කුමක්දැයි සොයාගන්නට තබා අදහසක් වත් ඒ හරහා ගත නොහැක. සෙරෙප්පු ගලවා සුදු ඇද මල් වට්ටි අරං පංසල තුල වදින පුදන ගෑනු ඔක්කෝම එක වගේය. ඔවුන් අතර දෙදෙනෙක් පෙනුමෙන් වෙනස් වන්නේ අඩුවෙනි. එසේම තමුන් පලකරන දෑ ගැන දෙතුන් විඩක් හිතා මතා සෙරෙප්පු ගලවා පංසල් එනවා වැනිව දැඩි භක්තියකින් ෆේස්බුක් හි දේ සෙයාකරන අයගේ පොපයිල බලා කිසිම අදහසක් එවුන් ගැන ගත නොහැකිය. එබැවින් මා සෙවීම නැවැත්වීය. යෑම හමුවිම කේක් ගෙඩියක්, නෑදෑයින් කිහිපයක්, කාර් රථයක්, දිනයක් වෙලාවක් සහ කපුවෙක් තෝරාගෙන ඒවා හරියට පිලියෙල කරගෙන මනමාලි බැලීමක් යැමට යෙදේ. මනමාලිය වතුර වීදුරුවක් ඇල්ලීම ඉන් පසු තේවතුර බීම සහ කාලගුනය සහ දන්නා කියන අය ගැන විමසීම ආදියෙන් පලමු කාල සීමාව ගෙවී ගියේය. ඉන් පසු තේවතුර බොන්නට කතා කල අතර අනෙක් අය ලැජ්ජාවෙන් කද්දී මානම් ඔක්කොන්ටම පේන්න සැරට කෑවේය. මගුල් බැලීම ලේසි නැත. කේක් බෑයට රුපියල් හයසීයකි, කාර් රියටද කුලියක් නැතත් තෙල් ටික ගසා දිය යුතුය. වැඩය කෙරුනත් නැතත් බැස වාතවෙන කපුවාට පන්සියක් දිය යුතුය. ඒ සියලු දේ වල මෙලොව වසයෙන්වැදගත් වන එකම තැන කෑම මේසය පමණි. එයද ලැජ්ජාවෙන් ඇඹරෙමින් දෙකට තුනට නැමෙමින් කෑම බීම ගැනීම මට හුරු නැත. මා හොදින් කට ඇර කේක් කමි. ලෙල්ල සම්පූර්ණයෙන් ඉවත් කර කෙසෙල් ගෙඩිය කටට රුවාගමි. තේ වතුර බොන්නට ආ කල මැනස් ටිකත් පොඩ්ඩක් ඉවර වනතෙක් එය බොමි. කතාකිරීම මේ අවස්ථාවට පෙර අවසන් වරට බලන්නට ගිය එකිය කෙලිලොල්ය. කෙසග සිරුරැති ලාබාල ඇය කුමක් නිසා මගුල් සොයන්නේදැයි සිතාගන්නට බැරි තරම් මිහිරි එකියක වූවාය. . මෙවර සැට්වූ එක තරමක් මහතය. හැරෙන්නට වෙලා ගනී. එහෙත් ඇය යම් සංයමයකින් මුහුනදුන්නාය. මොන වගේ කෙනෙක්ද ඔයා හොයන්නේ? බොන කෙනෙක් ගැන ඔයා මොකද හිතන්නේ? මම ගියේ ..ඒ අහවල් ස්කෝල එකට..ඒත් සිස්සත්තෙන්..ඒ නිසා කට්ටිය දන් නෑ..ආදී දේවල් මම ඇය වෙත යොමු කලෙමි. ඇය සොයන්නේ හැඩ මනාලයෙකු නොවේ. සැබැවින්ම ඇය එසේ කිව්වේ ඇයිදැයි මා නොදනී..සැබැවින්ම මා ඛාන් කෙනෙකු නොවූවත් තරමක හැඩ අයෙක් යැ සිතා ගෙන සිටිමි. මහා කැත කලු කෙල්ලන් බැලීමට  අපේ ගෙදරින් නොයන්නේ මා හැඩයැ ඔවුන් සිතාගෙන සිටින හෙයිනි. කාරණාව අවසන කපුවාද නෑ පිරිසද පටෝගෙන කාර් එකේ එන අතරම මගේ අකමැත්තක් නැතැයි මා කීවෙමි.. ඇය හමුදාවේ  වැඩ කල එකියක් වූ අතර ඒය මට කිසිත් පස්නයක් නොවීය. ඇත්තටම ඇයට රක්ෂාවක් තිබීමම මට ප්‍රමාණවත් අතර එය අලුගෝසු රැකියාව වුව ද මට ගැටළුවක් නොවීය. රක්ෂාව නැති ලියක කසාද නොබැදීමේ දැඩි තීරණයකට පැමිණ සිටින්නේ ඇයගේ ස්වාධිනත්වය පිනිස සහ මගේ නිදහස පිණිසමය. මිලැති බල්ලෙකු මෙන් ගෙදර දමාගෙන සාත්තු කිරීමට කාන්තාවක් ගන්නවා වැනි හැගීමකි රක්ෂාවක් නැති ගෑනු ලමයෙකු ගැන මගේ හිතේ ඇත්තේ. රක්ෂා නොකරන කල ඇය මෙලොව කිසිත් ගැන වැඩි බර පතලක් ප්‍රායෝගිකව නොදන්නා අතර ඇයට සියලු දේ මා සැපයිය යුතුය. මට කොතෙක් මුදල් තිබුනද එය මහ කරුම වැඩකි. ඇත්තටම මට කොතෙක් මුදල් නැති එකද එවැනි තෝරාගැනීමක් කරා නොයෑමට එක හේතුවකි. මෙ බලන්නට ගිය ඇත්තිය  පසුව ෆෛ්ස්බුක් චැට් හරහා සම්බන්ධ වූ අතර ඒ ඔස්සේ යම් සුලු ඇදුනුම් කමක් වර්දනය විය. කැඩීම එය කැඩුනේ මගේ වරදින ්නම් නොවේ.මුලින් හා කිව්වද ඇගේ හමුදාවේ රාජකාරියට අපේ නිවස දෙසින් බාල්දි විසිවන්නට විය. නිවාඩු ගැනීම, නිවසේ සිටීම ගේ දොර වැඩ කිරීම, අනුන් රැකබලාගැනීම වැනි ගෑනු කරුම ඇයට ලබාදෙන්නට නොහැකි වෙතැයි අපේ ගෙදර ඇත්තෝ විස්සෝප වන්නට ඇත. අනෙක් කරුණ මහ අරුම පුදුම එකකි. ඇය පොස් වැඩියැයි එකක් ආවේය. ඇත්තටම කොන්ඩය ටිකක් කූරු කර තිබුනාට ඇය පොස් නැත. සත්‍ය වශයෙන්ම ඇය කතා කරනවිට සාමාන්‍ය අපේ ගමේ වහේ කෙනෙක්ම මෙන්ම විය.  එහෙත් කොන්ඩේ ටිකක් කූරු කර ඇය හැඩට වැඩට සිටීමත් මගුලට බාදාවක් විය. ඉන් පසු මා ඈට අවසාන වරට යැවූ චැට් ලයින් එකක. කවුරු කොහොම සෙට් කලත් අවසානේ ජීවත් වන්නේ අප දෙදෙනා යැයි ලියා යැවීමි. ඉන් පසු ඇය මට ටෙලිපෝන් නම්බරය දෙන්නට ද නියමිත විය. එහෙත් කුමක්දෝ හේතුවකට ඇය මට රිප්ලයි නොකලේය. ඒ අවසාන චැට් ලයින් එක එන්නේද " ඇත්තටම අයියේ ඔ්‍යා මට කැමතිදැයි "ඇසීමේ කතාවක කෙලවරටය. දුක කතාව මා හට සංවේගප්‍රාප්ත සිදුවීම එන්නේ ඊටත් පසුවය. එනම් ඒ මගුල කෙල වී සතියකටත් පසු මට ඒකට මූළික හේතුවක් ආරංචි විය.  මා නොදන්නා නමුත් අපේ ගෙදර එක් පාර්ශවයක් අකමැති වී ඇත්තේ ඇගේ පියා නාට්ටාමි කෙනෙකු වීමේ වරද නිසාය. එය මහ මනුෂ්‍යත්වයට නිගා දෙන අමන තීරණයකි. ඇත්ත වසේන්ම ඇය වරක් හෝ මගේ චැට් ලයින් එකට රිප්ලයි දුන්නේ වී නම් එවැනි අමුගොබ්බ හේතුවක් නිසා කසාදය හැර යෑමට මා ඉඩ ලබාදෙන්නේ නැත. අප පවුල කිසිසේත්ම රජ හෝ සිටු පරම්පරාවක පොරවල් නොවන අතර අපේ රෙදි සේදීඹට රෙදි සෝදන අයවත් අප වෙනුවෙන් ගී ගැයීමට වැයුම් කරුවන් වත්, අපිට බැල මෙහෙ කිරීමට වෙනම පිරිසක් වත් සිටියේ නැත. ඉතිහාසයේ එක් කලෙක මෙන්ම අදද ගොවිතැන් කටයුතු වල නිරත වන අපගේ මලු වෙලෙන්දා තෙක් ඔසවාගෙන යන්නේ අපිමය. එවැනි නාට්ටාමි රැකියාවක් පහල යැයි සලකා  අපි එකපාර උඩ ගියේ කෙලෙස දැයි මට නොවැටහේ.. වෙනස සහ අං ඒමමා මේ කියන මගේ ඥාතීන් මට සැබැවින්ම ලෙංගතුය. ඔවුන් මාගේ අනාගතය ගැන සිතති. ඇතැම්විට මා පවා නොසිතන අනාගතයක් ඔවුන් මා ගැන සැලසුම් කරති. ඔවුන් දන්නා ඔවුන් අත්දැක ඇති සැප සමාජ ස්ථරයක මාද සිටිනවා දැකීම ඔවුන්ගේ සතුටකි. ඔවුන් ගැන මා වෛරී අදහසකින් මේවා ලියනවා නොවේ. මෙවැනි දෙයක් බාහිරින් දකින විට කොතරම් කැතදැයි සුලු හෝ අදහසක් මේ තුලින් බලන අයට ගත හැකි වේ. මගේ මව පියා ගොවිතැන් වැඩ කරන බවක් මා කිසිදාක කිසිම තැනක සගවා නැත. ඇරත් පියාගේ ගොවි රැකියාව පොෂ් කර එය ඉඩම්හිමි වැවිලිකරු කිරීමේ ව්‍යාජ උද්දාමයටද මා ආශාවක් නැත. ඇය සොයන්නට තවත් මනාලයින් එනු ඇත.ඔවුන්ද ඒ හැඩට ඇති ගේදොර පිටුපස ඇති මනාලියගේ පියාගේ රැකියාව කියන තැන දක්වා සොයනවා වන්නට ඇත. එසේ කිහිප විටක් සිය පියාගේ ගෞරවනීය රැකියාව කෙරෙහි සමාජය දක්වන අමුතු සැලකිල්ල  නිසා ඒ මනාලිය දුක්වෙනවා වන්නට ඇත. විසි වන සියවස නිමාවි දැන් වසර 17කුත් ඉක්ම ගොස් තිබේ.බාහිරින් පොස් වුවද ඇත්තටම අපි කොහිද ? මනුෂ්‍යයින්ගේ ආත්ම ගරුත්වය ගැන වන මූලික දේ පවා නොසලකා ගෙවල්, කාර්, සැප පෙනුම පිටුපස දුවන අප කිසිදා මේ කැලෑවෙන් එලියට එත්ද? ....   වැඩිදුර >>  
Next || Previous