ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Samsung Original vs Fake | රැවටෙන් නැතුව සැම්සුන්ග් දුරකතනවල විවිධ වෙළදනාම වල හරිම තේරුම දැනගන්න. [ යාම් : 51 ] | SB made | 2017-09-11 11:37:04
ලංකාවේ බොහොමයක් දෙනාගේ තේරීම තමයි Android phone එක.ඒ වගේම ඊළගට අපි මේ Phone වල Brand එක එන සැලකිලිමත් වෙනවා.ඒ වගේම මේ samsung Phone එක එක විදියට දැකගන්න තියෙනවා.ඒ කියන්නේ මේ Samsung  China, Vietnam, Korean, Replica,International විදියට විවිධ වර්ග තියෙනවා.ඉතින් අද බලමු මොනවද මේ කියලා.ඉතින් Samsung  China, Vietnam, Korean, Replica,International විධියට ලංකාවේ විවිධ තැන්වල විකුනන්න තියෙනවා.මේ අතරින් Replica කියන සියලුම ෆොනේ Fake.ඒ වගේම අලුතෙන්ම නිකුත් වුන Samsung S8 එකටත් මේ වෙනකොට මේ Replica ඇවිත් තියෙනවා.ඉතින් මේ S8 එක රුපියල් 100000 පන්නල ගණන් වෙද්දීන් Replica එක රුපියල් 20000 විතර තමයි වෙන්නේ.සාමාන්යෙන් මේ S8 එකක් හදන්න ඇත්තටම 30000 විතරම යනවා.එත් Replica ඊටත් අඩුවෙන්.තේරෙනවා ඇතිනේ එතකොට මේවා බාලයි කියලා.සමහර දෙනා මේ  Phones, Replica කියලම විකුණුවත් සමහර අය බොරුකරනවා.ඒක නිසා ගොඩක් දෙනා රැවටෙනවා.මේ Replica වලත් වර්ග කීපයක් තියෙනවා.ඒ කියන්නේ භාවිත කරන්න ගොඩක් අපහසු එකක්.ඒ කියන්නේ ගන්නම දෙයක් නෑ පෙනුම විතරයි.ඊළගට 40000 විතර මේ Replica වලම තවත් එකක් තියෙනවා.මේක සාමාන්යෙන් හොදයි.විශේෂයෙන්ම මේවා I phone වලට වැඩිපුර තියෙනවා.ඒ වගේම Replica ගැන තවත් කියනවනම් samsung වල 4GB RAM එකක් තිබුනොත් මේ Replica වල 512MB RAM එකක් තමයි තියෙන්නේ.ඒ වගේම මේකේ Storage ගන්නම දෙයක් නෑ.මේවා කොහොම උනත් මාසයක්වත් හරියට Use කරන්න බැහැ.ඊළගට ඔයාට බලාගන්න පුළුවන් ගොඩක් තැන වල මේ Samsung phones ගොඩක් අඩු මුදලට දෙනවා.ඉතින් සමහර දෙනා කියනවා මේවා හොදයි අරව මේවා කියලා.කොහොම වුනත් මේ ඔක්කොම Samsung ආයතනයේ කිසිම සම්බන්දයක් නැතුව හදන හොර දුරකථන.මොකද Samsung හොදම Phone එකක් එහෙම ගොඩක් අඩුවට ගන්න බැහැ.තවත් මේ විදියටම කට්ටිය කියන දෙයක් තමයි මේ Samsung  Phone එකනම් කොරියන් කියල.මේකනම් ඇත්ත මොකද සම්සුන්ග් වල ආයතනය තියෙන්නේ කොරියාවේ.තවමත් මේ සම්සුන්ග් කොරියන් Phones Original තමයි.ඒ වගේම තව දෙයක් තමයි මේ හැම ආයතනයක්ම චීනය සමග සම්බන්ද වෙන ප්‍රවනතාවයක් දකින්න තියෙනවා.සම්සුන්ග් එකත් එහෙමම තමයි.දැනට වසර කීපයකට කලින් මේ සම්සුන්ග් චීනයට සම්බන්ද වුනා.කොහොම වුනත් සම්සුන්ග් ආයතනයේ ලොකුම මද්‍යස්ථානය තියෙන්නේ චීනයේ.මේකේ තමයි ගොඩක් වෙලාවට අපි ඔය අහන International Phone නිෂ්පාදනය කරන්නේ.මේවා අහන්න දෙයක් නැ සම්පුර්ණයෙන්ම original Samsung Device.මේ International Phones හදලා තියෙන්නේ මේ ලෝකයේ පුරාම භාවිත කරන්න පුළුවන් විදියට.ඒ කියන්නේ මේ ලෝකයේ විවිධ තැන් වල තියෙන Network වලට ගැලපෙන විදියට තමයි හදලා තියෙන්නේ.මේ දේවල් නිසාම මේවට විශාල පිරිවැයක් යනවා.ඒ වගේම වෙළදපලට එනකොට මිලත් වැඩියි.ඒ වගේම මේ කොරියාවේ තියෙන Phones ගොඩක් වෙලාවට හදන්නේ ඒ රටට අදාළ විදියට එයාලට ගැලපෙන්න.සමහරවිට දැකල ඇති මේවගේ කොරියන් නම් තියෙනවා,App තියෙනවා.ඒවා අයින් කරන්නත් බෑ.ඒ නිසාම සමහරවිට වෙන රටකට නොගැලපෙන අවස්ථා තියෙනවා.සමහර වෙලාවට මේවා ඒ ඒ රටට අවශ්‍ය විදියට අපට හදාගන්න පුළුවන්.ඒ වගේම මේ කොරියන් සහ International අතර Hardware අතින් බොහෝ දුරට 100% ක්ම වගේ සමානයි.කිසිම වෙනසක් නැහැ.එත් මේවගේ Software ගත්තම විවිධ වෙනස්කම් තියෙනවා.Hardware  වලින් ගැලපෙන් නැත්නම් ඒ ගොඩක් වෙලාවට මේ Network තමයි ඒ.ඉතින් තේරෙනවා ඇති මේ කොරියන් සහ International දෙකම හොද Original Phones කියල.චීනයේ හැදුවත් මේ International Phones ඒවා original.ඒ වගේම India,Vietnam  වගේ රටවලත් මේ Original Phone බලාගන්න පුළුවන්.ගොඩක් වෙලාවට මේ J Phones එන්නේ මේ  ඉන්දියාවෙන්.ඒ වගේම Co prime කියන එක එන්නේ Vietnam වලින්.Vietnam  කියන්නේ චීනයෙන් පස්සේ තියෙන ලොකුම තැන තමයි samsung ආයතනයේ.ඒක නිසා Vietnam වලත් ගොඩක් Phones හදනවා.මේවත් සම්පුර්ණයෙන්ම original.ඒ වගේම Vietnam වල විතරක් භාවිත කරන්නත් හදනවා.අපි දැනගන්න ඕනේ මේවා හරියට තෝරාගන්න.මේ අතරම විවිධ තැන්වල මේ Samsung  Phones හදනවා වුනත් Vietnam සහ චීනයේ තමයි වැඩිපුරම හදන්නේ.මේ කොරියාවේ Phones කලින් කියපු විදියට ඒ රටේම භාවිත කරන්න හැදුවත් එකෙත් විවිධ වර්ග තියෙනවා.ලංකාවේ විවිධ Network වගේම මේ කොරියවෙත් තියෙනවා.කොරියාවේ LG U+,Ole,SK Telecoms වගේ විවිධ නම් වලින් තියෙනවා.මේ ඔක්කොටම International Phone එකක් ගන්න එක තමයි හොදම.ඒ වගේම ඔය බොරුකරයින්ට රැවටෙන් නැතුව හොද phone එකක් ගන්න.ඒ වගේම මේවා හොර ඒවාද නැද්ද කියල බලන්න හොද ක්‍රමයක් තමයි ඔයාගේ Dial Pad එකේ *#0*# ගහන්න.එතකොට ඔයාගේ phone එක චෙක් කරගන්න විවිධ විදි තියෙනවා.ඒවා හරියටම වැඩනම් ඔයාගේ phone එක හොද එකක් තමයි.ඒ වගේම තව දෙයක් තමයි ඔයාගේ phone එකේ  IMEI Number එක බලන්න පුළුවන්.ඒකටත් *#06# ගහන්න.එතකොට අංක දෙකක් හරි එකක් හරි තියෙනවා.ඊටපස්සේ මේවා ඔයාගේ phone එකේ Box එකේ තියෙන අංක එක්ක ගැලපෙනවද කියල බලන්න.කොහොම වුනත් අනිවරෙන්ම ගැලපෙන්න ඕනේ.එහෙම නැතිනම් මෙතනින් ගිහින් ඔයාගේ IMEI Number එක හරි දෙක හරි ඒ Website එකේ ගහන්න.එතකොට ඒ විස්තර ඔයාගේ Phone එකේ තියෙන ඒවාට සමාන වෙන්න ඕනේ වෙනවා.ඒ වගේම IMEI Number දෙකක් තියෙනවනම් ඒ දෙකේම විස්තර සමාන වෙන්න ඕනේ වෙනවා.පහල Video එකේ තියෙනවා ඒ Website එකේ IMEI Number එක Test කරගන්න විදිය.ඒ වගේම තවත් දෙයක් තමයි samsung kies කියන Software එක අරගෙන බලන්න.ඒකට මෙතනින් යන්න. මේක PC එකට  Install කරගෙන ඔයාගේ Phone  එක Connect කරලා බලාගන්න පුළුවන් ඔයාගේ Phone එක හොදද නැද්ද කියලා.මේ Software එකෙන් තමයි samsung Phone Manual Update කරගන්නේ.එහෙනම් අලුත් දෙයක් දැනගන්න ඇතිනේ.මේක ඔයාගේ යාලුවන්ටත් දැනගන්න Share කරන්න.ඒ වගේම ඔයාගේ අදහසත් පහලින් Comment  කරන්න.මීලග ලිපියන් ....   වැඩිදුර >>  
Next || Previous