ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
කූඹියෝ යකෝ ඒක පට්ට - Koombiyo Teledrama [ යාම් : 69 ] | රස්තියාදුකාරයා | 2017-11-12 22:40:23
                                               ෆේස්බුක් එකේ කනින් කොනින් කූඹියො කියලා ඇහෙන්න පටන් ගත්තට මන් එච්චර උනන්දුවක් උනේ නෑ. පසුගිය සතියේ මාත් ඔන ඔහේ koombiyo කියලා ගූගල් එකේ ගහල බලන්න ගියා ඔන ඕක. ඔන ඔහේ ගියාට බන් පටන් ගන්න මියුසික් එකත් නිකන් අමුතුම වර්ගයේ එකක්. පොඩ්ඩක් බැලුවා මොකද වෙන්නෙ කියලා. හප්පට සිරි මුල්ම සීන් එකේ ඉදන් කොච්චර කූඹියොන්ට ඇබ්බැහි වුනාද කිව්වොත් පහුගිය සදුදා අගහරුවාද දවස් දෙකේම පහුගිය කොටස් විසි දෙකම එක හුස්මට බලලා ඉවරයක් කරා.                                       ඇත්තටම දුක කූඹියෝ බලන්න මෙච්චර පරක්කුවෙච්ච එක නෙවෙයි තව පරක්කු වෙන්න බැරි උනේ ඇයිද කියලා. ඇයි දෙයියනේ. එහෙනම් සීරියස් එකම සම්පූර්ණයෙන්ම ඩව්න්ලෝඩ් කරලා ආතල් එකේ බලලා ඉවර කරනවනෙ. දැන් ඉතින් තැප තැප ඉදපන්කෝ ඊලග සෙනසුරාදා ඉරිදා වෙනකම්.                                   මෙහෙමයි බන් මාත් ඔය එෆ්.බී එකේ රෙකමදාරු හරහා ගියාට හිතුවේ නෑ. මේක මෙච්චර පට්ට එකක් කියලා. ආයෙත් අහලා මැක්සා. ගිහින් බලපල්ලා. හැබැයි අමතක කරන්න එපා.මුල් කොටසෙ ඉදන්ම පිළිවෙලට පලයන්. මොකද කතාවෙ නියම රහ තියෙන්නෙ එතකොට.මොකද කොටසින් කොටසට මාර සම්බන්ධයක් තියෙන්නෙ.                                        ඒ වගේම මන් බලපු පට්ට ආසම ෆිල්ම් එකක් තමයි ස්ටීවන් ස්පිල්බර්ග් කියනකවුරුත් දන්න පට්ට ඩිරෙක්ටර් අධ්‍යක්ෂණය කරපු ලියනාඩෝ ඩි කැප්‍රියෝ (ටයිටෙනික් එකේ කොල්ලා බන්) රගපාන "Catch Me If You Can"  කියන් ෆිල්ම් එක.මොකද මන් සාමාන්‍යයෙන් වැඩියෙන්ම ආස ඔය වගේ පට්ට ගේම් දෙන හරි.....ඔය වගේ ගේම් හොයන x-files වගේ ඒවට හරි තමයි.... කොහොමින් කොහොම හරි ඒ අග්‍රගන්‍ය චිත්‍රපටයෙන් තමයි මට ලියනාඩෝ ඩි කැප්‍රියො කියන නළුවා ගැන උමතුවක් ඇති උනේ. මොකද ඇත්තටම ලීයනාඩෝ ඩි කැප්‍රියො කියන්නෙ පට්ටම භාණ්ඩයක්......මන් දන්න සුපිරිම වර්ගයේ නළුවන් හතරපස් දෙනාගෙන් එකෙක්........                                          මේකෙ ජෙහාන් කියන්නෙත් ඒ වර්ගයේම අමු හොරෙක් මුන් දෙන්නගෙත් වෙනස්කමුත් බොහොමයි.හැබැයි මුන් දෙන්නම එකම වර්ගයෙ.                         කොහොම උනත් ජෙහාන් කියන්නෙ අමුතුම චරිතයක්. ඌට තැනකට එන්න ලොකු ඕන කමක් නෑ. මොකද ඌට ඕනෙ උගේම ක්‍රමේට ගේමක් ගහගෙන,පුලුවන්නම් රෑට අඩියක් ගහගෙන, නිකන් ඉන්න වෙලාවට බෝල් අතක් ගහගෙන ඉන්න. ඌ ආදරේ කරන්නෙ මන් හිතන්නෙ ඒ ජීවිතෙට වෙන්න ඇති. ඒක පට්ට ස්භාවික නොවෙන්න පුළුවන්. ඒත් අපි හැම එකාගෙම හිත්වල අවුමුළු වල ඉන්න පට්ට ෆැන්ටසි චරිත උගෙ ඇතුලෙ ඉන්නවා. ඒ නිසා අපි හිතෙන් නිතරම ඌ වෙනවා......එතකොට කූබියෝ පට්ට වෙනවා.....                                    ඒවගේම තමයි මේ කතාවෙ ආකර්ෂණියම චරිතෙ ප්‍රියන්ත මහඋල්පතගේ. ඌනම් පට්ටම.. උගෙ රගපෑමට සම්මාන පිට සම්මාන දුන්නත් මදියි. කතාවට නියම පදමට ලුණු ඇඹූල් දාන්නෙ ඌ. උගෙ රගපෑම ආයෙ පට්ටම. ගමෙන් නගරයට ඇවිල්ලා ඩ්‍රයිවින් ජොබ් එකක් නැතිව චාටර් ගගහා ඉන්දැද්දි තමයි ඌට ජෙහාන් සෙට් වෙන්නෙ.....උන්දෙන්නා කියන්නෙ එක අතකට අහඹුවක් නෙවෙයි. කොළඹ බෝඩිම් කාමරවල සෙට් වෙන ගමේ ඉදන් ආපු අපි වගේ එවුන්ගෙ රියැලිටි එක.                                                    ප්‍රියන්ත මහඋල්පතගේ නැත්නම් ඇත්ත නමින් කලණ ගුණසේකර දෙන ආතල් මන් රිවයින් කර කර කී පාරක් නම් බැලුවද, උබලත් කූබියොන්ට රහ වැටුනා කියන්නෙ පුතේ. ප්‍රියන්ත මහඋල්පත ගේ හොදම රසිකයෙක් වෙනවා කියන එක තමයි. ආයෙ ඒක දෙකක් නෑ. ඒ කියන්නෙ කූඹියො රසිකයෙක් වීම අනුලෝම වශයෙන් සමාන වෙනවා ප්‍රියන්ත මහඋල්පත යගේ රසිකයෙක් වෙනවා කියන එකට                                                                     කතාව බලන්න ඉස්සරින් මට හිතුනේ යුරේනිව මේකට ගත්තෙ ඇයි කියලා. කතාවට එන්ටර් වෙද්දිත් මුල් ටිකේ හිතුණා මේකට ප්‍රියන්තලා වගේ අමු නැතිනම් අලුත් චරිතයක් ගත්තනම් හොදයි කියලා. හැබැයි සීන් කීපයක් යනකොට තමයි දැනෙන්නෙ යුරේනිගේ රගපෑම් කොච්චර මේකට ගැලපෙනවද කියලා. ආයේ ඈ අපිත් ෆුල් අන්දොස් වෙනවා හිරුණි නැත්නම් යුරේනි දෙන ෆීලින්ග්ස් වලට.                         ආයෙ පට්ටම කියන්නෙ සුප්පම ඈ. මේක යුරේනිගෙත් මුල්ම කාලෙ නිර්මාණයක් උනානම් යුරේනිත් නිකන් ප්‍රියන්තයා වගේම ලොකු බ්ලාස්ට් එකක් කරන් ෆීල්ඩ් එකම හොල්ලගෙනම තමයි එන්නෙ. අන ඒකයි කියන්නෙ කලණගෙ වචන වලින්ම මෙගා වල හිටියම කැරැක්ට් එක ඩැමේජ් වෙනවා කියලා කොච්චර දක්ෂ කෙනෙක් වුනත් සාමාන්‍ය කෙනෙක් වගේ හුරුවෙනවා.                       කූඹියො ගැන හොයන්න ගත්තෙ ඉතින් මේ සුමානෙනෙ. එතකොට තමයි හොයාගත්තේ මේකෙ නියම වැඩකාරයෝ දෙන්නා එකෙක් අධ්‍යක්ෂ්‍යණය කරපු ලක්මාල් ධර්මරත්න අනෙකා මේක ලියපු දමිත චන්ද්‍රසිරි. ඇත්තටම මේක ලියලා තියෙන්නෙත් මුන් දෙන්නම.                                මුන් දෙන්නත් ඕවර්රෝල් වැඩ කාරායෝ. කැමරාව,පසුබිම,සංගීතය, ගලායාම....... වගේ හැම මගුලක්ම පට්ටට ගලපලා තියෙනවා. මේ පට්ට වැඩෙන් 60% කට වඩා ගෞරවය යන්නෙ මුන් දෙන්නට. සමහර දෙබස් පට්ට දේශපාලිනිකයි. පොළොවෙ පය ගහලා ඉන්න අමු සොබාවික චරිතයකට ඇර වෙන එකෙක්ට එහෙම අදහස් එන්නෙ නෑ. මොකද එව්වා ඇත්තටම දුවිලි වදින සමාජෙ ඇවිදින මිනිහෙකුගෙ සමාජීය පර්යේශණ වල ප්‍රතිපල.                                    ඇත්තටම මේ වගේ ටෙලි නාට්‍ය ටී.වී එකෙන් සම්පූර්ණෙන්ම ඈත්වුණු අපි වගේ එවුන්ට ආයෙත් පිස්සුවක් හැදෙව්වා. මොකද මට නම් ටීවි එකේ යන රෙද්දවල් එපා වෙලා තියෙන්නෙ. A.L. ඉවරයි,පියවි වගේ කිහිපයක් නොගියමත් නෙවෙයි....ඒත් ඒවා වගේම කූබියො දුන්නෙත් අමුතුම පිරවුමක්. අන ඒක ගොඩක් වටිනවා......                       කූඹියොන්ට කොච්චර රටම වහ වැටුනද කියනවනම් IMBD රේටින් කියන ලෝකෙ රේටින්ග්ස් වල ජනප්‍රියම වෙබ් එකෙන් TV Series වල Crime  කියන කැටගරියෙන් පළමු තැන හිමි වෙලා තියෙනවා. මේකෙ දෙක තුන වුනු සහ අනෙක් ටී.වී සීරියස් පොඩ්ඩක් බැලුවම තේරෙයි ඒවත් මොන මට්ටමේ කොච්චර ෆෑන් බේස් එකක් තියන් ඉන්න ඒවද කියලා. කූබීයො රටම නෙවෙයි ලෝකෙම කෑවෙ එහෙමයි.                                       100, flash, game of thrones වගේ ටී.වි සීරියස් ඇබ්බැහි වෙලා බලපු එවුන්ට ආයෙත් ගෙදර ටීවි එකෙත් බලන්න දෙයක් තියෙනවා කියලා මතක් කරා.හැබැයි මේකෙ රහ වෙනස්. ඒ වෙනස ලංකාවට ගැලපෙනවා. ඒ වෙනස බටහිර ආකෘතියත් එක්ක මික්ස් කිරීම තමයි පට්ටම දේ වෙන්නෙ.                                                               ස්තූතියි කූඹියෝ උඹලට ගොඩක්.මට උඹලගෙන් ඉල්ලන්න තියෙන්නෙ එකම එක දෙයයි. උඹල දීල තියෙන මේ ආතල් එක උඹල තියෙනවයි කියන කොටස් පනස් අටේම එකම විදියට දීපන්. ආයෙත් අපේ අතල් කුඩු කරන්නෙ නැතිව......Youtube එකෙන් කූඹියො මුල ඉදන් බලන්න මෙතනින් යන්නIMBD රේටින්ග්ස් බලන්න මෙතනින් යන්න (පුළුවන්නම් වෝට් එකක් දාගෙනම වරෙන්) ....   වැඩිදුර >>  
Next || Previous