ලාංකීය සිතුවිලි
සිංහල
hi
2017-12-08 08:00:40
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
සයිමාගේ කෙටි-නවකතාව [ යාම් : 34 ] | වල්පල් | 2017-08-12 13:21:15
මගේ මතකය නිවැරදි නම් වල්පල් බ්ලොගයේ මගේ හැර වෙනකුගේ ලියවිලි මින්පෙර පලකොට නැත. එසේ පලකිරීමට මා අදහස් කරගෙන සිටියේද නැත. නමුත් මා ඉතා අගයකරන මිතුරෙකු ලියන සයිමා ගේ බ්ලොගයේ පලවූ මෙම නිර්මාණය කියවූ විගස මෙම කෙටි-නවකතාව මගේ බ්ලොගයේ පලකිරීමට ආශාවක් ආවේ නිතැතින්මය. ඒ තරම්ම මෙම නිර්මාණය මා සිත්ගත් නිසාය. වල්පල් කියවීමට මෙහි ගොඩවැදෙන අතලොස්සක් වූ පාඨකයින්ට කියවීම උදෙසා සයිමාගේ අවසරයකින් තොරවම ඔහුගේ අනර්ඝ නිර්මාණය මෙසේ පල කරමි.ලේඛකයා සහ දොස්තරලේඛකයා ඒ දිනවල ජිවත් වූයේ නගරාසන්න,සත් මහල් තට්ටු නිවාස සංකීර්ණයක තෙවන තට්ටුවේය. ඔහු අතින් අවුරුදු දෙකකින් -කිසිවක්- නොලිවී තිබිණි.ඔහු අවසාන වරට වැඩ කරමින් සිටි වෙළඳ ප්‍රචාරණ සමාගමට මාස දෙකකට කලින් සමුදුන්නේ ඉවසිය නොහැකි තරමට තමන්ගේ ලේඛණයේ පරාමිතීන් සිමා කිරීමට වූ බැවිනි.නමුත් මාස දෙකක් නිකරුණේ සිටීම යනු ඊටත් වඩා ඉවසිය නොහැකි දෙයක් බව ඔහුට ඒ වන විට වටහා ගත්තේය.යන්තම් තිස්විය ඉක්මවූවත් හෙතෙම ඔහු තම -කාලය- අවසාන යයි තීරණය කර තරමක් කල් ගත වී හමාරය.පෑනක් අතට ගත්කල එහි උසුලා ගත නොහැකි බරක් දැනෙන්නට විය.ඔහු උදෑසන නැගිට කුඩා කුස්සියට ගොස් ගෑස් ලිප පත්තු කළේය.ගෑස් අවසානයේ පෙරනිමිති කියමින් පත්තු වූ ලිපේ වතුර කේතලය තැබිය.කුණු බක්කියේ දින දෙකක පමණ සිට තිබූ බිත්තර රොටි කැබලි නරක වී දුගඳක් හැමීමට පටන් ගෙන තිබුණි.හෙතෙම සුසුමක් හෙලා ජනේලයෙන් පිටත ඇති විසල් අඹ ගස දෙස බැලුවේය.ඒ විසල් අඹ ගස අයිති වී තිබුනේ යාබද ඉඩමටය.විටින් විට එහි අතු තර්ජනාත්මක ලෙස තට්ටු නිවාස සංකීර්ණය පැත්තට යාමට උත්සාහ කරන විට කප්පාදු කරමින් එය පාලනය කිරීමට අයිතිකරු නිරතුරුවම සැලකිලිමත් විය. කොන්ක්‍රිට් පසුබිමක තිබූ ස්වභාවිකත්වයේ විශාලම සාධකය වූ එහි කලකට පෙර ලේනෙකුද වාසය කළේය.ආසන්නයේම පිහිටි කුඩා වන ලැහැබ වුවද කි.මි. කිහිපයක් එපිටින් පිහිටා තිබූ බැවින් ලේනා මෙහි පැමිණියේ කෙසේදැයි කිසිවකු නොදැන සිටියේය.ඇත්ත වශයෙන්ම ඒ කරුණ ලේඛකයා හැර කිසිවෙකුගේ සැලකිල්ලට භාජනය වුවක් නොවේ.කෙසේ වුවද අඹගසට මුහුණ ලා සිටි නිවැසියෝ කුස්සියෙන් එපිට තිබු බැල්කනියේ ලේනා සඳහා කෑමට යමක් තැබීමට තරම් කාරුණික විය.මුලින්ම පලතුරු තැබීමට පටන් ගත ඔවුහු පසුව පාන් කැබලි,බත් වැනි ඝන ආහාර වලින් නොනැවතී කඩෙන් ගෙනෙන ලද ෆ්‍රයිඩ් රයිස්,කොත්තු තැබීම දක්වා පරිණාමය වුහ.ලේනාද දිනෙන් දින තර වෙමින් සිටියේය.දිනක් ලේනා තට්ටු නිවාසයේ බැල්කනි ආහාර වේලෙන් පසු තම නිවහන වෙත යාමට හතර වන තට්ටුවේ සිට යාබදව තිබු අඹ අත්තට අවුරුදු ගණනාවක් පිනූ ලෙසටම තම සුපුරුදු පිම්ම පැන්නේය.නමුත් ලේනාට අඹ අත්ත අල්ලා ගැනීමට නොහැකි විය.සතියකට පසු ලේඛකයාට හැර අනෙක් සියල්ලන්ටම ලේනා අමතක වී තිබුණි.ලේඛකයා උදෑසන සහ හැන්දෑවේ අතුරු පාරවල් වල ඇවිදීමට යන්නේය.සමහර දිනවල බසයකට රුපියල් විසි පහක් දී මුහුදු වෙරළට ගියේය.හෙතෙම දිනෙන් දින සෙමෙන් සෙමෙන් වැඩිවන කලකිරීමකින් හා දුකකින් පෙළෙමින් සිටියේය.නමුත් ඔහුට එය හඳුනාගැනීම අපහසු විය.ඔහුට ප්‍රේම වියෝගයක් හෝ පවුලේ ප්‍රශ්නයක් නොතිබුණි.ඕනෑම වෙලාවක රැකියාවක් සොයාගැනීමේ හැකියාවක් තිබුණි.කිසිවක් ලියාගැනීමට නොහැකිවීම සමහරවිට හේතුව වන්නට ඇත.ඔහු ලිවිම ආරම්භ කල මුල්ම අවදියේ පුවත්පත් වල ප්‍රකට විචාරකයින් ඔහුව පසසන්නට විය. එක විචාරකයෙක් ඔහු සයිමන් නවගත්තේගම පසුකිරීමට තරම් ප්‍රතිභාවක් හා විභවයක් ඇති නවකයෙක් බව හඳුන්වාදී තිබුණි.ඔහු ඒ වචනය මතක් කර තමන්ටම සිනාසුණේය. -ප්‍රතිභාව-දිනක් ඔහු පාරේ යනවිට අළු පැහැ වෑන්රියක් වේගය පාලනය කල නොහැකිව මන්තිරුවෙන් පිටපැන ඔහුගේ ඇඟේ ගෑවී නොගැවී ගොස් ඉදිරියේ තිබු ලයිට් කණුවක හැපුනි.-ගෑවී නොගැවී- ලෙස කියුවත් වැන්රිය ඔහුගේ දකුණු බාහුව යාන්තමින් ස්පර්ශ කල බව ඔහුට විශ්වාසය.ඉන්පසු ඔහු සිතුවේ වැන්රියට යටවුවානම් කුමක් වන්නට ඇතිද යන්නයි.වැන්රිය පැමිණි වේගය හා සැසඳීමේ එය බොහෝ දුරට නියත මරණයකි.ඔහු පසෙකට විසිවී ගොස් තදින් බිම පතිත වනු ඇත.වදින්නේ පිටුපසින් බැවින් ඔහු බොහෝ දුරට යටිකුරු අතට වැටිමේ සම්භාවිතාවය වැඩිය.උඩුකුරු අතට වැටීමට වඩා යටිකුරු අතට වැටීම ඔහු ප්‍රිය කළේය.ඔහුගේ සිරුරෙන් පිටතට පිත්ත පටියක් මෙන් ලේ දහරාවක් ගලාගෙන එනු ඇත.මිනිසුන් වික්ෂිප්තව,කසු කුසුවෙන් ඔහු වටා වටවෙනු ඇත.තරමක් ඉහල සිට බැලුවහොත් එහි පෙනෙනු ඇත්තේ එකම හිස් ගොඩකි.ඔහුට නැවතත් සිනහා පහළවූයේ ඉහල සිට මිනිස් හිස් ගොඩ දෙස බලන චිත්ත රුපයේ පහල තීරුවේ වරහන් ඇතුලේ සටහන් වූ දේ දැකීමෙනි. (indistinct chatters)එතැන් සිට ඔහු විසින් තමාගේ මරණය වන ආකාරය තැන අනුව චිත්ත රූප මවාගැනීම ආරම්භ කළේය.මුලින් සෙල්ලමක් ලෙස ආරම්භ වූ එය පසුව ඇබ්බැහියක් දක්වා වර්ධනය විය.ඔහු ගොඩනැගිල්ලක් සාදන තැනක් අසලින් යන විට එහි තිබූ දොඹකරයේ රැහැනක් කැඩී එහි එක පැත්තක් ඔහු මතට කඩාවැටේ.පඩිපෙළ බසින විට ලිස්සා ගොසින් සුසුම්නා ශීර්ෂකය හා අනුමෂ්ඨිෂ්කය තදින් පඩියක වැදී එතනම මියැදෙයි.බසයේ කලබල වී සිටින බෑගය තදින් බදාගත් මගියා සියදිවි නසාගන්නා බෝම්බකරුවෙකි.පාර පනින විට අධිවේගයෙන් මතුවන බස් රථයක ඉදිරිපස ඔහුගේ හිසේ වදී.ඔහු මිලට ගත් බොම්බයි මොටයි මල්ලේ සයනයිඩ් අඩංගුව ඇත.වෙළෙන්දා පරපිඩක ආබාධයක් සහිත කුඩා ළමුන් ඝාතකයෙකි.ඔහු වැටි ඇති තත්ත්වයේ බරපතලකම වැටහෙන්නට ගත්තේ ඒ සිතුවිල්ලත් සමඟය.නමුත් එදින ඔහු නිදාගත්තේ සැහැල්ලුවෙනි.කේතලය උතුරන්නට විය.ඔහුගේ සිතුවිලි දැහැන බිඳී ගියේය. සිනි රහිත කෝපි කෝප්පයක් සාදාගත් ඔහු තමන් හට තවදුරටත් ජීවත්වීමට හේතුවක් නැති බව අවබෝධකරගත්තේය.අරමුණක් නොවේ...හේතුවක්.තවදුර යාමෙන් උමතු භාවයට පත්වීම නොවැලක්විය හැකි දෙයකි.ඔහු කිසිසේත්ම මනෝ විද්‍යා උපදේශනය හෝ මනෝ වෛද්‍යවිද්‍යාව විශ්වාස නොකළේය.මනෝ විද්‍යාව ඔහු ලේඛනයට භාවිතා කල රසකාරකයක් බැවින් ඒ ගැන කොහොමත් ඔහුට අතරින් පතර දැනුමක් තිබුණි.එබැවින් උමතු වී අනෙක් අයට කරදරයක් වනවාට වඩා තමාගේ ජීවිතය අවසාන කරගත යුතු බව ඔහු වටහාගෙන සිටියේය.නින්දට පෙර මේ අදහස ඇතිවී තිබුණි.කේතලය උතුරන විට ඔහු එය තහවුරු කරගත්තේය.ඔහු දන්නා පරිදි ලොව ජනප්‍රියම ක්‍රමය වන එල්ලී මැරීම සලකා බැලුවේය.එය තරමක් වේදනා ගෙන දෙන ක්‍රමයකි.එමෙන්ම ඔහු කඹයේ වර්ගය,ගැටය නිවැරදි නොවීම වැනි තාක්ෂණික දෝෂ නිසා පැය ගණන් දුක් විඳීමට සිදුවූ එල්ලී මැරුණු පුද්ගලයින් ගැන අසා ඇත.එමෙන්ම දිව සම්පුර්ණයෙන්ම පිටතට පැනගත් විරූපී මළසිරුරක පෙනුමකට ඔහු කිසිසේත්ම කැමති නොවුනි.වස විස කෑම මඟින් අපේක්ෂිත ප්‍රථිපල ලැබීම තරමක් පමාවිය හැකි අතර මැරෙන්නට නොහැකි වුවහොත් ලැබෙන අනවශ්‍ය ප්‍රතිවිපාක නිසා ඇතිවන තත්ත්වය මරණයට වඩා බියකරු විය හැක. මරණය නිවැරදිව ලගාකරගතහැකි නම් එය බියකරු නොවනු ඇත.ඔහු මුහුකුරායත්ම මරණයෙන් පසු ජිවිතයක් පිලිබඳ විශ්වාසය කෙමෙන් කෙමෙන් වියකි යන්නට විය.ඒ පදනම ඔහුගේ ලේඛන වලට යෙදූ බව සැබෑවකි,නමුත් ලේඛනය යනු සැබෑ ජීවිතය හා ඡේදනය වන දෙයක් නොවේ.ඔහු එහි යෙදුනේ විනෝදාංශයකටත් වඩා තමන්ගේම විශ්වයක් සාදාගන්නා සර්වබලධාරියකුගේ ස්වරූපයක් සිතේ මවාගෙනය.පෑන සහ කඩදාසිය මඟින් වෙනත් ලෝකයකට යමෙකු ගෙනයාහැකි දොරටු සෑදීමේ නිපුනයකු ලෙස ඔහු තමාවම සලකාගෙන සිටි කාලය මතක් විය.ඔහු සාර්ථක වූයේ අනෙක් ලේඛකයින් කියනවා මෙන් තමන්ගේ ඇති කටුවක් ඉවත්කිරීම හෝ සමාජීය ප්‍රගමනයට යමක් දායක කිරීමේ අරමුණක් පෙරදැරිකරගෙන නොවේ.ලියනා දෙය අවිඥානිකවම කියවන්නා හට -පෙවීමට- නොනිත් හැකියාවක් ඔහුට වූ බැවිනි.කෝච්චියට බෙල්ල තැබීමද ඔහු කොහෙත්ම ප්‍රිය නොකළේය.ඔහු අසා ඇති පරිදි කෝච්චි රියදුරු විසින් මල සිරුර කෝච්චියට පටවා ගත යුතු අතර,රියදුරුට ඇතිවිය හැකි කම්පනය වරදකාරී චිත්තය, හිස සුන් මළකඳක රුපයක් දකින මගින් හෝ දරුවන්හට කිසිදින එය අමතක කල නොහැකි දසුනක් මවාපෑමට ඇති හැකියාව යනු අමතර කරුණු විය.හෙලකට පැනීමත් තරමක් සමාන අතුරුපල දෙන ක්‍රියාවක් වන අතර තමා සිටි ජනාකීර්ණ නගරයේ සිට හෙළක් සොයායාමද -නවකතාවක්- වනු ඇත.නිදිපෙති පිළිබඳව ඔහු සලකා බැලුවේ මුල සිටමය.නමුත් ප්‍රතිපලදායක වීමට ගතයුතු මාත්‍රාව,ප්‍රමිතියෙන් යුතු නිදිපෙති වර්ග,වැඩේ ගැස්සුණු හොත් ඇතිවිය හැකි අතුරුපල ආදී සියල්ලම ඔහුට සලකාබැලීමට අවශ්‍යව තිබුණි.එබැවින් කුඩා කල සිටම තම මිත්‍රයා වූ දොස්තරට කතාකිරීමට ඔහු සිතාගත්තේය.ඔහු සිටි නිවසේ දුරකථනය විසන්ධි කර තිබුණි.එමෙන්ම දොස්තරට කිසිසේත්ම සත්‍ය කතාව පැවසිය නොහැක. ඔවුන් එකිනෙකා හඳුනාගත්තේ පෙරපාසල් වියේදීමය එබැවින් මුහුණට මුහුණ හමුවීමේදී බොරු කියන්නට උත්සාහ කලොත් හසුවන බව ඔහු හොඳින්ම දත්තේය.නමුත් තමා ළඟ නොමැති පුද්ගලයකුට බොරු කිරීම පහසු දෙයකි,එය කතන්දරයක් කීමක් බඳුය,එමෙන්ම ඔහු කතාන්දර කීමේ කෙල පැමිණියෙක් වී සිටියේය.අසල පිහිටි කමියුනිකේෂන් එක කරා යාම සඳහා ඔහු හැද පැළඳගන්නට විය.ලේඛකයා තම නිවසින් බැහැර වූ විගසම අසල්වැසි ගෘහණියක් ඇයගේ නිවසට යාමට පඩිපෙළ නගිමින් සිටියාය.තට්ටු නිවාස වල වෙසෙන්නන් මීටර් කිහිපයක් එපිට තම ජිවන චර්යාවල යෙදුනත් ඔවුනොවුන් හා එතරම් හඳුනුම්කම්ක් ඇතිකරගැනීමට කැමැත්තක් නොදක්වන බැවින් දෙදෙනා අතර කිසිම කතාබහක් නොවුනි.නමුත් ලේඛකයා ඇය තමාගෙන් සිරිත් පරිදි උදෑසන රෝන්දය සඳහා යනවාද කියා අසන අයුරු සිතේ මවාගත්තේය.එමෙන්ම ඔහු විසින් එයට පිළිතුරු ලෙස තමන්ට එතරම් ගුණයක් නොදැනෙන බැවින් දොස්තරගෙන් බෙහෙතක් ඉල්ලා ගැනීමට යන බව කියනයුරුද ඔහු සිතාගත්තේය.මේ පිළිතුරේ ඇති ව්‍යන්ගාර්තය නිසා ඔහු නැවතත් තමාටම සිනාසුනේය.රස්සාවක් නොකරන,විවාහයක් හෝ දරුවන් නැතිව ජනාකීර්ණ නගරයේ තට්ටු නිවාසයේ සිටින,තනියම සිනාසෙන පිස්සෙක් කියා එම ගෘහණිය තමන් ගැන සිතාගෙන සිටිනවාට සැකයක් නැත.ඇය ගැන ඔහුට -පවු- කියා සිතුණි.කමියුනිකේෂන් එක ඔහුට තරමක් හුරු පුරුදු තැනක් විය.පෑනක්,කොළ,පොත් වැනි දේ ගැනීමට ඔහු නිරන්තරයෙන් ගොඩවැදුනේ එතැනටය.එතන සඟරා,පරණ නවකතාද විකිනීමට තිබුණි..එහි අයකැමි,වෙළඳ සහායක ලෙස සිටි තරුණ, රූමත් ගැහැණු -දරුවා- ඔහු අසල ගැවසෙන විට තරමක් කලබල වන බවද ඔහු හොඳින් දැන සිටියේය.කලකට පෙර ඔහු එයට ගොඩවදිද්දී අයකැමි මේසය මත ඇය වරක් උසස් පෙළ සිංහල විෂය නිර්දේශය සඳහා විචාර පොතක් තබාගෙන සිටිනු ඔහු දුටුවේය.මෙය දුටු ඔහු ඇය හා සංවාදයක් ආරම්භ කර ඇය දෙවරක් උසස් පෙළ කළා අංශයෙන් කර විශ්ව විද්‍යාල ප්‍රවේශයට ලකුණු මදි බැවින් තෙවන වරද පෙනී සිටීමට අදහස් කරගෙන සිටින බවත්,ආත්ම විශ්වාසය මඳ බැවින් අවුරුදු දෙකක් පමණ කල් දමා සිටි බවත් දැනගන්නට ලැබුණි.ඇයගෙන් විෂය නිර්දේශය අසා ඇයට වැඩදායක විය හැකි පොත් පත් විචාර කිහිපයක් නම් කල ඔහු සාහිත්‍ය හැදෑරීම සඳහා වටිනා උපදෙස් කිහිපයක්ද දුන්නේය.එදා සිට ඇය තමන් ගැන තරමක් උනන්දු වන අයුරු ඔහුට හොඳින්ම වැටහුණත් කිසිවිටක ඇයට අනුබලයක් නොදුන්නේය.පොත් භාවිතා කරමින් විවිධ පුද්ගලයින් තම සිත ඒකාග්‍ර කරගන්නේ විවිධ ආකාරවලටයි.සමහරු පොත් හෝ පත්තර පිටු පෙරලාගෙන එහි ඇති අකුරක් හෝ හිස්තැනක් දෙස බලා කල්පනා සයුරේ ගිලියයි.සමහරු එහි රුපයක් දැක ඒ හරහා එහි ඇති ප්‍රවෘත්තියට හෝ වෙළඳ දැන්වීමට කිසිම අදාලත්වයක් නැති සිතිවිලි ගොඩනගමින් සිටි.තවත් සමහරුන්ට පත්තර පිටුවට තම මුහුණ සඟවාගැනීම සහනයකි.කමියුනිකේෂන් එකේ තිබු පොත් අවුස්සමින් ඔහු තම සිත ඒකාග්‍ර කරගනිමින් සිටියේය.ඉන් පසු දුරකථන කුටියට වැද දොස්තරගේ ගෙදර නොම්මරය අමතා කළු පැහැ විදුරු දොරේ කැඩීගිය අගුලට තට්ටු දමමින් සිටියේය.හතර වරක් නාද වුනු දුරකථනයට එහා කෙලවරින් පිළිතුරු ලැබුණි.දොස්තරගේ නොසැලකිලීමත් කටහඬ එහා කොනින් ගලා ආවේය.-හැලෝව්??-ඔහු හුස්මක් ඇද එයට පිළිතුරු දුන්නේය.-ඩො සී ටර්... මේ මම.-ලේඛකයා ඔහු හා තනිව සංවාදයේ යෙදෙන විට ඇමතුයේ එනමිනි. -ඩො සී ටර්-.හතර වන පන්තියේ සිටියදී පවා දොස්තරට අවශ්‍ය වී තිබුනේ දොස්තර කෙනෙක් වන්නටය.එම නිසා ඔහුට -doctor- ලෙස ඉංග්‍රීසියෙන් ලියාගැනීමට උගෙනිමින් සිටියත් එය ඉතා අමාරු දෙයක් ලෙස වටහාගෙන සිටියේය.ලේඛකයා මතක ඇති කාලයක පටන් වචන හා ඉතා හොඳින් සෙල්ලම් කර තිබුණි.එබැවින් ඔහු කුඩා දොස්තරට අකුරු නොවරද්දා ලිවීමට පහසු ක්‍රමයක් කියාදුන්නේය.-ඩොක්ටර්- කියල කිව්වත් -ඩොසීටර්- කියල මතක තියාගන්න.එතකොට -K- අකුර එක්ක පැටලෙන්නේ නැහැ.එදා පටන් අනාදිමත් කාලයක සිට ඔහු දොස්තරට පෞද්ගලික ආමන්ත්‍රණය කලේ එනමිනි. -ඩො සී ටර්-ලේඛකයාගේ හඬ හඳුනාගත් දොස්තරගේ හඬ ප්‍රීතියෙන් ඉපිල යන්නට විය.-අම්මටසිරි...ලියනආරච්චි. (ලියන ආරච්චි යනු දොස්තර විසින් ලේඛකයා හැඳින්වීමට භාවිතා කල නම මිස ඔහුගේ සැබෑ නම නොවේ.) ගෙරි ලියන්නා..කියපිය මොකද මේ එකපාරටම මාව මතක් වුනේ.--එකපාරටම නෙවේ බන්.මම මේ දවස්වල වැඩක් කරන්නේ නැහැ.මාර කම්මැලිකමකින් ඉන්නේ.කාලෙකින් සෙට් වෙන්නත් බැරිවුනා ඒකයි බැලුවේ.--හ්ම්ම්.. උඹ එතකොට රස්සාවෙන් අයින් වුනාද?--ඔවු බන්..ලඟදි අයින් වුනා.කිසි නිදහසක් නැහැ.මට මාර වදයක් දුන්නා බන් එන්න එන්නම.ඒක නෙවේ උඹේ තත්ත්වේ මොකද?-ලේඛකයාට තමා රැකියාවෙන් ඉවත්ව මාස දෙකක් ගතවූ බවට ඇඟවීමට කිසිම අවශ්‍යතාවයක් නොවුනි.එමෙන්ම ඔහුට රැකියාව වැනි නොවැදගත් දෙයක් ගැන බොරු කීමටද අවශ්‍ය නොවුනි.බොරු කිවිය යුත්තේ -ජීවිතය- වැනි වැදගත් දේවල් සම්බන්ධවය.එම නිසා ඔහු වැඩියෙන් දොස්තර -රස්සාවෙන් අයින් වෙලා දැන් කොච්චර කල් වෙනවාද?- යන ප්‍රශ්නය ඇති නොවෙන තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටියේය.-මට ඉතින් කවදත් අවුලක් නෑනේ බං.මම සැබෑ ලෝකේ මොකක්ද කියල හරියට තේරුම් අරගෙන ජිවත් වෙන එකක්නේ.ඉතින් ටග්ගාල කියපන් මොකක්වත් හදිස්සියක් නැහැනේ.-ඒ වචනය ලේඛකයාගේ මොලයේ උණ්ඩයක් මෙන් වැදුනි. -ටග්ගාල-.ඔහුගේ සැලසුම සාර්ථක වීම රඳා පවතින්නේ දොස්තර හා සෙල්ලම නියමිත ආකාරයට ගියහොත් පමණි.ඔහු සැලසුම් කරන ලද්දේ අදියර කිහිපයකින් යුතු සංවාදයකි.එහිදී ඔහුට තම අවශ්‍යතාවය සම්බන්ධයෙන් -බොරුවක්- කීමට හා එය ස්වභාවික ලෙස පෙන්වීම අනිවාර්යෙන්ම කාලය ගතකලයුතු දෙයකි.අස්වැන්න සරුවට ලැබෙන්නේ නියමිත කාලයේ වගාකර,නියමිත ආකාරයට සාත්තු කර,නියමිත කාලයේ නෙලුවහොත් පමණි.නමුත් අනිවාර්යෙන්ම එයට කාලයක් වැයවේ.එය -ටග්ගාල- කල හැකි දෙයක් නොවේ.එබැවින් ඔහු දොස්තරගේ කලබලයට හේතුව ඇසුවේය.-ඇයි බන්.උඹ වැඩකද හිටියේ.වැදගත් වැඩක්ද?--වැදගත් කියන්නේ යකෝ වැදගත්ම වැඩේ.කඩේ අරින්න යන්නොනේ.පාරිභෝගිකයින් අමාරුවේ දාන්න බැහැ.උඹට වගේ මට ඕනේ ඕනේ වෙලාවට රස්සා කරන්න අතාරින්න,රස්සා නැතිවුනත් ආතල් එකේ ඉන්න ප්‍රාග්ධනයක් තියනවය.යකෝ මම දරුපවුල්කාරයෙක්.හරිනම් මම දැන් පිටත් වෙලා තියෙන්න ඕනේ.ඉතින් කියපන් හදිස්සියක්ද?--කඩේ අරින්න- කියා දොස්තර අදහස් කලේ ඔහුගේ පෞද්ගලික සායනය ඇරඹීමයි.එය බදාදාවක් බව ලේඛකයාට අමතක වී තිබුණි.කොහොමටත් ලේඛකයාට දින වල වෙනසක් නැත.ඔහු ඉරිදා හඳුනාගන්නේ මිනිසුන් අඩු නිසා සහ සිල්ලර කඩ කිහිපයක් වසා දමන නිසාය.අවශ්‍යතාවයක් නොමැති වුවත් අනෙක් දින සඳහාද ඔහුට විවිධ හඳුනාගැනීමේ ක්‍රම ඇත.මනස පාලනය කල හැක්කේ කවරෙකුටද? නොබැඳි මනසක්.දරුපවුල් යන වචනය ඇසුණු සැනින් ඔහුට යමක් මතක් විය.-අහන්නත් බැරිවුනා කොහොමද හාමිනේ එහෙම? ලොක්ක ශිෂ්‍යත්වේ කරන්න නේ ඉන්නේ?--අනේ මේ ....   වැඩිදුර >>  
Next || Previous