ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (දෙවන කොටස) [ යාම් : 28 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-11-04 09:49:15
සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ සමාජයේ විවිධ ස්ථර අතර හා රටේ විවිධ ප්‍රදේශ අතර ආදායම් විෂමතා අවම වූ සමාජයක් හැදීමටය. එහෙත්, සෝවියට් දේශයට අයත් වූ විවිධ රටවල් අතර සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇති බව අපි පෙර කොටසින් පෙන්වා දුන්නෙමු. එයට අමතරව සෝවියට් දේශයේ විවිධ අධ්‍යාපන මට්ටම් වල සිටි ශ්‍රමිකයන් අතර මෙන්ම ගැහැණු හා පිරිමි අතරද සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇත.සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර සෝවියට් රජය විසින් රටේ පවුල් වල ආදායම් පිළිබඳ පුළුල් සමීක්ෂණ සිදු කර ඇතත් මේ සමීක්ෂණ දත්ත අඩු වශයෙන් සාමාන්‍ය සෝවියට් පර්යේෂකයින්ට හෝ භාවිතා කිරීමට ඉඩ ලැබුණේ නැත. සෝවියට් රජය විසින් ප්‍රසිද්ධ කළේ සැලකිල්ලෙන් තෝරාගත් සාරාංශ දර්ශක පමණි. එහෙත්, සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇතැම් පර්යේෂකයින්ට මේ දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව සැලසුණේය.ඇමරිකා එක්සත් ජනපදය වැනි ධනවාදී රටක වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නා අයෙකුට වැඩි ආදායමක් ඉපැයීමේ අවස්ථාව තිබේ. එහෙත්, එවැන්නෙකු වැඩිදුර ආයෝජනය පිණිස යොදවන්නේ තමන්ගේ පෞද්ගලික ධනය නිසා මේ ප්‍රතිලාභ හෝ එයින් කොටසක් ඒ අමතර ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිලාභ ලෙසද සැලකිය හැකිය. සෝවියට් දේශය වැනි අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව ආයෝජනය කළ යුතු නැති සමාජවාදී රටකදී මේ තර්කය ධනවාදී රටකදී එතරම්ම වලංගු නැත. එහෙත්, කාලය හා ශ්‍රමය වශයෙන් හෝ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙකු විසින් දරන, ශිෂ්‍යයන්ට රජයෙන් ලබාදෙන ප්‍රතිලාභ වලින් ආවරණය නොවන, කිසියම් ආවස්ථික පිරිවැයක් තිබිය හැකිය. එවැනි ආවස්ථික පිරිවැයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පසුකාලීන වැටුප් වෙනසක් ලෙස පිළිබිඹු විය හැකිය.සෝවියට් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කෙරුණේ මාක්ස් හා එංගල්ස් ආදීන්ගේ අදහස් මත පදනම්වය. මේ අදහස් අනුව, කවර හෝ ප්‍රයෝජනවත් නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් යෙදවෙන ශ්‍රමය සමාන ලෙස සැලකුනේය. ගැහැණු පිරිමි භේදයක් නොසලකා ශ්‍රමයට සමාන ලෙස සැලකීම සෝවියට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද තහවුරු කර තිබුණු ප්‍රමුඛ ඉලක්කයක් විය. එහෙත්, ප්‍රයෝගිකව මෙය මෙලෙසින්ම සිදු වී නැත.සමස්තයක් ලෙස සෝවියට් දේශය තුළ සරසවි අධ්‍යාපනය ලැබූ අයෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ අයෙකුට වඩා 46.2%කින් වැඩි වැටුපක් 1984 වසරේදී උපයා තිබේ. 1989 වසරේදීද මේ අනුපාතය 45.7% මට්ටමේ තිබී ඇත. උපාධිධාරී පිරිමියෙකු හා ගැහැණියක අතර සාමාන්‍ය වැටුප් වෙනස 1984දී 24.3%ක්ද, 1989දී 26.9%කි. මීට අඩු අධ්‍යාපන මට්ටමක සිටින පිරිමි හා ගැහැණු අතරද මෙවැනිම ආදායම් වෙනස්කම් දැකිය හැකිය. උපාධිධාරී පිරිමියෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ ගැහැණියක මෙන් දෙගුණයක පමණ ආදායමක් උපයා තිබේ. වැඩි අධ්‍යාපනයක් ලැබූ අය ලැබූ වෙනත් වරප්‍රසාද වල වෙනස (උදාහරණයක් ලෙස වඩා හොඳ නිවාස) සැලකූ විට විෂමතාවයන් මීටත් වඩා වැඩි විය යුතුය. එමෙන්ම ඇතැම් සෝවියට් ජනරජ වල පැවතී ඇති ආදායම් විෂමතා සමස්තයක් ලෙස සෝවියට් සංගමයේ ආදායම් විෂමතාවයටද වඩා බොහෝ වැඩිය.පහත වගු සෝවියට් නිල සංඛ්‍යාලේඛණ උපුටා දක්වන හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 පර්යේෂණ ....   වැඩිදුර >>  
Next || Previous