ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
පුද්ගල අයිතිවාසිකම් හා ගබ්සාව [ යාම් : 19 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-09-08 09:00:53
ඇමරිකා එක්සත් ජනපදය කාන්තාවන්ගේ ගබ්සා අයිතිය පිළිගත් රටකි. එයින් දළ වශයෙන් අදහස් වන්නේ ඇමරිකාවේ සෑම ප්‍රාන්තයකදීම නීත්‍යානුකූල ලෙස ගබ්සා කර ගැනීමට ඉඩක් ඇති බවයි. කෙසේ වුවද, බොහෝ ප්‍රාන්ත වල මේ ගබ්සා අයිතිය කිසියම් ආකාරයකින් නියාමනය වේ. ඊට අමතරව ගබ්සා කිරීමට නීතිමය නොවන බාධාවන්ද තිබේ.ගබ්සා හා අදාළව ඇමරිකාවේ දැන් පවතින නීතිමය තත්ත්වය තීරණාත්මක ලෙස වෙනස් වුණේ 1973 වසරේදී ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුවය. ඒ වන විට ඇලස්කාව, වොෂින්ටන්, හවායි වැනි ප්‍රාන්ත කිහිපයක කාන්තාවකගේ ඉල්ලීම මත කරන ගබ්සා නීත්‍යානුකූල වුවත්, රටේ ප්‍රාන්ත වැඩි ප්‍රමාණයක එය නීති විරෝධී කටයුත්තක් විය. ප්‍රාන්ත තිහකම කවර ආකාරයක ගබ්සාවක් වුවද නීති විරෝධී වූ අතර ටෙක්සාස් වැනි තවත් ප්‍රාන්ත ගණනාවක ගබ්සාවට ඉඩ ලැබුණේ මවගේ ජීවිතයට අනතුරක් ඇත්නම් පමණි.පෙර කී නඩු තීන්දුවෙන් පසු ඒ වන විට පැවති තත්ත්වය කණපිට හැරුණේය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ ඇමරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති පුද්ගල අයිතියේ කොටසක් ලෙස සැලකිය හැකි කාන්තාවකට අනවශ්‍ය ගැබක් ගබ්සා කිරීමට ඇති අයිතිය වළක්වමින් නීති පැනවීමේ අයිතියක් ප්‍රාන්ත රාජ්‍යයන්ට නැති බවයි.ඉහත නඩු තීන්දුව ලබා දීමේදී පදනම් කරගත් එක් සිද්ධාන්තයක් වූයේ නූපන් දරුවෙකු "පුද්ගලයෙකු" ලෙස සැලකිය නොහැකි බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුද්ගලයෙකුට ලැබෙන ජීවත් වීමේ අයිතිවාසිකම මවගේ ගර්භාෂයෙන් පිටත ස්වාධීන පැවැත්මක් තිබිය නොහැකි, අඩු වයසක දරුගැබකට අදාළ නොවන බවයි. මේ කාලය වෙද්දී අඩු වශයෙන් සති 27ක්වත් සම්පූර්ණ නොකළ ගැබක් ගර්භාෂයෙන් පිටතදී ජීවත් කරවීමේ හැකියාවක් නොතිබුණේය.   වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ සති 24 පමණ වයසැති දරු ගැබක් වුවද සැලකිය යුතු තරම් ඉහළ සම්භාවිතාවකින් ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වීම නිසා මුල් නඩු තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ ලැබුණු කාලය පසුව වෙනත් නඩු තීන්දුවකින් පහත හෙලුනත්, 1973 තීන්දුව අනුව ගබ්සා කිරීමට ඉඩ දීමේදී සලකා බැලිය යුතු නිර්ණායකය ලෙස හඳුනා ගැනුණු "වෛද්‍යාධාර ලබමින් හෝ ගර්භාෂයෙන් පිටත ජීවත් වීමේ හැකියාව (Fetal viability)" යන සිද්ධාන්තය වෙනස් වුණේ නැත.ගබ්සාව පිළිබඳ ඇමරිකානු ජනමතය අද වන විටද දෙපැත්තකට බෙදී ඇත. අතරමැදි අදහස් දක්වන්නන්ද යම් පිරිසක් සිටියත් බොහෝ දෙනෙකු එක්කෝ ගබ්සාවට මුළුමනින්ම විරුද්ධය. නැත්නම් පක්ෂය.ගබ්සාවට පක්ෂ අය කාන්තාවකට ඇගේ සිරුර ගැන තීරණ ගැනීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටින අතර විරුද්ධ අය කළලයකට වර්ධනය වී පුද්ගලයෙකු ලෙස ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිති.ඇමරිකාවේ ගබ්සා විරෝධයට ආගමික පදනමක් තිබුණත් එය ගබ්සාවට එරෙහි වීමේ එකම පදනම නොවේ. ගබ්සාව හා අදාළව මතවාදී ලෙස ඇමරිකානු සමාජය දෙපිල බෙදී සිටීමට ප්‍රධානම හේතුව "අයිතිවාසිකම් හිමි පුද්ගලයා" කවුද යන්න ගැන සියල්ලන්ටම එකඟ විය හැකි තර්කානුකූල පදනමක් නොතිබීමයි.පුද්ගල අයිතිවාසිකම් යන සංකල්පය මෙන්ම එයට පාදක වන පුද්ගලයා යන සංකල්පයද සමාජ සම්මතයකි. මේ පුද්ගල සංකල්පය සෑම සමාජයකටම හා සෑම කාලයකටම පොදු සංකල්පයක් නොව කිසියම් නිශ්චිත සමාජයක වුවත් කාලයත් සමඟ පරිණාමය වන සංකල්පයකි.අද බටහිර ප්‍රමුඛ මතය අනුව පූර්ණ අයිතිවාසිකම් හිමි පුද්ගලයෙකු යනු ආසන්න වශයෙන් ගත්තොත් වැඩිහිටි පිරිමියෙකු හෝ වැඩිහිටි ගැහැණියකි. විවාහ වීම, සංසර්ගයේ යෙදීම, මත්පැන් මිල දී ගැනීම හා පානය කිරීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වැනි තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ මේ වැඩිහිටි පිරිමියාට හෝ ගැහැණියටය. ඒ අය අතරින් වුවද, සමාජ විරෝධීයෙකු ලෙස හෝ කිසියම් අවම ශාරීරික හා මානසික යෝග්‍යතාවක් නොමැත්තෙකු ලෙස හඳුනාගත් අයෙකුට මේ අයිතිවාසිකම් සියල්ල ඒ අයුරින්ම හිමි නොවේ.වැඩිහිටියන් නොවූ උපන් දරුවන්, නූපන් දරුවන්, සමාජ විරෝධීන් ලෙස හඳුනා ගන්නා අය, ශාරීරික හා මානසික රෝගීන්, මෙන්ම ආහාරය පිණිස ඇති කරන, ගෘහාශ්‍රිතව ජීවත් වන හෝ ස්වභාවික පරිසරයේ ජීවත් වන සතුන් සතු විය යුතු සීමිත අයිතිවාසිකම් මොනවාද කියා අවසාන වශයෙන් තීරණය කරන්නේද ඉහත විස්තර කළ පුද්ගල අර්ථකථනයට යටත් වන නිරෝගී, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි.ඇමරිකානු සමාජය වැනි සමාජයක් ගත්තත් කලකට පෙර මේ පුද්ගල අයිතිවාසිකම් තිබුණේ නිරෝගී, වැඩිහිටි සුදු පිරිමින්ට පමණි. කළු පිරිමින් හා සුදු හා කළු ගැහැණුන් පූර්ණ අයිතිවාසිකම් සහිත පුද්ගලයින් බවට පත් වුණේද සමාජ පරිණාමයත් සමඟය. එය සිදුවුණේ එවකට "පුද්ගලයින්" නොවූ අදාළ කණ්ඩායම් වල පිරිස් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැඟීමෙන් පසුවය. මේ ලිපියේ ඇමරිකානු සමාජය ගැන කතා කළත්, මේ බොහෝ කරුණු අඩු වැඩි වශයෙන් වෙනත් සමාජ වලටද පොදුය.පුද්ගලයෙකුගේ ජීවත් වීමේ අයිතිය ගැන කෙතරම් දුරකට පෙනී සිටින සමාජයක් වුවත් ඇතැම් තත්ත්වයන් යටතේ යමෙකුගේ මේ අයිතිය නැති කිරීමට පැකිලෙන්නේ නැත. ඇමරිකාව තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන රටකි. මරණ දඬුවම අහෝසි කර ඇති ඕනෑම රටක් වුවද සමාජ විරෝධියෙකු සිර කර තබා එවැන්නෙකුට සාමාන්‍ය පරිදි ජීවත් වීමට ඇති අයිතිය සීමා කිරීමට පැකිලෙන්නේ නැත. මෙහිදී අදාළ වන මූලධර්මය වැඩි දෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන්, එයට බාධා කරන  ටික දෙනෙකුගේ ජීවත් වීමේ අයිතියට බාධා කිරීමේ වරදක් නැති බවයි. යුද්ධ වලදී සිදුකරන මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කෙරෙන පදනමද මෙයට තරමක් ආසන්නය. මානසික රෝගියෙකුගේ හෝ මත්වී සිටින පුද්ගලයෙකුගේ තීරණ ඇතැම් විට නිදහස් තීරණ ලෙස නොසැලකේ.සමාජ විරෝධීන්, මානසික රෝගීන් හා මත්වී සිටින පුද්ගලයින්ව හඳුනා ගනු ලබන්නේද අනෙකුත් පුද්ගලයින් විසිනි. මේ හැමවිටකම සිදු වන්නේ තමන්ට පුද්ගල අයිතිවාසිකම් ඇතැයි සම්මත කරගත්, බලය ඇති වැඩි පිරිසක් එකතු වී තමන්ගේ තේරීම් සමඟ නොපෑහෙන තේරීම් කරන අයව මේ බලය ඇති ප්‍රමුඛ කණ්ඩායමෙන් බැහැර කිරීමයි. (මෙසේ අන්තිමට ඉතිරි වන අයිතිවාසිකම් ඇති පුද්ගලයින් අතරද වෙනත් තල ගණනාවකදී දී මීට සමාන බැහැර කිරීම් සිදු වන අතර ලෝක දේශපාලනය තුළ රටවල් වලට ඇති -සමානත්වය- උදාහරණයකි.)ඇමරිකාවේ හෝ වෙනත් දියුණු සමාජයක සිරකරුවෙකුට, මානසික රෝගියෙකුට, දරුවෙකුට හෝ සතෙකුට තමන්ට අවශ්‍ය තේරීම් කිරීමට සීමිත නිදහසක් ඇතත්, පූර්ණ නිදහසක් නැත. තමන් කැමති තේරීම් කිරීමේ පූර්ණ නිදහසක් නැති මෙවැනි කණ්ඩායම් වලට නිදහස තිබිය යුත්තේ කවර ආකාරයේ තේරීම් කිරීමටද යන්න තීරණය කරන්නේ "පුද්ගල අයිතිය" හිමි "පුද්ගලයින්" ලෙස තමන්වම සම්මත කරගෙන සිටින හොඳ සිහියෙන් සිටින, වැඩිහිටි ගැහැණුන් හා මිනිසුන් විසිනි. මෙහි පදනම බලය මිස වෙන කිසිවක් නොවේ. තීරණ ගැනීමේ නිදහස හා පුද්ගල අයිතිවාසිකම් සංකල්ප පිටුපසද අවසාන වශයෙන් ඇත්තේ බලයයි.  "හොඳ සිහියෙන් සිටින" හෝ "වයස් පූර්ණත්වයට පැමිණි" වැනි කරුණු තීරණය කරමින් නිර්ණායක හදන්නේ මේ "බලය අල්ලාගෙන සිටින" නිරෝගී, වැඩිහිටි ගැහැණු හා පිරිමි කණ්ඩායම හෝ ඇතැම් විට ඒ කණ්ඩායම තුළත් බලය හිමි වෙනත් උප කණ්ඩායමකි.කවුරු මොන දාර්ශනික කතා කිවුවත් කාලයක් ගැහැණුන් හා කළු මිනිසුන් තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ඇති පුද්ගලයින් නොවීමේත්, ඉහත විස්තර කළ පිරිස් වලට එවැනි පූර්ණ අයිතියක් අදටත් නොතිබීමේත් පදනම බලය තිබීම හා නොතිබීමේ වෙනසයි. අලින්ට හෝ රිළවුන්ට මිනිසුන්ව බලයෙන් අභිබවිය හැකිනම් අවසාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ අලින්ගේ හෝ රිළවුන්ගේ කැමැත්ත මිස මිනිසුන්ගේ කැමැත්ත නොවේ.මිනිස් කළලයකට බලයක් යෙදවීමේ හැකියාවක් ඇත්තේම නැති තරම්ය. ඒ නිසා අවසාන වශයෙන් මිනිස් කළලයක පැවැත්ම තීරණය කෙරෙන්නේ බලය ඇති "පුද්ගලයින්ගේ" අභිලාශ පරිදිය. මා මෙහි සාකච්ඡා කරන්නේ හරි දෙය හෝ වැරදි දෙය ගැන නොවේ. ඇත්තටම සිදුවන දෙයයි.වයස අවුරුදු දහඅටක් යාන්තමින් සම්පූර්ණ කළ අයෙකුට රටේ ජනාධිපති විය යුත්තේ කවුදැයි තීරණය කිරීමට ඉඩක් ලැබුණත් වයස දිනකින් අඩු අයෙකුට ඒ අවස්ථාව නොලැබේ. එහෙත්, වයස දහඅට සපුරන මොහොතේ දරුවෙකු ක්ෂණිකව පරිණත වී "පුද්ගලයෙකු" බවට පත් වන්නේ නැත. මෙහිදී සිදු වී ඇත්තේ ඒ නිශ්චිත කඩඉම පසු කළ අයෙකු තමන්ගේ කණ්ඩායමට ඇතුළු කර ගැනීම බලය අතේ ඇති අයගේ තේරීම වීම පමණි.දරුවෙකු මවු කුසෙන් එළියට පැමිණි වහාම සිදුවන ලොකුම වෙනස ඔහුට හෝ ඇයට එතැන් සිට අම්ලකර වායුව වායුගෝලයෙන් සෘජුව උරා ගන්නට හැකි වීමයි. එපමණකින් මේ දරුවා ස්වාධීන පුද්ගලයෙකු වන්නේ නැත. දරුවාගේ ආහාර තවදුරටත් පෙකණි වැල හරහා නොපැමිණියත්, ආහාර ලැබෙන්නේ මවගෙනි. මිනිස් දරුවෙකුට "සාමාන්‍යයෙන්" උපත ලබා සෑහෙන කලක් යන තුරුම "ස්වාධීනව" ජීවත් වීමේ හැකියාවක් නැත."පුද්ගලයෙකු" හෝ "මිනිසෙකු" බිහිවන නිශ්චිත මොහොතක් තීරණය කිරීම තර්කානුකූලව කළ නොහැකි දෙයකි. එය කළ හැක්කේ සම්මතයෙන් පමණි. උපත ලබන දරුවෙකුට මවගෙන් වෙන්වී ස්වාධීන ජීවිතයක් ආරම්භ කළ හැක්කේ වෙනත් මිනිසුන්ගේ උපකාර ලැබේනම් පමණි. මවු කුසෙන් එළියට පැමිණීම නිසා දරුවෙකු හා මවක අතර ඇති සම්බන්ධය නැති වන්නේ නැත.වෛද්‍ය විද්‍යාව දියුණු වන්නට පෙර දරුවෙකු මවු කුසෙන් එළියට එන නිශ්චිත මොහොතට අදට වඩා වැදගත්කමක් තිබුණේය. ඒ කාලයේ ස්වභාවික ලෙස මවු කුසෙන් එළියට පැමිණි දරුවෙකුට උදවු කරන්නට වෙනත් මිනිසුන්ට හැකි වුවත්, එතෙක් දරු ගැබ රැකගැනීම කළ යුතු වූයේ මව විසිනි. මව විසින් දරුවෙකු බිහි කරන තුරු වෙනත් අයට කළ හැකි දෙයක් නොවීය.කෙසේ වුවද අවුරුදු දෙදහස් තුන්සීයකට පෙර පවා නූපන් දරුවෙකුගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් මිනිසුන් ක්‍රියාත්මක වී ඇති බවට හොඳම උදාහරණය අශෝක අධිරාජයාගේ පියා වූ බින්දුසාර රජුගේ උපත පිළිබඳ කතාවයි. බින්දුසාරගේ පියා හා අශෝකගේ සීයා වූ චන්ද්‍රගුප්ත මයුරට රාජ්‍ය බලය ගැනීමට උදවු කළ අර්ථශාස්ත්‍ර ග්‍රන්ථයේ කතුවරයාද වන චානක්‍ය හෙවත් කෞටිල්‍ය විසින් චන්ද්‍රගුප්ත මයුර කිසියම් විෂක් ශරීරගත වී මිය යාමට ඇති ඉඩකඩ වැළැක්වීමට ඔහුගේ ආහාරයට දිනපතා විෂ වර්ග සුළු මාත්‍රාවක් එකතු කළේය. මේ මාත්‍රාව දිනපතා ක්‍රමයෙන් වැඩි කිරීම මඟින් චන්ද්‍රගුප්තට වෙනත් අය මරණයට පත් කරන මට්ටමේ විෂක් ආහාරයට ගැනීම ප්‍රශ්නයක් නොවන ප්‍රතිශක්තියක් ලැබී තිබුණත් මේ බව දැන සිටියේ චන්ද්‍රගුප්ත මයුර හා කෞටිල්‍ය පමණි. බින්දුසාර ලැබෙන්නට ආසන්නව සිටි චන්ද්‍රගුප්ත මයුරගේ බිසව ආහාර වල විෂ ඇති බව නොදැන රජුගේ අහරින් ඉතිරිව ඇති කොටසක් අනුභව කරන බව කෞටිල්‍ය හදිසියේම දැක්කේය. එකතු කර ඇති විෂ ද්‍රව්‍ය වල ස්වභාවය අනුව දේවිය ඉතා ඉක්මණින් මරණයට පත් වීම නොවැලැක්විය හැකි බව දැන සිටි ඔහු, දරු ගැබට විෂ සම්ප්‍රේෂණය වන්නට පෙර ක්ෂණිකව දේවිය මරණයට පත් කර අසිපතෙන් කුස පලා දරුවා එළියට ගත්තේය. ගැබ මෝරා තිබුණු බැවින් කිරිමවුවරුන් යොදවා දරුවා ජීවත් කරවිය හැකි විය.බින්දුසාරගේ කතාවේ මෙන් මවත් දරුවාත් දෙදෙනාම බේරාගත නොහැකි අවස්ථා දැනුත් ඇතැම් විට එළැඹේ. මෙවැනි බොහෝ අවස්ථා වලදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ මවගේ ජීවිතය බේරා ගැනීමටය. එහෙත්, එහි අනිත් පැත්ත සිදුවන අවස්ථාද තිබේ. මෙහිදී යොදාගැනෙන මූලධර්මය වන්නේ ජීවත් කරවීමට වැඩි සම්භාවිතාවක් ඇති ජීවිතය රැක ගැනීමට ප්‍රමුඛතාවය දීමයි.වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා මේ වන විට සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීමේ හැකියාව තිබේ. ඉදිරියේදී තත්ත්වය වෙනස් විය හැකි වුවත්, සති 21 නොඉක්මවූ කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාවක් තවමත් නැත. සති 22-26 අතර සෑම දිනකදීම මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවීමේ හැකියාව වේගයෙන් ඉහළ යන අතර සති 27 පමණ වන විට මේ සම්භාවිතාව 90% ඉක්මවයි. ඒ නිසා සති 21-22 පමණ වයසැති කළලයක් යනු මවගෙන් බාහිර පැවැත්මක් තිබිය හැකි ජීවියෙකි. ඊට අඩු වයසක කළලයකට වෛද්‍ය විද්‍යාවේ උදවුවෙන් වුවත් එසේ මවගෙන් ස්වාධීනව ජීවත් වීමට තවමත් නොහැකිය. සති 22 නොඉක්මවූ කළල පවා ගර්භාෂයෙන් පිටත සාර්ථකව ජීවත් කරවා ඇති අවස්ථා ඇතත්, කළලයක වයස අඩු වන තරමට ගර්භාෂයෙන් පිටත ජීවත් කරවීම අපහසු වෙයි. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙකු අඩු වයස් කළලයක් ජීවත් කරවීමට උත්සාහ දරන්නේ එම මිනිස් කළලය "ජීවත්වන්නට උවමනාවක්" කිසියම් අයුරකින් හෝ පෙන්වන්නේනම් පමණි. මෙය අත පය හෙලවීමක්, හුස්ම ගන්නට උත්සාහ කිරීමක් වැනි දෙයක් විය හැකිය.මිනිස් කළලයකට ගර්භාෂයෙන් එළියට පැමිණ ජීවත් වීමේ හැකියාවක් ඇත්ද යන්න වෙනත් පුද්ගලයින්, වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා ප්‍රදේශය වැනි බාහිර සාධක මත තීරණය වන්නක් මිස එම කළලය විසින් තීරණය කරන්නක් නොවේ. ඒ නිසා, දැනට මිනිස් කළලයක් ගර්භාෂයෙන් එළියට ගෙන ජීවත් කරවිය හැකි අවම වයස යනු තවත් එක් අහඹු දිනයක් නිසා "පුද්ගලයෙකු" හෝ "ජීවියෙකු" බිහිවන සුවිශේෂී දවසක් නොවේ. වෛද්‍ය විද්‍යාව දියුණු වන විට දැනට ජීවත් කළ හැකි වයසට වඩා අඩු වයසක කළල වුවද ගර්භාෂයෙන් පිටත ජීවත් කරවිය හැකි වනු ඇත. ජීව විද්‍යාත්මක ලෙස බැලුවොත් මිනිස් කළලයක් පිළිසිඳගත් දින සිට සෑම දිනකම එම කළලය ක්‍රමයෙන් වර්ධනය වන අතර මවු කුස තුළදී හෝ පුද්ගලයෙකු බිහිවී, ජීවත් වී, මිය යන තුරු කිසිම දවසක එහි එකවර ලොකු වෙනසක් සිදුවන්නේ නැත. ඒ නිසා, ඉතා පැහැදිලිවම ජීවයේ මුල්ම අවස්ථාව පිළිසිඳගන්නා අවස්ථාවයි.ගබ්සාවට පක්ෂ මතවාදයේ එක් කොනක ඇත්තේ "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසයි. ගර්භාෂයෙන් පිටත මිනිස් කළලයක් බිහි කරගැනීමේ හැකියාවක් ඇතත්, කාන්තාවකගේ ගර්භාෂයක් උදවු කර නොගනිමින් මිනිස් ජීවයක් බිහි කර ගැනීම් හැකියාවක් තවමත් නැත. මෑතකදී කෘතීම ගර්භාෂ තුළ සාර්ථක ලෙස බැටළු පැටවුන් වර්ධනය කරගෙන ඇති බැවින් ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් විය හැකි වුවත්, දැනට පවතින තත්ත්වය අනුව ගර්භාෂය යනු උපත ලබන්නට නියමිත ජීවියෙකුටද අයිතියක් ඇති තැනකි.  "ඇගේ ගර්භාෂය ඇගේ අයිතිය" යන අදහසට තේරුමක් තිබෙන්නේ කිසියම් නිශ්චිත වයසක් පසු කරන තුරු මිනිස් කළලයකට (හෝ මිනිස් දරුවෙකුට) පුද්ගල අයිතිවාසිකම් නැතැයි යන අදහසට තේරුමක් ඇත්නම් පමණි. එවැනි අදහසකට සමාජ සම්මතය තුළ මිස ජීවවිද්‍යාත්මක තේරුමක් නැත.කෙසේ වුවද, අලුත් ජීවියෙකු බිහි කිරීම තවදුරටත් "දෙවියන්ගේ කැමැත්ත පරිදි" සිදුවන අහඹු සිදුවීමක් නොවේ. හැම විටම නොවූවත්, බොහෝ දුරට දරුවෙකු බිහි කිරීම යනු එහි වැඩි බර දරන ගැහැණියකගේ කැමැත්තෙන් ගන්නා තීරණයක ප්‍රතිඵලයකි. උපත් පාලන ක්‍රම සොයාගැනීමත් සමඟ ලිංගික එක්වීමක් යනු තවදුරටත් ගැබ් ගැනීම් වලින් කෙළවර විය යුතු දෙයක් නොවේ. කවර හෝ හේතුවක් නිසා ගැබ් දරන්නට අකැමැති ගැහැණියකට ගැබ් ගැනීමේ අවදානම නොගනිමින් ලිංගිකව එක්වීමේ හැකියාව දැන් තිබේ. මෙය වෙනත් සතුන් කිසිවෙකුට නැති, මානව ඉතිහාසය පුරා මිනිසුන්ටද නොතිබුණු සුවිශේෂී හැකියාවකි.ලිංගික එක් වීමෙන් වැලකී සිටීම මඟින් හැර, ගැබ් ගැනීම ගැහැණුන්ට පාලනය කළ නොහැකි වූ අතීතයේ ගැහැණුන්ගේ ගැබ් ගැනීම් සියල්ලම සජීවී දරු උපත් වී පසුව වැඩිහිටි පුද්ගලයින් බවට පත් වීමෙන් කෙළවර වුණේ නැත. උපතින් පසු පළමු මාස හා වසර කිහිපය තුළ ජීවිතය දිගටම පවත්වා ගැනීමේ හැකියාව ලැබුණේ ජීව විද්‍යාත්මකව ශක්තිමත් දරුවන්ට පමණි. මිනිස් සංස්කෘතිය ක්‍රමයෙන් දියුණු වෙද්දී මේ ජීව විද්‍යාත්මක වරණයට වඩා වැදගත් සාධකයක් ....   වැඩිදුර >>  
Next || Previous