ලාංකීය සිතුවිලි
සිංහල
.
2017-09-01 09:52:57
hi
2017-08-22 15:32:35
11052 nam vu patas id eka wenath blog ekakata labadi etha.mage blog eka eyata kriyathmaka netha
2016-02-21 21:02:40
10934
2015-06-27 12:44:53
Login
ඔමුරයිස් ( ඔම්ලට් රයිස් ) හදමු [ යාම් : 41 ] | The Tasty Love | 2017-08-09 19:27:38
The Tasty Love වෙතින් අද ඔබ වෙත ගෙන එන්නේ ඉතාම රසවත් බත් වර්ගයක්. මෙය ජපානයේ, කොරියාවේ සහ තායිවානයේ ඉතාමත් ජනප්‍රිය ආහාර වර්ගයක්. මෙහිදී භාවිතා වන තක්කාලි සෝස් නිසා, කුඩා දරුවන් අතරත් මෙය ඉතාමත්ම ජනප්‍රියයි. ඔමුරයිස් යන්නෙන් අදහස් වන්නේ ජපන් භාෂාවෙන් Omu-raisu හෙවත් ඔම්ලට් රයිස් යන්නයි. බිත්තර ඔම්ලට් එකකින් වට වුණු, රසවත්ව ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි මේ ඔමුරයිස් කියන්නේ. මේ රෙසිපියෙහි, ඔමුරයිස් සෑදීමට ජපන් ආහාර වට්ටෝරුවල වඩාත් භාවිතා වන චිකන් සහ කොරියන් ක්‍රමයට ෆ්‍රයිඩ් රයිස් සාදාගෙන ඇති නිසා, අපේ රෙසිපිය ඒ දෙවර්ගයටම අයත් ලෙස සලකන්න පුළුවන්. ඉතාම පහසුවෙන්, විනාඩි 30ක් වැනි සුළු කාලයකින් පිළියෙල කරගත හැකි මේ ඔමුරයිස්, ඔබේ පවුලේ සියල්ලන්ට රසවිඳිය හැකි ආහාරයක්. මෙය රාත්‍රී ආහාරයට ඉතාම සුදුසුයි. කුඩා දරුවන්ටම පමණක් සාදනවා නම් : මෙහිදී යොදාගෙන ඇති සෝයි සෝස් භාවිතා නොකර ෆ්‍රයිඩ් රයිස් සාදාගන්න. වැඩිහිටියන් දෙදෙනෙකුට බිත්තර දෙක බැගින් යොදා ඔම්ලට් සාදාගෙන ඇති නිසා, කුඩා දරුවන් 4 දෙනෙකුට ෆ්‍රයිඩ් රයිස් වෙන්කර, බිත්තර එක බැගින් යොදාගෙන ඔම්ලට් සාදාගන්න. Prep Time : 10 min                     Cooking Time : 20 min                     Yield : 2 අවශ්‍ය කළමනා             බත් කප් 2 ( තම්බා සිසිල් වූ ) චිකන් 150 (කුඩාවට සිහින්ව කපාගත් ) කැරට් කප් 1 ( කුඩාවට කොටු කපාගත් ) ලූනු ගෙඩි 1 ( කුඩාවට කපාගත් ) ලූනු කොළ කප් 1 ( කුඩාවට කපාගත් ) සෝයි සෝස් මේස හැන්දක් තක්කාලි සෝස් මේස හැන්දක් ලුණු තේ හැඳි 1/2 ගම්මිරිස් තේ හැඳි 1/2 කෑලි මිරිස් තේ හැඳි 1/2 බටර් හෝ තෙල් කප් 1/4 බිත්තර 4 සාදන ක්‍රමය : ෆ්‍රයිඩ් රයිස් හදමු සාස්පානක් ලිප තබා බටර් මේස හැඳි 2ක් දමා දියවෙන්න හරින්න එයට ලූනු සහ චිකන් එකතු කරන්න  ඉන්පසු ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස් සහ සෝයි සෝස් එකතු කරන්න හොඳින් කළවම් කරමින් විනාඩි 2,3ක් බැදෙන්න හරින්න එයට කැරට් එකතු කර, චිකන් තැම්බී මිශ්‍රණයේ තෙත ගතිය නැතිවන තෙක් හොඳින් තෙම්පරාදු කරගන්න  ඉන්පසු එයට සිසිල් වූ බත් එකතු කර මිශ්‍ර කරගන්න බත් වලට උඩින් තක්කාලි සෝස් එකතු කර හොඳින් කලවම් කරන්න අවසානයේ ලූනු කොළ උඩින් දමා කළවම් කර ලිපෙන් ඉවත් කරගන්න ඔමුරයිස් හදමු බිත්තර දෙකක් හොඳින් බීට් කරගන්න  සාස්පානක් ලිප තබා බටර් මේස හැන්දක් දමා දියවෙන්න හරින්න බීට් කරගත් බිත්තර සාස්පානට වත් කරන්න ඔම්ලට් එකෙහි යට කොටස හොඳින් සෙට් වී මතුපිට බාගෙට තැම්බීගෙන එන්න පටන් ගන්නා විට ලිප නිවන්න  බාගෙට තැම්බී යම්තම් තෙත තිබෙන ඔම්ලට් එක මැදට සාදාගත් රයිස් වලින් කොටසක් දමන්න ඔම්ලට් එකෙහි දෙපසින් මැදට නවා එය පිඟානකට මාරු කරන්න අනෙක් බිත්තර දෙක බීට් කර මෙලෙසම අනෙක් ඔමුරයිස් එකත් සාදාගන්න        උඩින් ලූනු කොළ සහ තක්කාලි සෝස් දමා හැඩකරගත් ඔමුරයිස් උණු උණුවේ පවුලේ අයට පිළිගන්වන්න. කටට කෙළ උනන සුවඳකින් සහ ප්‍රණීත රසකින් යුතු හොඳට බඩ පිරෙන රාත්‍රී ආහාරයක් ඔබේ ගෙදර අයට රස විඳින්න පුළුවන්..  එහෙනම් හදලා බලන්න. හදලා බලලා අපිටත් කියන්න ගෙදර අයගේ ප්‍රතිචාර කොහොමද කියලා. මේ රෙසිපි එක ගැන ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්නත්, අපිට තරු දෙන්නත්,  The Tasty Love රස ගුණ පිරි නැවුම් රෙසිපි ඔබේ ජංගම දුරකථනයෙන් රසවිඳින්න, අපේ The Tasty Love App එක Google Play එකෙන් ලබාගන්නත් අමතක කරන්න එපා..  The Tasty Love අපේ රස ගුණ පිරි අළුත්ම අළුත් රෙසිපි නැවුම්ව ඔබේ ඊ මේල් ලිපිනයටම ලබාගන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.. Read in ....   වැඩිදුර >>  
Next || Previous