ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
දුම්රිය මග දෙපස විදෙස් ආක්‍රමණිකයෝ [ යාම් : 47 ] | ලංකාවේ සංචාරේ -Lankawe Sanchare | 2017-11-23 05:32:18
                    උඩරට දුම්රිය මාර්ගය ලාංකික පමණක් නෙමෙයි විදේශික සංචාරකයන් අතරෙත් බොහොම ජනප්‍රිය වෙලා තියන්නේ මග දෙපස පරිසරයේ තිබෙන සුන්දරත්වය නිසා.මෑතකදී මමත් ගම්පොලින් පොඩි මැණිකේ දුම්රියට නැගගත්තේ එම සුන්දරත්වය විඳිමින් බණ්ඩාරවෙලට යාමේ බලාපොරොත්තුවෙන් .වෙනදාට වඩා  තරමක් උනන්දුවෙන් මග දෙපස පෙනෙන ශාක දෙස බලද්දී මට වැටහුණේ ඒ බොහෝමයක් විදේශික ශාක බව සහ ඒ අතරිනුත් සෑහෙන ප්‍රමාණයක් ආක්‍රමණශීලී ශාක බවයි .මේ සටහන වෙන්වන්නේ ගමන අතරමගදී මා දුටු විදේශික ශාක පිළිබඳවයි . දේශීය නොවන ශාකයක් එය හඳුන්වාදුන් පරිසර පද්ධතියට,ආර්ථිකයට හෝ මිනිස් සෞඛ්‍යයට හානිදායක නම් ආක්‍රමණික ශාකයක් ලෙසින් සරලව හැඳින්විය හැක.එම හැඳින්වීමට අනුව සියළුම විදේශික ශාක ආක්‍රමණික ශාක නොවන බවත් පැහැදිලිය.            මානා පඳුරු (Panicum maximum)                                            මගේ ගමන ආරම්භයේම දකින්නට ලැබුණේ රට පුරා පැතිරී පවතින මානා පඳුරුයි.ගිනි තණ,රට තණ ආදී නම් වලිනුත් හැඳින්වෙන මෙම තෘණ විශේෂය 1820 දී අප්‍රිකාවෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා.මෙය ලංකාවට හඳුන්වාදීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ සත්ව ආහාරයක් ලෙස භාවිතාකිරීමටයි.ඒ වගේම ඇල වේලි ශක්තිමත් කිරීමටත් මෙය වගාකළ බව සඳහන් වෙනවා.ලංකාවේ සිදුවන වනාන්තර ගිනි ගැනීම් සඳහා මානා ව්‍යාප්තිය ප්‍රබල හේතුවක් .ඒ මානා  ඉතා පහසුවෙන් ගිනිගෙන ගින්න  නිවා දැමීමට අපහසු ලෙස ක්ෂණිකව පැතිරීයාම නිසා.මගේ ගමනේ සෑහෙන දුරක් මග දෙපස  මානා පඳුරු දකින්නට තිබිණි .රට හිඟුරු  (Lantana sp.)                            මීලඟට මගේ අවධානය යොමුවුණේ මල් වලින් තම ආක්‍රමණික ස්වභාවය සඟවාගන්න උත්සහ කරන රට හිඟුරු.මේ ආක්‍රමණික ශාකය බාලොලියා සහ ගඳපාන යන නම් වලිනුත් හැඳින්වෙනවා.මධ්‍යම හා දකුණු ඇමරිකාව නිජබිම කරගත් මෙම ශාකය ලන්දේසි ගවේෂකයන් යුරෝපයට හඳුන්වාදීමත් සමග ලොවපුරා පැතිර යනවා.කෙසේ වෙතත් ලංකාවට මෙම ශාකය 1826 දී රාජකීය උද්භිත උද්‍යානය මගින් හඳුන්වාදුන් බවයි විශ්වාස කෙරෙන්නේ .මෙම ශාකයේ පත්‍ර සතුන්ට විශ සහිත බැවින් මෙහි ව්‍යාප්තිය ශාක භක්ෂක සතුන්ට ආහාර ලබාගැනීමේ අවස්ථාව අඩු කිරීමට හේතුවකි .(සමනල් උයන් සඳහා නම් මෙය වටිනා ශාකයකි.) බෑවුමක ඇති පයිනස් වගාවක් (Pinus caribaea)                                                         කඳුකරයේ තවත් ඉහලට යත්ම අනිවාර්යයෙන් ඇස ගැටෙනා තවත් විදේශ ආක්‍රමණිකයෙක් වන්නේ පයිනස් ශාකයයි.ලංකාවේ වනවගා ව්‍යාපෘතියකට අනුව වගා කරන්නට යෙදුණු පයිනස් ආක්‍රමණික ශාකයක් ලෙස ස්ථීරව ප්‍රකාශ කිරීම අපහසු නමුත් ස්වභාවික පරිසර පද්ධතියට හානිදායක ශාක විශේෂයකි.මුලින්ම පයිනස් වගාව සිදුකර ඇත්තේ කඩදාසි නිශ්පාදනයට අවශ්‍ය පල්ප් සකසා ගැනීමටයි .නමුත් එම වගාකළ පයිනස් ඒ සඳහා භාවිතාවට ගෙන නොමැත.නැවතත් පසුකාලීනව පයිනස් වගාව සිදුකර ඇත්තේ වනවගා ව්‍යාපෘතියක් ලෙසයි.එහිදී දැව ලබාගැනීම හා පාංශු සංරක්ෂණය අරමුණු වී ඇත.නමුත් පයිනස් වගාව සම්බන්ධ ගැටළු රාශියක් පවතී. එයින් ජෛවවිවිධත්වයට හා  පාංශු ජල මට්ටමට වන හානිය ප්‍රධානයි.සාමාන්‍යයෙන් ශාක වර්ධනයට අවශ්‍ය පෝෂක,ජලය හා හිරු එලිය ලබාගැනීම  සඳහා එකිනෙකා අතර තරඟයක් පවතී .එම තරඟය ජයගැනීමට පයිනස් ශාකය Allelopathic රසායනිකයක් පසට මුදාහැරීම සිදු කරයි.එමගින් පයිනස් ශාකය අවට වෙනත් ශාක වල බීජ ප්‍රරෝහනය නැවැත්වීම සිදුවේ.පයිනස් කැලෑ තුල වෙනත් ප්‍රධාන ශාක ඇති නොවන්නේ මේ හේතුවෙනි .කෙසේවෙතත් තවත් ආක්‍රමණික ශාක දෙවර්ගයක් වන මානා සහ පතං පාලු ඇතැම් ප්‍රදේශ වල පයිනස් වගාවන් අතර බහුලව වැඩී තිබෙන ආකාරය මගේ සංචාරය වලදී දැකගැනීමට ලැබිණි .මීට වසර කිහිපයකට පෙර පයිනස් ඉවත් කර  ඒ වෙනුවට දේශීය ශාක වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුවත් එය කෙතරම් සාර්ථකව සිදුකලාද යන ප්‍රශ්නය පවතී.විශාල බිම් පෙදෙස් වසා තිබුණු පයිනස් ගස් කපා ඉවත් කිරීම ඉතා උනන්දුවෙන් සිදුකළත් ඒ වෙනුවෙන් නැවත වන වගාවට නම් උනන්දුවක් දකින්නට ලැබුණේ නැත.ඒ නිසා පස සෝදායාම,නාය යෑම් වැනි තත්ව ඇතිවිය .කලින් සඳහන්කළ Allelopathic රසායන ද්‍රව්‍ය නිසා පයිනස් වගාකළ බිමක වෙනත් පැළ සිටුවීම ඉක්මනින් සිදුකිරීම අපහසු නිසා මේ කටයුත්ත සිදුකළ යුත්තේ ක්‍රමානුකූලවයි . පතං පාලු(Austroeupatorium inulaefolium)                                                     පතං පාලු උඩරට දුම්රිය මාර්ගය දෙපස දැකිය හැකි තවත් ආක්‍රමණශීලී ශාක විශේෂයකි.දකුණු ඇමරිකාව නිජබිම කරගත් මෙම ශාකය 1970 දී පමණ ශ්‍රී ලංකාවට හඳුන්වාදී තිබෙනවා ඉතා ඉක්මනින් ව්‍යාප්තවන නිසා ලංකාවට ආවේණික ශාකවලට මෙය තර්ජනයක් .              ජේම්ස් ටේලර්ගේ නවාතැනේ ඉතිව පවතින කොටසක්                     ලූල් කඳුර වතුයාය                              සංචාරකයන්ගේ නෙත පිනවන සහ සේවකයන්ගේ බඩ කට පුරවන තේ වගාවත් එක අතකින් විදේශ ආක්‍රමණයක් (නමුත් තේ ගස ආක්‍රමණශීලී ශාකයක් නොවේ).ලංකාවේ වානිජ තේ වගාව  1867 දී ජේම්ස් ටේලර් විසින් ආරම්භකළ අතර ඉන්පසුව කෝපි වගාවේ පරිහානියත් සමග එය ප්‍රදේශ රැසක ව්‍යාප්තවිය.උඩරට දුම්රිය මාර්ගය තැනීමටත් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම තේ වගාවයි.නමුත් රටපුරා විහිදී යන ගංගා ඇළ දොළ සියල්ලටමපාහේ උපත ලබාදෙන මධ්‍යම කඳුකරයට තේ වගාවෙන් ඇතිවී තිබෙන හානියත් සුළුපටු නැහැ.                             සතියේ දවසක විදේශිකයින්ගෙන් පිරුණු දුම්රිය මැදිරියක (බණ්ඩාරවෙලින් බසින විට විදේශික සංචාරකයන් පිරුණු දුම්රිය මැදිරියේ  සිටියේ ලාංකිකයන් දෙදෙනෙකු පමණයි ) මගදෙපස ඇති විදේශික ශාක දකිමින්  මේ ගමන අවසාන කරද්දී  මම සිටින්නේ  ලංකාවේද යන්න මටම ගැටළුවක් විය ....   වැඩිදුර >>  
Next || Previous