ලාංකීය සිතුවිලි
සිංහල
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
මොන රෙද්දක්වත් නැතුව... [ යාම් : 24 ] | ඉකොනොමැට්ටාගේ බොජුන්හල | 2017-08-11 08:56:43
පසුගිය කාලයේ ඉකොනොමැට්ටා විසින් බ්ලොග් වල ලිපි පළ කර ඇති ආකාරය නිරීක්ෂණය කළ විට එහි කිසියම් රටාවක් දැකිය හැකිය. ඉකොනොමැට්ටා විසින් ටික කාලයක් දිනපතාම වාගේ බ්ලොග් ලිපි පළ කරයි. සමහර දවස් වල ලිපි දෙකක් අතර පරතරය පැය 24කටත් අඩුය. සමහර විට, මෙසේ ටික දවසක් ෆෙස්ටිවල් දමා ලිපි පළ කිරීමෙන් පසුව දවස් ගානක් යන තුරු ඉකොනොමැට්ටාගේ සද්දයක්වත් නැත.අවුරුද්දකට පමණ කලින් ඉකොනොමැට්ටා බ්ලොග් යාවත්කාලීන කර ඇත්තේ මීට වඩා ක්‍රමවත් රටාවකය. පත්තරයක් එළියට දානවා හෝ ටෙලි නාට්‍යයක් විකාශනය කරනවාක් මෙන් පිළිවෙලකට සතියේ නිශ්චිත දවස් තුනක නියමිත වෙලාවක ඉකොනොමැට්ටා විසින් බ්ලොග් යාවත්කාලීන කළ කාලයක්ද තිබුණේය. එහෙත්, ඒ ඉතා ටික කාලයකි.ඇත්තටම කියනවානම් මුල සිටම ඉකොනොමැට්ටා බ්ලොග් ලිපි ලිවුවේ දැන් ලියන ආකාරයටමය. ඒ කියන්නේ, වෙලාවක් ලැබුණු විට ලිපි ගණනාවක් ලිවීමත්, වැඩ වැඩි වූ විට කිසිවක් නොලියා දවස් ගණනක් සිටීමත් මුල සිටම කළ දෙයක් බවය. එහෙත්, සමහර කාල වලදී මෙය පාඨකයින්ට නොතේරුනේ ලිපි පළකලේ ලියන රටාව අනුවම නොවූ බැවිනි. ඉහත කී ආකාරයෙන් පිළිවෙලකට ලිපි පළ කරන කාලයේ ඉකොනොමැට්ටා විසින් කළේ ලියන ලිපි ඉදිරි දිනයක පළවන පරිදි පෝලිම්ගත කර තැබීමයි. ඒ නිසා, බොහෝ විට ලියා අවසන් කළ ලිපි තුන හතරක් හෝ ඇතැම් විට හත අටක් ඉදිරියට පළවන්නට නියමිතව පෝලිමේ තිබුණේය. සංචිතයේ ලිපි ප්‍රමාණය අඩු වන විට ඉකොනොමැට්ටා එයට එකවර ලිපි ගණනක් එකතු කළේය.මේ කියන කාලයේ ඉකොනොමැට්ටාගේ පාඨකයින් වැඩි දෙනෙක් මෙහි පැමිණියේ බ්ලොග් සින්ඩිකේටර් හා බ්ලොග් රෝල් හරහාය. එවැනි තත්ත්වයක් යටතේ පිළිවෙලකට ලිපි පළකිරීමේ කිසියම් උපාය මාර්ගික වාසියක් තිබුණේය. කාලයක් ලිපි පළ නොකරන විට සින්ඩිකේටර් වල හා බ්ලොග් රෝල් වල ඉකොනොමැට්ටාගේ බොජුන්හල පහළට ගොස් නොපෙනී යයි. අනෙක් අතට, එක ළඟ ලිපි දෙකක් පළ කළ විට පළමුවැන්න වෙනුවට දෙවැන්න ආදේශ වන නිසා පළමුවැන්න පාඨකයින්ට මඟ හැරේ. ඒ නිසා, හොඳම උපාය මාර්ගය වූයේ දින 2-3කට වරක් ලිපියක් පළ කිරීමයි.කෙසේ වුවත්, මේ වන විට ඉහත තත්ත්වය වෙනස් වී තිබේ. දැන් වැඩි දෙනෙකු මෙහි පැමිණෙන්නේ වත්පොත හෝ ගූගල් හරහාය. එසේ පැමිණෙන බොහෝ අය ලිපි එක දිගට පළවන විට අලුත් ලිපි ඇත්දැයි බැලීමට නැවත නැවත මෙහි පැමිණෙති. ලිපි පළ නොවන විට නොපැමිණෙති. මෙහි පළවන ලිපි කියවන්නට කිසියම් අයුරකින් "ඇබ්බැහි වී" සිටින අයට ඉකොනොමැට්ටාගේ අපිළිවෙළ රටාව බාධාවක් වුවත්, ඔවුන් වැඩි දෙනෙක් මෙහි අලුත් ලිපියක් පළවූ විට පසුව හෝ එය කියවති. ඇත්තටම කියනවානම් ඉකොනොමැට්ටාගේ බොහෝ ලිපි ලියූ වහාම කියවිය යුතු ඒවා නොවේ. ඇතැම් ලිපි වල කරුණු වසර කිහිපයකට පසුව කියවූවද ප්‍රශ්නයක් නැති ආකාරයේ ඒවාය. ඒ නිසා, ටික කාලයක සිට ඉකොනොමැට්ටා විසින් කරන්නේ ලියා අවසන් වූ වහාම ලිපි මෙහි පළ කිරීමයි. ලිපි ලියන්නේ ෆෙස්ටිවල් රටාවට නිසා ඒවා පළවන්නේද ෆෙස්ටිවල් රටාවටය.මේ ෆෙස්ටිවල් රටාව ඉකොනොමැට්ටාගේ බ්ලොග් එකට පමණක් සීමා වුවක් නොවේ. දැන් අමාරුවෙන් තරමක් දුරට වෙනස් කරගෙන සිටියත්, ඉකොනොමැට්ටා කුඩා කාලයේ සිටම වැඩ කළේ මේ ෆෙස්ටිවල් රටාවටය. පාසැල් කාලයේ සාමාන්‍යයෙන් විභාග වලින් හොඳ ප්‍රතිඵල ලැබුණත් එය එසේ වුණේ දිනපතා පිළිවෙලකට එදිනෙදා කළ යුතු වැඩ කොටස කිරීම නිසා නොව විභාගය අත ළඟට පැමිණි විට එක දිගට දින ගණනක් ෆෙස්ටිවල් දමා විභාගයට සූදානම් වීම නිසාය. ඉකොනොමැට්ටා ප්‍රථම උපාධිය හදාරන කාලයේ අනුගමනය කළේත් මේ ෆෙස්ටිවල් රටාවමය. ඒ අනුව, වසර පුරා අනෙක් සියළු වැඩ කරමින් සිට විභාග වෙනුවෙන් වැඩ කරන්නට පටන් ගත්තේ අධ්‍යයන නිවාඩු ලැබුණු පසුවය. අධ්‍යයන වැඩ වලට අමතරව අනෙක් පෞද්ගලික කටයුතු කළේද මේ විදිහටමය. හොඳම උදාහරණය ඉකොනොමැට්ටා පේරාදෙණිය සරසවියේ නේවාසිකාගාර වල ජීවත් වෙද්දී රෙදි සේදූ ආකාරයයි.ඒ කාලයේදීත් අපි අනිත් අයගේ රෙදි සේදුවේ නැතිවාක් මෙන්ම අපේ රෙදි සෝදන්නට වෙනත් අය සිටියේද නැත. අද මෙන්ම එදාත් අප කළේ අපේ රෙදි අපිම සෝදා ගැනීමයි. හැබැයි ඉතින් මේ වැඩේ කළේත් අර පෙර කී ෆෙස්ටිවල් රටාවටමය. අඳින්නට සේදූ ඇඳුම් තිබෙන තාක් රෙදි සේදීම පස්සට යයි. අන්තිමේදී ෆෙස්ටිවල් දමා රෙදි හෝදන්නට අතගහන්නේ එළියට බහින්නට සේදූ ඇඳුමක් නැති වන තැනටම වැටුණු පසුවය.ඔහොම කිවුවාට සේදූ රෙදි නැත්තටම නැති වී ගියාමත් නොවේ. එදා මෙන්ම අදත් ඉකොනොමැට්ටා ඇඳුම් ගැන ලොකු සැලකිල්ලක් නැත. දැන් ජීවත් වන රටේත්, කරන රැකියාවේත් ඉකොනොමැට්ටාට ඇති එක් විශේෂ වාසියක් වන්නේ මොන රෙද්දක් ඇඳගෙන ගියත් ප්‍රශ්නයක් නැති වීමයි. මෙයින් අදහස් වන්නේ ඉකොනොමැට්ටා ඕනෑම රෙද්දක් ඇඳගෙන වැඩට යන්නට නොපැකිළෙන බව නොවේ. ලොකු තේරීම් නොකළත් ඉකොනොමැට්ටාට ඇඳුම් පිළිබඳ රුචිකත්වයන් තිබේ. ඒ නිසා ප්‍රායෝගිකව සිදුවන්නේ කොයි තරම් ඇඳුම් තිබුණත් බොහෝ විට ඇඳෙන්නේ වඩා කැමති ඇඳුම් කිහිපයෙන් එකක් වීමයි. ඉතිරි ඇඳුම් බොහෝ විට ඔහේ පැත්තක තිබේ.සරසවියේ හිටි කාලයේ ඉකොනොමැට්ටාට අද තරම් ඇඳුම් නොතිබුණත්, ඒ කාලයේදීත් අඳින්නට එතරම් ප්‍රිය නොකළ ඇඳුම් තිබුණේය. කොහොමටත් ඉතින් අඳිනවා කියා ඕනෑම රෙද්දක් අඳින්නට නුපුළුවන. ඒ නිසා, ඇත්තටම වුනේ මෙසේ අඳින්නට අකමැති ඇඳුම හෝ දෙක අඳින තැනට වැටෙන තෙක් ඉකොනොමැට්ටාගේ රෙදි සේදීම ප්‍රමාද වීමයි.මේ කියන කාලයේදී අප නැවතී සිටියේ පේරාදෙණිය සරසවියේ ජේම්ස් පීරිස් ශාලාවේ දෙවන මහලේ කාමරයකය. නැවතී සිටියේ කියා කිවුවත් ගෙදර ගියේ මාසයකට වරක් පමණ බැවින් ජීවත්ව සිටියේ කියා කීම වඩා නිවැරදිය. ඒ නිසා, රෙදි සෝදා ගැනීම හා වේලා ගැනීම වැනි දේ කරන්නට වුනේ ඕක ඇතුළේමය.පිටතින් දකින අයෙකුට අසුන්දර දසුනක් විය හැකි වුවත්, නේවාසිකාර කාමරයේ සඳලුතල කොටස ඇතුළේ වැලක් අදින්නට කාටවත් තහනමක් නොතිබුණේය. වැලක් කිවුවේ රෙදි වැලක් ගැනය. ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා සෝදන රෙදි වනන්නට මේ නේවාසිකාගාර කාමරයේ සඳළුතලයේ ගැට ගසා තිබුණු රෙදි වැලද ප්‍රමාණවත් නොවූ අතර, බොහෝ විට එහි කොට බිත්තිය දිගේද රෙදි ඇතිරුණේය. මෙසේ වනන රෙදි වේලෙන්නට දිනක් හෝ දෙකක් ගත වෙයි.මේ කියන දවසේත් ඉකොනොමැට්ටා ෆෙස්ටිවල් දමා වැල මෙන්ම කොට බිත්තියද පිරෙන්නට රෙදි අතුරා තිබුණු දවසකි. රාත්‍රියේ රෙදි සෝදා වැනීමෙන් පසුව උදේ පාන්දර සඳළුතලයට පිවිසි ඉකොනොමැට්ටාගේ ඇස ගැටුණේ ඉතා සුන්දර දසුනකි. රාත්‍රියේ වැලේ හා බිත්තිය මත වැනූ රෙදි කිසිවකුත් එහි නැත!මේ හොරා විසින් කලිසම් කමිස පමණක් නොව අඩු වශයෙන් යට ඇඳුම්වත් ඉතිරි කර නොතිබුණේය. ඉකොනොමැට්ටාගේ සරම් කිහිපයෙන් ඉතිරිව තිබුණේ ඇඳගෙන සිටි සරම පමණි. ෆෙස්ටිවල් දමන සමහර දිනවල තුවායක් ඇඳගෙන අන්තිම සරමත් හෝදන නමුත් හොඳ වෙලාවට එදා එසේ කර නොතිබුණු නිසා ඒ සරම හෝ ඉතිරි විය. නැත්නම්, ඉතිරි වන්නේ තුවාය පමණි.ඉකොනොමැට්ටාට සිදු වූ ඉහත අකරතැබ්බය ඒ දවස් වල පේරාදෙණියේ නේවාසිකාගාර කිහිපයකම ජීවත් වූ සිසුන් ගණනාවක් විසින්ම මුහුණ දුන් අකරතැබ්බයකි. කිසියම් පුද්ගලයෙක් විසින් හෝ පුද්ගලයින් කණ්ඩායමක් විසින් ඒ කාලයේ පේරාදෙණියේ නේවාසිකාගාර වල සිසුන්ගේ රෙදි හොරකම් කිරීම වාර ගණනක් දිගින් දිගටම සිදු විය. මෙය සිදු වුනේ හිතාගන්නටවත් අමාරු ආකාරයකිනි. පේරාදෙණිය සරසවිය කියන්නේ අද මෙන්ම එදාත් "මුදා නොගත්" භූමියකි. මෙහි පැමිණ රෙදි හොරකම් කරන්නට සිතන අයෙකු විසින් ගන්නේ සුළුපටු අවදානමක් නොවේ. යම් හෙයකින් මේ හොරකම කරන්නට ගොස් මාට්ටු වුනේනම් රටේ නීතිය ක්‍රියාත්මක වන්නට පෙර කැම්පස් නීතිය ක්‍රියාත්මක වන අතර, සිසුන් සිටි මානසික තත්ත්වය අනුව, හොරාගේ වෘෂණ කෝෂ දෙකවත් ඉතිරි නොවන බව ඉඳුරාම කිව හැකිය. ඒ දවස්වල එසේ හොරා මාට්ටු වූයේනම් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉකොනොමැට්ටාද පෝලිමේ ඉදිරියෙන්ම සිටිය හැකිව තිබුණේය.කොහොම වුවත් හොරා අහුවුනේ නැත.ඉකොනොමැට්ටාගේ රෙදි නැති වන විටත් අවස්ථා ගණනාවක මෙවැනි හොරකම් සිදුවී තිබුණු බව ඉකොනොමැට්ටා දැන සිටියේය. එහෙත්, ඒ එක්කෝ පළමු මහලේ කාමරයකය. එසේ නැත්නම්, දෙවන මහලේ එක් අන්තයකට වන්නට තිබුණු කාමරයකය. ඉකොනොමැට්ටාගේ කාමරය තිබුණේ දෙවන මහලේ මැද හරියේ නිසා හොරෙකුට එහි ළඟා විය හැකි බවක් පෙනෙන්නට නොතිබුණේය. රෙදි වැනීමේදී එතරම් සැලකිලිමත් නොවුණේ ඒ නිසාය. එහෙත්, ඉකොනොමැට්ටාගේ රෙදි නැති විය. හොරා අහුවුනේ නැත.රෙදි නැති වූ පසු ඉකොනොමැට්ටාට සමාජයට මුහුණ දෙන්නට සිදු වූ අපහසුව මෙහි විස්තර කරන්නට යන්නේ නැත. කෙටියෙන් කියන්නට තියෙන්නේ අඳින්නට රෙද්දක්වත් නැති වූ විට පත්වන අසරණ භාවය ගැන ඉකොනොමැට්ටාට පළමෝත අත්දැකීම් ඇති බවයි. ඉන්පසු ඔලුව උස්සන එක ලේසි නැත. කාට වුවත් ඒක එහෙමය.මෙසේ රෙදි නැති වුනේ ඉකොනොමැට්ටාගේ පමණක් නොවේ. තවත් සිසුන් ගණනකට මේ අකරතැබ්බයට මුහුණ පාන්නට සිදු වූ අතර සමස්තයක් ලෙස සියළුම සිසුන්ට තමන්ගේ රෙදි පරිස්සම් කර ගැනීම ගැන නිබඳ සිතන්නට සිදු විය. සිසුහු  කණ්ඩායමක් ලෙස සාමූහිකව කාල වේලා වෙන් කරගෙන රෙදි හොරා අල්ලන්නට නිදි වැරීම පවා කළත් හොරා අහු වුණේ නැත. ඇස් පනා පිටම වාගේ රෙදි හොරකම දිගටම සිදු වුණේය. හොරාව අල්ලන්නට සිසුහු මහන්සි වූහ. එහෙත් හොරා අහු වුනේ නැත. හොරකම දිගටම සිදු වුණේය. හොරෙක් නැතුව හොරකමක් සිදු විය නොහැකි වුවත් හොරා අහු වුණේ නැත. තත්ත්වය මෙසේ තිබියදීම අධ්‍යයන වර්ෂය අවසන් වූ අතර ඉකොනොමැට්ටාගේ ඊළඟ නවාතැන වූයේ ජයතිලක ශාලාවයි. මේ ශාලාව පිහිටියේ විද්‍යා පීඨය ඉදිරිපිටය.පේරාදෙණිය සරසවිය ලංකාවේ රජයේ සරසවි අතරින් වැඩිම නේවාසිකාගාර පහසුකම් ඇති සරසවිය ලෙස සැලකිය හැකි වුවත්, එහිද කාමර පහසුකම් සැපයුම ඉල්ලුමට වඩා බොහෝ අඩුය. ඒ නිසා, තමන් කැමති නේවාසිකාගාරයක කාමරයක් ලබාගැනීම පහසු කටයුත්තක් නොවේ. ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා විසින් ඉංජිනේරු පීඨ සිසුවෙකුට ජයතිලක ශාලාවේ කාමරයක් වෙන් කිරීමට දැක්වූයේ ඉතා අඩු උනන්දුවකි. ඔහුගේ තර්කානුකූල තීරණයට හේතුව වූයේ ජයතිලක ශාලාව ඉංජිනේරු පීඨයට ඈතින් පිහිටීම හා ඉංජිනේරු පීඨයට ආසන්නව අක්බාර්-නෙල් ශාලාව තිබීමයි. ඒ නිසා, ජයතිලක නේවාසිකාගාරයේ කාමර ලබා දීමේදී ප්‍රමුඛතාවය ලැබුනේ එයට ආසන්නව පිහිටි විද්‍යා පීඨයේ සිසුන්ට හා වෛද්‍ය, දන්ත වෛද්‍ය, කෘෂි විද්‍යා වැනි පීඨ වල සිසුන්ටය.තමන්ගේ පීඨයට ආසන්නව පිහිටි නේවාසිකාගාරයක නවාතැන් ගැනීම බොහෝ සිසුන්ගේ කැමැත්ත වුවත් වෙනත් ප්‍රමුඛතා ඇති සිසුහු ඕනෑ තරම් සිටිති. එහෙත්, පේරාදෙණි ශිෂ්‍ය නේවාසිකාගාර වලට සිසුන් අනුයුක්ත කිරීම භාරව සිටි නිලධාරියා, මධ්‍යගත සැලසුම් ක්‍රියාත්මක කරන වෙනත් බොහෝ අය මෙන්ම, සිතා සිටියේ එක් එක් සිසුවාට හොඳම නේවාසිකාගාරය කුමක්ද කියා ඔවුන්ට වඩා හොඳින් ඔහු දන්නා බවයි. මෙය ක්‍රමයේ ප්‍රශ්නයක් මිස ඔහුගේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ.මධ්‍යගත සැලසුම් වලින් පාරිභෝගික ඉල්ලුම නිසි පරිදි නොසැපිරෙන විට තමන්ගේ ප්‍රමුඛ තේරීම ලබා ගැනීම සඳහා පාරිභෝගිකයෝ තමන්ට හැකි දේ කරති. ජනප්‍රිය පාසැල් වලට දරුවන් ඇතුළු කර ගැනීම සඳහා දෙමවුපියන් විසින් දරන විවිධ ප්‍රයත්නයන් උදාහරණ වේ.ඉකොනොමැට්ටා ඇතුළු ඉංජිනේරු පීඨයේ සුළුතර සිසු පිරිසකට අවසන් අධ්‍යයන වසර අරුණාචලම් හෝ ජයතිලක ශාලා දෙකෙන් එකක නේවාසිකව සිටින්නට අවශ්‍යව තිබුනේය. එහෙත්, ශිෂ්‍ය සුබසාධනය භාරව සිටි නිලධාරියා දැඩි ලෙස කියා සිටියේ එම නේවාසිකාගාර වල දැනට පුරප්පාඩු කිසිවක් නැති බවයි. පෙර වසරේ ජේම්ස් පීරිස් ශාලාව ඉල්ලා සිටි විට අපට ලැබුණේද මෙවැනිම පිළිතුරකි. ඒ නිසා, අපි දෙවන වසරේ සිටියදී සිටම මේ නිලධාරියා සමඟ ගනුදෙනු කර සාර්ථක වූ උපක්‍රමය නැවත වරක් යොදා ගත්තෙමු.අපේ බලකිරීම නිසාත්, ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් වූ (හා ඒ නිසාම මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයින්ද වූ) සිසුන් අපේ කණ්ඩායමේ සිටීමත් නිසා අදාළ නේවාසිකාගාර වල ඇති කාමර ගණන් හා එක් එක් පීඨ වලට අයත් සිසුන් ගණන් පිළිබඳ සංඛ්‍යාලේඛණ අපට මේ නිලධාරියාගෙන් ලබා ගත හැකි විය. මේ කටයුත්ත අප දැන් මෙසේ කරන්නේ තෙවන වරටය. පෙර දෙවසරේදීමත් අප මෙය මෙලෙසම කළෙමු. මේ උපක්‍රමය මඟින්, සාමාන්‍යයෙන් නේවාසිකාගාර පහසුකම් නොලැබෙන දෙවන වසරේදීද අපට නේවාසිකාගාර පහසුකම් ලබාගත හැකි විය.පෙර පළපුරුද්ද නිසා, අදාළ ශාලා වල නේවාසිකව සිටින එක් එක් පීඨ වලට අයත් සිසුන්ගේ එකතුවත්, නේවාසිකාගාරයක ඇති කාමර ගණන එක් කාමරයක සාමාන්‍යයෙන් සිටින සිසුන් ගණනින් වැඩි කළ විට ලැබෙන ගණනත් අතර වෙනසක් ඇති බව සොයා ගන්නට අපට වැඩි වෙලාවක් ගියේ නැත. ජයතිලක හා අරුණාචලම් ශාලා වල ඇති නීත්‍යානුකූල ලෙස නොපිරවූ කාමර පුරප්පාඩු ගණන අපේ කණ්ඩායමට ප්‍රමාණවත් බව අපට පෙනී ගියේය.කෙසේ වුවද, අදාළ ශාලා වල මේ පුරප්පාඩු තිබෙන්නේ කුමන කාමර වලද යන්න අදාළ නිලධාරියා නොදන්නා බව ඔහු පවසන්නේ ඇත්තටම බවද මේ වන විට අප දැන සිටි නිසා අප විසින් ඊළඟ පියවර කරා යා යුතුය. මේ පුරප්පාඩු සාමාන්‍යයෙන් තිබෙන්නේ හිස් කාමර වල නොවේ. බොහෝ විට සිදු වන්නේ සහකාර නේවාසිකාගාර පාලක කෙනෙකු විසින් පුරප්පාඩු තුනක් ඇති කාමරයකට දෙදෙනෙකු පමණක් අනුයුක්ත කිරීමයි. එසේ කරන ඔහු කාමරයේ පුරප්පාඩුවක් ඇති බව ශිෂ්‍ය සුබසාධන නිලධාරියාට දැනුම් නොදී සිටියි. එවැනි දැනුම් දීමක් නොලැබෙන තාක් සුබසාධන අංශයේ දත්ත අනුව නේවාසිකාගාර වල පුරප්පාඩු නැත.සහකාර නේවාසිකාගාර පාලකවරුන් විසින් මෙසේ කිරීමට හේතුවක් තිබුණේය. ඒ මේ කාමර වල ඇත්තටම කිසියම් සිසුවෙක් හෝ සිසු පිරිසක් ජීවත් වීමයි. එහෙත්, ඒ නීත්‍යානුකූල ලෙස නොවේ. එවැන්නෙක් එක්කෝ ශිෂ්‍ය දේශපාලනය හෝ වෙනත් කිසියම් පක්ෂයක දේශපාලනය කරමින් වසර ගණනක් තිස්සේ සරසවි ඇතුළේම ජීවත් වන අයෙකි. එසේ නැත්නම්, දේශපාලනය නොවන වෙනත් හේතු මත විභාග දිගින් දිගටම අසමත් වුවත් සරසවිය ඇතුළේම රැඳී සිටින අයෙකි. මේ කාණ්ඩ දෙකෙන් කවරකට අයත් වුවත් බොහෝ විට මෙවැනි සිසුවකු ජනප්‍රිය සිසුවෙකු වූ අතර සාමාන්‍යයෙන් කා සමඟත් හොඳින් සිටි අයෙකි. කෙසේ වුවත්, මෙවැන්නෙකු සිටින තැනක් අධ්‍යයන කටයුතු සඳහා සුදුසු තැනක් හෝ පෞද්ගලිකත්වයක් ඇති තැනක් නොවීය. ඒ නිසා, අවස්ථාවක් ලැබුණත් එවැනි කාමරයක සිටින්නට බොහෝ සිසුන් කැමති නොවුණේය. එවැනි විටක එවැනි කාමරයකට අනුයුක්ත කරනු ලබන සිසුවකු බොහෝ විට සහකාර නේවාසිකාගාර පාලක හමු වී වෙනත් කාමරයක් ඉල්ලා සිටී. මෙය දිගින් දිගටම සිදුවන විට එවැනි පුරප්පාඩුවක් නොපුරවා ප්‍රශ්නයෙන් බේරීමට සහකාර නේවාසිකාගාර පාලකවරු පෙළඹුණෝය.මෙයට තවත් හේතුවක් තිබුණේය. මේ සහකාර නේවාසිකාගාර පාලකවරු බොහෝ විට වසර දෙක තුනකට පෙර උපාධිය ලබාගත් අයයි. ඒ නිසා, ඉහත කී ලෙස නේවාසිකාගාර කාමර වල නීත්‍යානුකූල නොවන ලෙස පැලපදියම් වී සිටි අය ඇතැම් විට ඔවුන්ගේ බැචාලාය. එසේ නැත්නම් යාලුවෝ හෝ ඇතැම් විට සීනියර්ස්ලාය. ඒ නිසා, මේ සහකාර නේවාසිකාගාර පාලකවරුන්ට එවැනි අයෙකුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට උවමනාවක් හෝ ඇතැම්විට ප්‍රායෝගික හැකියාවක් හෝ නොතිබුණේය. නේවාසිකාගාර පාලකවරු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වුවත් ඔවුන් විසින් දැරුවේ නාමික තනතුරකි. නේවාසිකාගාර පරිපාලනය සිදුවුනේ ඉහත කී සහකාර නේවාසිකාගාර පාලකවරුන් අතිනි.දැන් මේ පුරප්පාඩු තිබෙන කාමර සොයා ගැනීම පහසු දෙයක් නොවේ. ඒ සඳහා කාමරයෙන් කාමරයට තට්ටු කර එහි සිටින සිසුන් සමඟ සෘජුව හෝ වක්‍රව කතා කර කරුණු දැනගත යුතුය. මේ ....   වැඩිදුර >>  
Next || Previous