ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සමාන වැටුප් සමානද? [ යාම් : 23 ] | ඉකොනොමැට්ටාගේ සතපහ | 2017-11-04 17:14:24
වෙළඳපොළ ආර්ථිකයක් ඇති රටක සියලුම ශ්‍රමිකයින්ට සමාන වැටුප් ලැබෙන්නේ නැත. ඒ වෙනුවට, කිසියම් ශ්‍රමිකයෙකුට ලැබෙන වැටුප තීරණය වන්නේ අදාළ ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය මතය. එහෙත්, මෙය ස්වභාවික ලෙසම සිදුවන දෙයක් මිස කිසිවකුගේ සැලසුමක් අනුව සිදුවන්නක් නොවේ.එසේනම්, ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය තීරණය වන්නේ කෙසේද? ශ්‍රමිකයාගේ ශ්‍රමයේ ඵලදායීතාවය යනු අදාළ ශ්‍රමිකයා කිසියම් නිෂ්පාදන කාර්යයකට සම්බන්ධ වීම නිසා ඉහළ යන නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ශ්‍රමිකයා විසින් තමන් විසින් ලබා දෙන ශ්‍රමයේ ප්‍රමාණය තීරණය කරයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගන්නා තාක්ෂනය හා ප්‍රාග්ධන සම්පත් ප්‍රමාණය අනුව මේ ශ්‍රමිකයා විසින් එකතු කළ ශ්‍රමය හේතුවෙන් ඉහළ යන නිෂ්පාදිතය තීරණය වෙයි. පාරිභෝගිකයෝ නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකම තීරණය කරති.වෙළඳපොළ ආර්ථිකයක් තුළ කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගම් කටයුතු කරන්නේ තමන්ගේ ලාභ හැකිතාක් වැඩි කර ගැනීම ඉලක්ක කර ගනිමිනි. එවැනි සමාගමකට කිසියම් ශ්‍රමිකයෙකුගේ ශ්‍රමයේ ඵලදායීතාවය ඉක්මවන වැටුපක් ශ්‍රමිකයෙකුට ගෙවිය නොහැකිය. ඒ නිසා, ලබා ගන්නා වැටුපට ප්‍රමාණවත් තරම් නිෂ්පාදන දායකත්වයක් ලබා නොදෙන ශ්‍රමිකයින්ගේ වැටුප් අඩු කිරීමට හෝ ඔවුන්ව සේවයෙන් ඉවත් කිරීමට සමාගමකට සිදු වේ. එබැවින්, නිදහස් වෙළඳපොළක අකාර්යක්ෂම සේවකයෙකුට දිගුකාලීන පැවැත්මක් නැත.නිදහස් වෙළඳපොළක නිෂ්පාදන කාර්යයක නියැලෙන සමාගමකට සිය ශ්‍රමිකයින්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් නොගෙවා සිය ලාභ ඉහළ නංවා ගත හැකිද? මෙයද දිගුකාලීනව සිදු නොවිය හැක්කකි.සමාගම් ලාභ වැඩි කර ගැනීමට උත්සාහ කරනවාක් මෙන්ම ශ්‍රමිකයෝ හැකිතාක් සිය වැටුප් වැඩි කර ගැනීමට උත්සාහ දරති. ඒ නිසා, දැනට සේවය කරන සමාගමෙන් සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබෙන විට වැඩි වැටුප් ගෙවන වෙනත් තරඟකාරී සමාගමක් වෙත යාමට ශ්‍රමිකයෝ පෙළඹෙති. අදාළ කර්මාන්තයේ ඒකාධිකාරයක් නැත්නම් තමන්ගේ ඵලදායීතාවයට සරිලන වැටුපක් හිමිවන තුරු ශ්‍රමිකයෙකුට සමාගම් අතර මාරු විය හැකිය. මේ නිසා කිසියම් ශ්‍රමිකයෙකුට සිය නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුපක් නොලැබී යන්නේද නැත.ශ්‍රමිකයින් වැඩි වැටුප් සෙවීමේත්, සමාගම් විසින් වැඩි ලාබ සෙවීමේත් ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් සියලුම ශ්‍රමිකයන්ගේ වැටුප් ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවයට සමාන වෙයි.ඇතැම් විට කිසියම් ශ්‍රමිකයෙකු වෙනත් ආයතනයක් තුළ දැන් සේවය සපයන ආයතනයේදීට වඩා ඵලදායී වන්නට පුළුවන. වෙනත් අයුරකින් කියනවානම් දැන් සපයන ශ්‍රමයම වෙනත් ආයතනකට ලබාදී වැඩි නිෂ්පාදිත වටිනාකමක් එකතු කරන්නටත්, වැඩි වැටුපක් ලබන්නටත් ශ්‍රමිකයෙකුට හැකි වන්නට පුළුවන. ඒ, නිෂ්පාදන තාක්ෂනය සමාගමෙන් සමාගමට වෙනස් විය හැකි නිසාය. මෙවැනි හැකියාවක් ඇති විටද ශ්‍රමිකයෝ රැකියා මාරු කරති. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ කිසිවෙකුගේ මධ්‍යගත සැලසුමකින් තොරවම, එක් එක් ශ්‍රමිකයා තමන්ට වඩාත්ම කාර්යක්ෂම විය හැකි නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධ වීමයි.භාණ්ඩයක හෝ සේවාවක මිල තීරණය කරන්නේ පාරිභෝගිකයින් විසින් නිසා සමාගමකට හිතුමතේ මිල වැඩි කර ලාභ වැඩි කරගත නොහැකිය. එසේ කළහොත්, පාරිභෝගිකයින් වෙනත් තරඟකාරී සමාගමක් වෙත යොමු වන්නට ඉඩ ඇති නිසා දැනට ලැබෙන ආදායමත් අඩු වී පාඩු විඳින්නට විය හැකිය. එමෙන්ම, කිසියම් ශ්‍රමිකයෙකුට ඔහුගේ හෝ ඇයගේ නිෂ්පාදන ඵලදායීතාවයට සරිලන වැටුප් නොගෙවා ලාබ ලැබීමේ හැකියාවක්ද නැත. එසේ කළහොත්, ඔවුන් සමාගමෙන් ඉවත් වී වෙනත් තරඟකාරී සමාගමකට සේවය සපයන්නට ඉඩ තිබේ. නිදහස් වෙළඳපොළක කිසියම් නිෂ්පාදන කාර්යයක නියැලෙන තරඟකාරී සමාගමකට සාමාන්‍යයෙන් උපයාගත හැක්කේ සිය ප්‍රාග්ධන ආයෝජනයට සරිලන ලාභයක් පමණි. මේ නිසි ලාභයනම් කිසියම් අයෙකු විසින් එකතු කළ ප්‍රාග්ධනය හේතුවෙන් ඉහළ ගිය නිෂ්පාදිතයේ වෙළඳපොළ වටිනාකමයි. මෙය හඳුන්වන්නේ ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වශයෙනි. ප්‍රාග්ධනය සපයාගෙන තිබෙන්නේ බැංකු ණයක් වැනි ක්‍රමයකින්නම් මේ කොටස ණය පොලී ලෙස වැයවේ. එසේ නැත්නම් කොටස් හිමියන්ගේ ලාභ ලෙස ඉතිරි වේ. ඊට වඩා වැඩි ලාභයක් ලබා ගත හැක්කේ තමන්ගේ ව්‍යවසායකත්වය තුළින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමෙන් පමණි. සමාගමක සැබෑ ලාභ ලෙස සැලකිය හැක්කේ ශ්‍රමයේ ආන්තික ඵලදායිතාවය හා ප්‍රාග්ධනයේ ආන්තික ඵලදායිතාවය වෙන් කිරීමෙන් පසුවද තවත් ලාභ ඉතිරි වන්නේනම් එවැනි අතිරික්ත ඉතිරියක් පමණි.වෙළඳපොළ ආර්ථිකයක වඩාත්ම වැදගත් පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ පාරිභෝගිකයාය. පළමුව භාණ්ඩයක හෝ සේවාවක මිලත්, දෙවනුව සමාගම් වල ලාභත්, තෙවනුව ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභත් තීරණය කරන්නේ පාරිභෝගිකයා විසිනි. ඒ නිසා වෙළදපොළ තරඟය යනු පාරිභෝගිකයා සතුටෙන් තැබීමට කරන තරඟයකි. වෙළඳපොළ ආර්ථිකයක් කියන්නේ සමාජයේ සියලු දෙනා විසින්ම අනෙකාව සතුටෙන් තබන්නට මහන්සි වෙන, අනෙකාගේ රුචිඅරුචිකම් ගැන සොයා බලන්නට උනන්දු කරවන සමාජ සැකසුමකි. එසේ නැතුව, තමන් තනියෙන් ගොඩ යන්නට හදන ක්‍රමයක් නොවේ.වෙළඳපොළ ආර්ථිකයක් තුළ ඕනෑම නිෂ්පාදන කාර්යයක යෙදෙන අයෙකුට තමන්ගේ ශ්‍රමය, ප්‍රාග්ධනය හෝ ව්‍යවසායකත්වය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ යන්නේ අනෙකා ධනවත් වූ තරමටය. ඒ නිසා, කවුරු හෝ ධනවත් වන විට ධනවාදියෙකු සතුටු වේ. වැඩි දෙනෙකු ධනවත් වන විට වැඩියෙන් සතුටු වේ.ධනවාදය තුළ සියලු මිනිසුන්ගේ රුචිඅරුචිකම් සමාන නොවන බව පිළිගැනේ. ඒ නිසා, එකම භාණ්ඩයට හෝ සේවාවට විවිධ පුද්ගලයින් විසින් වෙනස් වටිනාකම් දීම ධනවාදියෙකුට ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ඉහත තත්ත්වය භෞතිකවාදියෙකු විසින් දකින්නේ විඥානවාදී අදහසක් ලෙසිනි. භෞතිකවාදියෙකු වූ කාල් මාක්ස්ටද පුද්ගලයින්ගේ රුචිඅරුචිකම් වල වෙනස්වීම් මත භාණ්ඩයක වටිනාකම (හා මිල) තීරණය වීම පිළිගත නොහැකි කරුණක් විය. ජීවත්වීම සඳහා අත්‍යවශ්‍ය ඇතැම් දේවල් මුදලට නොවිකිණෙන අතර එතරම් විශාල ප්‍රයෝජ්‍ය අගයක් නැති දේවල් සැලකිය යුතු මිලකට විකිණෙන්නේ ඇයිද යන්න ඔහුට ගැටලුවක් විය. ඒ නිසා, භාණ්ඩයක සැබෑ මිල සඳහා පුද්ගලයින් මත තීරණය නොවන නිරපේක්ෂ අර්ථදැක්වීමක් සොයන්නට ඔහු උත්සාහ කළේය.කාල් මාක්ස්ගේ උත්සාහය ගොන්පාර්ට් එකක් නොවේ. ඔහු එතෙක් මේ හා අදාළව සියවස් ගණනක් පුරා සිදු කෙරුණු අධ්‍යයනයන් හදාරා සිටි, තමන් ජීවත්ව සිටි කාලයේ නිෂ්පාදන බලවේග හැසිරුණු ආකාරය ගැන පැහැදිලි දැනීමක් තිබූ විද්වතෙකි. එහෙත්, ඔහු පළමුව භෞතිකවාදයේත් වඩා සීමිත අවස්ථාවක් ලෙස සැලකිය හැකි ද්‍රව්‍යවාදය තුළත්, දෙවනුව "සියලුම මිනිසුන් සමානය" යන දාර්ශනික (හෝ ආගමික) විශ්වාසය තුළත් හිර වී සිටියේය. ඒ නිසා, ඔහුගේ සම්පූර්ණ ප්‍රවාදයම ගොඩ නැඟුණේ මේ සීමාවන් ඇතුළේය. මාක්ස්වාදයේ මූලික උපකල්පන සමඟ එකඟ විය හැකි අයෙකුට එහි අනෙකුත් ගොඩනැඟුම් සමඟ එකඟ වීම අපහසු කරුණක් නොවේ.මාක්ස්ගේ ප්‍රවාදය අනුව ස්වභාව ධර්මයේ ඇති දෙයක ප්‍රයෝජ්‍ය වටිනාකමක් තිබුණත් ආර්ථික වටිනාකමක් නැත. එවැනි භාණ්ඩයකට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ඒ වෙනුවෙන් වැය කරන මිනිස් ශ්‍රමයේ ප්‍රමාණයටය. උදාහරණයක් ලෙස පැත්තක තිබෙන ලොකු කළුගලක ආර්ථික වටිනාකමක් නැති අතර කිසියම් අයෙකු කුළුගෙඩි පහර යොදා ඒ ලොකු ගල කුඩා සක්ක කැබලි බවට පරිවර්තනය කළ විට සක්ක කැබලි වලට ආර්ථික වටිනාකමක් ලැබෙන්නේ ඒ වෙනුවෙන් වැය කළ ශ්‍රමය නිසාය. මේ වටිනාකම ගල් කැඩීම වෙනුවෙන් වැය කළ ශ්‍රමයට, එනම් ශ්‍රමිකයෙකු හෝ ශ්‍රමිකයින් විසින් ශ්‍රමය යෙදවූ පැය ගණනට සමානුපාතිකය.සියලුම මිනිසුන් සමානනම් සියලුම මිනිසුන්ගේ පැයක ශ්‍රමයේ වටිනාකමද සමාන විය යුතුය. මේ පදනම මත, මාක්ස්වාදියෙකුට ඕනෑම භාණ්ඩයක ආර්ථික වටිනාකම එම භාණ්ඩය නිපදවීම සඳහා වැය කළ මිනිස් පැය ගණන අනුව තීරණය කළ හැකිය. එමෙන්ම, වෙනස් භාණ්ඩ වල එකිනෙකට සාපේක්ෂ වටිනාකම්ද තීරණය කළ හැකිය.කෙසේ වුවද, මේ ප්‍රවාදය සමඟ ඉදිරියට යන මාක්ස්ට මුහුණ දෙන්නට වන පළමු ප්‍රශ්නය සියලුම මිනිසුන් එක තරමට කාර්යක්ෂම නොවීමයි. එක් ශ්‍රමිකයෙකු පැයකට ගල් පෙට්ටියක් කඩන විට දෙවැන්නෙකු ඒ සඳහා පැය දෙකක් ගත කරයි. ඉහත මූලික ප්‍රවාදය අනුව, දෙවැන්නා විසින් කඩන ගල් දෙගුණයක් වටින්නේ විය යුතුය. එහෙත්, එය එසේ විය නොහැකිය. මෙයට විසඳුමක් ලෙස කාල් මාක්ස් විසින් නිෂ්පාදනය සඳහා යෙදවිය යුතු සාමාන්‍ය ශ්‍රමය යන අදහස ඉදිරිපත් කරයි. මේ අනුව, පළමුවැන්නා හා දෙවැන්නා විසින් කඩන ගල් ආර්ථික වටිනාකම අනුව වෙනස් ලෙස නොසැලකේ. දෙදෙනා විසින් එකතුව පැයක් තුළ ගල්පෙට්ටි 1.5ක් කඩන නිසා ගල් පෙට්ටියක වටිනාකම ශ්‍රම ඒකක 1.33ක් (=2/1.5) ලෙස සැලකීම විසඳුමකි. ඒ අනුව, මේ දෙදෙනාටම ඔවුන්ගේ පැයක ශ්‍රමය වෙනුවෙන් ගල් පෙට්ටි 1.33ක වටිනාකමට සමාන මුදලක් ගෙවීම මාක්ස්වාදීන්ගේ ක්‍රමයයි. එහෙත්, ධනවාදී ආර්ථිකයකනම් සිදුවන්නේ දෙවැන්නාට පළමුවැන්නා මෙන් දෙගුණයක ආදායමක් ලැබීමයි.දෙවනුව මතු වන ප්‍රශ්නය වන්නේ කිසිවකුට වැඩක් නැති කාර්යයක් සඳහා යොදවන ශ්‍රමය වෙනුවෙන්ද මුදල් ගෙවිය යුතුද යන්නයි. මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස මාක්ස්වාදය තුළ "ඵලදායී නිෂ්පාදන කාර්යයක් සඳහා වැය කෙරෙන ශ්‍රමය" යනුවෙන් විශේෂණයක් යෙදේ. මේ අනුව, මාක්ස්වාදී ආර්ථිකයක් යටතේ ශ්‍රමිකයින්ට තමන් විසින් ලබා දෙන නිෂ්පාදන දායකත්වය මත නොව ශ්‍රමය වැය කරන කාලය අනුව වැටුප් හිමිවේ. එහෙත්, ඒ සඳහා ඵලදායී නිෂ්පාදන කාර්යයක යෙදීමද අවශ්‍ය වේ.මේ "ඵලදායී නිෂ්පාදන කාර්යයක්" යන්න තවත් අතුරු ප්‍රශ්නයක් මතු කරයි. වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදුකෙරෙන කිසියම් නිෂ්පාදන කාර්යයක ඵලදායීත්වය වෙළඳපොළ යාන්ත්‍රණය තුළම පරීක්ෂාවට ලක් වේ. ධනවාදී ආර්ථිකයක විකිණිය නොහැකි භාණ්ඩයක් නිපදවීමට යොදන ශ්‍රමය ඵලදායී නොවන ශ්‍රමයකි. එහෙත්, සමාජවාදී ආර්ථිකයක මෙවැනි පරීක්ෂාවක් සිදුවිය හැකි ස්වභාවික යාන්ත්‍රණයක් නැති නිසා රටේ නිෂ්පාදන සැලසුම මධ්‍යගත ලෙස සැලසුම් කරන අයෙකුට මෙය තීරණය කරන්නට සිදුවේ.ඉහත උදාහරණයේ ගල් කඩන්නන් දෙදෙනා මෙන් සමාජවාදී රටක පැයක් තුළ ගල් පෙට්ටියක් කඩන අයෙකුටත්, ගල් පෙට්ටි දෙකක් කඩන අයකුටත් ලැබෙන්නේ සමාන වැටුපකි. මෙහි ප්‍රතිඵලය වන්නේ දෙවැන්නා අධෛර්යමත් වී ඔහුත් පළමුවැන්නා මෙන් අඩුවෙන් ගල් කඩන්නට පෙළඹීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ සිදුවිය හැකිව තිබුණු නිෂ්පාදනයක් සිදු නොවීමයි. සමාජවාදී ආර්ථිකයන් අකාර්යක්ෂම වන්නේ මේ හේතුව නිසාය.වෙළඳපොළ යාන්ත්‍රණයක් යටතේ සමාගම් විසින් නිෂ්පාදන කාර්යයෙහි නියැලෙන විට හැම විටම ලාබ වැඩි කරගැනීමට උත්සාහ කළත්, රජය විසින් මධ්‍යගත ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය මෙහෙයවන විට එවැන්නක් සිදු නොවේ. එහෙත්, එසේ වූ පමණින් ශ්‍රමිකයින් වැඩි වාසි හොයන්නට උත්සාහ කිරීම නවත්වන්නේ නැත. සමාජ ක්‍රමය ධනවාදී වුවත්, සමාජවාදී වුවත් ස්වඅභිමතාර්ථය පිණිස කටයුතු කිරීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි.ධනවාදී රටකදී මෙන් සමාජවාදී රටකදී ශ්‍රමිකයෙකුට රැකියා ස්ථානය මාරු කර වැටුප් වැඩි කර ගත නොහැකිය. සමාජවාදී රටවල පමණක් නොව ධනවාදී රටවල පවා රජයේ රැකියා කරන්නන්ට ලැබෙන්නේ නිශ්චිත වැටුපකි. එය ඔවුන්ගේ නිෂ්පාදන ඵලදායීතාවය අනුව වෙනස් වන්නේ නැත. එසේ නැත්නම්, වෙනස් වන්නේ ඉතා අඩුවෙනි. මෙවැනි තත්ත්වයක ශ්‍රමිකයින් රැකියා තෝරාගන්නේ කවර පදනමකින්ද? ආර්ථික සාධක මෙහිදී වැදගත් වන්නේ නැද්ද?පැරණි සෝවියට් දේශයේ ශ්‍රමිකයින්ගේ හැසිරීම අධ්‍යයනය කරමින් සිදු කර ඇති පර්යේෂණ අනුව පෙනී යන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථික සාධක වෙනත් ආකාර වලින් ක්‍රියාත්මක වී ඇති බවයි. ලංකාවේ වත්මන් රාජ්‍ය සේවය දෙස බැලූ විටද මේ තත්ත්වයන් හඳුනාගත හැකිය. සමාන වැටුප් ලැබෙන සමාජ ආකෘතියක් යටතේ වැඩි ආදායම් ඉපැයීම සඳහා ශ්‍රමිකයින් ක්‍රියාකර ඇති ආකාර තුනක් මෙසේය.1. අඩු පැය ගණනක් වැඩ කිරීම: මෙසේ කිරීමෙන් පැයක ශ්‍රමයේ වටිනාකම ඉහළ යයි.2. වෙනත් නීත්‍යානුකූල නොවන ආදායම් ඉපැයීම: අල්ලස් ආදිය 3. පොදු දේපොළ හොරකම් කිරීම මෙහිදී සිදු වී ඇත්තේ ශ්‍රමිකයින්ට වැඩි වැටුප් ගෙවන තැන් සෙවීම තේරීමක්ව නොතිබුණු පසුබිමක ඔවුන් විසින් අඩුවෙන් වැඩ කළ හැකි, වෙනත් ආදායම් හෙවිය හැකි හා පොදු දේපොළ හොරකම් කරන්නට ඉඩ සැලසෙන රැකියා හොයන්නට උත්සුක වීමයි. මේ කටයුතු වලදී කාර්යක්ෂම වූ අය සමාන වැටුප් ලබන්නන් අතරින් "වඩා සමාන වැටුප්" ලබා ....   වැඩිදුර >>  
Next || Previous