ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ශ්‍රිම්ප් චවුඩර් හදමු [ යාම් : 17 ] | The Tasty Love | 2017-11-06 16:52:46
The Tasty Love වෙතින් අද හදන්න යන්නේ ඔබ වෙත ගෙන එන්නේ වෙනස්ම ආකාරයක රසවත් සුප් වර්ගයක්. චවුඩර් යන්නෙන් අදහස් කරන්නේ කිරි හෝ ක්‍රීම් යොදාගෙන පිළියෙල කරගන්නා සුප් වර්ගයන්. මුහුදු ආහාර වලින් සාදනු ලබන විවිධ වර්ග වල චවුඩර් තිබෙනවා. උතුරු ඇමරිකාව තුළ මෙලෙස මුහුදු ආහාර වලින් විවිධ රසයන් වලට සාදාගන්නා සීෆුඩ් චවුඩර් ඉතාම ප්‍රසිද්ධයි. ඒ අතුරින් බෙල්ලන් යොදාගෙන සාදනු ලබන ක්ලෑම් චවුඩර් ඉතාම ජනප්‍රියයි. අද ඔබ වෙත අපි ගෙන එන්නේ ඉස්සන් යොදා රසවත් කළ ශ්‍රිම්ප් චවුඩර් සාදාගන්නා ආකාරයයි. මෙය හවස් වරුවේ රසවිඳින්න ඉතාම සුදුසුයි. මෙහි බටර්, අර්තාපල්, කිරි සහ ඉස්සන් යන සියළු දෑ අඩංගු නිසා, ඔබේ පවුලේ සැමට රසවිඳිය හැකි හොඳින් බඩ පිරෙන සුප් වර්ගයක්. ටෝස්ට් කරගත් පාන් පෙති කිහිපයක් සමඟ ඔබේ රෑ කෑමට එකතු කරගන්නත් කදිමයි. කිසිම ආකාරයක අමතර රසකාරකයන් අඩංගු නොවෙන නිසා කුඩා දරුවන්ටත් සුදුසුයි. මෙහි ඇති ක්‍රීම් ගතිය නිසා කුඩා දරුවන් සහ ඔබේ පවුලේ සැමදෙනා ඉතාම ප්‍රියකරන සුප් වර්ගයක් වේවි. සටහන : මෙය සෑදීමට අත්‍යාවශ්‍ය දෙයක් තමයි කලින් දිනයකදී අප ඔබ වෙත ගෙන ආ ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප්. අපි ඔබට ගෙන ආ පරිදි විනාඩි 20 ක් වැනි කාලයක් ඇතුළතදී පහසුවෙන් ඔබට නිවසේදීම මේ ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප් පිළියෙල කරගන්න පුළුවන්. නැතිනම් වෙළඳපොළෙන් මිලදී ගැනීමට ඇති ටින් කළ ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප් එකක් භාවිතා කරන්නත් ඔබට පුළුවන්. මොන්ටෙරේ ජැක් චීස් හෝ චෙඩාර් චීස් නැතිනම්, ඒ වෙනුවට ක්‍රීම් චීස් භාවිතා කරන්න Prep Time : 20 min                        Cooking Time : 15 min                            Yield : 2 අවශ්‍ය කළමනා :         ඉස්සන් 250g ( පොතු ඉවත් කර ලුණු තවරාගත් ) ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප් කප් 1 නැවුම් එළකිරි කප් 1 මොන්ටෙරේ ජැක් චීස් හෝ චෙඩාර් චීස් කප් 1 ලූනු කොළ / ලීක්ස් කප් 1/4 ( කුඩාවට කපාගත් ) බටර් මේස හැඳි 1 ගම්මිරිස් කුඩු ස්වල්පයක් සාදන ක්‍රමය : තරමක් ලොකු සාස්පානක් ලිප තබා එයට බටර් එකතු කරන්න බටර් දියවීගෙන එන විට, එයට ක්‍රීම් ඔෆ් පොටේටෝ සුප් සහ නැවුම් එළකිරි එකතු කරන්න  විටින් විට හැඳිගාමින් මිශ්‍රණය උතුරන්න හරින්න උතුරාගෙන එන විට එයට ඉස්සන් එකතු කරන්න ඉස්සන් රෝස පැහැයට හැරෙන තෙක් විටින් විට හැඳිගාමින් උතුරන්න හරින්න ඉන්පසු එයට චීස් එකතු කරන්න  චීස් දියවන තෙක් කළවම් කරන්න චීස් හොඳින් දියවූ පසු ලිපෙන් ඉවත් කරගන්න   ලිපෙන් ඉවත් කරගත් ශ්‍රිම්ප් චවුඩර්, ලූනු කොළ  සහ ගම්මිරිස් කුඩු උඩින් ඉස උණු උණුවේ පිළිගන්වන්න..  සුවඳිනුත්, පෙනුමෙනුත් කටට කෙළ උනන මේ ශ්‍රිම්ප් චවුඩර් එකේ රසත් ඉතාම ප්‍රණීත බව ඔබට වැටහේවි. එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා..  The Tasty Love App අදම ලබාගන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous