ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සයිටම් අරගලයේ ශේෂ පත්‍රය [ යාම් : 25 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-11-13 03:00:55
ආණ්ඩුව විසින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරන බවට වාචික හා ලිඛිත පොරොන්දුවක් දීමෙන් පසුව වසරකට වඩා කාලයක් තිස්සේ ඇදී ගිය සයිටම් විරෝධී සටන අවසන් විය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි වීම කෙසේ වුවත්, අඩු වශයෙන් ජීවිත හානි නැතිව මේ අරගලය අවසන් වීම ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.ජීවිත හානි සිදු නොවූවත් සයිටම් විරෝධී අරගලයේ සමාජයීය හානිය සැලකිය යුතු තරම්ය. මේ හානියෙන් වැඩිම කොටස අනාගත වෛද්‍යවරුන් වන්නට නියමිතව සිටින වෛද්‍ය සිසුන්ටය. සයිටම් අරගලයේ පාර්ශ්වකරුවන්ගේ ශේෂ පත්‍ර ගණනය කළ හැක්කේ මේ හානි ගැනද විමසීමෙන් පසුවය.සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමට ආණ්ඩුව විසින් ගත් හදිසි හෝ හදිසි ලෙස පෙනෙන්නට සලස්වා ඇති තීරණයත් සමඟ බොහෝ සයිටම් විරෝධීන් මෙන්ම, සයිටම් විරෝධ විරෝධීන්ද කම්පනයට පත්ව ඇති බව පෙනේ. එවැනි බොහෝ දෙනෙකුගේ නිහඬතාවයෙන් පෙනෙන්නේ එයයි. මා මේ කියන්නේ සෘජුවම මේ ප්‍රශ්නයේ පාර්ශ්වකරුවන් වූ, ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අය ගැන නොව සයිටම් විරෝධී හෝ සයිටම් විරෝධ විරෝධී ස්ථාවරයක සිටිමින් පැත්තකට වී ආතල් එකක් ගත් අය ගැනය. ප්‍රශ්නයේ කේන්ද්‍රයේ සිටි අයට මේ තීරණය එතරම් විශාල කම්පනයක් ඇති නොකළා වන්නටද පුළුවන.ජවිපෙට, පෙසපෙට මෙන්ම පොදුවේ සරසවි සිසුන්ටද මේ ආකාරයේ අරගල කිරීම පිළිබඳ මනා පළපුරුද්දක් තිබේ. මේ කණ්ඩායම් විසින් කරන අරගල පොදු හෝ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳා ගැනීම වෙනුවෙන් තනි පුද්ගලයෙකු විසින් හෝ කණ්ඩායමක් විසින් අසංවිධානාත්මක ලෙස අරඹන වහලයක් උඩට නැඟ කරන උපවාසයකට හෝ ගව ඝාතනයට එරෙහිව ගිණි තබා ගැනීමක් වැනි හදිසියේ ආරම්භ කරන අසංවිධානාත්මක විරෝධතාවයකට සමාන කළ නොහැකිය.ජවිපෙ, පෙසපෙ හෝ පොදුවේ සරසවි සිසුන් අසාධාරණයක් වන හැම විටකම විරෝධතා දක්වන්නට යන්නේ නැත. විශේෂයෙන්ම, එවැනි විරෝධතාවකින් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලිව ඇති විට මේ කණ්ඩායම් වලට අයත් පිරිස් කළු ගල් වල ඔලුව ගසාගන්නට යන්නේ නැත. ඔවුන් සාමාන්‍යයෙන් මේ ආකාරයේ අරගලයක් ආරම්භ කරන්නේ ඔවුන්ගේ තක්සේරුව අනුව එසේ කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත හැකි බව පෙනෙන්නට ඇති විටය. මෙවැනි තක්සේරුවක් සෑහෙන තරම් නිවැරදිව කරන්නට තරම් පළපුරුද්දක් මේ කණ්ඩායම් තුනටම තිබේ. ඊට අමතරව, ප්‍රසස්ථ අවස්ථාවේදී අරගලයක් නිමා කර එයින් ඉවත් වීමටද ඔවුන් දක්ෂය.සයිටම් විරෝධීන්ට ඇති එක් විවේචනයක් වන්නේ පසුගිය ආණ්ඩුව කාලයේ ඔවුන් මේ ආකාරයෙන් විරෝධතා නොදැක්වූ බවයි. මෙයට සයිටම් විරෝධීන් අතර සිටි විවිධ අය ලබා දුන් ප්‍රතිචාර සමාන නැතත්, ඔවුන්ගෙන් ඇතැම් අය ලබා දෙන අවංකයයි සැලකිය හැකි ප්‍රතිචාරයක් වන්නේ මෙවැන්නකි."ඇත්ත! ඒ වෙලාවේ එහෙම කළා කියල වැඩක් නොවෙන බව අපි දැනගෙන හිටියා. ඒක නිසා තමයි දැන් මේ පුළුවන් වෙලාවෙ වැඩේ කරගන්න බලන්නේ.."දැඩි ප්‍රතිරෝධයක් දැක්වීමෙන් මේ ආණ්ඩුව ලවා සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කරගත හැකි බව අඩු වශයෙන් මේ අරගලයේ අවසන් අදියර වලදී පෙනෙන්නට තිබුණේය. එහෙත්, පැහැදිලි නොවූයේ ඒ සඳහා කොපමණ ප්‍රතිරෝධයක් අවශ්‍යද යන්නයි.සයිටම් විරෝධී අරගලය ආකාරයේ විරෝධතා ව්‍යපාරයකට එහි අරමුණු ඉටු කර ගැනීම සඳහා සමාජය කම්පනය කරන්නට සිදු වේ. එහෙත්, මෙය එක් වර කළ නොහැකිය. ඒ නිසා, අවශ්‍ය තරමට සමාජය කම්පනය වන තාක් කල් අරගලය ඇදගෙන යන්නට සිදු වේ. ඒ සඳහා අරගලය දිගින් දිගටම පෝෂණය කරන්නට තරම් කැපවීමක් ඇති පිරිසක් අවශ්‍ය වේ. මෙසේ දිගින් දිගටම පෝෂණය නොවන අරගලයක් ක්‍රමයෙන් දියාරු වී යයි.ජවිපෙ හෝ සරසවි සිසුන් (අන්තරේ) වැනි මේ ආකාරයේ අරගල ගැන වෘත්තීය පළපුරුද්දක් ඇති කණ්ඩායමක් සාමාන්‍යයෙන් අඛණ්ඩ උපවාස වලට මිස මාරාන්තික උපවාස වලට ලේසියකට යන්නේ නැත. එසේ කිරීම ඉල්ලන් කෑමක් බව ඔවුහු හොඳාකාරවම දනිති. මේ කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතන්නේ තමන්ගේ ඉල්ලීම ඉතා ඉක්මණින් ලැබෙන බවට ලොකු විශ්වාසයක් ඇති වූ විටක තීරණ ගන්නා අයට උපරිම පීඩනයක් එල්ල කිරීම සඳහා පමණි.මාරාන්තික උපවාසයකදී මෙන් නොව අඛණ්ඩ උපවාසයකදී තනි පුද්ගලයෙක් දිගටම ආහාර වර්ජනය කිරීමක් සිදු වන්නේ නැත. මෙහිදී සිදුවන්නේ හොඳින් බඩ පිරෙන්නට ආහාර ගැනීමෙන් පසු කිසියම් උපවාස කරුවෙකු තමන්ගේ උපවාස මුරයේ පැය ගණන අවසන් වන තුරු අට්ටාලයක් මතට වී ආහාර නොගෙන සිටීම පමණි. එවැන්නකුගේ උපවාස මුරය ඇරඹෙන්නට පෙර හා උපවාස මුරය අවසන් කිරීමෙන් පසු ආහාර ගැනීම සඳහා පහසුකම් බොහෝ විට ඉතා සැලකිල්ලෙන් සංවිධානය කෙරේ. ඒ නිසා, අඛණ්ඩ උපවාසයක් වසර ගණනක් වුවද ඇදගෙන යන්නට බැරිකමක් නැත.මෙයින් අදහස් කරන්නේ අඛණ්ඩ උපවාසයක් කාලයක් තිස්සේ ඇදගෙන යාම පහසු දෙයක් බව නොවේ. පැය හයේ හෝ අටේ උපවාස මුරයකට වුවත් දිගින් දිගටම වාඩි කරවන්නට පිරිස් සොයා ගැනීම පහසු නැත.අඛණ්ඩ උපවාසයක් හරහා කිසියම් ප්‍රශ්නයක් කෙරෙහි ජනතා අවධානය යොමු කරවා ගත හැකි වුවත් ඉන් ඉදිරියට එයින් ප්‍රයෝජනයක් ගැනීම අසීරුය. සයිටම් ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු වී තිබුණු අතර එය අමුතුවෙන් ඉහළ දමන්නට අවශ්‍යව තිබුණේ නැත. සයිටම් විරෝධීන් හමුවේ වූ අභියෝගය ප්‍රශ්නය කෙරෙහි ප්‍රමාණවත් ජනතා අවධානයක් යොමු නොවීම නොව සයිටම් විරෝධී මතවාදයට ජනතාව ප්‍රමාණවත් තරමින් සංවේදී නොවීමය. ප්‍රශ්නය ජනතාවගේ පොදු ප්‍රශ්නයක් බව ඒත්තු ගන්වන්නට සයිටම් විරෝධීන් කෙතරම් උත්සාහ කළත් ඔවුන්ට එය කළ නොහැකි විය. සයිටම් විරෝධයට කිසි විටකත් පුළුල් ජනතා සහයක් ලැබුණේ නැත.තත්ත්වය මෙසේ තිබියදීත්, සයිටම් විරෝධී ප්‍රධාන කණ්ඩායම් මාරාන්තික උපවාසයක් ගැන හිතුවේ නැත. ඒ, මස් රාත්තලම ඉල්ලන සටනකදී මාරාන්තික උපවාසයකට යාම අනතුරුදායක බව ඔවුන් පළපුරුද්දෙන්ම දැන සිටි නිසාය.වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් විසින් මාරාන්තික උපවාසයක් ඇරඹුවේ තත්ත්වය මෙසේ තිබියදීය. මෙවැනි සිදුවීම් වලදී තිරය පිටුපස වෙන දේවල් ගැන මනා අවබෝධයක් ඇති නිසා අවසන් නිගමන වලට එන්නට මා හදිස්සි නොවන නමුත් මේ වැඩේට වෛද්‍ය සිසුන්ගේ දෙමවුපියන් අතගැසීම පුළුල් සැලසුමක කොටසක් ලෙස නොව ස්වභාවික ලෙසම සිදු වූවක් වන්නට සෑහෙන ඉඩකඩක් තිබේ. එසේ සිතූ විට, සයිටම් විරෝධී සටනේ සමතුලිතතාව ක්ෂණිකව වෙනස් වූ ආකාරය තේරුම් ගැනීම පහසුය. ඒ පදනම මත බැලූ විට මෙය සයිටම් විරෝධී ව්‍යාපාරයට හදිසියේම ලැබුණු බෝනස් එකකි. යම් හෙයකින් දෙමවුපියන් උපවාසයට එකතු වුනේ හදිසි තීරණයක් මත නොව පුළුල් සැලසුමක කොටසක් ලෙසයැයි සැලකුවත් එයින් සයිටම් විරෝධී ව්‍යාපාරයට විශාල ජවයක් ලැබුණු බව පැහැදිලිය.පැවති පසුබිම තුළ මාරාන්තික උපවාසයකට වාඩි වීම යනු ආපසු හැරවීමට අසීරු, විශාල අවදානමක් ඇති  ක්‍රියාවකි. කැමැත්තෙන් සිය දිවි නසා ගන්නා වෙනත් පුද්ගලයෙකුට මෙන්ම මාරාන්තික උපවාසයක යෙදෙන්නෙකුටද මිය යන්නට පෙර කිසියම් අවස්ථාවකදී ජීවිත ආශාව ඇති වේ. එහෙත්, උපවාසකරුවෙකුගේ මරණයක් හෝ විරෝධතාවක් මර්දනය කිරීමේදී පත්තු වන තුවක්කුවක් හරහා තමන්ගේ ඉල්ලීම් දිනාගන්නට බලා සිටින පිරිසකගේ සිරකරුවකුව සිටින, නිරාහාරව සිටීමෙන් දුර්වල වී සිටින අයෙකුට තමන්ට උපවාසය අත හරින්නට අවශ්‍ය වන විට ලොක්කෙක්ගේ අතින් තැඹිලි වතුර ටිකක් බී උපවාසය අත්හැරීම පහසු නොවන්නට පුළුවන.සයිටම් විරෝධය සමඟ එකතු වී සිටි ඇතැම් කණ්ඩායම් ඉලක්ක කළේ මේ හරහා කිසියම් ආකාරයක අරාජිකත්වයක් වර්ධනය කර ගැනීමටය. එහෙත් සයිටම් විරෝධයට එකතු වී සිටි තවත් බොහෝ දෙනෙකුට තිබුණේ එවැනි අවශ්‍යතාවයක් නොවේ. ඔවුන්ට තිබුණේ, පෙර කී පරිදි, සිය වෘත්තිය, අනාගත වෘත්තිය හෝ දරුවන්ගේ අනාගත වෘත්තිය පිළිබඳ ප්‍රශ්නයකි. කෙසේ වුවද, දශක කිහිපයකට පෙර මෙවැනිම තත්ත්වයක් යටතේ රටේ අරාජිකත්වයක් වර්ධනය විය. මේ අරගලයද දිගටම ඇදුනානම් හෝ ආණ්ඩුව එය මර්දනය කිරීමට ඉක්මන් වූවානම් ව්‍යවස්ථා විරෝධය වැනි තවත් දේවල් එයට එකතු විය හැකිව තිබුණේය.ලංකාවේ ජනමතය මරණ වලට සංවේදීය. යම් හෙයකින් සයිටම් විරෝධතාවයක් මර්දනය කිරීමේ උත්සාහයක් තුළ පොලිස් වෙඩි තැබීමක් වී මරණයක් සිදු වුණේනම් ජනමතය සැලකිය යුතුව වෙනස් විය හැකිව තිබුණේය. සයිටම් අරගලය තුළ සිටි ඇතැම් කොටස් ඒ බව පැහැදිලිව දැන සිටියේය. මේ ආණ්ඩුව එසේ කරනු ඇති බවට ජනමතයක් ඔවුන් කලින්ම හදමින්ද සිටියේය. එහෙත්, ආණ්ඩුව මෙය හඳුනාගෙන තිබුණු බව පෙනෙන්නට තිබුණේය.මාරාන්තික උපවාසය ආරම්භ වුණේ මස් රාත්තලම ඉල්ලන අසාධාරණ සටනක් හමුවේ පවා ආණ්ඩුව විසින් මරණයක් ලබා දීම පරක්කු කරමින් සිටි පසුබිමකදීය. ඒ නිසා, මේ උපවාසය හරහා හෝ බලාපොරොත්තුවෙන් සිටි මරණය ලබා ගනිමින් සයිටම් අරගලය වඩා පුළුල් තලයකට ව්‍යාප්ත කර ගැනීමේ උත්සාහය ආණ්ඩුව විසින් නොසලකා හැරිය හැකිව තිබුණු කරුණක් නොවේ.සයිටම් වෛද්‍ය පීඨය වසා දමන බව දැනුම් දෙමින් ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ උපාය මාර්ගික ලෙස ඔවුන් සයිටම් විරෝධී දේශපාලනය තුළ සිටි කොටස් වලට වඩා ඉදිරියෙන් සිටින බවයි. දෙවනු කී කොටස් දශක දෙකකට පෙර යොදාගත් උපක්‍රමය ප්‍රතිචක්‍රීකරණය කරමින් සිටිද්දී, ආණ්ඩුව විසින් පෙන්නුම් කළේ තමන් එතැන් සිට බොහෝ දුර ගොස් ඇති බවයි.ඇතැම් අය කියන්නේ ආණ්ඩුව විසින් කිසිවක් නුදුන් බව හා එසේ කිසිවක් නොලබාම සයිටම් අහෝසි කිරීමේ සටන අතහරින්නට සයිටම් විරෝධීන්ට සිදුවී ඇති බවයි. එය එසේයැයි මා සිතන්නේ නැත. යමෙක් එසේ හිතන්නේනම් එය සයිටම් විරෝධීන්ව මෙන්ම ආණ්ඩුවද අවතක්සේරු කිරීමකි. ඉතා පැහැදිලිව සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් ආණ්ඩුව විසින් ලබා දී තිබේ. එය කුමක් වුවද, වැදගත් කරුණ එය සයිටම් විරෝධීන්ට පිළිගත හැකි විසඳුමක් වීමයි. ඔවුන්ව තාවකාලිකව රැවැට්ටීමෙන් ආණ්ඩුවට මේ වෙලාවේ වාසියක් ලැබිය නොහැකිය.සයිටම් ප්‍රශ්නය විසඳීම නිසා ලොකුම හානිය වුණේ ඒ හරහා වෙනත් අරමුණු ඉටු කරගැනීමට බලා සිටි කොටස් වලටය. ඔවුන්ට අන්තිමේදී ලැබුණු දෙයක් නැත. එවැනි කොටස් ඉදිරියේදීද තමන්ට එල්ලීමට ඉඩක් ඇති මේ ආකාරයේ ප්‍රශ්න හොයනු ඇතත් එය පහසු කරුණක් නොවේ. වෛද්‍ය සංගමය ප්‍රධාන වෛද්‍යවරුන් සයිටම් විරෝධය සමඟ සිටීම නිසා ආණ්ඩුවට එරෙහි මේ අරගලයේ සමතුලිතතාවය වෙනස් වූ ආකාරය, වෙනත් ආණ්ඩු විරෝධී අරගලයකදී ඇති නොවිය හැකි සුවිශේෂී තත්ත්වයකි.ආණ්ඩුව සයිටම් අහෝසි කිරීමේ අවසන් තීරණයට එන්නත් පෙරම වෛද්‍යවරුන් සමඟ කිසියම් එකඟතාවයකට පැමිණ තිබුණේය. ඇත්තටම කියනවානම් සයිටම් අරගලයට හා හැකි දුර ලකුණු වුණේ ඒ අවස්ථාවේදීමය.සයිටම් විරෝධයට මුල් වූ වෛද්‍යවරුන්ගේ හා අනාගත වෛද්‍යවරුන්ගේ සැබෑ ප්‍රශ්නය වූයේ ඒ හරහා ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම විශාල ලෙස ඉඩ යා හැකි වීමේ ප්‍රශ්නයයි. මෙවැන්නක් ඇත්තටම සිදුවීමේ ඉඩක් තිබුණු අතර සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නොතිබුණත් තව වසර ගණනාවකට පසු වෛද්‍ය උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇති වෙන්නට ඉඩ තිබේ. මේ ප්‍රශ්නය ගැන කතා කිරීම සඳහා මේ ලිපියේ ඉඩ වෙන් කරන්නට අදහසක් නැතත්, මෙය දැනට ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ව සිටින බොහෝ දෙනෙක් දන්නා කරුණකි. මධ්‍යගත සැලසුම් යටතේ සැපයුම තීරණය වන විටක ඉල්ලුම හා සැපයුම අතර හිඟයක් මෙන්ම අතිරික්තයක්ද ඇති විය හැකිය. සයිටම් වැනි තවත් වෛද්‍ය පීඨ ඉදිවීම නිසා මේ තත්ත්වය වඩා ඉක්මණින් ඇතිවිය හැකිව තිබුණේය.ඉහත කී ආකාරයේ තත්ත්වයක් ඇති වී අනාගත වෛද්‍ය උපාධිධාරියෙකු රැකියා පෝලිමේ වේලීම දැනට සේවයේ යෙදෙන වෛද්‍යවරයෙකුට විශාල ප්‍රශ්නයක් නොවූවත් එය ඔවුන්ට ප්‍රශ්නයක් නොවන්නේද නැත. වෙළඳපොල තරඟය වැඩිවීම නිසා සිදුවන අවාසිය පැත්තකින් තිබ්බත් එහි වෘත්තීය ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද තිබේ. ලංකාවේ නීතිඥ වෘත්තිය හා අදාළව දැනටමත් මෙවැනි තත්ත්වයක් ඇති වී තිබේ. දැනට සේවයේ යෙදී සිටින වෛද්‍යවරුන්ට වඩා වැඩියෙන් මේ ප්‍රශ්නය වෛද්‍ය සිසුන්ට දැනේ. ඔවුන්ගේ දෙමවුපියන්ටද දැනේ.අනෙක් අතට දිගින් දිගටම පංති වර්ජනය කරමින් සිටි වෛද්‍ය සිසුන්ට ඒ හේතුව නිසා ජීවිත කාලීන ආර්ථික අවාසියක් එකතු වෙමින් තිබුණේය. සයිටම් අහෝසි කිරීමත්, ඒ හේතුවෙන් තවත් වසර ගණනකට වෛද්‍ය සැපයුම සීමාවීමත් නිසා ඔවුන්ට ජීවිතකාලීන වාසියක් ලැබුණත් අරගලය ඇදී ගිය කාලය සැලකූ විට ඔවුන්ට ශුද්ධ වාසියක් ලැබුණේද යන්න සැක සහිතය. දෙමවුපිය උපවාසය ඇරඹෙන විට ඔවුන් වැය කර තිබුණු ආවස්ථික පිරිවැය සැලකූ විට සයිටම් අහෝසි නොකළේනම් ඔවුන්ට අවසාන වශයෙන් ලැබිය හැකිව තිබුණේ ශුද්ධ අලාභයකි. සයිටම් හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨ නැතත්, ලංකාවේ අනාගත වෛද්‍ය සැපයුම හා රැකියා පුරප්පාඩු සැලකූ විට ඔවුන්ගේ දැන් තත්ත්වයේත් ලොකු වෙනසක් නොතිබෙන්නට පුළුවන.වෛද්‍ය සිසුන්ට සාපේක්ෂව මේ අරගලයේදී වෛද්‍යවරුන් විසින් කළේ අඩු කැපකිරීමකි. එහෙත්, ඔවුන්ට ලැබුණු වාසියද එතරම් විශාල නැත. සයිටම් හේතුවෙන් කිසියම් අවාසියක් හෝ එය අහෝසි කිරීම නිසා වාසියක් ලැබෙන්නේ සාපේක්ෂව තරුණ වෛද්‍ය වරුන්ටය. එහෙත්, එවැනි වාසියක් වුවද, පෙර විස්තර කළ හේතුවම මත දිගුකාලීන හෝ විශාල එකක් නොවනු ඇත.බිස්නස් කාරයෙක් කියන්නේත් වෛද්‍යවරයෙකු වැනිම ජනතාවට සේවයක් සලසන අයෙකි. එහෙත්, බොහෝ දෙනෙක් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුව "නෙවිල් මුදලාලි" ලෙස හැඳින්වූයේ මේ මුදලාලිගේ සේවය ගැන ගෞරවයක් වශයෙන් නොවේ. ඇත්තටම නෙවිල් ප්‍රනාන්දු හොඳ බිස්නස් කාරයෙක් ලෙස සැලකිය නොහැකිය. ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයට අත ගැසීම කිසියම් ව්‍යවසායකයෙකු විසින් ගන්නා අවදානමට සරිලන තරමේ ලාභ නොලැබිය හැකි කටයුත්තකි. සයිටම් අරගලයේ අවසන් ප්‍රතිඵලය විසින්ද ඔප්පු කර ඇත්තේ එයයි.නෙවිල් ප්‍රනාන්දු සයිටම් වෛද්‍ය පීඨය හා ශික්ෂණ රෝහල වෙනුවෙන් ආයෝජනය කළ මුදල් හෝටල් හෝ ඉදිකිරීම් (තට්ටු නිවාස) වැනි ක්ෂේත්‍රයක යෙදෙවුවානම් ඔහුට මීට වඩා අඩු අවදානමක් ගෙන වැඩි ලාබයක් ලැබිය හැකිව තිබුණේය. ඒ නිසා, තමන්ගේ වෘත්තීය ක්ෂේත්‍රයට යමක් කරන්නට ඔහුට ඇත්තටම අවශ්‍යතාවයක් තිබුණා වන්නට පුළුවන. නෙවිල් ප්‍රනාන්දුගේ අරමුණ වූයේ මුදල් ලාභ වුවත්, පුරෝගාමියෙකු වීමේ කීර්තිය වුවත් අවසාන වශයෙන් ඔහු අපේක්ෂා කළ දෙය ඔහුට ලැබී නැත. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දු අසාර්ථක ව්‍යවසායකයෙකි.කෙසේ වුවත්, නෙවිල් ප්‍රනාන්දු සයිටම් ආයෝජනය කළේ රාජපක්ෂලා තවත් කලක් බලයේ සිටිනු ඇතැයි යන විශ්වාසයෙන් වන්නට පුළුවන. සයිටම් අරඹන කාලයේ පෙනෙන්නට තිබුණු පරිදි රාජපක්ෂලා ගෙදර යැවීම ළඟක වූ දෙයක් නොවේ. මේ අනුව, නෙවිල් ප්‍රනාන්දුට විශාල අලාභයක් විඳින්නට වුණේ ගණන් වරද්දා ගැනීම නිසායැයි කියන්නටද පුළුවන.දැනට සිටින සයිටම් වෛද්‍ය පීඨ සිසුන්ට බාධාවක් නැතිව උපාධිය ලබාගැනීමට ඉඩ සැලසෙනු ඇතත් ඔවුන්ටද විශාල අවාසියක් වී ඇති බව අමුතුවෙන් විස්තර කළ යුතු නැත.සයිටම් විරෝධීන් අතර විවිධ කණ්ඩායම් සිටියාක් මෙන්ම සයිටම් විරෝධ විරෝධීන් අතරද විවිධ කණ්ඩායම් සිටියේය. මේ අයගෙන් කොටසක් දොස්තරලා සමඟ ඇරියස් තිබුණු අයයි. තවත් කොටසක් සයිටම් අරගලය සමඟ සිටි ජවිපෙ හා පෙසපෙ වැනි පක්ෂ සමඟ ඇරියස් තිබුණු අයයි. සයිටම් අරගලය පවතින ආණ්ඩුවට එරෙහි අරගලයක්ය යන අදහසින් එයට විරුද්ධ වූ අයද සිටියේය. එහෙත්, මේ සියලු කොටස් ඉවත් කළද සයිටම් අරගලය අසාධාරණ බවත්,  පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට ඉඩ සැලසිය යුතු බවත් සිතූ විශාල පිරිසක්ද වූහ. සයිටම් නිසා සෘජු වාසි ලබන කොටස් හැර ....   වැඩිදුර >>  
Next || Previous