ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඇමරිකානුවන් මිලියන 31කට එකවරම අධි රුධිර පීඩනය! [ යාම් : 22 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-11-29 20:25:40
දෙසතියකට පමණ පෙර ඇමරිකාවේ අධික රුධිර පීඩනයෙන් පෙළෙන රෝගීන් ගණන එකවරම මිලියන 31.1කින් ඉහළ ගියේය. ඊට පෙර දින දක්වාද ඇමරිකාවේ වැඩිහිටි ජනගහණයෙන් තුනෙන් එකක් එනම් මිලියන 72.2ක් අධි රුධිර පීඩන රෝගීහු වූහ. පසුගිය නොවැම්බර් 13 සඳුදා මේ ගණන එකවරම විශාල ලෙස ඉහළ යාමෙන් පසු මේ වන විට ඇමරිකානුවන් මිලියන 103.3ක් ප්‍රතිකාර ගත යුතු අධි රුධිර පීඩන රෝගීන්ව සිටිති.එක දවසකින් එතෙක් නිරෝගීව සිටි ඇමරිකානුවන් මිලියන 31.1ක් ප්‍රතිකාර ගත යුතු මට්ටමේ අධි රුධිර පීඩන රෝගීන් වුනේ කොහොමද? මෙසේ අධි රුධිර පීඩන රෝගීන් ගණන එක වර වැඩි වීමට හේතු වුනේ ඇමරිකාවේ වෛද්‍ය සංගම් ගණනාවක් එක්ව ගත් තීරණයකි. මෙම තීරණය අනුව මෙයින් ඉදිරියට 130/80 මට්ටම ඉක්මවන රුධිර පීඩනයක් ඇති රෝගීන්ට ප්‍රතිකාර කළ යුතුය. එහෙත්, මෙතෙක් කල් 140/90 මට්ටම දක්වා රුධිර පීඩන මට්ටම් වලට ප්‍රතිකාර කළ යුතු ලෙස සැලකුණේ නැත.පසුගිය කාලයේ ඇමරිකාවේ ස්වේච්ඡතාව (autism) රෝගය විශාල ලෙස ඉහළ යාම පසුපස ඇති එක් ප්‍රධාන හේතුවක් වන්නේද එම රෝගයේ අර්ථදැක්වීම පුළුල් කිරීමයි.රෝග කියන ඒවා නිරපේක්ෂ නොවන අතර කාලයට හා සංස්කෘතියට සාපේක්ෂය. මානසික රෝගයක් ලෙස දැන් සැලකෙන පිඩෝෆීලියාව (Pedophilia) මෑතක වන තුරුම රෝගයක් ලෙස හෝ වරදක් ලෙස සැලකුණේ නැත. දැන් බොහෝ සංස්කෘතීන්හි මෙය වරදක් ලෙස මෙන්ම මානසික රෝගයක් ලෙසද සැලකේ. සමලිංගික සේවනය හා අදාළව සිදුව ඇත්තේ එහි අනිත් පැත්තයි. එහෙත් දැනටත් මේ සම්මත වලට සෑම සංස්කෘතියකම එකම ආකාරයේ පිළිගැනීමක් ....   වැඩිදුර >>  
Next || Previous