ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ජෙරමි පවල් ෆෙඩරල් සංචිත බැංකුවේ ලොකු පුටුවට! [ යාම් : 12 ] | ඉකොනොමැට්ටාගේ සතපහ | 2017-11-02 19:03:45
ඇමරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුවේ මීළඟ සභාපති ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජෙරමි පවල්ව නම් කර තිබේ. සෙනෙට් සභාව විසින් මේ පත්වීම අනුමත කරනු ලැබුවහොත්, ලබන පෙබරවාරි මාසයේදී ෆෙඩරල් සංචිත බැංකුවේ වත්මන් සභාපතිනිය වන ජැනට් යෙලන්ගේ ධුර කාලය අවසන් වීමෙන් පසුව එම ධුරයට ජෙරමි පවල් පත් වීමට නියමිතය.ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපිත කරනු ලැබුවේ 1914 වසරේදී වූ අතර එවකට එහි ප්‍රධාන තනතුර අධිපතිධුරය ලෙස හැඳින්වුනේය. 1948 වසරේදී මෙම ධුරය සභාපති ධුරය ලෙස වෙනස් කෙරුණු අතර එවකට ෆෙඩරල් සංචිත බැංකුවේ ප්‍රධානියා වූ හත්වන අධිපතිවරයා තාවකාලික සභාපතිවරයා ලෙස නම් කෙරුණේය.එතැන් සිට තවත් අට දෙනකු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ලෙස කටයුතු කර තිබේ.වත්මන් සභාපතිනි ජැනට් යෙලන් එම තනතුරට පත් වුනු ප්‍රථම කාන්තාවයි. ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරිනියක වන ජැනට් යෙලන් ෆෙඩරල් සභාපති ධුරය භාර ගැනීමට පෙර හාවඩ් සරසවිය ඇතුළු ප්‍රධාන පෙළේ සරසවි කිහිපයකම මහාචාර්යවරියක ලෙස කටයුතු කළාය. ඈ විවාපත්ව සිටින්නේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝජ් අකර්ලොෆ් සමඟය.ජැනට් යෙලන්ට පෙර 2006-2014 අතර ෆෙඩරල් සභාපති ධුරය දැරූ බෙන් බර්නැංකිද, ඔහුට පෙර 1987-2006 අතර එම තනතුර දැරූ ඇලන් ග්‍රීන්ස්පෑන්ද ආර්ථික විද්‍යා ආචාර්ය උපාධිධාරීන් වූ අතර ඊටත් පෙර එම ධුරය දැරූ පෝල් වෝකර් හාර්වඩ් සරසවියෙන් දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබුණු අයෙක් විය. මීළඟ සභාපති ලෙස නම් කර ඇති ජෙරමි පවල් ආර්ථික විද්‍යාව පිළිබඳ සරසවි උපාධියක් ලබා නැති අයෙකු වීම විශේෂත්වයකි. එහෙත්, ඔහු නීතිය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති අයෙකි.ජෙරමි පවල් මෙතෙක් ෆෙඩරල් සභාපති ධුරයට පත් වූ බොහෝ දෙනෙකුට වඩා වත්කම් හිමි ධනවතෙකුද වේ. ඔහු මීට පෙර ආයෝජන බැංකුකරුවෙකු ලෙසද, භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු ලෙසද සේවය කර ....   වැඩිදුර >>  
Next || Previous