ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Google Earbuds (Pixel Buds) in sinhala [ යාම් : 13 ] | SBmade | 2017-10-06 04:30:51
Google ආයතනය විසින් හදුන්වා දුන් අලුත්ම උපාංගය තමයි Ear buds කියලා කියන්නේ.ඉතින් මේක අපේ එදිනෙදා ගීත අසන්න,Call අරන් කතාකරන්න ගත්තු Headset එකට වඩා ගොඩාක් පහසුකම් තියෙනවා.එපමණක් නොවෙයි ඊට එහා ගියපු විශාල දියුණුවක් සහිතව නිර්මාණය කරලා තියෙනවා.ඒ වගේම මේක මිනිසාට ඉතාමත් සංවේදී විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ.මේක Google Pixel දුරකථන සමගම තමයි ලෝකයටම එළිදැක්වුවේ.එමෙන්ම මේ උපාංගය Apple Air Pods වලට සුළු සමානකමක් දක්වනවා.Google ආයතනය විසින් ලෝකයේ ජනයාගේ විවිධ ක්‍රියාකාරකම් පිලිබදව සමීක්ෂණය කර මේ උපාංග නිපදවීමට විවිධ තොරතුරු ලබාගන්නවා.මේක Pixel Buds කියලත් හදුන්වනවා.ඒ වගේම මේක Charge කරන්න තියෙන්නේ පොඩි Box එකක් ඇතුලට දාලා.ඒ වගේම මේක Wireless වෙනවා.apple ආයතනයේ Air Pods වගේම මේකත් Wireless විදියට අර Box එකේ දාලා තමයි Charge කරන්නේ.ඒ වගේම මේක එකදිගට පැය 5ක් පමග භාවිත කරන්න පුළුවන්.ඒ වගේම මේකේ Sound ගැන කියනවනම් ඉතාමත් හොද වෙනසක් වගේම හොදම quality එකකින් තියෙනවා.ඒ වගේම ඉතාමත් පැහැදිලියි.මේක අපේ කනට හරියටම සෙට් වෙනවා.කිසිම ගැටළුවක් නැතුව හොදින් කනට වදිනවා.ඒ වගේම මේකේ Wire එකක් තියෙනවා වම් කනට සහ දකුණු කනට යන Speakers සම්බන්ද වෙන්න.මේක හදලා තියෙන්නේ වටේට රෙදිවලින් වගේ ආවරණයක් යොදලා.එක නිසා කදෙන්නෙත් නැහැ.ඒ වගේම විශේෂත්වයක් වන්නේ මේකේ කනට අවශ්‍ය විදියට සකසාගන්න Wire එකේ Speaker එක ලග Wire එක අවශ්‍ය විදියට හදාගන්න පුළුවන්.මේක අපිට Phone එක සමග Bluetooth මගින් සම්බන්ද කරන්න පුළුවන්.එමෙනම් මේක Android N සහ ඊට උඩ Version වලට තමයි වැඩ කරන්නේ.ඒ වගේම මේකේ Music Play කරන්න පුළුවන් Ear buds එකට පොඩි තට්ටුවක් දීලා.ඒ වගේම මේකෙ double tap කරපුවම Notification දැනගන්නත් පුළුවන්.ඒ වගේම මේක google assistant මත ක්‍රියා කරනවා.මේකේ තියෙන තවත් දෙයක් තමයි Google Translate technology එකත් එක්ක භාෂා 40 ක් පරිවර්තනය කිරීමේ හැකියාව තියෙනවා.ඒ කියන්නේ අපිට English වලින් කතාකරනව්නම් එක සිංහලට පරිවර්තනය කරලා අපිට ඇහෙන්න සලස්වන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම මේක නොවැම්බර් මාසයේ සිට නිකුත් වීමට නියමිතයි.මේකේ මිල $159 වෙනවා දැනට.ඒ වගේම මේක පාට තුනකින් ලබාගන්න පුළුවන්.එහෙනම් ගොඩක් දේවල් දැනගත්තානේ.ඉතින් ඔයාගේ අදහසත් Comment කරන්න අමතක නොකර.ඔයාගේ යාලුවන්ටත් දැනගන්න Share කරන්න.මේ වගේ අලුත් ලිපියකින් යලිත් ....   වැඩිදුර >>  
Next || Previous