ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඇමරිකාවේ දුප්පතුන්ගේ කෑම [ යාම් : 52 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-11-22 09:23:24
ඇමරිකාවේ අඩුආදායම්ලාභී පවුලකට ආහාර මිල දී ගැනීම සඳහා ලබා දෙන සහනාධාර මුදල පවුලේ සාමාජිකයින් ගණන, ඔවුන්ගේ වයස් මට්ටම් ආදී කරුණු අනුව වෙනස් වේ. වයස 19-50 අතර වැඩිහිටියන් දෙදෙනෙකු, වයස 6-8 දරුවෙකු හා වයස 9-11 අතර දරුවෙකු ලෙස හතර දෙනෙකු සිටින "සම්මත පවුලක" ආහාර වියදම ඩොලර් 649ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එවැනි පවුලක් ඉහත මුදලින් පහත සඳහන් පරිදි සතියක් තුළදී ආහාර රාත්තල් 130.61ක් මිල දී ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.-ධාන්‍ය රාත්තල් 12.26ක්-එළවළු රාත්තල් 31.56ක්-පළතුරු රාත්තල් 24.48ක්-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 42.39ක්-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.29ක්-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 6.63ක්කෙසේ වුවත් මිනිසුන්ගේ ආහාර පුරුදු ආණ්ඩුවට වෙනස් කළ නොහැකිය. ඉහත සඳහන් උදාහරණයේ දැක්වෙන සාමාජිකයින් සිටින සම්මත පවුලක් සතියක් තුළදී අවශ්‍ය පමණ එළවලු හා පළතුරු පරිභෝජනය නොකරන අතර වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු තෙල් සහ මේද, රසකැවිලි අවශ්‍ය ප්‍රමාණයට වඩා පරිභෝජනය කරති. සම්මත පවුලක් සතියක් තුළදී ආහාර රාත්තල් 106.06ක් පරිභෝජනය කරන්නේ පහත පරිදිය.-ධාන්‍ය රාත්තල් 10.58ක්-එළවළු රාත්තල් 13.31ක්-පළතුරු රාත්තල් 11.40ක්-කිරි හා කිරි නිෂ්පාදන රාත්තල් 18.81ක්-මස් වර්ග හා මාෂභෝග රාත්තල් 13.31ක්-තෙල් සහ මේද, රසකැවිලි හා වෙනත් ආහාර රාත්තල් 38.65ක්මීට අමතරව මේ එක් එක් ප්‍රවර්ගය ඇතුළත ඇති අයිතමයන් අතරින්ද රජය විසින් සහනාධාරලාභීන් පරිභෝජනය කරනු ඇතැයි අපේක්ෂා කරන දේ සහ ඇත්තටම ඔවුන්  පරිභෝජනය කරන දේ අතර විශාල වෙනස්කම් තිබේ.කිසියම් පවුලකට මාසිකව ලැබෙන ආහාර සහනාධාර මුදල තීරණය කරන්නේ පහත පරිදිය. පළමුව, පවුලේ සියළු දෙනාගේම මුදල් ආදායම් ගණනය කර නිවාස කුලී හෝ බැංකු ණය වාරික, විදුලි බිල් හා ජල බිල් වැනි මාසික බිල්පත් ගාස්තු ආදිය එම ආදායමෙන් අඩු කෙරේ. එවිට, ඉතිරි වන මුදලින් තුනෙන් එකක් ආහාර සඳහා වියදම් කිරීමේ හැකියාව පවුලකට ඇතැයි සලකා, පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉහත මුදල එසේ අත ඉතිරි නොවන බව පෙනේනම්, ඉතිරි මුදල ආහාර සහනාධාරයක් ලෙස ලබා දේ.මේ ආහාර සහනාධාරයට අමතරව ගර්භණී මවුවරුන්ට, කිරිදෙන මවුවරුන්ට හා වයස අවුරුදු 5 නොඉක්මවූ දරුවන්ට ඔවුන්ගේ වයස් සීමාවන් අනුව පෝෂ්‍යදායී ආහාර සලාකයක් වෙනම ලැබේ. එයට කිරි, චීස්, ළදරු ආහාර හා කිරිපිටි, සෝයා නිෂ්පාදන, සීරියල්, ටින් මාළු, බිත්තර, යෝගට්, එළවළු හා පළතුරු, පළතුරු යුෂ, පාන් හෝ හාල්, පරිප්පු හෝ කවුපී, යෝගට් හා රටකජු බටර් ආදිය ඇතුළත්ය. අඩුආදායම්ලාභී පාසැල් දරුවන්ට නොමිලේ දිවා ආහාරද ලැබේ.රටේ සියල්ලන්ටම ප්‍රමාණවත් හා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම ලේ හලන විප්ලව කර ළඟා කරගත යුතු ඉලක්කයක් නොවේ. ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට ප්‍රමාණවත් ආහාර ලබා ගැනීමට හැකි වී තිබෙන්නේ සමස්තයක් ලෙස රටේ සියල්ලන්ගේ ආහාර අවශ්‍යතා ඉක්මවන තරමේ ආහාර නිෂ්පාදනයක් රට තුළ සිදුවන බැවිනි. මේ බොහෝ ආහාර වර්ග තාක්ෂනය යොදාගනිමින් මහා පරිමාණයෙන් වගා කෙරේ. ඒ ලාභ පිණිස කෘෂිකර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් විසින් මිස ලාභ නොසොයන සමූහගොවිපොළ හිමිකරුවන් විසින් නොවේ. ඔවුන්ට තමන්ගේ ලාභ වැඩි කරගත හැක්කේ හැකිතාක් අඩු වියදමකින් වැඩි ආහාර ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම මඟිනි. මේ ඉලක්කය කරා ඔවුන් වැඩි වැඩියෙන් ගමන් කරද්දී ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ආහාර මිල අඩු වේ.ඇමරිකානුවන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු ආහාර සහනාධාරය ලබයි. ඔවුන්ට ආහාර සහනාධාරය නොලැබුණානම් රටේ සමස්ත ආහාර ඉල්ලුම දැන් පවතින මට්ටමට වඩා අඩු විය හැකිව තිබුණේය. එසේනම්, ආහාර මිල දී ගැනෙන්නේ දැනට වඩා අඩුවෙන් නිසා නිෂ්පාදනය වන්නේද දැනට වඩා අඩු ප්‍රමාණයකි. ආහාර සහනාධාර නිසා ආහාර නිෂ්පාදනය ඉහළ ගොස් ඇති අතර මිල අඩු වී තිබේ. ආහාර සහනාධාර මුදල වැය කර වෙනත් දේ මිල දී ගත නොහැකි නිසා අවශ්‍ය පමණට ආහාර මිල දී ගැනීමෙන් පසු මෙම සහනාධාර ගිණුමේ ඉතිරි වන මුදලක ආවස්ථික පිරිවැයක් නැත. මෙය ආහාර නාස්තියටද හේතුවේ.ආහාර සහනාධාරය නොතිබුණානම් රටේ ආර්ථික අවපාතයක් ඇති වී බොහෝ දෙනෙකුගේ ආදායම් අඩුවන විට ආහාර සඳහා ඇති ඉල්ලුම විශාල ලෙස අඩු වේ. එහෙත්, ආහාර සැපයුම ක්ෂණිකවම අඩු වන්නේ නැත. මෙහි ප්‍රතිඵලය වන්නේ ආහාර මිල විශාල ලෙස පහත වැටීමයි. මෙය ආදායම් අඩු වෙද්දී අඩුආදායම්ලාභීන්ගේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කරන ස්වභාවික යාන්ත්‍රණයයි.මේ අයුරින්ම රටේ වැඩි දෙනෙකුගේ ආදායම් තාවකාලිකව ඉහළ ගොස් ආහාර ඉල්ලුම ඉහළ යනවිට, නිෂ්පාදනය සමානුරූපී ලෙස වැඩි නොවන නිසා ආහාර මිල විශාල ලෙස ඉහළ යයි. ඒ නිසා, ආදායම් ඉහළ ගිය පමණින් බොහෝ දෙනෙකුට ආහාර පරිභෝජනය වැඩි කරන්නට ලැබෙන්නේ නැත. මෙවැනි අවස්ථාවක නිෂ්පාදකයින් විසින් මිල ඉහළ දමා පාරිභෝගික අතිරික්තය "සූරා ගන්නා බව" යම් අයෙකුට පෙනෙන්නට පුළුවන. නමුත්, ඇත්තටම සිදුවන්නේ එවැන්නක් නොවේ. යම් හෙයකින් නිෂ්පාදකයින් විසින් මිල වැඩි නොකළහොත් සිදුවන්නේ මිල අඩු වුවත් මිල දී ගන්නට ආහාර නැති වීම නිසා පෝලිම් ඇතිවීම පමණි.ආහාර මිල ස්ථාවරව තබා ගැනීමටනම් ආහාර සඳහා ඇති ඉල්ලුම මෙන්ම සැපයුමද ස්ථාවරව තිබිය යුතුය. ඇමරිකාවේ ආහාර සහනාධාර නිසා සිදුවන එක් යහපත් දෙයක් වන්නේ රටේ ආහාර මිල ස්ථාවරව පැවතීමයි.ආර්ථික අවපාතයක් ඇතිවී බොහෝ දෙනෙකුට රැකියා අහිමි වන විට ආහාර සහනාධාර ලබන පිරිස් වැඩි වේ. මේ අයුරින්ම ආර්ථිකය වඩා වේගයෙන් වර්ධනය වී විරැකියාව අඩුවන විට ආහාර සහනාධාර ලබන ගණන අඩු වේ. ඒ නිසා ආර්ථිකයේ උච්ඡාවචනයන්ට අනුරූපව සමස්ත ආහාර ඉල්ලුම විශාල ලෙස වෙනස් නොවේ. ඒ නිසා, සැපයුම වෙනස් නොවුවහොත් මිලද ස්ථාවරව පවතී.ධනවාදී ආර්ථිකයක මිල යනු නිෂ්පාදකයින්ට ලබා දෙන ස්වභාවික සංඥාවකි. මිල අඩු වන විට නිෂ්පාදකයෝ කර්මාන්තයෙන් ඈත් වෙති. මිල ඉහළ යන විට කර්මාන්තය වෙත ඇදී එති. කෘෂිකර්මාන්තය වැනි ස්වභාවික සම්පත් මත පදනම් වූ කර්මාන්තයකින් නිෂ්පාදකයින් ඉවත් වන නිෂ්පාදනය සඳහා යොදාගත් සම්පත් අපතේ යාමක් සිදුවන්නට වැඩි ඉඩක් තිබේ. මේ සම්පත් යම් හෙයකින් වෙනත් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් යොදා ගතහොත්, නැවත කර්මාන්තයට පිවිසෙන්නෙකුට සම්පත් හිඟයකට මුහුණ පාන්නට සිදු විය හැකිය. මිල යාන්ත්‍රණයට මෙවැනි ප්‍රශ්න වලටද ස්වභාවික විසඳුම් ලබා දෙන්නට බැරි නැතත්, ආහාර මිලේ හා සැපයුමේ වෙනස්වීම් වලට බොහෝ දෙනෙක් සංවේදී වන අතර වෙනත් භාණ්ඩ හා සේවා වලට වඩා වැඩියෙන් ආහාර ද්‍රව්‍ය වල මිල ස්ථාවරත්වය ප්‍රිය කරති.ආහාර සහනාධාර වල ප්‍රතිඵලයක් ලෙස ආහාර ඉල්ලුම දිගුකාලීනව ස්ථාවරව තිබෙන නිසා නිෂ්පාදකයින්ට මිල වෙනස්වීම් වලට ප්‍රතිචාර දක්වමින් නොසිට දිගින් දිගටම නිෂ්පාදනයේ යෙදීමට අවකාශ සැලසෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාලගුණ වෙනස්වීම් වැනි සාධක නිසා නොවේනම් දිගුකාලීනව ආහාර සැපයුමද ස්ථාවර වේ. මෙසේ තමන් මුහුණ දෙන අවිනිශ්චිතතාවයන් අඩු වීම ආහාර සහනාධාර නිසා නිෂ්පාදකයින්ට ලැබෙන වක්‍ර වාසියකි. ඉල්ලුම හා සැපයුම දෙකම වඩා ස්ථාවර වෙද්දී ආහාර මිලද ස්ථාවරව පවතී. ප්‍රධානම හේතුව නොවූවත්, හැටේ දශකයේ ආහාර සහනාධාර හඳුන්වාදීමෙන් පසු ඇමරිකාවේ ආහාර උද්ධමනය ඉන් පෙර යුගයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස ස්ථාවර වී තිබේ.(Image: ....   වැඩිදුර >>  
Next || Previous