ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google Lens | AI Assistant for your photos in sinhala [ යාම් : 18 ] | SBmade | 2017-10-06 18:53:55
අද කියන්නේ Google ආයතනයේ නවතම  Google Lens පිලිබදවයි.ඉතින් Google Pixel දුරකතනය එළිදක්වන අවස්ථාවේදී මෙම Google Lens පිළිබදවද ඉතාමත් විශේෂයෙන්ම කතාබහට ලක් වුනා.මේ Google Lens පිලිබදව මිට කලිනුත් විවිධ මත අහන්න දැනගන්න ලැබුන.එත් දැන් හරියටම මේ පිලිබදව එළිදක්වා තිබෙනවා.අපි හැමෝම දන්නා දෙයක් තමයි ලෝකයේ ඉතාමත් ජනප්‍රිය දියුණුම තාක්ෂණයකින් සමන්විත වූ සාගමක් තමයි මේ Google කියලා කියන්නේ.ඒ වගේම මේක ඉතාමත් විශාල මෙන්ම බොහෝ කොටස් රාශියක් මෙන්ම විශාල් සේවාවන් ගොඩක් මුළු ලෝකයටම සපයන සුවිශේෂී ආවතනයක් බව කිව යුතුමයි.එමෙනම් Google සමගම සතුව ලෝකයේ විවිධ ජනයාගේ විවිධ තොරතුරු මිලියන ගණන් තිබෙනවා.ඒ වගේම ජනයා සොයන දේවල් අහන දේවල් වගේ බොහෝ දේ මොවුන් සතු වෙනවා..ඒ වගේම දැන් ලෝකයෙන් Google Company එක අයින් වුනොත් එහෙම බැරිවෙලාවත් ලෝකය විශාල අර්බුදයකට ලක් වෙනවා.මොකද බොහෝ ජනයාගේ ජිවිතයට මෙම Google ආයතනයේ මොනයම් හෝ කොටසක් සම්බන්දව ඇති නිසා.ඉතින් අපි හවුරුත් දන්නවා  Google Search engine කියන්නේ අපි Text එකක් Type කරලා ඒ පිලිබදව ලෝකයේම දැනට අන්තර්ජාලයේ පවතින තොරතුරු සොයාගන්න උදවු වෙන යම් ක්‍රමයක්.ඉතින් ඒ වගේම මේ දේ කරනවා වගේම අපිට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි අපි ගන්න Photo එකක යම් දෙයක් තියෙනවා.ඉතින් ඒක ගැන තමන් දන්නෙත් නැහැ.ඉතින් මේ දේ පිලිබදව කොහොමද හරියටම හොයාගන්නේ.මෙන්න මේ දේට තමයි මේ නවතම Google Lens හදුන්වා දෙන්නේ.මේ පහසුකම දැනටනම් තියෙන්නේ Google ආයතනයේ දුරකථන වලට විතරයි.ඒ වගේම අනිත් දුරකථන වලටත් ඉක්ම්නින්ම ලැබෙයි.ඉතින් ඒ වගේම මේ දේ මගින් අපිට පුළුවන් අපි ලග තියෙන  Photo එක පිලිබදව අන්තජාලය ඔස්සේ තත්පර කිහියක් ඇතුලත් බොහෝ විස්තර ලබාගන්න.මේ පහසුකම  Google ආයතනයේ Phone වල Camera  එක on කරලා Google Lens Icon එකට ගිහින්  Touch කරපුවම් අපි ගන්න Photo එකට අදාළ සියලුඅම විස්තර එනවා.ඒ වගේම Google Phone වලට තියෙන Google Assistant ක්‍රියාත්මක කිරීමෙන්ද මේක කරන්න පුළුවන්.ඉතින් මේකෙන් අපි ගන්න Photo එකේ ඉන්නේ කවුද ඒ වගේම ස්ථානය කොහෙද වගේ බොහෝ දේවල් ෂණිකව හොයලා දෙනවා.ඒ වගේම මේ Google  Lens මගින් ලෝකයේ තිබෙන අපි ගන්න Photo එකට අදාළ වෙන සියලුම කරුණු හොයල දෙනවා.මේ වගේ බොහෝ දේ ෂණිකව කරන්නන අදුනගන්න පහසු වෙන්නේ Google Assistant සහ AI Technologyes තමයි.ලෝකයේ බ්ලියන ගණන් Photos Google සතු වනවා.අන්න ඒ නිසා අපි ගන්න Photo එක හරියටම අදුනගන්න හැකියාව තියෙනවා.ඒ වගේම කොටසින් කොටස හොදින් විමර්ශන කර වෙන් කරගැනීමේ හැකියාවද මෙයට තියෙනවා.මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේක හරහා අපිට Poster එකක් වගේම එවැනි ලිපි ලේකනවල තියෙන Link,Phone NO වගේම Address වගේ දේවල් ෂණිකව හදුනාගනවා වගේම ඒ දේ පිලිබදව හොයලා දෙනවා.ඒ වගේම ඒ දේවල් වෙන වෙනම හදුනාගන්නත් ඒ කොටස් වල තිබෙන අකුරු වෙනම අපට මේ සේවාව මගින් Copy කරගන්නත් පුළුවන්කම තියෙනවා.ඒ වගේම මෙන්න මේ විදියට අපි අපේ Camera එක භාවිත කරලා ගන්න Photo එකක් ෂණිකව ලෝකයෙන් විස්තට අතුකුව ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ විදියට මේ Google Lens පිලිබදව හදුන්වන්න පුළුවන් ඉතින් මේ පිලිබදව ඔබේ අදහසත් පවසන්න ඒ වගේම යාලුවන්ටත් දැනගන්න යවන්න.මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous