ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අපේ රට ඉස්සරහට යන්නෙ නැත්තෙ ඇයි? [ යාම් : 60 ] | කට්ටකාඩුව | 2017-10-05 08:16:54
   ගිය සතියේ දවසක මගේ මිතුරියක්, ඇගේ දොළොස් හැවිරිදි පුතා එයා ගෙන් අහපු ප්‍රශ්නයක් මටත් කිව්වා. ප්‍රශ්නේ බොහොම සරළයි. ඒත් උත්තරේ එච්චරම සරළ නැති බවකුයි මට එක පාරටම හිතුනේ. ඔක්කොටොම කලින් ප්‍රශ්නේ කියන්නම්කො. “අපි රටක් විදිහට ඉස්සරහට යන්නේ නැත්තෙ ඇයි?” දීපල්ලකො උත්තර!!!? වටේ පිටේ යාළුවො දෙතුන් දෙනෙක් ගෙනුත් ඇහුවා මේ ගැන. පොඩි ළමයෙක් ප්‍රශ්නයක් අහපුවම හරියටම උත්තර දෙන්ඩ එපෑ. ඒ කාටවත් හරි එක උත්තරයක් තිබ්බේ නෑ!!. පොඩි එකා ඉල්ලන්නේ තනි උත්තරයක්ලු!!. ඒ උත්තරේ විස්තර කරන්ඩ පුළුවන් උනාට උත්තර දෙක තුනක් කියන්ඩ බෑලු. උත්තර නැති ප්‍රශ්නෙකුත් අහලා තව කොන්දේසිත් දානවා. ඒ පොඩි එවුන්ගෙ හැටි!!!මේ කොන්දේසි හිංදා උත්තර දෙන එක දවසින් දවස කල්ගියා. ඔයිං මෙයිං පෝය නිවාඩුවක් හම්බවෙච්ච එකේ මේ ප්‍රශ්නේ ගැන ටිකක් ගැඹුරින් හිතුවා. දුර දකින දේශපාලකයෝ නැති කම, එක ප්‍රතිපත්තියක පිහිටලා වැඩ කරන්නේ නැති කම, එක එක පැති වලින් හිස් ඔසවන ආගමික අන්තවාද, විදේශීය බලවේගවල් අදින දාං ගේමක ඉත්තෙක් වීම වගේ කාරණා ගණනාවක් ඔලුවට ආවත් තනි උත්තරයක් නං හොයා ගන්ඩ බැරි උනා. තනි උත්තරයක් නැතුවා වගේ පේන සමහර සංකීර්ණ ප්‍රශ්න වලට හරි සරළ උත්තර තියනවා කියල මතක් උනේ ඒ පාඩම මට මුලින්ම කියල දීපු උපාලි ද සිල්වා සර් ගැනත් මතකය අලුත් කරමින්. ඉතින් මං හිතුවා ඒ කතාව ඔක්කොමල්ල එක්ක බෙදා ගන්ඩ.කට්ටකාඩුවේ ලොකු මල්ලිට ඉස්කෝලේ යන කාලේ හොඳට සිංහලයි ගණනුයි පුළුවන්. ඉතිං ඒ කාලේ හය වසරේ තිබ්බ ශිෂ්‍යත්ව විභාගෙන් ටිකක් වැඩිපුර ලකුණු අරගෙන රටේ හොඳ ඉස්කෝලයක් කියන ඉස්කෝලෙකට යන්ඩ අවස්තාව ලැබුනා. මං මුලිං ගියපු ඉස්කෝලේ හිටපු ලොකු අයියලා අක්කලාට පන්ති තියන්ඩ ඉඩක් නැති හිංදා ප්‍රින්සිපල් සර් අනිත් සර් ලා මැඩම් ලා ත් එක්කහු කරගෙන පොළක් පවත්තලා සල්ලි එක්කහු කරගෙන පොල් අතු මඩුවක් හදා ගත්තා. ඒත් අලුත් ඉස්කෝලේ තට්ටු දෙකේ තුනේ බිල්ඩින් ඕන තරම් තිබ්බ මදිවට එව්වයේ තිබ්බ පන්ති වල වහලෙට සිවිලිනුත් ගහලා. ගමේ ඉස්කෝලේ රට හුණු හම්බ වෙන්නේ එක දවසට එක කෑල්ලයි. සමහර විට එහෙමත් නැති වෙනකොට අපිට උගන්නපු සර්ලා මැඩම් ලා තමුන්ගෙ අතින් සල්ලි දීලා ළඟ කඩෙන් රට හුණු කෑල්ලක් ගෙන්න්වගෙන තමයි අපිට ඉගැන්නුවේ. ඒත් අලුත් ඉස්කෝලේ හැම ඕන තරම් රට හුණු තිබ්බා. සුදු රට හුණු මදිවට එක එක පාට රට හුණු කෑලිත් තිබ්බ එහෙ. ගමේ ඉස්කෝලෙදි අපි කැමති නං තිබ්බ විදිහට සපත්තු දැම්මා නැත්තන් සෙරෙප්පු දැම්මා. ඒත් අලුත් ඉස්කෝලෙදි කළු පාට සපත්තු දැමීම අනිවාර්යයි. මේ වගේ වෙනස්කන් ගණනාවක් තිබ්බත් වෙනස් නොවිච්ච එක දෙයක් තිබ්බා!! ඒ තමයි ගුරුවරුන්ගෙ කැපවීම!! ඒ කට්ටිය තමුන් දන්නා දේ කියල දෙන්ඩ කැමැත්තෙන් හිටියා. කියල දුන්න සල්ලි පස්සේ දුවන්නේ නැතුව. අන්න එහෙම ගුරු උතුමෙක් තමයි උපාලි ද සිල්වා සර්. සර් ඉගැන්නුවේ සිංහල. ඔය කියන කාලේ ලොකු මලය හිටියේ දහයේ පංතියේ.රටම වෙලා ගත්තු භීෂණ කාලයක අපි ජීවත් වෙච්ච හින්ද සමහර විට අවුරුද්දේ සම්පූර්ණ ඉස්කෝල වාරයක්ම අපි ගත කලේ පරණ පන්ති වල. ඔය කියන අවුරුද්දෙත් අපි දහය පංතියට ආවේ මැයි මාසේ. හැබැයි ඒ වෙනකොට භීෂනේ පාලනය කරලා තිබ්බ හිංදා අපිට වාරේ පටන් ගන්න කොටම කිව්වා අපේ දහය වසරේ ජීවිතය වාර දෙකකට සීමා වෙන බව. ඒ හිංදා අනිවාර්යෙන් හවස පන්ති වලට සහභාගී වෙන්ඩ ඕන බව ප්‍රින්සිපල් සර් පැහැදිලිවම කිව්වා. හෙහ්... හෙහ්.... ඔය කට්ටිය හිතන්නේ ටියුෂන් ක්ලාස් යන්ඩ කිව්වා කියල නේද? ඔයාලා සම්පූර්ණයෙන්ම වැරදියි. ඉස්කෝලේ ගුරුවරු ස්වේච්චාවෙන් හවස පන්ති තියනවා දෙකේ ඉඳන් හතර වෙනකල් සතියට දවස් තුනක්. ඒ මදිවට අගෝස්තු නිවාඩු කාලේ අපිට එක සතියකට සීමා කරලා දිගටම ඉස්කෝලේ පවත්තනවා කිව්වා. හවස ක්ලාස් තියන දවස් වලට අපිට හම්බ වෙන දවල් කෑම විවේකෙදී තමයි මං කියන්ඩ යන සිද්දිය උනේ. එක හමාරට ඉස්කෝලේ ඇරිලා දෙක වෙනකල් පැය බාගයක් කෑම විවේකය තිබ්බත් අපිට දවල්ට කන්ඩ ගත උනේ  විනාඩි පහක් දහයක් විතරයි. ඉතුරු ටික ගත උනේ අහළ පහළ ඉස්කෝල වල ඉන්න ලස්සන ගෑනු ළමයි ගේ ‘ගති ගුණ’ ගැන විද්වත් කතිකාවකට!! ඔය කාලේ අපි හිතං හිටියේ -ගති ගුණ- කියන්නේ -අඟ පසඟ- වලට තියන සමානාර්ථ පදයක් කියලා!!!  ඉතින් ඔහොම ටික දවසක් යනකොට සිංහල ක්ලාස් තියන දවසත් ආවා කියමුකෝ. දැන් සම්බන්ධතාවය විද්වත් කතිකාව පැවත් වෙච්චි පන්ති කාමරයට!!!“මචං අර මොකද්ද අර?” පංතියේ සිවිලිම දිහාට අපි ඔක්කොගෙම ඇස් යොමු කරවමින් ජගත් ඇහුවා. “සීලිං කෑල්ලක් කැඩිලා නේද?” ඒ මුෆසීර්.“කැඩිලා නෙවෙයි බං ඒක කපලා තියෙන්නේ..සිවිලිම උඩට නගින්ඩ පුළුවන් වෙන්ඩ.." ඒ විශේෂඥ මතය ඉදිරිපත් කරේ චන්දිම. ඌ අපේ ඉස්කෝලෙට ආවේ මාතර භීෂනේට බයේ මුළු පවුලම අපේ ඉස්කෝලේ පැත්තට පදිංචියට ආපු හිංදා.භීෂණ කාලේ සිවිලිං උඩ හැංගිලා හිටපු හිංදා ඌ සිවිලිං ගැන විශේෂඥයෙක්.“මොකටද සිවිලිම උඩට නගින්නේ?” ප්‍රශ්නේ මුෆසීර් ගෙන්.“සිවිලිම උඩ එක එක දේවල් හංගලා තියන්ඩ ඉඩ තියෙනවනේ. ඉතින් හංගන්ඩයි ආපහු ගන්ඩයි සීලිම උඩට නගින්ඩ එපායැ ...”චන්දිම හේතු ඉදිරිපත් කළා.“මේ ඉස්කෝලෙ සීලිම උඩ මොනවා හංගන්ඩද?”“අන්න ප්‍රශ්නේ!!...අන්න ප්‍රශ්නේ!!!...මොනවා හංගන්ඩද මේ සීලිම උඩ ?”දැන් මුළු පංතියම ගෑණු ළමයින්ගේ -ගති ගුණ- ගැන සාකච්චා කිරිල්ල නවත්තලා සීලිම උඩ හංගපු නිධානෙ මොකද්ද කියලා කල්පනා කරන්ඩ පටන් ගත්තා!!“මං දන්නවා...ගිය අවුරුද්දේ හිටපු අයියලා ඕක උඩ කුණුහරුප පත්තර හංගන්ඩ ඇති...”මුෆසීර් ට මාර අදහසක් පහල උනා. මොනවා හරි දෙයක් ඔලුවට රිංග ගත්තහම ඒක ලේසියෙන් අමතක කරන්ඩ බෑ. ඉතින් විනාඩි දෙක තුනක් යනකොට මුළු පංතියම එකඟ උනා සීලිම උඩ කුණුහරුප පත්තර හංගලා තිබ්බ බවටත් සමහර විට අපේ වාසනාව හොඳ නම් ඒ නිධානෙ කොටසක් තාම සීලිම උඩ තියෙන්ඩ පුළුවන් බවටත්.ඒත් එක්කම ආපු උවමනාව තමයි ඒ නිධානෙ අපේ අතට ගන්නේ කොහොමද කියන එක. බ්ලූ ෆිල්ම්, පෝනොග්‍රෆික් වෙබ් සයිට් නොතිබ්බ ඒ කාලේ කුණුහරුප පත්තරයක් කියන්නේ නිධානයක් වගේ තමයි!!!“අපි කවුරු හරි උඩට නැගලා බලමු!!” ආයෙත් මල් මසුරං අදහස මුෆසීර් ගෙං. “අපිට බෑ..... උඹම නැගලා බලපං!!..”මුළු පන්තියම මුෆසීර් ව මේ වැඩේට ඒකමතිකව යෝජනා කළා.“කොහොමද උඩට නගින්නේ?”“අපි ඩෙස් හය හතක් එක උඩ එක තියමු. එතකොට උස ඇති වෙයි!!”.ඇහි පිය ගහන පරක්කුවෙන් ඩෙස් හත අටක් එක උඩ එක තිබ්බ උනා. මුෆසීර් උඩට නැග්ගා.“මචං සර් එනවා...!!!!” කව්දෝ කෑ ගැහුවා.ඇහි පිය ගහන වෙලාවෙන් දහයෙන් එකකදී ඩෙස් ටික බිමට බෑවා. නිධානෙත් එක්ක මුෆසීර් උඩ!!. හරියටම කියනව නං නිධානෙ ගන්ඩ මුෆසීර්ව බිල්ලට දුන්නා අපි ඔක්කොම.හැබැයි මුෆසීර්ටත් පල්ලෙහා වෙන දේ තේරුනා කියල අපිට තේරුං ගියේ ගලවපු සීලිං කෑල්ල ආපහු තිබ්බ විදිහටම ඌ උඩ ඉඳන් හයි කරපු හිංදා.උපාලි ද සිල්වා සර් පාඩම පටං ගත්තා. සර් ගේ පාඩම සාමාන්‍යයෙන් හරිම සිත් අද ගන්නා සුළුයි. ඒත් එදා නං අපි හැමෝගෙම හිත් වල තිබ්බේ සිංහල පාඩම නෙවෙයි. කොයි වෙලාවෙද මුෆා ව බිමට ගන්ඩ ඉන්ටවල් එකක් හම්බ වෙන්නේ කියලා. අපිට එහෙම වැඩි වෙලාවක් ඉන්ඩ ඕන උනේ නෑ. ලොකු හච්චිං සද්දයක් සීලිමෙන් ආවා. එත් එක්කම දඩාස් ගාලා ලොකු සද්දෙකුත් ආවා. අපි දැක්කේ සීලිං කෑල්ලක් කඩාගෙන ඩෙස් එකක් උඩට වැටෙන මුෆා!! මුළු පන්තියටම එක පාරටම හිනා ගියත් ඒත් එක්කම අපි ඔක්කොම මුෆා වටේට එක්කහු උනේ උගේ ඇත පය කැඩිලද කියල බලන්ඩ. ඒත් අපි හැමෝගෙම වාසනාවකට පොඩි සීරීම් දෙක තුනකට වඩා දෙයක් වෙලා තිබ්බේ නෑ!!! පස්සේ දැන ගත්තු විදිහට ඉන්ටවල් එකක් දෙනකල් ඉවසා ගෙන ඉන්ඩ මුෆා තීරණය කරලා සීලිමේ පරාලයක් උඩ ඉඳ ගෙන. ඒත්  හැදුව දවසේ ඉඳන් තියන දූවිලි නහයට ගියාම ඉවසගෙන ඉන්ඩ බැරි බව මුෆා ගේ නහය තීරණය කරලා. ඉතින් පලවෙනි හච්චිමත් එක්කම මුෆා පරාලෙන් සීලිං ෂීට් එක උඩට වැටිලා. ඒ ෂීට් වලට මුෆා ගේ බර දරඳ බැරි හින්ද තමයි මුෆා ට ඉගිල්ලෙන පින පහල වෙලා තියෙන්නේ!!පංතියේ ළමයින්ගේ හැසිරීමෙන් සර් දන ගත්තා මේක මුළු පංතියම එක්කහු වෙලා කරපු දේක ප්‍රතිපලයක් බව. ඒ හිංදා සර් ඇහුවේ සීලිම උඩට නැග්ගේ ඇයි කියල විතරයි. අපිටත් සර් ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ හිංදා අපිත් ඇත්තම කිව්වා!! තුවාල වලට බේත් දාගෙන එන්ඩ ළමයි දෙන්නෙක් එක්ක මුෆා ව සෞඛ්‍යදාන කාමරේට පිටත් කරපු සර් ඊ ගාවට කියපු වචන ටික මට තාම මතකයි.“මේවා උඹලගේ විතරක් වැරදි නෙවෙයි. ඔය වයසට කුතුහලේ නැත්තං තමයි පුදුම! හැබැයි උඹලගේ ගුරුවරු වෙච්චි අපිවත්, අම්මලා තාත්තලාවත් ඔය දේ ගැන පිළිවෙලකට කියලා දෙන්නේ නෑ. ඉතින් මේ කොහේ හරි යන පත්තර කාරයෝ ටිකක් උඹලව අන්දනවා. අද සිංහල පාඩම ඉවරයි. පොත් වහපල්ලා. මං උඹලට දැන් සෞඛ්‍ය පාඩමක් පටන් ගන්නවා!!!....”සර් ඊට පස්සේ පැය දෙකක් විතර ස්ත්‍රී පුරුෂ ප්‍රජනක පද්ධති ගැන කියල දුන්න. ඊට පස්සේ සංදේශ කාව්‍ය වල ඉඳන් අමරදේව මහත්තයාගේ සින්දු දක්වා උදාහරණ විස්සක් තිහක් අරගෙන ප්‍රජනන කාර්යය සහ ඒ ඉන්ද්‍රිය ගැන කලාත්මක ඇහැකින් බලන හැටි කියලා දුන්නා. එතකොට තමයි අපිට තේරුනේ වල් පත්තර වල තියෙන්නෙ තනිකර කුණු රහක් විතරයි කියලා.මේ සිද්දියෙන් පස්සේ අපි වල් පත්තර බලන එක නැවතුනා කියල මං කියන්නෙ නෑ. ඒත් ඒක ඇබ්බැහි කමක් කර නොගන්ඩ අපිට පුළුවන් උනා. ඒත් එක්කම සිංහල භාෂාවෙ අහු මුලු හොයා ගෙන යන්ඩ ආසාවක් ඇති උනා!! අපේ මව් බස ගැන ආඩම්බරයක් ඇති උනා!! ජීවිතේ පස්සේ කාලෙක භාෂාව හදාරන්ඩ ලොකු උවමනාවක් ඇති උනා!!! එක ගුරුවරයෙක් පැය දෙක තුනකදි අපේ ජීවිත බොහොම ධනාත්මක විදිහට වෙනස් කළා. ඉතින් මට හිතෙනවා අපි රටක් විදිහට ඉස්සරහට නොයන්ඩ තියන එක ම හේතුව උපාලි ද සිල්වා සර් වගේ ළමයින්ගේ හිතුම් පැතුම් අඳුනන, එව්වා හරි පාරට යොමු කරන, තමන්ගෙ රාජ කාරිය දේව කාරියටත් වඩා උසස් කොට සලකන ගුරුවරු ලක්ෂ ගානක් බිහි නොවීම කියලා. ඉතින් මම මගේ මිතුරියට කතා කරලා කිව්වා පුතා ගේ ප්‍රශ්නෙට මං හිතන උත්තරේ. බැලින්නං පොඩි එකා අහලා තියෙන්නේ එච්චර සංකීර්ණ උත්තරයක් බලාපොරොත්තුවෙන් නෙවෙයිලු. පොඩි එකා ටයි උගේ යාලුවන්ටයි අනුව උත්තරේ හරි සරළයි. යාපනේ පැත්තෙන් අපේ රට උඩට ගියොත් ඉන්දියාවේ වදිනවා!. අම්පාර පැත්තෙන් ඉස්සරහට ගියොත් තායිලන්තෙ වදිනවා!!. කොළඹ පැත්තෙන් ඉස්සරහට ගියොත් අප්‍රිකාවේ වදිනවා!!!. ඒ කියන්නෙ අපේ රට ඉස්සරහට යන්නෙ නැත්තේ ගියොත් කොහේ හරි වදින හිංදා. ඉතින් අපිට යනවා නම් යන්ඩ තියෙන්නේ පල්ලෙහාට විතරයි!!!!. එතකොට නම් සීමාව ඇන්ටාර්ටිකාව!! ඒ කියන්නේ අපිට එක්කෝ ඉන්න විදිහටම ඉන්ඩ පුළුවන් නැත්තන් ඉන්න තැනිනුත් පල්ලෙහට යන්ඩ පුළුවන්!!!මාත් ඒ උත්තරෙත් එක්ක එකඟ වෙනවා. අර වගේ උත්තම ගනයේ ගුරුවරු ලක්ෂ ගානක් ඉක්මනින්ම බිහි කර ගන්ඩ අපිට බැරි උනොත් අපිට යන්ඩ වෙන්නේ -පල්ලෙහාට- තමයි!!මුෆසීර්, චන්දිම, ජගත් ඔක්කොමල්ල දැන් ලොකු රස්සාවල. පංතියේ අනිත් අයත් මමත් උපාලි ද සිල්වා සර්ට දැක්ක තැන දන ගහලා වඳිනවා. මට සර් ව අන්තිමට හම්බ උනේ දැන් අවුරුදු හය හතකට උඩදී. සර් සංතෝසෙන් නිරෝගිව හුඟක් කල් ජීවත් වේවා කියල මං ප්‍රර්ථනා කරනවා!! සර් විතරක් නෙවෙයි අපිට උගන්නපු හැම ගුරුවරයෙක්ම!!! අද ලෝක ගුරු දිනය දවසෙදි (ඔක්තෝබර් 05) මං වෙන මොනවා ප්‍රර්ථනා ....   වැඩිදුර >>  
Next || Previous