ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Aibo robot dog in sinhala [ යාම් : 24 ] | SBmade | 2017-11-02 22:08:44
අද අපි ගෙනාවේ අලුත්ම රෝබෝවක් පිලිබදව.මේකේ නම AIBO නම් වෙනවා.ඒ වගේම මේකේ තවත් විශේෂ දේවල් බොහොමයක්ම තියෙනවා.ඒ පිලිබදව අපි අද බලමු.මෙය ඉතාමත් සුවිශේෂී කෘතීම බුද්ධියක් සහිත රොබෝ බල්ලෙක් වෙනවා.ඒ වගේම මේකේ model number එකERS-100.ඒ වගේම මේක පිලිබදව sony සමගම විවිධ දේ පවසනවා.ඔවුන් පවසන පරිදි මෙම Aibo robot dog ට අපි කියන දේවල් හොදින් තේරුම් ගැනීමට පුළුවන්කම තිබෙනවා.ඒ වගේම මෙයට අපි කරන දේ අනුකරණය කිරීම් වැනි දේ මෙන්ම මෙම Aibo robot dog ට ආදරය,සෙනෙහස,කරුණාව වැනි සංවේදන දැනෙයි.ඒ වගේම මෙම Aibo robot හට විවිධ චලනයක් දැක්වීමට හැකියාවක් පවතිනවා.සාමාන්‍ය බල්ලෙකුගේ හැඩයෙන් නිර්මාණය කර ඇති අතරම විවිධ කාර්යයන් සුරතල් ලෙස සිදුකරයි.මෙම උපකරණයේ විවිධ චලනයන් සදහා axes 22 යොදාගෙන තිබෙනවා.එමෙන්ම OLED panels දෙකක් භාවිත කරලා තියෙනවා.එමෙන්ම මෙය එකදිගට අපට භාවිත කිරීමට හැකිවන්නේ පැය 2ක් බව මෙම නිෂ්පාදන ආයතන පවසනවා.පහල දක්වලා තිබෙන video එක මගින් මෙම බල්ලාගේ ඉතමත් සුරතල් හැසිරීම් සහ තවත් දේ දැකීමට හැකියි.එමෙන්ම මෙම Aibo robot බල්ලට ඔහුගේ ස්වාමියා කවුරුද යන්න වගේම,ඔහු සිටින පරිසරයට අනුව හැසිරීමට සහ පරිසරයට සාමාන්‍ය දරුවෙකු සේ ඉගෙනගනිමින් හුරුවීමට හැකියාව පවතිනවා.එමෙන්ම ඔහුගේ අයිතිකරුවා සොයාගෙන යාමටද මොහුට පෙර මතකද ඇතුලත් කරගැනීමට සකසා අත.එමෙන්ම මෙය මගින් Camera ඇති නිසා Photos,video ගැනීමේ හැකියාවද ඇත.එමෙන්ම මෙය Connecting සදහා  Wi-Fi සහ LTE ජාලයන් දී තිබෙනවා.ඒ වගේම මෙම Aibo robot dog ගේ මතකයන් cloud storage වලටද upload වීම සිදුවෙයි.ඒ මගින් සියලුම දත්ත ලබාගැනීමට හැකියාව ඇත.එමෙන්ම මෙම Aibo robot dog භාවිතයට application එකක්ද තිබෙන බව පැවසෙනවා.එය My Aibo නම් වනවා.එය මගින් Aibo robot dog පාලනය කිරීමද කල හැකිය.එමෙන්ම මෙය ලෝකයේ විවිධ භාණ්ඩ සේවා වලින් මිලදී ගැනීමට දැන් හැකියාව පවතී.මෙහි දැනට මිල අසන්න වශයෙන්  $1,700 පමණ වනවා.ඉතින් මෙම  Aibo robot dog පිලිබදව ඔබේ අදහසත් අපට comment කරන්න.ඔබේ මිතුරන්ටත් දැනගන්න share කරන්න මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous