ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ෂුගර් කුකීස් හදමු [ යාම් : 15 ] | The Tasty Love | 2017-10-10 17:54:55
The Tasty Love වෙතින් අද ඔබ වෙත ගෙන එන්නේ දරුවන්ටම විශේෂවූ රසවත් කෙටි කෑමක්. දරුවන්ට රසට කන්න පුළුවන් වගේම අම්මලාට ඉතාම පහසුවෙන් මේවා ඔවුන්ට සාදා දෙන්නත් පුළුවන්. කඩෙන් මිලදී ගන්නා බිස්කට් වර්ග වගේ කල්තබාගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන නිසා, කිසිම බයක් නැතිව වයස අවුරුද්දට වැඩි කුඩා දරුවන්ටත් දෙන්න පුළුවන්. විනාඩි 30ක් පමණ සුළු වේලාවකින් සාදාගත හැකි මේ ෂුගර් කුකීස් ඔබට කැමති ආකාරයට අලංකාර කරගන්නත් තවත් රසවත් කරගන්නත් ඔබට පුළුවන්. ඉතාම සරලව උඩින් සීනි ටිකක් ඉසගන්නත්, කජු, ආමන්ඩ් වැනි යමක් පොඩියට කපා එකතු කරන්නත්, නැතිනම් වියළ් මිදි හෝ පළතුරු කැබලි වැනි දේවල් එකතු කරගන්නත් ඔබට නිදහස තිබෙනවා. කුස්සියේ වැඩ කරන්න දරුවන්ටත් අවස්ථාවක් : ඔබේ දරුවන්ටත් ඔබත් සමඟ එක්වී මේ ෂුගර් කුකීස් සාදාගන්නත් පුළුවන්. බිස්කට් බෝලයෙන් කුඩා බෝල සාදාගන්න ඔබට අත් උදවුවක් දෙන්න ඔබේ දරුවන් ඉතාම කැමති වේවි. එය ඔවුන්ට කුස්සියේ ඔබේ වැඩ කොටස පිළිබඳව අත්දැකීමක් දෙන්න වගේම, ඔවුන් ප්‍රියකරන කෑමක් සාදාගන්න ඔබට උදව් වීමට ලැබීම ගැන ඔවුන්ට සතුටකුත් ලබාදේවි. ඔබේ පැත්තෙන් බැලුවොත් නම්, වැඩියෙන්ම උදව්වක් බව නොපෙනුනත් ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නැංවාලීමට හොඳ අවස්ථාවක් බව ඔබට පෙනේවි. ඒ වගේම බිස්කට් මිශ්‍රණය පොඩ්ඩක් අතේ වැදෙනවා ඇරෙන්න ඔවුන්ට වැඩි කරදරයක් නොවෙන බව අපිට විශ්වාසයි. සටහන : හොඳින් බේක් වුණු ෂුගර් කුකීස් හොඳින් නිවී සිසිල් වුණු පසු, සුළං නොවදින බඳුනක දමා කාමර උෂ්ණත්වයේ සතියක් දක්වා නැවුම්ව කල් තබා ගත හැකියි. Prep Time : 15 min                Baking Time : 15 – 20 min               Yield : 12 Cookies අවශ්‍ය කළමනා : බටර් 100g සීනි 100g බිත්තර 1 පිටි 150g බේකිං පවුඩර් තේ හැඳි 1 වැනිලා තේ හැඳි 1 සාදන ක්‍රමය : අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් 190ක් ( ෆැරන්හයිඩ් 375 ක්) ලෙස සකස් කරන්න භාජනයකට සීනි සහ බටර් දමා හොඳින් සීනි දියවන තුරු විනාඩි 2, 3ක් හොඳින් බීට් කරන්න  පිටි වලට බේකින් පවුඩර් දමා හොඳින් කළවම් කරන්න බේකින් පවුඩර් සමඟ මිශ්‍ර කරගත් පිටි, බිත්තරය සහ වැනිලා බටර් මිශ්‍රණයට එකතු කරන්න එම මිශ්‍රණය පිටි බෝලයක් ලෙස එන තෙක් විනාඩි 2,3ක් හොඳින් කලවම් කරන්න  ගැඹුර අඩු දිග වැඩි බේකින් තැටියක් ගන්න එයට තෙල් කඩදාසියක් දමන්න ( නැතහොත් හොඳින් බටර් තවරන්න ) බිස්කට් මිශ්‍රණයෙන් කුඩා කොටස් ගෙන අතින් කුඩා බෝල සාදා බේකින් තැටිය මත තබන්න බේක් වන විට බිස්කට් බෝල පැතලි වී බිස්කට් හැඩය ගන්නා නිසා තැටියට බෝල තබන විට එම බෝල අතර ප්‍රමාණවත් ඉඩක් තිබෙන්න හරින්න. ( මේ මිශ්‍රණය බිස්කට් බෝල 12 කට ප්‍රමාණවත් )  දැන් බේකින් තැටිය අවන් එක තුළට දමා ලා දුඹුරු පැහැවන තෙක් විනාඩි 15 – 20 අතර කාලයක් බේක් කරගන්න     හොඳින් බේක් වුණු ඉතාම ලස්සන, ඉතාම රසවත් සහ සුවඳින් පිරි මේ ෂුගර් කුකීස්, හොඳින් නිවෙන්නට හැර දරුවන්ට කෑමට දෙන්න..  එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා..  The Tasty Love App අදම ලබාගන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous