ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අපි හරියට කන්ඩවත් දන්නවද? [ යාම් : 51 ] | කට්ටකාඩුව | 2017-11-13 22:29:54
අපේ කන්තෝරුවේ කෑම සඳහා නියමිත වෙලාවක් නැතිමුත් බොහෝ දෙනා දවල් දොළහ හමාරත් එකත් අතර දිවා ආහාරය ගැනීමට පුරුදු වී සිටිති. කුඩා කැන්ටිමක් තුල බොහෝ දෙනා ආහාර ගන්නා බැවින් එකිනෙකා ආහාර ගන්නා රටාවන් අනෙක් අයටද දිස්වීම අනිවාර්යයෙන් සිදුවේ. අනෙකුන් ආහාර ගන්නා ආකාරය ගැන මගේ එතරම් තැකීමක් නොවූවද කාලෙකට ඉහත අපත් සමග එකට සේවය කල සහෝදර සේවක මහතෙකු දවල් කෑමට යන කාල පරාසය මග හැර කැන්ටිමට යාමට මම ප්‍රිය කලෙමි. ඒ මුළු බත් පතම අනා ගෙන, ඉන් ලොකු අහුරු අහුරු කට තුලට දමාගෙන, ඒ කෑම හපන අතර අනෙකුන් සමග කතා බහ කිරීමට අපේ යාලුවා පුරුදු වී සිටි නිසාය. ඒ දර්ශනය කෙතරම් අජූව දැයි තේරෙන්නේ ඔහුත් සමග එක් වේලක් හෝ බත් කෑ කෙනෙකුට පමණි. වැසිකිලි වලක බැස කෑම ගැනීම අර අත්දැකීමට වඩා ප්‍රියජනක එකක් වීමට බොහෝ දුරට ඉඩ තිබේ.බුදුන් වහන්සේ තම ශ්‍රාවක භික්ෂු භික්ෂුනීන් හට දානය වැළඳීම පිළිබඳව යම් යම් නීති රීති පනවා ඇති බව අසා තිබුනත් ඒ මොනවාදැයි මා කවදාවත් දැන සිටියේ නැත. කුඩා කල -මල පෙරේතයෙක් වගේ- කන්ඩ එපා යැයි අම්මා අපිට කිව්වේ ඇඟිලි වල ගෑවී තිබූ ඉඳුල් ලෙවකන විටය. ඊට අමතරව මල පෙරේතයන් කන්නේ කෙසේදැයි දැන ගැනීමට උවමනාව තිබුනත් පෙර කී මිතුරා හමුවන තුරු එය තේරුම් ගත නොහැකි විය. මේ හැරුණු කොට කෑම ගැනීම ගැන පිළිගත් නීති රීති එක්තැන් කල කිසිදු තැනක් සොයා ගත නොහැකි විය. කැම්පස් ජීවිතය අගදී -එටිකට්- පිලිබඳ දින දෙකක පාඨමාලාවකට අපව යොමු කලද එය තනිකරම බටහිර පන්නයට කෑම ගැනීම නිසි පරිදි කරන්නේ කෙසේදැයි කියා දීමට සීමා වී තිබුනෙන් පෙරදිග චාරිත්‍ර දන ගැනීමට මගක් නොවිණි.  මේ ප්‍රශ්නය විසඳා ගැනීමට ලැබුනේ මෑතකදී කියවූ පොතකිනි. ඒ දැනුම ඔබත් සමග බෙදා ගන්නේ අපිට කෙසේ වෙතත් අපි කන හැටි බලා ඉන්න අයටවත් ඉන් සෙතක් සැලසෙනු ඇතැයි යන කල්පනාවෙනි.බුදු හිමියන් තරම් තම ශ්‍රාවකයන්ගේ විනය පිළිබඳව උවමනාවකින් කටයුතු කල වෙනත් ශාස්තෘවරයෙක් ඇතැයි මම නොසිතමි. උන් වහන්සේ සිය ශ්‍රාවක සංඝයාට දේශනා කල විනය නීති රීති ඇතුලත් විනය පිටකය හුදෙක් ආගමික ග්‍රන්ථයක් පමණක් නොවේ. බුද්ධ කාලීන සංඝ සමාජය මෙන්ම සාමාන්‍ය සමාජය පිලිබඳවද අවබෝධයක් ලබා ගැනීමට එය කදිම නිධානයකි.   උපසම්පදාව ලැබූ භික්ෂූන් විසින් පිළිපැදිය යුතු විනය නීති 227 ක්ද භික්ෂුනීන් විසින් පිලි පැදිය යුතු නීති 311 ක්ද පවතින බව කියැවෙන අතර ඉන් 75 අයත් වන්නේ සේඛියා නොහොත් -වැරදි හැසිරීම් වලින් ඉවත් වීමේ ශික්ෂා පද- කාණ්ඩයටය. මෙම නීති දරුණු වැරදි ලෙස නොසැලකෙන වැරදි සහගත හැසිරීම් වෙනුවෙන් පැනවී ඇත. එම ශික්ෂා පද අනුව කටයුතු කිරීමට සංඝයා වහන්සේලාට දිරිදෙනු ලැබේ. ඒවා සංඝයාවහන්සේලාට මැනවින් සිහිය පවත්වා ගෙන යාමට පුරුදු පුහුණු කරවන අතරම සාමාන්‍ය සමාජය තුලදී ඔවුන් අපහසුතාවයන්ට ලක්වීම වැළක්වීමේ අරමුණෙන් ද දේශිතයි. මේ සේඛියා 75 න් 30 ක්ම වෙන්වී ඇත්තේ දානය පිළිගැනීම හා වැලඳීම පිලිබඳ පිළිපැදිය යුතු ශික්ෂාවන් දැක්වීමටය. මෙලස වැඩි ප්‍රමාණයක් සේඛියා දානය වැළඳීම පිළිබඳව සාකච්චා කිරීමට වෙන් කොට ඇත්තේ එමගින් බොහෝ වැරදි අවබෝධයන් ඇති වීමට ඉඩ ඇති නිසායයි සිතමි.ඒ සේඛියා දේශනා කොට ඇත්තේ සංඝයාවහන්සේලා වෙනුවෙන් උවත් ඒවා ගිහි අපට ද අදාලවන නිසා ඔබ සමග බෙදා ගනිමි. පිණ්ඩපාතය යන වචනය වෙනුවට කෑම වේල යන්නත්, පාත්‍රය වෙනුවට පිඟාන යන්නත් ආදේශ කරගත් විට මේ නීති අපට කෙතරම් අදාළ දැයි සිතේ.  මා එම සේඛියා උපුටා ගන්නේ විනය පිටකයෙහි පාචිත්තිය පාළියෙහි භික්ඛු විභංගයෙනි. සිහියෙන් යුතුව මනා ලෙස පිණ්ඩපාත දානය පිළිගත යුතුයතැන තැන නොබලමින් (පාත්‍රය දෙස පමණක් බලාගෙන) පිණ්ඩපාතය පිළිගත යුතුයසූපයන් පිළිගන්නේ නම් බත් ප්‍රමාණයෙන් හතරෙන් එකකට සමානව හෝ ඊට අඩුවෙන් පිළිගත යුතුයපාත්‍රයෙහි එක් එක් ගොඩවල් නොගසා සමසේ පිරී යන ලෙස පිණ්ඩපාතය පිළිගත යුතුයපිණ්ඩපාතය වැළඳීමේ දී අකමැත්තෙන් මෙන් නො වළඳා මනා ලෙස සකස් කොට වැළඳිය යුතුයවැළඳීමේ දී තැන තැන නොබලා පාත්‍රය දෙසම බලාගෙන වැලඳිය යුතුයපාත්‍රයේ තැනින් තැනින් නොකා තමාගේ පැත්තේ සිට විරුද්ධ දිසාවට පිලිවෙලින් ආහාර ගත යුතුයසූපයන් වළඳයි නම් බත් හා සම ප්‍රමාණයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් එක් පිඩකට වැළඳිය යුතුයපාත්‍රයෙහි මැදින් ඇති බත් ගෙන අනා නො වැළඳිය යුතුයවැඩිපුර සූප හෝ ව්‍යංජන ලබා ගැනීමේ අරමුණෙන් දැනට බෙදා ඇති සූප හේ ව්‍යංජන බත් වලින් වැසීම නොකළ යුතුයසූප හෝ බත් හෝ තමා පිණිස ඉල්ලා ගෙන වැලඳීම නොකළ යුතුයරෝගී නොවන අවස්ථාවක සූප හෝ බත් හෝ තමා පිණිස ඉල්ලා ගෙන වැලඳීම නොකළ යුතුයඅවැඩක් කරන සිතින් අනුන් වළඳන පාත්‍රය දෙස බැලීම නොකළ යුතුයඉතා මහත් බත් පිඬු සාදා ආහාරයට ගැනීම නොකළ යුතුයඉතා දිග බත් පිඬු සාදා ආහාරයට ගැනීම නොකළ යුතුයබත් පිඬුවක් මුව අසලට ගෙන යාමට පෙර මුව විවර නොකළ යුතුයවළඳන වෙලාවේ මුළු අතම මුව තුලට නොදැමිය යුතුයකට තුල බත් පිඬු ඇති විට කථා බහ කිරීම නොකළ යුතුයබත් පිඬු මුව තුලට දමා ගසමින් වැළඳීම නොකළ යුතුයබත් පිඬු කොටසින් කොටස කඩමින් වැලඳීම නොකළ යුතුයබත් පිඬු මුව තුල එක් රැස් කොට (හකු පිරෙන සේ ආහාර කට තුලට ගෙන) වැළඳීම නොකළ යුතුයඅත් දෙපසට වන වනා වැලඳීම නොකළ යුතුයබත් ඇට වටේට ඉසිමින් වැළඳීම නොකළ යුතුයදිව ඉදිරියට නෙරමින් ආහාර වැළඳීම නොකළ යුතුය-චපු චපු- හඬ නංවමින් ආහාර වැළඳීම නොකළ යුතුය-සුරු සුරු- හඬ නංවමින් ආහාර වැළඳීම නොකළ යුතුයඅත ලෙව කමින් ආහාර වැළඳීම නොකළ යුතුයපාත්‍රය ලෙව කමින් ආහාර වැළඳීම නොකළ යුතුයතොල් ලෙව කමින් ආහාර වැළඳීම නොකළ යුතුයඉඳුල් සහිත අතින් පැන් භාජනය නොපිළිගත යුතුයඉතින් මේ විදියට නීති රීති පනවලා තිබුනත් ඒ නීති අවලංගු වන අවස්ථාවල් මොනවද කියලත් බුදුන් වහන්සේ දක්වලා තියනවා. බොහෝ විට ඒ නොසිතා මේ දේවල් කරන පුද්ගලයන්ට, උම්මත්තක පුද්ගලයාට, නොදන්නා පුද්ගලයාට හා මේ විනය නීතිය පැනවීමට කලින් මෙවැනි කටයුතු කල පුද්ගලයන්ටයි. සමහර නීති (පාත්‍රය ලෙව කා වැළඳීම වැනි)ආපදා අවස්තාවකදී අදාළ වෙන්නේ නෑ. අද මෙන් ආහාර බහුල නොවූ අතීතයේ දුර්භික්ෂ කාලයන් සුලභ වෙන්නට ඇති. ඒ වගේ හදිසි අවස්ථා ගැනත් සලකලා තමයි විනය නීති පනවා තිබෙන්නේ. විනය පිටකය නීති සංග්‍රහයක් විදිහට සැලකුවොත් තවත් වැදගත් කමක් තියනවා. ඒ මේ නීති අති බහුතරය පනවලා තියෙන්නේ සංඝයා වහන්සේලාට ශාසනය අතහැර යෑමට හේතුවන අයුරින් තද දඬුවම් දීමේ අරමුණින් නොවන බව. එය පනවා ඇත්තේ   හුදෙක් තමන්ගේ පැවිද්දේ උත්තරීතර පරමාර්ථ සාක්ෂාත් කරගැනීමට උදවුවක් විදිහට. නොපැහැදුණු අයගේ පැහැදීම ඇතිවෙන ආකාරයටත් පැහැදුනු අයගේ ඇති පැහැදීම වැඩි වෙන ආකාරයටත් තමා සංඝයාගේ හැසිරීම හැඩ ගස්වලා ඇත්තේ. වසර දෙදාස් හයසීයකට කිට්ටු අතීතයකදී බුදුන් වහන්සේ වදාළ මේ විනය නීති අදටත් හෙටටත් මුළු  මානව වර්ගයාටම සෙත සලසාවි. හැබැයි ඒ අපි ආගම් බේධයෙන් තොරව විවෘත මනසකින් උන්වහන්සේගේ ධර්මය දෙස බැලුවොත් ....   වැඩිදුර >>  
Next || Previous