ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
නාන් රොටි හදමු [ යාම් : 50 ] | The Tasty Love | 2017-11-22 16:29:45
The Tasty Love වෙතින් අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාම රසවත් නාන් රෙසිපියක්. The Tasty Love හරහා ඔබ වෙත ගෙන එන ප්‍රථම ඉන්දියන් ආහාර වර්ගයත් මෙයයි. නාන් ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ බහුලව භාවිතා වනවා වගේම පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංගලාදේශය වැනි ආසියානු රටවලත් නාන් ආහාරයට ගන්නවා. අද දවසේ අප ඔබ වෙත ගෙන එන්නේ නාන් සාදාගන්නා ඉතාම සරල ක්‍රමයක්. බොහොම පහසුවෙන් සාදාගත හැකි මෙය කුඩා දරුවන් ඇතුළු ඔබේ පවුලේ සියළු දෙනාට ආහාරයට ගන්න පුළුවන්. ඕනෑම ආකාරයක හොදි වර්ගයක් සමඟ යසට ගැලපෙන මේ නාන් රොටි, ඕනෑම මස් වර්ගයක, මුහුදු ආහාර වර්ගයක හෝ එළවළු වර්ගයක හොදි සමඟ ආහාරයට ගන්න පුළුවන්. දවල් ආහාරයෙන් ඉතිරි වූ හොදි ඇත්නම්, රාත්‍රී ආහාරයට නාන් පිළියෙල කරගෙන ඒ සමඟ ඉතා පහසුවෙන් රසවිඳින්න පුළුවන්. සටහන : නාන් පිපීම සඳහා පැයක පමණ කාලයක් ඉඩ දිය යුතු නිසා, රාත්‍රී ආහාරයට අඩු වශ‍යෙන් පැයක් වත් කල් තබා නාන් මිශ්‍රණය පිළියෙල කරගන්න සිසිල් දිනයක නම් ඔබේ අවන් එක අඩුම ප්‍රමාණයට රත් කර ලා රස්නය තිබෙන විටදී අවන් එක ක්‍රියා විරහිත කර, එහි ඇතුළට පිටි මිශ්‍රණය දමා පිපෙන්න තබන්න නාන් පුළුස්සාගනීමේදී භාවිතාකරන තැටියට බටර් වෙනුවට ගිතෙල් භාවිතා කර එය වඩාත් රසවත් කරගන්න ඔබට පුළුවන් Prep Time : 10 min      Rest Time :  1 Hours      Cooking Time : 15 min       Yield : 6 අවශ්‍ය කළමනා : පාන් පිටි කප් 2 මුදවාපු කිරි හෝ යෝගට් කප් 1/2 මඳ උණුසුම් වතුර කප් 1/2 ඇක්ටිව් යීස්ට් පැකට් 1 ( 7g පමණ ) සීනි තේ හැඳි 1 ලුණු තේ හැඳි 1/2 තෙල් මේස හැඳි 1 ( පොල් තෙල් හෝ එළවළු තෙල් ) නාන් පුළුස්සාගන්නා තැටියට තැවරීමට බටර් හෝ තෙල් ස්වල්පයක් සාදන ක්‍රමය : පිටි අනමු ( පැයකට කලින්) කුඩා බෝල් එකකට සීනි දමා, එයට වතුර සහ  යීස්ට් පැකට්ටුව දමන්න මිශ්‍රණය කලවම් කර පෙණ දමා යීස්ට් සක්‍රීය වන තෙක් විනාඩි 10ක් පැත්තකින් තිබෙන්න හරින්න තරමක් ලොකු බෝල් එකකට පිටි, ලුණු, තෙල් සහ යෝගට් දමා ගන්න සක්‍රීය වූ යීස්ට් මිශ්‍රණය එයට එකතු කරන්න සුමුදු පිටි බෝලයක් ලැබෙන සේ විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍රණය අනාගන්න ප්ලාස්ටික් රැප් එකකින් හෝ තෙත රෙදි කඩකින් ආවරණය කර උණුසුම් ස්ථානයක පැයක් පමණ පිපෙන්න තබන්න නාන් හදමු පැයක් ගතවූ පසු, ( ප්‍රමාණයෙන් වැඩිවී තිබිය යුතුයි) පිටි ස්වල්පයක් අතුරා ගත් මේසයක් මත පිටි බෝලය තබා එය දිගටි හැඩයකට සකසා ගන්න  ඉන්පසු එය සමාන කොටස් 6කට කඩාගන්න එම කොටස් කුඩා පිටි බෝල 6ක් වන සේ බෝල කරගන්න  එම බෝල එකිනෙක රෝලින් පින් එකක් භාවිතා කර රොටියක් ලෙස තුනී කරගන්න  බටර් හෝ තෙල් තැවරූ තැටියක් ලිප තබා මධ්‍යම ප්‍රමාණයට රත් කරගන්න  එය මතට නාන් රොටිය දමා බුබුළු මතුවන තෙක් විනාඩි 2ක් පමණ එක් පැත්තක් පුළුස්සා අනෙක් පස හරවා තවත් විනාඩියක් පමණ හොඳින් පුළුස්සා ගන්න  මෙලෙස අනෙක් නාන් රොටි 5ත් පිළියෙල කරගන්න  සාදාගත් නාන් රොටි මතට දියවුණු බටර් අතුරා, කොත්තමල්ලි කොළ වැනි යමක් උඩින් ඉස උණු උණුවේ ගෙදර අයට පිළිගන්වන්න.  සුවඳිනුත්, පෙනුමෙනුත් කටට කෙළ උනන මේ නාන් රොටි ඉතාම ප්‍රණීත රසින් යුතු බව ඔබට වැටහේවි. එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා..  The Tasty Love App අදම ලබාගන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous