ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
Careful from Whatsapp Scams & HOAX | Popcorn Carnival | social media වල ප්‍රචාරය වන සිද්දියේ ඇත්ත කතාව මෙන්න. [ යාම් : 18 ] | SB made | 2017-09-07 15:47:04
මේ දවස් වල වැඩිපුර Shocial media හරහා ප්‍රචාරය වන මේ  Popcorn Carnival ගැන කියවෙන Massage එක සහ Whatsapp Scams,HOAX පිලිබදව ප්‍රචාරය වන මේ කතාන්දරවල ඇත්ත කතාව මෙන්න.මේ ටිකේම Facebook  වගේ Shocial  Media හරහා කියවෙනවා Popcorn Carnival කියල වීඩියෝ එකක් එනවා කියල.ඒක open කරන්න එපා එහෙම උනොත් ඔයාව hack වෙනවා.ඒ වගේම ඔයාගේ data වලට ආදරයක් තියෙනවනම් මේක open කරන්න එපා කියල මේ වගේ එක එක දේවල් එනවා.මේක දැනට ලෝකය පුරාම ප්‍රචාරය වෙලා ඉවරයි.ඒ වගේම Users ලත් ගොඩක් බයවෙලා ඉන්නවා තමන්ගේ මේ data වෙනකෙනෙක් අතට යයිද කියලා.ඔන්න ඔය වගේම තවත් Whatsapp වලින් විවිධ Massage අපිට එනවා.ඒ වගේම මේ වගේ Massage වලින් අපිව hack කරන්න පුලුවන්ද?අපේ Whatsapp Account එක hack කරන්න පුලුවන්ද?මේ පිළිබද ඇත්ත කතාව මොකද්ද?කොටින්ම කියනවනම් මේ Massage එකකින් Video එකකින් අපිව hack කරන්න බෑ.එහෙම කරන්න පුළුවන්මේ උනොත් ඉවරනේ.මේවගේ දේවල් වලට අපි කියන්නේ malware HOAX කියල.ඒ කියන්නේ හැමතැනම ගියපු බොරු ප්‍රචාරයක්.ඉතින් මේ බොරුවක් ලෝකය පුරාම ඇත්තක් වගේ ප්‍රචාරය කරනවා.ඔයාලට නිතරම දකින්න ලැබෙනවා එක එක Massage විතරක් නෙවෙයි කාගේ හරි Photo එකක් එවලා මේක share කරන්න එහෙම කරොත් සල්ලි ලැබෙනවා Whatsapp එකෙන්.ඒ වගේම නොමිලේ data දෙනවා.නමක් දීල එක Forword කරන්න වගේ එක එක වැඩ කියනවා.ඔන්න ඔය වගේ පොඩි පොඩි තර්ජනවලින් ඔයාගෙන් වැඩ කරගන්න හදනවා.ඒ වගේම මේකට ගොඩක් අය අහුවෙනවා.ඉතින් සමහර පිරිස් මේ පිලිබදව දන්නේ නැති නිසා තමන්ට හිතෙන දේ කරනවා.ඒ වගේම සමහර අය අවන්කවම කාට හරි උදවුවක් කියල හිතල මේ දේවල් කරනවා.සමහර අය බයවුනාම මේ දේවල් කරලා දෙනවා.මේ දේවල් කරන්න මුලික වෙන අයගේ විවිධ අරමුණු තියෙනවා.ඒ කියන්නේ අපි සාමාන්යෙන් මේ දේවල් කරනකොට අපේ  මානසික තත්වය කොහොමද කියල පොඩි අදහසක් ගන්න පුළුවන්.ඒ කියන්නේ අපි කලින් ලිපියක සදහන් කරා වගේ Blue Whale Game Challenge  වගේ දේවල් වලට තොරතුරැ ගන්නවා.ඒ ලිපිය මෙතනින් බලන්න.ඒ වගේම අපිව Track කරන්න පුළුවන්.ඉතින් විහිළුවක්ගේ හිතුනත් සමහර අයට මේ වගේ දෙයක් වුනත් ඇති මානසිකව වැටිලා දනිස් තුවාල වෙන්න.මේ වගේ විකාරවලින් වෙන්නේ කොටින්ම කියනවනම් වෙන කෙනෙකුගේ වැඩක් කරගන්න අපි නිකන් බලෙන් තොප්පි දාගන්න්නවා වගේ වැඩක්.ඉතින් සමහර වෙලාවට අපිට Virous එකක් එන ප්‍රවනතාවය තියෙනවා.ඒක නැහැ කියන්න බෑ.ඒ වගේම මේ Whatsapp Facebook වගේ ඒවගෙන් මේ virous එනවා ගොඩක් අඩුයි. ඔයාට කවුරු හරි පින්තුරයක් එවුවොත් ඒ පින්තුරේ මොකද්ද?මේකේ ඇත්තම පිටුපස සැගවුන කතාව මොකද්ද ඔන්න ඔය වගේ දේවල් නොදැන ඉන්න එක අගට ගුණ නැහැ.මතක ඇතිනේ Facebook එකේ අර Photo එක.share කරපු ගමන් දවස් තුනක් Facebook Block කරන්නේ.ඉතින් ඒක නිසා හොදම දේ තමයි මේවා නොයවා ඉන්න එක.ඒ වගේම මේවා විස්වාස කරන එක මහා මෝඩකමක්.අනික ලංකාව වගේ රටක.මේ ඔක්කොටම කියන්නේ HOAX කියල.මේ HOAX වලින් ඔය මොන වගේද ඔයා කවුද වගේ දේවල් මැනගන්න පුළුවන්.ඔන්න ඔය දේවල් නිසා තමයි ගොඩක් අයව විවිධ නීති විරෝදී වැඩ වලට ඇදගන්නේ.ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ දේවල් නොදන්නා අයගෙන් ආවම ඒවා ඔයාට Block කරන්න පුළුවන්.ඒ වගේම මේවා share කරන්න යන්න එපා.මේ බොරුවලට රැවටෙන්න්න එපා.ඉතින් මේකෙන් මොනාහරි දෙයක් දැනගත්තනම් ඔයාගේ යාලුවන්ටත් දනගන්න share කරන්න ඒ වගේම ඔයාගේ අදහසත් comment කරන්න අමතක කරන්න එපා.මීලග ලිපියෙන් ....   වැඩිදුර >>  
Next || Previous