ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පැතලි ලෝකය රවුම් කල හතරවැනි රාමා [ යාම් : 42 ] | කට්ටකාඩුව | 2017-11-07 09:53:48
“අද ඒ.ටී එකේ ෆිල්ම් එකක් පෙන්නනවා බලන්ඩ?”“මොකක්ද ෆිල්ම් එක?”“ඇණ ගත්තද කිං!”“මොකා ?”“ඇණ ගත්තද කිං!”“අපෝ සිංහල ජරාවක්ද?”“නෑ බං ඉංග්‍රීසි”“එහෙම නං තියනවද බූරුවෝ ඉංග්ලිෂ් ෆිල්ම් වල?”“ඒකට හැමෝම කියන්නේ ඒ නම!!!”මොකාද මේ ‘ඇණ ගත්තු’රජ්ජුරුවෝ කියල බලන්ඩ මාත් ගිය එදා හවස ඒ. ටී. එකට. ටිකට් එක රුපියල් දහයයි. ඒක හිංදා ෆිල්ම් එකක් ඕන කෙනෙකුට බලන්ඩ අවස්තාව තිබ්බා. මෙහෙම චෑන්ස් එකක් තියෙන්නේ පේරාදෙණියේදී විතරයි. ආර්ට් තියටර් එහෙම නැත්තං කලාගාරයට හිටපු ගමං මොකක් හරි සංගමේකින් ෆිල්ම් ගෙන්නනවා. එහෙම බලපු මේ -ඇනා ඇන්ඩ් ද කිං- කතාවේ තියෙන්නේ තායිලන්තේ රජ කෙනෙක් තමන්ගේ දරුවන්ට උගන්නන්ඩ මිෂනාරී ගුරුවරියකගේ සේවය ලබා ගත්ත හැටි ගැන. මට මතක විදිහට අපි කට ඇරගෙන බලා ගෙන හිටියා  රජ්ජුරුවෝ අර ටීචර් ව දැන් බඳී දැන් බඳී කියලා. ම්හ්...රජා ට ෆිල්ම් එක අන්තිම වෙනකලුත් බැරි වෙනවා ටීචව බඳින්ඩ.ඔය කතාව මට මතක් උනේ පහු ගිය දවසක මගේ චාරිකා සටහන් ලියපු පොඩි කොළ කෑලි කීපයක් හම්බ වෙච්ච හිංදා. ඒ කොළ කෑල්ලේ උඩිම්ම ලියල තිබ්බ මාතෘකාව තමයි පැතලි ලෝකය රවුම් කල හතරවැනි රාමා! මොකාද යකෝ මේ දස වැඩේ කරපු එකා කියල හිත හිත මං අර සටහන් ටික කියෙව්වා. කැමතිද එව්වා බලන්ඩ?වරහන් ඇතුලේ තියෙන්නේ මම මේ ලිපිය ලියද්දි එකතු කරපු සටහන්. චායාරූප ගූගල් සෙවුම් වලින් ලබා ගත්තු ඒවා. ඒවගේ නියම අයිති කාරයෝ හොයා ගන්ඩ බැරි උනා.අද පොසොන් පෝය. ලංකාවේ හිටියනං පන්සල් යන්ඩ තිබ්බා. මෙහෙ ඉන්නේ බෞද්ධයෝ උනාට උන් සමරන්නේ වෙසක් උත්සවේ විතරයි. අද පෝය කියලා මොකෙකුටවත් ගානක් වත් නෑ. ඒ කොහොම උනත් හවස පන්සලක් හොයාගෙන ගියේ පුරුද්දට වගේ. අපි සල්ලි දුන්නහම කෙල්ලෝ සෙට් එකක් තායි නැටුමක් නටනවා පංසලේ ඇතුල් වෙන තැනම. එක අතකට තණ්හා, රතී රඟා වගේ මුනුත්. එතන ටික වෙලාවක් බලාගෙන හිටියා. මට මහා අප්පිරියාවක් දැනුනා. ඒ හින්දම මල් ටික ඉක්මනට බුදු පිළිමයක් ඉස්සරහින් තියලා පුළුවන් තරං ඉක්මනට වැඳලා ආපහු හෝටලේට ආවා. හෝටලේ ලොබි ඒරියා එකේදී නිරාන් හම්බ උනා [නිරාන් කියන්නේ අපේ ආයතනයේම වැඩ කරපු හරිම හිත හොඳ තායි කෙල්ලෙක්]. “හේ.....ලෝ.....!!” තායි ඌරුවට නිරාන් මට ආචාර කරද්දී මට වෙච්ච සිද්දිය මං ඇයට කිව්වා.  “කරදර වෙන්ඩ එපා. ලංකාවේ තියන සිරිත් ඔක්කොම මෙහෙ නෑ. මෙහෙ තියන සිරිත් ලංකාවේ නැතුව ඇති”.“ඉතින් ඇයි ඔයාලා හොඳ සිරිත් පවත්තගෙන යන්නේ නැත්තේ?”“මොන්කුට් රජ්ජුරුවෝ උත්සාහ කලාට පස්සේ වෙන කවුරුවත් එහෙම උත්සාහයක් ගත්තේ නෑ. කොහොමත් බැංකොක් කියන්නේ සල්ලි පස්සේ දුවන නගරයක්! ගම්බද තායිලන්තය මීට වඩා වෙනස්”.“කව්ද මොන්කුට් රජ්ජුරුවෝ කියන්නේ?”“ඇනා ඇන්ඩ් ද කිං කියන ෆිල්ම් එක බලල තියනවද?”                                                 මොන්කුට් (හතරවෙනි රාමා) රජතුමා“මොකද නැත්තේ...!”.මං නිරාන් ට ලංකාවේදී ඒ ෆිල්ම් එකට දාපු නම ගැන කියලා දුන්නා.“ඒ කතාව ඇත්තටම වෙච්ච එකක්. ඒ රජ්ජුරුවන්ගේ ඇත්ත නම මොන්කුට්. හැබැයි රජ්ජුරුවෝ ගැන දන්නවනං ඔහොම කියන්නේ නෑ”.“ඇයි ඒ ?”“එයාට අන්ත:පුරයක්ම තිබ්බා. අවුරුදු දා හතකින් ළමයි අසූ දෙකක් හැදුවා ඒ රජ්ජුරුවෝ!”“මගෙ දෙයියනේ ! ඒ කොහොමද ඒ?”“බිසෝවරු තිස් ගානක් හිටියා ඒ රජ්ජුරුවන්ට”.“ඉතින් එයා තරුණ වයසේම මැරුණද?”“ඇයි එහෙම ඇහුවේ?”“නෑ. ඔයා කිව්වනේ අවුරුදු දා හතකින් තමයි ළමයි අසූ දෙකක් හැදුවේ කියලා. ඉතින් තව හිටියනං තව ළමයි හදයිනෙ!”“ඒකත් ඇත්ත. හැබැයි රජ්ජුරුවෝ මරුනේ වයසට ගිහිල්ලා මැලේරියාවෙන්”.“එතකොට ළමයි හදන එක නැවැත්තුවේ?” (නිරාන් හිතන්ඩ ඇති මං මහ වලත්ත කතාමයි අහන්නේ කියලා)“ඒක දිග කතාවක්”.“රෑට කන්ඩත් තව වෙලා තියන එකේ කියන්ඩකෝ කතාව”. “දැන් තායිලන්තේ රජ කරන පරම්පරාවට කියන්නේ චක්‍රී රජ පරපුර කියලා. මේ පරපුර තමන්ගේ නමට අමතරව රාමා කියන නමත් පාවිච්චි කරනවා. පළවෙනි රාමා තමයි මේ පෙළපතේ පලවෙනි රජ්ජුරුවෝ. එයාගේ මුනුපුරා තමයි මොන්කුට්. පළවෙනි රාමාගේ පුතා දෙවෙනි රාමා ඒ කියන්නේ මොන්කුට් ගේ තාත්තා රජ වෙලා ඉන්දැද්දී මොන්කුට් මහන වෙනවා අවුරුදු විස්සෙදි. දන්නවනේ තායිලන්තේ හැම පිරිමි කෙනෙක්ම මහන වෙලා ඉන්ඩ ඕන අවුරුදු විස්ස වෙනකොට. හැබැයි මොන්කුට්ගේ අවාසනාවට පිය රජ්ජුරුවෝ මෙයා මහන වෙච්ච අවුරුද්දෙම මැරුණා”.“ඔය කොයි කාලෙද?”“හරියටම මතක නෑ...1820 ගණන් වල” [පස්සේ මම හොයා ගත්තා ඒ හරියටම 1824 දී කියලා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසින්ට යටත් වෙලා අවුරුදු නවයකට පස්සේ. එතකොටත් තායිලන්තය ස්වාධීනයි. ඇත්තටම කවදාවත් තායිලන්තය බටහිර රටවල් වලට යටත් උනේ නෑ.]“ඒත් මොන්කුට් හාමුදුරුවෝ මහණකමින් අත් මිදෙන්ඩ කැමති උනේ නෑ!”“රජකම ගන්ඩවත්?” (කොහොමද අපේ රටේ ඕක උනා නං!!)“රදළ නායකයෝ දෙවෙනි රාමා රජ්ජුරුවන්ට වෙනිං බිසවකගෙන් ලැබිච්ච පුතෙක්ව රජ කරවනවා නියම බිසවගේ (රැජින ගේ) දෙවෙනි පුතා ඒ කියන්නේ මොන්කුට් ගේ මල්ලිටවත් රජකම නොදී” (ඔයිට ලඟින් යන වැඩක් වෙනවා ලංකාවේ පිළිමතලව්වේ අධිකාරම ඇතුළු රදලයෝ එක්කහු වෙලා රජ වෙන්ඩ සුදුසුකම් නොතිබ්බ කන්නසාමි කුමාරයාව රජ කරවනවා ශ්‍රී වික්‍රම රාජසිංහ කියලා 1798 දී).“කෙනෙක් රජ උනාට පස්සේ එයාගේ බලය පිලි අරගෙන එයාට උදව් කරන එක තමයි අපේ සම්ප්‍රදාය.(තායිලන්තෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!!) ඉතින් මොන්කුට් හාමුදුරුවෝ දිගටම මහන වෙලාම හිටියා. එයා ගිහි උනා නං රජ්ජුරුවෝ අපහසුතාවකට පත් වෙනවා මොකද මේ කුමාරයාට කරනේ කියලා. ඒ ඔක්කොම ප්‍රශ්න ඉවරයි මහන වෙලාම දිගටම හිටපුවම”.“ඉතින් මොන්කුට් හාමුදුරුවෝ මොකද කලේ?”“එයා හොඳට ජ්‍යෝතිෂය ඉගෙන ගත්තා. ඉංග්‍රීසි ඉගෙන ගත්තා. ඒ එක්කම හුඟක් පොත් පත් කියෙව්වා. දැනුම වැඩිකර ගත්තා. එතකොට තායිලන්තේ තිබ්බ සමහර වත් පිළවෙත් ගැන විමසිල්ලෙන් හොයල බලල එව්වා වෙනස් කරන්ඩ උත්සාහ කළා. විනය නීති තදින් ක්‍රියාත්මක කරන්ඩ ඕන කියල වැඩපිළිවෙලක් ආරම්භ කළා. අදත් තායිලන්තේ ප්‍රධාන නිකායක් වෙන ධම්මයුක්තික නිකාය ආරම්භ උනේ මේ හාමුදුරුවන්ගේ වැඩත් එක්ක. උන් වහන්සේ හිතුවේ දේශපාලනය වගේ වැඩ වලින් හාමුදුරුවරු අහක් වෙලා ධර්ම ප්‍රතිපදා ඉදිරියට ගෙනියන්ඩ ඕන කියලයි”. (ඒක හොයල බලන්ඩ වටින අදහසක් නේද?) “ඔහොම කාලයක් යනකොට රජවෙලා හිටපු තුන්වැනි රාමා රජ්ජුරුවෝ මැරුණා. එයාගේ නෑදෑයෝ උත්සාහ කලේ රජ්ජුරුවන්ගේ පුතාට රජකම දෙන්ඩ. ඒත් ප්‍රයුරවොන්ග්සේ කියල ප්‍රබල රදළ නායකයෙක් එකට විරුද්ධ උනා. මොන්කුට් හාමුදුරුවොත් කැමති උනා ගිහි වෙලා රජකම ගන්ඩ. ප්‍රයුරවොන්ග්සේ උදව් කළා මොන්කුට් කුමාරයාට රජ වෙන්ඩ. එයා තමයි හතරවෙනි රාමා. එයා රජ වෙලා හිටියා අවුරුදු දා හතක්. ඒ කාලේ තමයි අර ළමයි හැදුවේ”.“ළමයි 82 හදනවට වඩා වැඩක් කරන්ඩ බැරි වෙන්ඩ ඇති රජ්ජුරුවන්ට?”“නෑ ඒ රජ්ජුරුවෝ හුඟක් වැඩ කළා. ඒ කාලේ තායි මිනිස්සු හිතං හිටියේ මේ ලෝකේ පැතලියි කියලා. රජ්ජුරුවෝ මේ අදහස නැති කරන්ඩ තායිලන්තේ අධ්‍යාපන ක්‍රමයට භූ ගෝල විද්‍යාව අනිවාර්ය කළා. ඊට පස්සේ තමයි මිනිස්සු ලෝකය ගෝලාකාර බව පිළිගත්තේ. ගණිතය ගැනත් රජ්ජුරුවෝ ලොකු උනන්දුවකින් වැඩ කළා. තමන් දැනගෙන හිටපු ජ්‍යෝතිශයෙන් හරියටම ගණන් හදලා සූර්යග්‍රහණ ගැන හෙම නිවැරදි අනාවැකි පලකලා. ඒ දැනුම භාවිතා කරන්ඩ කියලා නියෝග දුන්නා. තාක්ෂණ අධ්‍යාපනයටත් රජ්ජුරුවෝ මූලික උනා!”“අපිටත් හිටියනං එහෙම රජෙක්!!”“රජ්ජුරුවෝ බලයට එච්චර කෑදර උනේ නෑ. තමුන්ගේ මල්ලිටත් ඔටුනු පලන්දලා තමන්ට වගේම ඉහල තැනක් මල්ලිටත් හදලා දුන්නා” (අන්න එහෙම කට්ටිය නං ලංකාවෙත් ඉන්නවා). “අර ෆිල්ම් එකේ යුද්ධයක් ගැනත් කියවෙනවා නේද?”“ඔව්. ඔය කාලේ තායිලන්තය නිතරම බුරුමෙත් එක්ක යුද්ධ කළා. ඒ ගැන වෙන්න ඕන ෆිල්ම් එකේ තියෙන්නේ. [මටත් ඒ ෆිල්ම් එක අප්පහු හොයා ගන්ඩ බැරි උනා]. හැබැයි ඒ යුද්ධ වලට වඩා වටින්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයයි ප්‍රංශ අධිරාජ්‍යයයි එක්ක මේ රජතුමා පවත්තපු දේශපාලන හා වෙළඳ සම්බන්ධකම්. ආසියානු කලාපේ රටවල් එකින් එක මේ බටහිරයන්ට යටත් වෙද්දී ඒ ලෝක දේශපාලනේට ගැලපෙන විදිහට තායි විදේශ ප්‍රතිපත්තිය සකස් කරලා අපේ නිදහස රක ගත්තේ ඒ රජ්ජුරුවන්ගේ දූරදර්ශී නුවන හිංදා. ඒ ගැන කිසිම ෆිල්ම් එකක නෑ . ඒත් මිනිස්සුන්ගෙ හිතේ තාම ඒ මතකය තියනවා!!”අවුරුදු විස්සෙදි ලැබෙන්ඩ තිබ්බ ඔටුන්න එපා කියලා තව අවුරුදු විසි හතක මහන දම් පුරපු, ඒ කාලේ පුරාවටම රජ වෙන්ඩ කිසිදු උත්සාහයක් නොදරපු මොන්කුට්, වයස 47 දී රජවෙලා අවුරුදු දා හතක් රජකලා. ඒ විතරක් නෙවෙයි අද පවා සාමාන්‍ය තායි මිනිස්සු පවා ආදරෙන් මතක් කරන යුගයක් බිහි කළා.  ලෝකය ගෝලාකාර බව විතරක් නෙවෙයි මේ රජ්ජුරුවෝ තායිලන්තෙට ඉගැන්නුවේ බල ලෝභී අධිරාජ්‍යවාදීන්ගෙන් පිරිච්ච ලෝකෙක තමන්ගේ නිදහස රැක ගන්න විදිහත් තායි වරුන්ට කියල දුන්නේ මේ රජ්ජුරුවෝ. ඒ පාඩම් හින්දම කවදාවත් තායිලන්තේ බටහිර ජාතියකට යටත් කර ගන්ඩ බැරි උනා. මිනිස්සු තාමත් ඒ රජ පරපුරට ආදරෙයි.අපිට එහෙම නායකයෝ ඉන්නවද? නැත්නම් ඒ ඇයි? මොන්කුට් කෙනෙක් ඕපපාතිකව බිහිවෙනවා නෙවෙයි. ඒ  ඒ සමාජේ තියන පසුබිම එක්කයි එහෙම මිනිස්සු බිහි වෙන්නේ. මට හිතෙන්නේ තායි ජාතිකයන් තුල තියන විනයගරුක බව තමයි ඒ පසුබිමට හේතුව. පාලකයෝ අතර විතරක් නෙවෙයි සාමාන්‍ය ජනතාව අතරත් ඒ විනය තියනවා. උදාහරනෙකට අද උනත් මහ ජනාකීර්ණ පාරක හැතැම්ම ගණන් දිග වාහන පෝලිමක උනත් කිසිම තායි රියදුරෙක් හෝන් ගහන්නේවත් ට්‍රැක් මාරු කර කර පාර පුරා යන්නේ වත් නෑ. අපි ඒ තැනින් කොච්ච්චර ඈතද? මේ රජ්ජුරුවෝ ගැන තායි බසින් හදපු වීඩියෝ එකක් යූ ටියුබ් එකෙන් හොයා ....   වැඩිදුර >>  
Next || Previous