ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් හදමු [ යාම් : 38 ] | The Tasty Love | 2017-09-07 17:06:30
The Tasty Love වෙතින් අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාම රසවත් බත් වර්ගයක්. මෙය ලංකාවේ අපේ ක්‍රමයට සාදන ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් එකක්. විනාඩි 30 කින් ඉතාම පහසුවෙන් සාදාගත හැකි මේ ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස්, ඔබේ මුළු පවුලටම ගැලපෙන ආහාරයක්.  මෙහිදී යොදාගෙන ඇති ඉස්සන් වෙනුවට ඔබ කැමති ඕනෑම මුහුදු ආහාර හෝ මස් වර්ගයක් හෝ කිහිපයක් ඔබට යොදාගන්න පුළුවන්. කිසිම ආකාරයක රසකාරක වර්ග හෝ සෝස් වර්ග භාවිතා කරගෙන නොමැති නිසා මෙය රස වගේම ගුණිනුත් අඩුවක් නොමැති ආහාරයක්. එම නිසා රෙසිපියට කිසිම වෙනස් කමක් නොකර ඒ ආකාරයෙන්ම කුඩා දරුවන්ට දෙන්න පුළුවන්. මෙහිදීත් අනෙක් බත් වර්ග සාදන විටදී වගේම, බත් කලින් පිසගෙන සිසිල්වී තිබිය යුතුයි. මේ සඳහා ඕනෑම බත් වර්ගයක් යොදාගන්න ඔබට පුළුවන්. දහවල් හෝ උදෑසන ආහාරයෙන් ඉතිරි වූ බත් යොදාගෙනත් ඔබට බොහොම පහසුවෙන් මෙය පිළියෙල කරගන්න පුළුවන්. සටහන : ආහාරයේ පෝෂ්‍යගුණය රැකගන්න ශරීරයට හිතකර කොලෙස්ටරෝල් රහිත තෙල් වර්ගයක් භාවිතා කරන්න. Prep Time : 10 min                     Cooking Time : 20 min                     Yield : 2 අවශ්‍ය කළමනා :            බත් කප් 2 ( පමණට ලුණු දමා තම්බාගත් ) ඉස්සන් 200g (පිරිසිදු කර ලුණු සහ ගම්මිරිස් තැවරූ ) කැරට් කප් 1 ( සිහින්ව දිගට කූරු කපාගත් ) ලීක්ස් කප් 1/2 (රවුමට කපාගත් ) සුදුළුුනු මේස හැන්දක් ( තලාගත් ) ලූනු කප් 1/4 ( පෙති කපාගත් ) බිත්තර 1 ( බීට් කරගත් ) ලුණු තේ හැන්දක් ගම්මිරිස් තේ හැඳි 1/2 කෑලි මිරිස් හැන්දක් තෙල් කප් 1/4 සාදන ක්‍රමය : සාස්පානක් ලිප තබා තෙල් එක්කරන්න  එයට ඉස්සන් එකතු කර හොඳින් දෙපසම බැදගන්න බැදුනු ඉස්සන් පිඟානකට ඉවත් කරගන්න නැවත්තන් එම සාස්පානම ලිප තබා, එයට සුදුළුුනු එකතු කරන්න සුදුළුුනු විනාඩියක් පමණ බැදෙන විට ලූනු එකතු කර තවත් විනාඩියක් බැදගන්න  ඉන්පසු එයට බීට් කරගත් බිත්තරය එකතු කර ස්ක්‍රැම්බල් කරගන්න ස්ක්‍රැම්බල් කළ බිත්තරය ලූනු හා සුදුළුුනු වලට එකතු කර කළවම් කරගන්න එයට කැරට්, ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් එකතු කර කළවම් කර විනාඩි 2,3ක් තෙම්පරාදු කරගන්න  ඉන්පසු එයට ලීක්ස් එකතු කර කළවම් කරගන්න දැන් බත් එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩි 5ක් පමණ හොඳින් බත බැදගන්න අවසානයේ බැදගත් ඉස්සන් එකතු කර ලිපෙන් ඉවත්කරගන්න ලිපෙන් ඉවත් කරගත් ඉස්සෝ ෆ්‍රයිඩ් රයිස් උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න..  කටට කෙළ උනන සුවඳකින් සහ ප්‍රණීත රසකින් යුතු හොඳට බඩ පිරෙන රාත්‍රී ආහාරයක් ඔබේ ගෙදර අයට රස විඳින්න පුළුවන්.. එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්, අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා..  The Tasty Love App අදම ලබාගන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous