ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
විල් යූ මැරී මී ? [ යාම් : 57 ] | විකේන්ද්‍රික | 2017-09-12 06:06:40
ඉස්කෝලෙ යන උනුත් බඳින්නම බලාගෙන යාලුවෙන රටක..යාලු වෙලා මාසයක් යන්නත් කලින් දෙපැත්තේ දෙමව්පියන් හම්බෙලා බඳින්න අවසර ඉල්ලන රටක..අතින් අල්ලන්නත් කලින් බඳින්න පුළුවන්ද කියලා දැනගන්න කේන්දර ගලපන රටක..කවදහරි හරි මාවම බඳියි කියන දැඩි විශ්වාස නිසාම කෙල්ල කොල්ල ඉස්සරහ කකුල් දෙක ඈත් කරන රටක..ලව් කරපු කොල්ලා/කෙල්ල බඳින්නෙ නැතුව අත ඇරියොත් පොළවේ හැපි හැපී අඬ අඬ ජීවිත කාලකණ්ණි කරගන්න රටක..බඳින්නේ නැතුව අතරමඟ සම්බන්ධයක් නැවතුනාම දෙන්නාම වෛරක්කායයෝ වෙලා නවතින ආකල්ප තියෙන මිනිස්සු ජීවත් වෙන රටක..බඳින්න දුන්න බලාපොරොත්තු කඩ උනාම කෝච්චියට බෙල්ල තියන රටක..බඳිනවා කියලා බැන්දේ නැති වුනාම පිහිපාරවල් ඇනලා තමාගේ සහකරුවා/කාරිය ඝාතනය කරන රටක..මැරේජ් ප්‍රපෝසල් එකක් කියන එක -සර්ප්‍රයිස් එකක්- වෙන්නෙ කොහොමද කියලා පුළුවන් මොකෙක් හරි මට කියල දෙනවකො ඕයි ....   වැඩිදුර >>  
Next || Previous