ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ශ්‍රමික ප්‍රේෂණ නිසා දේශීය නිෂ්පාදිතය අඩු වෙනවාද? [ යාම් : 22 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-11-28 12:34:37
පසුගිය දිනවල තජිකිස්ථානය ගැන සිදු කෙරුණු කතා බහකදී වසර පහකට පමණ පෙර තජිකිස්ථානය ගැන රයිගම හන්දිය බ්ලොග් අඩවියේ ලියා තිබුණු ලිපියක් ගැන අවධානය යොමු විය. එහි මෙසේ සඳහන්ව තිබුණේය."කුඩු වෙළඳාම නැගල ගියත් සාමාන්‍ය තජික් ජනයාගේ ජිවිතයේ නම් වෙනසක් වෙලා නැහැ. රටේ ජනගහනයෙන් අඩක් ජිවත් වෙන්නේ දිනකට ඩොලර දෙකකට වඩා අඩු මුදලකින්. රටේ ආදායමෙන් 45% පමණ එන්නේ රටෙන් පිට ගොස් වැඩ කරන තජික් ජනයා එවන මුදලින් (අමතක කරන්න එපා “කුඩු” වලින් 30 -50% ක පමණ ප්‍රමාණයක් උපයනවා කියනවානේ. යකෝ වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?)"මා මේ කොටස උපුටා ගන්නේ ලිපියේ කතා කරන කරුණට ප්‍රවේශයක් ලෙස පමණි. රයිගම හන්දිය ලේඛකයා විසින් ඔහුගේ ලිපියට පාදක කරගන්නට ඇතැයි මා සිතන අදාළ කාලයේ පළ වූ "දී ඉකොනොමිස්ට්" ලිපියකට අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හරහා තජිකිස්ථානය උපයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 30-50% පමණ ප්‍රමාණයක් බව පර්යේෂකයෝ විශ්වාස කරති. මෙයට අමතරව තජිකිස්තානයට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 45%ක් පමණ බවත්, රටේ අඩක් දිනකට ඩොලර දෙකකට වඩා අඩු ආදායමක් ලබන බවත් අදාළ ලිපියේම සඳහන්ව ඇති කරුණුය. මෙයින් මේ ලිපියේ මගේ මූලික අවධානය යොමු කරන කරුණ වන්නේ ශ්‍රමික ප්‍රේෂණ වල ආර්ථික බලපෑමයි.ලෝක බැංකු දත්ත අනුව 2008 වසරේදී තජිකිස්ථානයට ලැබුණු ශ්‍රමික ප්‍රේෂණ එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 49.3%ක්ව පැවතී ඇති අතර 2016 වන විට 26.9% මට්ටමට අඩු වී තිබේ. අප බොහෝ විට කතා කරන, ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 8.9%ක් පමණක් බව සැලකූ විට තජිකිස්තානයට දැනට ලැබෙන පෙරට වඩා අඩු ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය වුවද එරට ආර්ථිකයට කෙතරම් විශාල බලපෑමක් කරන්නේදැයි සිතාගත හැකිය.පසුගිය වසරේ තජිකිස්ථානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 796ක් පමණ වූ අතර, සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 6.95ක් විය. ලංකාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 81.3ක් බව සැළකු විට තජිකිස්ථානයේ මුළු දළ දේශීය නිෂ්පාදිතයම වුවද ලංකාවට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණයට වඩා අඩුවුවත් ශ්‍රමික ප්‍රේෂණ වලින් ලංකාවේ ආර්ථිකයට ඇති බලපෑම තජිකිස්ථානයට සාපේක්ෂව අඩු බලපෑමකි. ඒ නිසා, ප්‍රශ්නය විශාලනය වී ඇති තජිකිස්ථාන ආර්ථිකය ගැන හැදෑරීමෙන් ශ්‍රමික ප්‍රේෂණ වලින් ලංකාවට සිදුවන බලපෑම පහසුවෙන් තේරුම් ගත හැකිය.දැන් අපි අපේ මූලික  ප්‍රශ්නයට ගියොත්,  "යකෝ එතකොට තජිකිස්ථානය වෙන මොනවත් නිපදවන්නේ නැත්ද?".කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ කිසියම් කාලයක් (වසරක්) ඇතුළත ඒ රටේ නිපදවන සියළුම භාණ්ඩ හා සේවාවන් වල වෙළඳපොල වටිනාකමයි. මෙසේ නිපදවන භාණ්ඩ සාමාන්‍යයෙන් කාට හෝ විකිණේ. මේ මිල දී ගන්නා අය ඒ වෙනුවෙන් මුදල් වැය කළ යුතුය. ඒ නිසා, රටේ සමස්ත නිෂ්පාදිතයේ වටිනාකම සාමාන්‍යයෙන් රටේ සමස්ත වියදමටද සමාන විය යුතුය.භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගැනීමේදී කවරකු හෝ කරන වියදමක් තවත් අයෙකුගේ ආදායමක් වේ. ආදායම උපයන්නේ සමාගමක් විසින් වුවත් අවසානයේදී මේ ආදායම අදාළ සමාගමේ සැපයුම්කරුවන්, සේවකයින්, කොටස් හිමිකරුවන් ආදීන් අතර බෙදී යයි. ඒ නිසා, රටේ සමස්ත වියදම රටේ සමස්ත ආදායමටද සාමාන්‍යයෙන් සමාන විය යුතුය.මෙහිදී සාමාන්‍යයෙන් කියා කිවුවේ මෙය හරියටම සිදු නොවන්නට ඉඩ ඇති බැවිනි. උදාහරණයක් ලෙස කිසියම් වසරක් තුළ රටක නිපදවන භාණ්ඩ වලින් කොටසක් නොවිකිණී ඉතිරි වන අතර, ඒ අයුරින් පෙර වසරේ ඉතිරිවූ භාණ්ඩ කොටසක් විකිණේ. මේ කොටස් දෙක හරියටම සමාන විය යුතු නැත. එවැනි කරුණු පැත්තකින් තබා අපට මෙසේ ලියන්නට පුළුවන.රටේ සමස්ත නිෂ්පාදිතය = රටේ සමස්ත වියදම = රටේ සමස්ත ආදායමමෙයින් සමස්ත වියදම කියන කොටස අපි වැඩිදුර විශ්ලේෂණය කරමු. මෙසේ කිරීමේදී පහසුව තකා අපි පළමුව සංවෘත ආර්ථිකයක් ඇති රටකින් පටන් ගනිමු.රජයයන් විසින් ව්‍යාපාර කිරීම අමතක කළොත් රටක ආදායම් උපයන්නේ සමාගම් හෝ පුද්ගලයින් විසිනි. රජයක් කරන්නේ මේ ආදායමෙන් කොටසක් බදු ලෙස අය කර ගැනීමයි. (එහි හිලවුවට නිශ්චිත සේවාවන් ගණනාවක් සැපයීමද රජය විසින් කරයි.) සමාගම් වලින් බදු අය කළත් වක්‍ර ලෙස සිදුවන්නේ කිසියම් පුද්ගලයින් කණ්ඩායමකගේ ආදායමෙන් කොටසක් රජය විසින් ලබා ගැනීමයි. මෙසේ රජයට බදු ගෙවීමෙන් පසු පුද්ගලයින් වෙත ඉතිරි වෙන මුදල ඔවුන්ට වියදම් කළ හැකිය.පුද්ගලයෙකුට තමන්ගේ ආදායම් වැය කළ හැකි ප්‍රධාන ආකාර දෙකකි. පළමු ආකාරය වන්නේ පරිභෝජනය කිරීම පිණිස මුදල් වැය කර භාණ්ඩ හෝ සේවාවන් මිල දී ගැනීමයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු හැමවිටම තමන්ගේ මුළු ආදායමම පරිභෝජනය පිණිස වැය නොකරන අතර, ආදායමෙන් කොටසක් ඉතිරි කරයි. මෙසේ ඉතිරි කරන මුදල එක්කෝ දිගු කාලයක් තිස්සේ පරිභෝජනය කළ හැකි නිවසක් හෝ වාහනයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කරයි. එසේ නැත්නම් බැංකුවක ඉතිරි කරයි. වැඩි ආදායමක් හෝ වැඩි ඉතිරියක් ඇති අයෙක්නම්, සෘජුවම කොටස්වෙළඳපොළ වැනි තැනක ආයෝජනය කරයි. ආදායමෙන් පරිභෝජන වියදම් ඉවත් කළ ලෙස ඉතිරි කොටස ආයෝජන වියදම්ය.ආර්ථිකය සංවෘත නිසා රටේ ඕනෑම කෙනෙකුට මිල දී ගන්නට වෙන්නේ රටේම නිපදවූ දෙයකි. එමෙන්ම, තමන්ගේ ආදායමෙන් පරිභෝජන වියදම් වැය කිරීමෙන් පසු ඉතිරි වන කොටස යන්නේත් රට තුළම සිටින තවත් අයෙකු වෙතය. ණය ලබාගැනීම නිසා කිසියම් අයෙකුගේ වසරක් තුළ වියදම ආදායම ඉක්මවන්නට පුළුවන් වුවත්, මෙසේ ණය ලෙස බැංකුවකින් ලබාගන්නට වෙන්නේද තවත් අයෙකුගේ ඉතිරි කිරීමක් නිසා සාමාන්‍යයෙන් රටක් වශයෙන් ගත් විට රටේ සියලු දෙනා විසින් පරිභෝජනය කිරීමෙන් පසුව රටේ සමස්ත ආදායමෙන් කොටසක් ආයෝජනය සඳහා ඉතිරිවේ. මේ කොටස රටේ අනාගත නිෂ්පාදිතය ඉහළ දැමිය හැකි කාර්යයන්හි ආයෝජනය කෙරේ. දැන් අපට රටේ නිවාස ඒකක වල හා සමාගම් වල සියලු වියදම් මෙසේ ලියන්නට පුළුවන.සමස්ත පෞද්ගලික වියදම් = පරිභෝජන වියදම් + ආයෝජන වියදම්මෙයට රජයද එකතු කළ විට, සංවෘත ආර්ථිකයක් ඇති රටක් සඳහා අපට මෙවැනි සම්බන්ධතාවයක් ගොඩනැඟිය හැකිය.සමස්ත නිෂ්පාදිතය (Y) = සමස්ත වියදම් (AE) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)Y = C + I + Gමෙහි රජයේ වියදම් යනු බදු මුදල් වැය කරමින් රජය විසින් කරන සියලු ආකාරයන්හි වියදම්ය.විදේශ අංශයක්ද ඇති නිසා, විවෘත ආකෘතියක් විස්තර කිරීමට ඉහත සම්බන්ධතාවය ප්‍රමාණවත් නැත. විවෘත ආර්ථිකයක් ඇති රටක නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් රටින් පිටට අපනයනය කරන නිසා ඒ කොටස රට ඇතුළත ඉතිරි නොවේ. ඒ නිසා, C, I හා G ලෙස බෙදී යන්නේ අපනයනය කොට ඉතිරි වන භාණ්ඩ හා සේවා ප්‍රමාණයයි. ඒ නිසා, අපට මෙසේ ලියන්නට පුළුවන.සමස්ත නිෂ්පාදිතය (Y) - සමස්ත අපනයනය (EX) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)කෙසේ වුවද, මේ අයුරින් භාණ්ඩ හා සේවාවන් අපනයනය කිරීම නිසා විදේශ විණිමය ලැබේ. ඒ විදේශ විණිමය වැය කර රටින් පිටත නිපදවූ භාණ්ඩ හා සේවාවන් රට තුළට ආනයනය කෙරෙන අතර මෙසේ රටේ නිපදවන භාණ්ඩ හා සේවාවන් වලින් අපනයනය කිරීමෙන් පසු ඉතිරිවන කොටසට අමතරව රට තුළට ආනයනය කරන භාණ්ඩද පරිභෝජනය හෝ ආයෝජනය පිණිස මිල දී ගන්නට නිවාස ඒකක වලට, සමාගම් වලට හා රජයට හැකියාව තිබේ. ඒ නිසා, ආනයනද එකතු කර අපට මෙසේ ලියන්නට පුළුවන.සමස්ත නිෂ්පාදිතය (Y) - සමස්ත අපනයනය (EX) + සමස්ත ආනයන (IM ) = පරිභෝජන වියදම් (C) + ආයෝජන වියදම් (I) + රජයේ වියදම් (G)Y - EX + IM = C + I + GY = C + I + G + EX - IMමෙහි අවසානයට ඇත්තේ ආනයන අපනයන පරතරය හෙවත් රටේ ගෙවුම් ශේෂයයි. එය ශුද්ධ අපනයන (NX - Net Exports) ලෙසද දැක්විය හැකිය.Y = C + I + G + NXඉහත සමීකරණය සාර්ව ආර්ථික විද්‍යාවේදී යොදා ගන්නා මූලික සමීකරණයකි. මේ සමීකරණයට අනුව, කිසියම් රටක දළ දේශීය නිෂ්පාදිතය එම රටේ පරිභෝජන වියදම්, ආයෝජන වියදම්, රජයේ වියදම් හා ශුද්ධ අපනයන වලට සමානය.පසුගිය මූල්‍ය වර්ෂයේදී ජපානයේ දළ දේශීය නිෂ්පාදිතය මේ කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා යෙන් බිලියන වලිනි. (මූලාශ්‍රය: පිටුව 21).Y  = 537,902 (100%)C  = 301,028 (56.0%)I = 99,853 (18.6%)G = 131,757 (24.4%)NX =  5,264 (1.0%)දැන් මෙයින් අදහස් වන්නේ කුමක්ද?ජපානයේ සමස්ත දේශීය ආදායමෙන් පරිභෝජනය හෝ ආයෝජනය වෙනුවෙන් රජය හෝ පෞද්ගලික අංශය විසින් වියදම් කරන්නේ 99%ක් පමණි. ඉතිරි 1% වියදම් නොකර ඉතිරි වේ.ඉහත පරිදි ඉතිරි වන මුදල සංසන්දනය කිරීමේ පහසුව පිණිස ජපාන යෙන් වලින් දක්වා තිබුණත් ඇත්තටම සිදුවන්නේ ඇමරිකන් ඩොලර් හෝ වෙනත් විදේශ මුදලකින් එම ජපාන යෙන් ගණනට සමාන මුදලක් ඉතිරි වීමයි. ජපානයේ නිපදවන භාණ්ඩ හා සේවා වලින් කොටසක් රට ඇතුළත අලෙවි නොකරන බැවින් ඒ කොටස රටේ වියදමක් වන්නේ නැත. එහෙත්, ඒ භාණ්ඩ හා සේවා ප්‍රමාණය රටෙන් පිටත විකුණා ලබන විදේශ මුදල් වැය කර ගෙන්වන භාණ්ඩ විකුණන්නේ රට ඇතුළත නිසා ඒ කොටස රටේ වියදමකි. කෙසේ වුවත්, ජපානය භාණ්ඩ හා සේවා අපනයනය කර උපයන මුළු මුදලම ආනයන සඳහා වැය නොකරන නිසා කිසියම් විදෙස් මුදල් ප්‍රමාණයක් ජපානයේ ඉතිරි වේ. මේ විදෙස් මුදල් වල වටිනාකම ජපාන යෙන් 1%කට සමානය.දැන් මේ ඉතිරි වන 1%ට මොකද වෙන්නේ?මේ මුදල බොහෝ දුරට ජපානයේ මහ බැංකුව වන ජපාන බැංකුවේ නිල සංචිත වලට එකතු වේ. එවිට ජපාන බැංකුව විසින් බොහෝ විට කරන්නේ මේ මුදල් යොදවා ඇමරිකාවේ ඩොලර් බැඳුම්කර මිල දී ගැනීමයි. මේ මුදලින් කොටසක් යුරෝ බැඳුම්කර මිල දී ගැනීම සඳහාද යෙදවීමට ඉඩ තිබේ. ජපානයේ වෙළඳ අතිරික්තයෙන් කොටසක් අපනයනකරුවන් විසින්ම රටින් පිටත බැංකුවක ඉතිරි කිරීමටද ඉඩ තිබේ.ඉහත කී අයුරින් ජපානය වැනි රටවල් විසින් විදෙස් වෙළඳාමේදී ඉතිරි කර ගන්නා මුදල් වලින් විශාල ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදය වෙත ඇදී එයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවට ආනයන සඳහා වියදම් කිරීමට එරට අපනයන ආදායමට වඩා අමතර මුදලක් ලැබේ. මෙහි ප්‍රතිඵලය වන්නේ ඇමරිකාවේ අපනයන ආදායමට වඩා වැඩි මුදලක් ආනයන වෙනුවෙන් වැය කරන්නට ඇමරිකාවට හැකි වීමයි.පසුගිය (2016) වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා ඩොලර් බිලියන වලිනි. (මූලාශ්‍රය: වගුව 1.1.5).Y  = 18,624.5C  = 12,820.7 (68.8%)I = 3,057.2 (16.5%)G = 3,267.7 (17.5%)NX = -521.2 (-2.8%)මේ සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන්නේ ඇමරිකාවේ දේශීය නිෂ්පාදිතය මෙන් 102.8%ක් ඇමරිකාව ඇතුලෙ වියදම් කෙරෙන බවයි.  මේ අමතර 2.8% වියදම් කරන්නට ඇමරිකාවට හැකි වී තිබෙන්නේ "උපකල්පිත වටිනාකමක් පමණක් ඇති" ඇමරිකන් ඩොලර් වෙනුවෙන් ජපානය වැනි රටවල් "සැබෑ වටිනාකමක් ඇති" පරිභෝජන භාණ්ඩ ඇමරිකාවට එවන බැවිනි.දැන් අපි තජිකිස්තානයට යමු.තජිකිස්තානයේ ජාතික ගිණුම් සම්බන්ධව වඩාත්ම අලුත් සංඛ්‍යාලේඛණ ඇත්තේ 2015 වසර සඳහාය. 2015 වසරේදී තජිකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා සොමොනි මිලියන වලිනි. (මූලාශ්‍රය: එක්සත් ජාතීන්ගේ සංගමයේ දත්ත).Y  = 48,401.6C  = 44,699.3 (92.4%)I = 15,005.3 (31.0%)G = 6,851.9 (14.2%)NX = -20,453.0 (-42.3%)දැන් මේ සංඛ්‍යාලේඛණ දෙස බැලූ විට මුලින්ම පෙනෙන්නේ තජිකිස්තානයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.7%ක කොටසක් මෙහි විසංයෝජනය කර ඇති අයිතම වලින් පැහැදිලි නොකෙරෙන බවයි. තජිකිස්ථානය වැනි විශාල අවිධිමත් ආර්ථිකයක් ඇති රටක ජාතික ගිණුම් ඇස්තමේන්තු කිරීමේදී සිදු වන ඇස්තමේන්තු වරද හෝ වෙනත් කරුණක් මෙයට හේතු වනවා විය හැකිය. කෙසේ වුවත්, රටවල් දෙකකින්ම පරීක්ෂා කෙරෙන නිසා වෙළඳ හිඟය පිළිබඳ දත්ත වඩා නිවැරදි බව අපට සැලකිය හැකිය. එමෙන්ම මෙහි G වලට ඇතුළත්ව තිබෙන්නේ රජයේ පරිභෝජන වියදම් පමණි. රජයේ ආයෝජන වියදම් පෞද්ගලික ආයෝජන වියදම් (I) වලට එකතු කර තිබේ.වෙළඳ හිඟය පමණක් සැලකුවත් අපට පෙනී යන්නේ තජිකිස්ථාන වැසියන් හා එහි රජය විසින් එරට දළ දේශීය නිෂ්පාදිතය මෙන් 142.3%ක මුදලක් වියදම් කරන බවයි. අවිධිමත් ආර්ථිකය හරහා ලැබෙන මුදල්ද සැලකූ විට මේ ප්‍රමාණය තජිකිස්ථානයේ දළ දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුණයකට ආසන්න වන්නට පුලුවන.මේ අනුව පැහැදිලි වන පරිදි, නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය හරහා තජිකිස්ථානය උපයන ආදායම එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 30-50% පමණ ප්‍රමාණයක් බවත්, තජිකිස්තානයට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 45%ක් පමණ බවත් කියන විට එයින් අදහස් වන්නේ තජිකිස්ථානය කිසිවක් නිපදවන්නේ නැති බව නොවේ. තජිකිස්ථානය තුළ කලක් තිස්සේ සිදුවූ නිෂ්පාදන කටයුතු එසේම සිදු වේ. ඒ නිෂ්පාදන විකුණා උපයන ආදායමට අමතරව, තවත් එවැනිම පමණ ආදායමක් "වෙනත් ක්‍රම වලින්" තජිකිස්ථානය උපයයි. ඒ නිසා, තජිකිස්ථාන වැසියන්ගේ සැබෑ ජීවන තත්ත්වය එරට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් නිරූපණය වන තරමටම නරක නැත.තජිකිස්තානයට සිය දළ දේශීය නිෂ්පාදිතය ඉක්මවා වියදම් කරන්නට හැකි වී තිබෙන්නේ එරටට ලැබෙන ශ්‍රමික ප්‍රේෂණ නිසාය.  මෙහිදී විශ්ලේෂණය කෙරුණු 2015 වසර තුළ තජිකිස්තානයට පැමිණි ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 28.8%කි.ශ්‍රමික ප්‍රේෂණ ලෙස ලැබෙන්නේ කිසියම් විදේශ මුදලකි. තජිකිස්ථානය හා අදාළව මෙසේ බොහෝ විට ලැබෙන්නේ රූබල්ය. එහෙත් තජිකිස්තානයේ දේශීය නිෂ්පාදකයින්ගේ පිරිවැය සොමොනි වලින් වැය කළ යුතු නිසා ඔවුන්ට ඔවුන්ට රූබල් අවශ්‍ය නැත. රටේ දළ දේශීය නිෂ්පාදිතය වැටුප් හා ලාභ ලෙස බෙදී යද්දී මේ නිෂ්පාදිතය මිල දී ගැනීමට අවශ්‍ය ඉල්ලුමද සොමොනි වලින්ම ඇති වන නිසා පිටතින් ලැබුණු රූබල් වලින් මිල දී ගන්නට තරම් භාණ්ඩ හා සේවා රටේ ඉතිරි වන්නේ නැත. ඒ නිසා, මේ රූබල් වලින් වැඩක් ගන්නටනම් රූබල් අවශ්‍ය වන රුසියාවෙන් භාණ්ඩ හා සේවා ආනයනය කළ යුතුය. එසේ නැත්නම් අපනයන සීමා කළ යුතුය. මෙහි ප්‍රතිඵලයක් ලෙස තජිකිස්තානයට ශ්‍රමික ප්‍රේෂණ පැමිණීමට සමාන්තරව ආනයනද ඉහළ ගොස් අපනයන අඩු වෙයි. රටේ වෙළඳ ශේෂ හිඟය පුළුල් වෙයි.තජිකිස්තානයේ තරමටම නැතත් මෙය යම් තරමකින් ලංකාවටද අදාළය.පසුගිය 2016 වසරේදී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය කොටස් වලට බෙදී ගියේ පහත පරිදිය. සියලුම සංඛ්‍යා රුපියල් බිලියන වලිනි. (මූලාශ්‍රය: වගුව 3).Y  = 11,839.0C  = 8,003.8 (67.6%)I = 3,723.9 (31.4%)G = 1,015.1 (8.6%)NX = -903.8 (-7.6%)මෙහිද, තජිකිස්ථානයේ මෙන්ම, G වලට ඇතුළත්ව තිබෙන්නේ රජයේ පරිභෝජන වියදම් පමණි. රජයේ ආයෝජන වියදම් පෞද්ගලික ආයෝජන වියදම් (I) වලට එකතු කර තිබේ.ඉහත සංඛ්‍යාලේඛණ වලින් පෙනෙන පරිදි, ලංකාවේ පෞද්ගලික අංශය හා රජය එක්ව කරන සමස්ත වියදම් රටේ දළ දේශීය නිෂ්පාදිතයට වඩා 7.6%කින් වැඩිය. මේ අමතර වියදමෙන් වැඩි කොටසක් පියවෙන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලිනි.ශ්‍රමික ප්‍රේෂණ රට තුළට ගලා එද්දී එයට අනුරූප වෙළඳ හිඟයක් පවත්වා ගැනීම ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට හේතු වන්නේ නැත. එහෙත්, ලංකාවේ මෙන්ම තජිකිස්තානයේද දැකිය හැකි ප්‍රශ්නයක් වන්නේ මෙසේ ශ්‍රමික ප්‍රේෂණ සැලකිය යුතු තරමින් ලැබෙද්දී වුවද, වෙළඳ ශේෂ හිඟය ඊටත් වඩා වැඩි වීම නිසා ගෙවුම් ශේෂ ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවීමයි. මෙයට හේතු වන කරුණු හා මේ ප්‍රශ්නය විසඳාගත හැකි ආකාරය අපි ඉදිරි ලිපියකට ඉතිරි ....   වැඩිදුර >>  
Next || Previous