ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
[ යාම් : 14 ] | කට්ටකාඩුව | 2017-09-13 02:30:36
සරමින් නිතර අහසේ - කරති දඩයම් උන් නිදහසේ කවුරු හරි කෙනෙකුට එක පාර වැඩ දෙකක් කරන්ඩ පුළුවන් නම් ඒක ලොකු දස්සකමක්. එක වෙලාවක හරියට එක වැඩක්වත් කර ගන්ඩ බැරි මං වගේ අයට නම් හිතා ගන්ඩවත් බෑ කොහොමද එක වෙලාවෙ වැඩ දෙකක් කරන්නේ කියලා!! මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් එහෙමයි. සමහර සත්තු කම්මැලි කමට ඔහේ හෙමිං…. හෙමිං….ගාටද්දී තවත් සමහර උං දුවගෙන ගිහින් දඩයම් කරනවා. සමහර කුරුල්ලෝ ඉහ.....ල අහසට නැගලා මට ඕනවට වගේ උඩු හුළගේ පිහිටෙන් පා....වෙලා යන අතරේ තවත් සමහර කුරුල්ලෝ ගස් ගොම්මන් අතරේ, බාධක දාස් ගානක් තියන තැන්වල පියාඹන ගමන් දඩයම් කරනවා. අර මුලින් කිව්වා වගේ කම්මැලියො පිරිච්ච ලෝකෙක පියාඹන ගමන් දඩයම් කරන කුරුල්ලෝ ගැන මට හරි ආඩම්බරයක් එනවා. අන්න කුරුල්ලෝ...!! නැද්ද හා?මතකද අපි පොඩි කාලේ කුරුල්ලෝ බලපු විදිහ. ලොකු ලොකු ගැජට් බැජට් නොතිබ්බට අපි කුරුල්ලෝ ජාති තිහක් හතළිහක් ගැන දැනගෙන හිටියා. මේ ලඟදි මට කියවන්ඩ හම්බ වෙච්චි ලිපියක් හිංදා ඒ කුරුල්ලෝ ගැන මතකය අලුත් උනා. අම්මප අපි නොදන්න කොච්චර නං දේවල් තියනවද කුරුල්ලෝ ගැන. අදට මං කුරුල්ලෝ දෙන්නෙක් ගැන කියල දෙන්නං. කම්මැලි අපතයෝ නෙවෙයි හොද වැඩ කාරයෝ දෙන්නෙක් ගැන!!!. ඇමරිකාවෙ, එංගලන්තෙ, බලුකිස්තානේ ඉන්න කුරුල්ලෝ නෙවෙයි මේ අපේ සිරි ලංකාවේ අපිට දෑහැට පෙන්ඩ ඉන්න එවුං දෙන්නෙක්. මං ආයෙ නොකිව්වා කියන්ඩ එපා මුං කුරුල්ලෝ දෙන්නෙක් හොදේ.-පාරාදීසයේ ඉගිලෙන ගමන් දඩයම් කරන්නා- කියන තේරුම ඇතිව  තමයි මුන්ට Paradise Flycatcher කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි කාරයා අනුව නං මුං දෙගොල්ලොම එකයි. ඒ සමහර විට වැඩ බලපුවම එක වගේ පේන හින්දා වෙන්ඩ ඇති. හැබැයි ඉතින් අපි සුද්දට වඩා කවදත් ඉස්සරහින් ඉන්න ජාතියක් හිංදා අපි උන්ට නං දෙකක් දාගෙන තියනවා!!  හැබෑවටම ගත්තොත් මුං දෙන්නම අයිති වෙන්නේ එකම විශේෂයට. හැබැයි උප විශේෂ දෙකක්. ඕං බලමුකෝ අපේ අයියලා සත්ත්ව විජ්ජාව ඉස්කෝලෙදි ඉගෙන ගෙන නැති උනාට වැඩ කිඩ දැකලා පුරුදු හින්දම මුංගේ පොඩි පොඩි වෙනස්කං අඳුනගෙන නං දෙකක් දාපු අපූරුව!!!දැන් කව්ද මේ කියන වැඩකාරයෝ දෙන්නා? එකෙක් සුදු රෙදි හොරා (සිල් රෙදි හොරා නෙවෙයි යකුනේ සුදු රෙදි හොරා) අනිකා සිවුරු හොරා (නෑ...නෑ..නෑ...මන් කිව්වනේ මං මේ කියන්නෙ කුරුල්ලෝ දෙන්නෙක් ගැන කියලා. ඉතිං මට බාධා කරන්ඩ එපා මේ අරූ නේද මේ මූ නේද කියලා අහලා).සුදු රෙදි හොරා (Terpsiphone paradisi ceylonensis) කියන්නේ ඔරිජිනල් ලංකාවේ බුවෙක්. මෙහෙම වැඩ කරන එකෙක් මුළු ලෝකෙම නෑ.. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ..!!! කොහොමද අපේ පොරවල්...ආඩම්බරයි නේ..!! සිවුරු හොරා (Terpsiphone paradisi paradisi)  කියන්නේ ඉන්දියාවෙන් ආපු එකෙක්. ඒ කියන්නේ උගේ නිජබිම..., මව්බිම..., ඇරඹුම..., ජාතකේ... තියෙන්නේ ඉන්දියාවෙ. එක කාලෙක ලංකාවට ආපු ගමං තමයි අපේ පොරවල් දැකලා අර පජාති නම දැම්මෙ!!. මුං දෙන්නම පොඩි පොඩි කෘමි සත්තු අල්ලගෙන කනවා. අය පව්-පිං බැලිල්ලක් නෑ. හරියටම කිව්වොත් ඉගිල්ලෙන කෘමි සත්තු තමයි මුන් අල්ලාගෙන කන්නෙ. ඒ කියන්නේ පොඩි පොඩි කෘමි සත්තු ගෙදරින් යනවා කඩේට හරි, වැඩට හරි, එහෙම නැත්තං යාලුවෙක් හම්බ වෙනද හරි කියලා....ගෙදරින් යනකල් බලාගෙන ඉඳලා මුන් දෙනවා බැස්ටිය!! ආය ගැහුවේ කවුද... ගැහුවේ මොකෙන්ද, උනේ මොකද්ද කියලා ගෙදෙට්ට පණිවිඩයක් වත් යවා ගන්ඩ වෙලාවක් නෑ අර අසරණ සතාට!! නැද්ද හා?මුන් දෙන්න අයිති වෙන කුළය තමයි මොනාචිඩේ (Monarchidae) කියන්නේ. ඉස්සර කාලේ හිතුවේ මේ -හොරු- දෙන්න අයිති මුසිකැපිඩේ (Muscicapidae) කියන කුලයට කියලා. ඔය  මුසිකැපිඩේ කියන කුලේට තමයි පැරණි ලෝකයේ ෆ්ලයි කැචර්ස් ලා එහෙම නැත්තං ‘හොරු’ අයිති උනේ. හැබැයි මේ ‘හොරුන්ගේ’ අලුත් වැඩ කිඩ දැකලද කොහෙද මුංව මොනාචිඩේ කුලේට මාරු කරලා. මේ කුලේට තමයි මොනාර්ක් ෆ්ලයි කැචර්ස් (Monarch flycatcher) එහෙම නැත්තං ‘මහ රජ හොරා’ වත් අයිති වෙන්නේ.මේ වගේ හොරු ආසියාවේත් අප්‍රිකාවෙත් ඉන්නවලු!! හැබැයි හුගක් ‘හොරු’ වෙන වෙන රටවල් වලට යන්නේ නෑ ඉපදිච්ච රටේම ඉන්නවා, අර අපේ සුදු රෙදි හොරා වගේ. විශේෂ කීපයක් විතරක් වෙන රටවල් වලටත් යනවා අර ‘සිවුරු හොරු’ වගේ. හැබැයි මුන්ට හොරා හොරා කියල කිව්වට තාම නඩු අහලා හිරේ දාලා නෑ. ඉතින් කාට හරි හිතෙන්ඩ පුළුවන් එහෙම අපහාස කරන එක උන්ගේ කුරුළු අයිතිවාසිකම් කඩ කිරීමක්  කිරීමක් කියලා. මොකද්ද වචනේ...අයිතිවාසිකම් කඩ කිරීම...අයිතිවාසිකම් කඩ කිරීම....! විස්වාසේ හෙම නෙවෙයි ඕං!!කුරුල්ලෝ ගැන කතාව ඉවරයි. අම්මප කුරුල්ලෝ කොච්චර ලගයිද මිනිස්සුන්ට. සමහරු නං කියන්නේ කුරුල්ලෝ ලග ඩයිනෝසර්ලට මිනිස්සු ලග වඳුරන්ට කියලා. ඒ කියපු කෙනාට වැරදුනා වෙන්ඩ බැරිද? මට නිකං එහෙම හිතෙනවා හිතෙනවා වගේ...ඔයාලටත් එහෙමද? වැදගත් මේ ලිපියට අඩංගු හුගක් කරුණු හොයා ගත්තේ මෙන්න මේ තැන් වලින්. මොනවා හරි දොසක් තිබ්බොත් ඒ වැරැද්ද ලොකු මලයගේ. සමාවෙන්ට ....   වැඩිදුර >>  
Next || Previous