ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
අපි දැන් දණගානවා [ යාම් : 12 ] | The Tasty Love | 2017-09-08 15:14:56
Tasty & Love සටහනක් බොහොම කාලෙකින් ලියන්න බැරිවුණා. කාලයක කෙතරම් සොයාගැනීමට අපහසු වුණත් The Tasty Love අපිට මාස 6 ක් සපිරෙන අද දවසේ ඒ ගැන සටහනක් නොතැබුවහොත් ලොකු අඩුපාඩුවක් යැයි අපට සිතුණා. මේ වසරේ විශ්ව කාන්තා දිනයේදී, එනම් 2017 වසරේ මාර්තු  08 වන දින උපත ලැබූ The Tasty Love වෙබ් අඩවිය සය මසක් තිස්සේ මෙතෙක් ආ පුංචි ගමන ගැන අපට ඉතා සතුටුයි. පියවරෙන් පියවර සෙමෙන් ක්‍රමානුකූලව ආරම්භ කළ මේ The Tasty Love වෙබ් අඩවිය ආරම්භයේදී පින්තූර පමණක් භාවිතා කරමින් ආහාර වට්ටෝරු ඉදිරිපත් කළ අතර, මාස දෙකක් වැනි කෙටි කාලයකදී පින්තූරත් සමඟින් වීඩියෝද එකතු කර ඔබ වෙත ගෙන ඒමේ හැකියාව අපට ලැබුණා. ඒ වගේම ඉඳහිට ඉඩ ලැබෙන විටදී Tasty & Love නම්වූ කාන්තාවන්ටම විශේෂවූ වෙබ් පිටුව හරහා විටින් විට ඔබ වෙත බ්ලොග් සටහන් ගෙන ඒමේ අවස්ථාවත් අපට ලැබුණා. තවත් මසක් ගෙවී යද්දී ජංගම දුරකථනයෙන් වැඩි වශයෙන් අපේ වෙබ් අඩවිය භාවිතා කරන අපේ රසිකයන් සඳහාම අපි The Tasty Love Android App එක Google Play හරහා ඔබ වෙත ගෙන ආවා. World wide web නම් වූ මේ අතිවිශාල ජාලයේ  ඉතාම කුඩා පුරුකක් වන අප ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ගැලපෙන ආහාර වට්ටෝරු ඔබට ඉදිරිපත් කරමින් ඔබ සමඟ රැඳුනු අයුරින් ඉදිරියේදීත් වඩා හොඳ දේවල් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වනවා. මේ සියල්ලම කර ගැනීමට ශක්තිය ධෛර්යය ලබා දුන්නේ Facebook , Twitter, Instagram, Youtube සහ email subscription හරහා අප සමඟ සම්බන්ධ වූ ඔබේ ප්‍රතිචාරයි. මේ මාධ්‍යයන් සියල්ලම හරහා අප සමඟ සම්බන්ධ වූ, අපේ බ්ලොග් සටහන් සහ රෙසිපි සඳහා තරු දෙමින් සහ අදහස් දක්වමින් අපව දිරිමත් කළ ඔබ සියළු දෙනාට අපගේ හද පිරි ස්තූතිය පිරිනමනවා. The Tasty Love වෙබ් අඩවියට සය මසක් සම්පූර්ණ වීමේ කඩඉම නිමිත්තෙන්, අප සමඟ රැඳී සිටින ඔබට තිළිණයක් ලෙස, The Tasty Love eCookBook නම් වූ ඉලෙක්ට්‍රොනික් පොත් පිංචක් ළඟදීම ඔබ වෙත තිළිණ කරන්නත් අප බලාපොරොත්තු වනවා. අපේ වැරදි අඩුපාඩු පෙන්වා දෙමින්, අපව ධෛර්යමත් කරමින් ඉදිරියටත් අප සමග රැඳෙමින් අපේ රසවත් ආහාර වට්ටෝරු රස විඳීමට සහ අපේ Tasty & Love බ්ලොග් සටහන් කියවීමට අපි ඔබට සුහද සිතින් ආරාධනා කරනවා.. ....   වැඩිදුර >>  
Next || Previous