ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
බබා එපානම් මේ පෙට්ටියට දාන්න! [ යාම් : 25 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-09-10 13:52:26
රෝග පාලන හා නිවාරණ කේන්ද්‍රය (CDC) වෙත වාර්තා කර තිබුණු දත්ත අනුව, 2013 දී ඇමරිකාව තුළ නීත්‍යානුකූල ගබ්සා 664,435ක් සිදු කර තිබුණේය. එම ආයතනය විසින් මෙසේ දත්ත එකතු කරන්නේ ඇමරිකාවේ ගබ්සා සේවා සපයන පුද්ගලයින් හෝ ආයතන වලින් සීමිත ප්‍රමාණයකින් පමණක් නිසා මේ ගණන අවම සීමාවකි.ඇමරිකාව තුළ සජීව දරු උපත් පහක් සිදුවන විට එක් ගබ්සාවක් සිදු වේ. මේ ගබ්සා වලින් 91.6%ක්ම සිදුකර ඇත්තේ කළලයේ වයස සති 13කට අඩුව තිබියදීය. එමෙන්ම මුළු ගබ්සා ප්‍රමාණයෙන් 22.2%ක්ම සිදු කර තිබුණේ වෛද්‍යමය හේතුවක් පාදක කර ගනිමිනි.ඇමරිකාව සිදුවන ගබ්සා වලින් විශාල ප්‍රමාණයක් සිදු කරන්නේ එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් විසිනි. එහෙත්, මේ සංවිධානය වුවද ගබ්සා ප්‍රවර්ධනය කිරීමක් නොකරයි. ප්‍රාන්ත නීතියේ අවශ්‍යතාවය මත හෝ ස්වේච්ඡා පදනමින් ගබ්සාවක් කිරීමට පෙර අදාළ ගර්භණී කාන්තාවට සිය තීරණය ගැන නැවත සිතා බලන්නට සැලකිය යුතු අවස්ථාවක් සැපයීම ඇමරිකාවේ ගබ්සාවක් සිදු කිරීමට පෙර හැම විටම වාගේ සිදු කෙරෙන්නකි. මෙයට පහත කරුණු වලින් එකක්, කිහිපයක් හෝ සියල්ලම ඇතුළත් විය හැකිය.1. ඉල්ලීම කිරීමෙන් පසු අවම කාලයක් යන තුරු ගබ්සාව නොකිරීම.2. ඉල්ලීම කළ අවස්ථාවේ සිට ගබ්සාව සිදු කරන තුරු (හා එයින් පසුවත්) උපදේශන සේවා සැපයීම.3. දරුවා බිහි කිරීමෙන් පසු හදා ගන්නට කැමති පවුලක් සමඟ සම්බන්ධ කිරීම.4. ගර්භණී සමයේ දරන්නට සිදුවන ආර්ථික හා ආර්ථික නොවන හානි පූරණය කරගත හැකි ආකාර පෙන්වා දීම.5. දරුවාගේ හෘද ස්පන්දනයට සවන් දෙන්නට සැලැස්වීම.6. දරුවාගේ ස්කෑන් ඡායාරූපයක් පෙන්වීම.7. කාන්තාවට ඇගේ සැමියාගෙන්, පවුලේ සාමාජිකයින්ගෙන් හෝ වෙනත් අයෙකුගෙන් බලපෑමක් සිදු නොවන බවත් තීරණය තනිකරම ඇගේ පෞද්ගලික තීරණයක් බවත් තහවුරු කර ගැනීම.ගබ්සා කිරීම සිදුකරන්නේ මෙවැනි විකල්ප තේරීම් පෙන්වා දීමෙන් පසුවද ගර්භණී කාන්තාවක් සිය තීරණය වෙනස් නොකරන්නේනම් පමණි. එහෙත්, මෙයින් අදහස් කෙරෙන්නේ ගබ්සා කිරීම ප්‍රවර්ධනය නොකෙරෙන බව මිස ගබ්සා කිරීමේ අයිතියට බාධා කෙරෙන බවද නොවේ. අවසාන අරමුණ වන්නේ මෙවැනි ආපසු හැරවිය නොහැකි තීරණයක් ගන්නට පෙර කාන්තාවකට සියලු කරුණු සලකා බලා වඩාත්ම හොඳ තීරණය ගන්නට අවස්ථාව සැපයීමයි.කෙසේ වුවද, නීත්‍යානුකූල ලෙස ගබ්සා කිරීමේ හැකියාව තිබූ පමණින් වුවද අනවශ්‍ය දරු උපත් සිදුවීම සම්පූර්ණයෙන්ම වැළකෙන්නේ නැත.මාස ගණනක් සිය ගර්භණී භාවය සඟවාගෙන සිටින ඇතැම් කාන්තාවන් රහසිගත ලෙස දරුවා ප්‍රසූත කර වැසිකිළි වලවල් වැනි තැන්වල දමා යන අවස්ථා ගැන ඇතැම් විට ලංකාවෙන් අහන්නට ලැබේ. මෙවැනි දේ සිදුවන තරමට වාර්තා වන්නේ නැති වන්නට පුළුවන.විවිධ හේතූන් මත මවුවරුන් විසින් උපන් අලුත බිළිඳුන් පොදු වැසිකිළි හෝ කුණු බක්කි වල දමා යාම ඇමරිකාවේද සිදුවන දෙයකි. සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන පරිදි මෙය වැඩිපුරම සිදුවන්නේ දරු උපතකින් පසු පළමු පැය කිහිපය ඇතුළතය. එසේ නැත්නම් උපතින් සති 6-8 පමණ වයසකදීය. මේ වයස දරුවෙකු මවට වදයක් වන පරිදි නිතර අඬන්නට පටන් ගන්නා වයසයි.මෙසේ අනාරක්ෂිත ලෙස අත හැර දමන බිළිඳුන්ගෙන් අඩක් පමණම මිය යයි. මෙවැනි ක්‍රියාවකට පෙළඹෙන මවකට අවසානයේදී මිනීමැරුමකට හෝ මිනීමැරීමට තැත් කිරීමට චෝදනා ලබා දඬුවම් විඳින්නට සිදු වේ.වරදක් කරන අයෙකුට දඬුවම් දෙන බොහෝ අවස්ථා වලදී එවැනි දඬුවමකින් හානියට පත් වූ පාර්ශ්වයට යහපතක් නොසැලසේ. එහෙත්, දඬුවම් විඳින පුද්ගලයාට මෙන්ම අනෙකුත් තෙවන පාර්ශ්වයන්ටද එයින් හානියක් සිදුවේ. ලංකාවේ කිසියම් පුද්ගලයෙකු බන්ධනාගාර ගත වූ විට ලැබෙන -සැප- ගැන අජිත් පැරකුම් ජයසිංහ විසින් විස්තර කර තිබුණේය. මෙහිදී දඬුවම් විඳින පුද්ගලයාට අමතරව පැත්තක සිටින විශාල පිරිසකටද දඬුවම් විඳින්නට වෙන්නේ බන්ධනාගාර නඩත්තු කිරීමට වැය වන පිරිවැය පැත්තක සිටින බදු ගෙවන්නන්ට දරන්නට සිදුවන වියදමක් බැවිනි. දඬුවම ගෙවෙන්නේ බන්ධනාගාර රෝහලේ වුවද තත්ත්වයේ වෙනසක් නැත.දඬුවමකින් වින්දිතයාගේ හානිය පූරණය නොවන විටක ඒ දඬුවමේ පිරිවැයට දායක වන පොදු සමාජයට ඒ වෙනුවෙන් ලැබෙන වාසිය වනුයේ තවත් අය අදාළ වරද නොකිරීමට පෙළඹීම පමණි. මේ අනුව, සමාජයට වඩා වැඩදායක වන්නේ වැරදි සිදුවීම වැළැක්වීම පිණිස සම්පත් යෙදවීම මිස දඬුවම් කිරීම වෙනුවෙන් සම්පත් යෙදවීම නොවේ. ඒ නිසා, විශාල පිරිසක් එකම වරද කරන විට දඬුවම් වලින් පමණක් එවැනි වරදක් වැළැක්වීම ඵලදායී නැත. දඬුවම් අවශ්‍ය වන්නේ වැරදි කිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුවද තවදුරටත් වැරදි කරන සුළු පිරිස වෙනුවෙනි.උපන් අලුත බිළිඳෙකු අනාරක්ෂිත තැනක අතහැර දමා යන මවක් තමන්ට විඳින්නට සිදුවිය හැකි දඬුවමේ හානිය ගැන දැන දැනම එසේ කරන්නේ දරුවා හදාගැනීම ඇයට ඊටත් වඩා "දඬුවමක්" වන බැවිනි.පර්යේෂකයින් විසින් හඳුනාගෙන ඇති පරිදි මවක් විසින් දරුවකු අනාරක්ෂිත තැනක අතහැර දැමීම සඳහා පෙළඹෙන්නේ පහත හේතු එකක් හෝ කිහිපයක් නිසා විය හැකිය.1. නරක තත්ත්වයන් යටතේ දරුවා හදනවාට වඩා දරුවා මැරෙන්නට හැරීම යහපතක්යැයි සිතීම.2. භ්‍රාන්ති තත්ත්වයක් (hallucination) යටතේ පොළඹවනු ලැබීම.3. වෙනත් දෙමවුපියෙකු යටතේ තමන්ගේ දරුවා හැදෙනවාට ඇති අකැමැත්ත.4. අනවශ්‍ය ගැබ් ගැනීමක් වීම නිසා දරුවා කෙරෙහි ඇති ද්වේශය.5. සහකරුවා සමඟ ඇති වෛරය දරුවා පිටින් යැවීම.බිළිඳු දරුවන් ඔවුන්ගේ මවුවරුන් විසින් අනාරක්ෂිත තැන් වල අතහැර දමනු ලැබීමත්, එවැනි දරුවන් බොහෝ දෙනෙකු මරණයට පත් වීමත් සලකමින් ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් මවකට අලුත උපන් දරුවෙකු ආරක්‍ෂිත ලෙස අතහැර දමනු ලැබිය හැකි ස්ථාන හඳුන්වා දෙමින් (safe-haven laws) නීති සංශෝධනය කිරීම 1999දී ටෙක්සාස් ප්‍රාන්තයෙන් ඇරඹුණු අතර මේ වන විට ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකම මේ ආකාරයේ නීති ක්‍රියාත්මක වේ.මෙසේ පසුගිය දශක දෙක තුළ හඳුන්වා දෙනු ලැබ ඇති අලුත් නීති අනුව තමන්ගේ අලුත උපන් දරුවාගේ බරෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට එම දරුවා කුණු බක්කියකට හෝ වැසිකිළි වලකට දමනු වෙනුවට රෝහලක්, පොලිස් ස්ථානයක් හෝ ගිණි නිවන හමුදා ඒකකයක් වැනි ආරක්‍ෂිත තැනක අතහැර යන්නට ඉඩ ලැබේ. දරුවාට හිරිහැර කර ඇති බව පැහැදිලිව පෙනෙන්නට ඇති අවස්ථාවක හැර එවැනි ආරක්‍ෂිත තැනක දරුවෙකු දමා යන මවකට චෝදනා ඉදිරිපත් කිරීමක් සිදු නොවේ. එමෙන්ම, මවකට සිය අනන්‍යතාවය හෙළිදරවු නොකර එය කිරීමටද නීතියෙන් ඉඩ සැලසේ.තවමත් විශාල ලෙස ප්‍රචලිතව නැතත්, මෙසේ යම් කාන්තාවකට අනවශ්‍ය දරුවන් දමා යා හැකි පෙට්ටිද මේ වන විට එක් ප්‍රාන්තයක (ඉන්දියානා) හඳුන්වා දී තිබේ. මෙහි ඇති වාසිය වන්නේ දරුවෙකුගෙන් නිදහස් වන්නට අවශ්‍ය මවකට වෙනත් පුද්ගලයෙකු සමඟ කවර ලෙසකින් හෝ සම්බන්ධ නොවී දරුවා පෙට්ටියට දමා වසා යා හැකි වීමයි. දරුවාට අවශ්‍ය වාතාශ්‍රය හා නිසි උෂ්ණත්වය මේ පෙට්ටිය තුළ තිබෙන අතර එහි දරුවෙකු දැමූ පසු වෙනත් තැනක එලාමයක් ක්‍රියාත්මක වී දරුවෙකු එහි සිටින බව අදාළ නිලධාරීන්ට දැනගන්නට සැලැස්වේ. මේ පෙට්ටියේ නිර්මාතෘ මොනිකා කෙල්සිද කුඩා කාලයේදී අතහැර දමනු ලැබූ දැරිවියකි.මෙසේ බිළිඳෙකු සුරක්ෂිත තැනක අතහැර යාමට ඉඩ සැලසෙන නීති පසුගිය දශක දෙක තුළ ඉතා වේගයෙන් ජනප්‍රිය වූයේ මේ අදහස සමඟ විවිධ දේශපාලන මතවාද දරන අයට පහසුවෙන් එකඟ වන්නට හැකි වූ බැවිනි. මවගේ පැත්තෙන් බැලූ විට ඇයට නීතියෙන් ගැලවී දරුවාගෙන් නිදහස් වන්නට ඉඩක් ලැබේ. දරුවාට සුරක්ෂිත ජීවිතයක් හිමි වේ. මේ අයුරින් දමා යන දරුවකු හමු වූ වහාම අදාළ ස්ථානයේ සිටින පුහුණුවක් ලබා ඇති පුද්ගලයෙකු විසින් දරුවාගේ ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය මූලික පියවර ගැනීමෙන් පසුව හදා ගැනීම සඳහා දරුවන් සපයන ආයතනයක් හරහා දරුවාව වෙනත් දෙමවුපියෙකු වෙත ලබා දේ. ඇමරිකාවේ මෙවැනි ආයතන යනු රජයේ පොදු අරමුදල් වලින් නඩත්තු නොවන රාජ්‍ය නොවන ආයතනයි. මේ ක්‍රමය නිසා එවැනි ආයතන වල අරමුණුද ඉටුවන අතර දරුවෙකු සොයන පවුලකට දරුවකුද හිමි වේ.මේ ක්‍රමය ජනප්‍රිය වීමට තවත් ප්‍රධාන හේතුවක් වූයේ මෙසේ දරුවන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා බදු මුදල් කිසිවක් වැය කළ යුතු නොවන බවට වන අදහසයි. කෙසේ වුවද, මේ අදහසනම් අර්ධ සත්‍යයක් පමණි. මේ අදහස ව්‍යාප්ත වී තිබීමේ පදනම වන්නේ දැනට පවතින ආයතනික ව්‍යුහයම මේ කටයුත්ත සඳහා යොදා ගැනීමයි. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාන්ත රජයයන් විසින් අමතර ප්‍රතිපාදන වෙන් කිරීම් නොකරන බවනම් බොහෝ දුරට ඇත්තක් වුවත් මෙසේ ජීවිත බේරාගැනීම සඳහා වක්‍ර ලෙස මහජන මුදල් වැය කරන්නට සිදුවේ.මේ අයුරින් දමා යන්නට හැකියාව ඇත්තේ අලුත උපන් බිළිඳුන් පමණි. දමා යා හැකි දරුවෙකුගේ උපරිම වයස ප්‍රාන්තය අනුව දින 3ක සිට සති ගණනක් දක්වා වෙනස් වේ. ඉහත නීති ක්‍රියාත්මක වීමෙන් පසුව දරුවන් අනාරක්ෂිත ලෙස අතහැර දමා යනු ලැබීම සැලකිය යුතු තරමින් අඩු වී තිබේ.මේ ගැන පර්යේෂණ කරන ප්‍රමුඛ පර්යේෂිකාවකගේ තවමත් ප්‍රසිද්ධ කර නැති පර්යේෂණයකට අනුව මේ ක්‍රමයට ජීවිතයක් බේරා ගැනීම සඳහා (වක්‍ර ලෙස) වැයවන මුදල උපරිම වශයෙන් ඩොලර් ලක්ෂ හතකට (රුපියල් කෝටියකට) වඩා වැඩි නොවේ. සාමාන්‍යයෙන් මිනිස්  ජීවිතයක වටිනාකම ලෙස සෞඛ්‍ය ආර්ථික විද්‍යාවේදී සැලකෙන අගය එමෙන් දහ ගුණයකටත් වඩා වැඩි නිසා මෙය සැලකිය හැක්කේ ඉතා ඵලදායී යාන්ත්‍රණයක් ....   වැඩිදුර >>  
Next || Previous